IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘රක්නා ලංකා භටයෝ මහින්දට ඡන්ද වැඩ‘

රක්නා ලංකා සමාගමේ ඉතා දුර බැහැර ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරීන් 50ක් පමණ විශේෂ රාජකාරි සඳහා යැයි කියමින් කොළඹට ගෙන්වා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැස්වීම්වලට යෙදවුවා යැයි බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රක්නා ලංකා ආරක්ෂක සේවයේ ගොඩබිම් මෙහෙයුම් අංශයේ සාමාන්‍යාධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතා පැවැසීය.

මෙම විමර්ශනයට අදාළ තොරතුරු හෙළි කිරීමට විශ්‍රාමික මේජර් ජනරාල් ජයසුන්දර මහතා අදිමදි කරන අයුරු දැකගත හැකි වූ අතර ඔහුගේ ක්‍රියා කලාපය ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ විශේෂ රාජකාරි සඳහා යැයි කියමින් කොළඹට කැඳවනු ලැබූ රක්නා ලංකා ආරක්ෂක නිලධාරීන් මැතිවරණ කටයුතුවල යෙදවීම මෙන්ම එම නිලධාරීන් පිළිබඳව තොරතුරු සොයා නොබැලීම තමාගේ දුර්වලකමක් ලෙස ඔහු පිළිගත්තේය.
බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ   හි පැවැත්වූ විභාගයේදී සාක්කි දෙමින් ජයසුන්දර මහතා එලෙස පිළිගත්තේය.

2010 ජනවාරි මස 10 වැනිදාත් 2015 ජනවාරි මස 10 වැනිදාත් අතර කාලය තුළ රක්නා ලංකා ආරක්ෂක අංශයේ රාජකාරි කළ භටයින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීම, ඔවුන්ගේ වැටුප්, ආහාර සඳහා රජයෙන් මුදල් යෙදවීම, ඔවුන්ගේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් යොදවා ඒ වෙනුවෙන් වැටුප් ආහාර සඳහා මුදල් ගෙවීම් කිරීම් මගින් රජයට රුපියල් කෝටියක පමණ පාඩුවක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව මෙම විමර්ශනය සිදු කෙරේ.
මෙම සිද්ධියට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල, එහි හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඛනිජතෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ හිටපු සභාපති වන මෙල්දුර රෝහණ වීර ද සොයිසා, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ට දැනුම්දීම් කර තිබූ අතර ජනක රණවක සහ උපාලි කොඩිකාර යන මහත්වරු හැර සෙසු අය කොමිසම හමුවේ පෙනී සිටියහ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්කි විභාගය කරන ලදී.

ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, භාෂණ කටයුතු සිදු කරමින් කොමිසමේ වැඩබලන සහකාර ලේකම් විමල් ශාන්ත ද සිල්වා මහතා කොමිසමේ කටයුතුවලට සහාය වේ.
කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස (සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කොමිසමේ විමර්ශන නිලධාරි ලෙස එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාග කිරීම ආරම්භ කිරීමට පෙර නොතීසි ලද පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා, කරුණු ඉදිරිපත් කරමින් මෙහි සාක්කිකරුවන්ගේ සාක්කි විමසීමට පෙර ඒවා පරීක්ෂා කර බැලීමට තමන්ට අවසර දෙන ලෙසත් එතෙක් මෙම විභාගය කල් තබන ලෙසත් මෙම කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන් පුද්ගලයින්ගේ ප්‍රකාශවල පිටපතක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම් සලකා බැලු විනිසුරු මඩුල්ල කොමිසමට ප්‍රකාශ ලබා දුන් අයගේ ප්‍රකාශ අද දින පරීක්ෂා කිරීමට අවස්ථාව සළසා දිය හැකි බවත් ඉන් අනතුරුව අද දින කොමිසම හමුවේ සාක්කි ලබාදෙන අයගෙන් හෙට දින හරස් ප්‍රශ්න ඇසිය හැකි බවත් දැනුම්දුන් අතර පැමි‚ල්ලේ සාක්කි ලැයිස්තුවක් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙස පැමි‚ල්ලට නියම කළේය.

ඉන් අනතුරුව සාක්කි විභාග කිරීම ආරම්භ කරන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් රක්නා ලංකා ආරක්ෂක සේවයේ ගොඩබිම් මෙහෙයුම් අංශයේ සාමාන්‍යාධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් ගාමි‚ බණ්ඩාර විෙජ්සුන්දර ජයසුන්දර මහතා මෙසේ පැවැසීය.

2010 නොවැම්බර් මා යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පසු රක්නා ලංකා ආරක්ෂක අංශයේ ගොඩබිම් මෙහෙයුම් අංශයේ සාමාන්‍යාධිකාරි ලෙස බැඳුනා. ගොඩබිමේ තිබූ ආයතන 53ක් සඳහා රක්නා ලංකා ආයතනයේ සේවකයින් 3500ක් පමණ යොමුකර සිටියා.

2015 ජනවාරි මාසයේ තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුගේ විශේෂ රාජකාරි කිරීම සඳහා කොළඹින් පිට පළාත්වල හිටපු නිලධාරීන් කොළඹට ගෙන එන ලෙස රක්නා ලංකා ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජනරාල් එගොඩවෙල මහතා මට උපදෙස් දුන්නා. ඒ අනුව මා පිටපළාත්වල හිටපු රක්නා ලංකා නිලධාරීන් 50ක් කොළඹට ගෙන්නුවා. ඊට අමතරව කොළඹ රාජකාරි කළ රක්නා ලංකා ආරක්ෂක නිලධාරීන් 100ක් පමණ ගෙන්වා ගත්තා.

මගේ ගොඩබිම් අංශයට අනුයුක්ත අය වගේම වෙනත් අංශවල නිලධාරීනුත් කොළඹට කැඳවන්න ඇති. 2014 නොවැම්බර් මාසයේ මේ නිලධාරීන් කොළඹට කැඳවනු ලැබූ අතර ඔවුන් කොළොන්නාව, කෝට්ටේ, දෙහිවල, මහරගම යන ප්‍රදේශවල විශේෂ රාජකාරි සඳහා යොමු කළා.

ප්‍ර ¡ ඔවුන් කළ විශේෂ රාජකාරිය කුමක්ද?

පිළි ¡ එය ඔවුන් බාරව හිටපු නිලධාරියාගෙන් විමසිය යුතුයි.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා ¡ ඔබනේ ඔවුන් කැඳවූයේ. ඔවුන් ගෙන්වූයේ ඇයි කියා දැන්වත් දන්නවද?

පිළි ¡ ඔව් මං හිතන්නේ ඔවුන් විශේෂ රාජකාරියකට ගෙන්වන්න ඇති.

මේ අවස්ථාවේදී සාක්කිකරු ඇමතූ විනිසුරු මඩුල්ල ඇත්ත පවසන බවට පොරොන්දු වී  සාක්කි දෙනු ලබන බැවින් නිවැරදි ලෙස සාක්කි දෙනලෙස සාක්කිකරුට අවවාද කළහ.

ප්‍ර ¡ ඔබගේ තනතුර ගොඩබිම් සාමාන්‍යාධිකාරි ලෙසද?

පිළි ¡ ඔව්

ප්‍ර ¡ ඔබගේ වැටුප කීයද?

පිළි ¡ සියලූ දීමනා සහිතව මාසිකව රුපියල් 1,20,000යි.

ප්‍ර ¡ ඔවුන් කොළඹට ගේනවා ඇති කියා ඔබ දන්නේ නැද්ද?

පිළි ¡ ඔබලා හිතුවට මෙය හමුදාවේ තැනක් කියලා මෙය සිවිල් ආයතනයක්.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා ¡ රක්නා ලංකා සේවකයින් රාජකාරි සඳහා දෙන්නේ මුදලටද? නොමිලේද?

පිළිතුර ¡ මුදලට.

ප්‍ර ¡ සේවකයන් මුදලට දෙනවා නම් මේ සේවකයින් සඳහා මුදල් ලැබුණද?

පිළි ¡ නැහැ. මේ සේවකයින් යොදවන්නේ කොහාටද, ඔවුන් සඳහා කොපමණ මුදලක් ලැබුණද කියා මා දන්නේ නැහැ.

සභාපති විනිසුරු සූරසේන මහතා ¡ මේ යොමු කළ නිලධාරීන් යෙදුවූ රාජකාරිය කුමක්ද?

පිළි ¡ එය අංශ බාර නිලධාරීන්ගෙන් විමසිය යුතුයි. මම මෙයට සම්බන්ධ වුණේ රක්නා ලංකා සේවකයින් ගෙන්වා ඒ ඒ තැන්වලට යොමු කිරීමට පමණයි. ඒත් දැන් දැන් තේරෙනවා මේ අය ගෙන්වලා තියෙන්නේ විශේෂ රාජකාරියකට නොවෙයි කියලා.

මේ සඳහා මුදල් ගෙවීම පිළිබඳව ගණකාධිකාරිවරයාගෙන් විමසිය යුතුයි.

ප්‍ර ¡ ඔබ කියන විදියට මෙහි සම්පූර්ණ වගකීම තියෙන්නේ ඉහළ නිලධාරීන්ටද?

පිළි ¡ ඔව්

මා රක්නා ලංකා සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළත් මගේ ඉහළ නිලධාරියා සමඟ මතගැටුමක් ඇතිකර ගැනීමට කටයුතු කළේ නැහැ.

විනිසුරු මඩුල්ල ¡ මේ යොමු කළ නිලධාරීන් කළ රාජකාරිය මොකක්ද කියා ඔබ දන්නවාද?

පිළි ¡ මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් දන්නවා.

ප්‍ර ¡ මොකක්ද ඔවුන් කළ රාජකාරිය.

පිළි ¡ මං හිතන්නේ...

විනිසුරු මඩුල්ල ¡ ඔබ සාමාන්‍යාධිකාරි නේද? ඔබ දන්නා දේ කියන්න. හිතන දේ කියන්න ඕනේ නැහැ නේද?

සභාපති විනිසුරු සූරසේන මහතා ¡ ඔබ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්ද?

පිළි ¡ ඔව්

ප්‍ර ¡ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් ගැන සොයල බලන්නේ නැද්ද?

පිළි ¡ සොයලා බලනවා. මගේ ඉහළ නිලධාරියා කළදේට මා සහාය දීම පමණක් කළා.

සාක්කිකරු වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කරයි.

ප්‍ර ¡ කොළඹට ගෙන්වූ රක්නා ලංකා ආරක්ෂක නිලධාරීන් කළ දේ ගැන ඔබ දන්නේ නැහැ. එය දන්නේ විධායක නිලධාරියා කියලද  ඔබ කියන්නේ.

පිළි ¡ ඔව්.
ප්‍ර ¡ එම නිලධාරීන් මැතිවරණ කටයුතුවලට යෙදවූ බව ඔබ දන්නවාද?

පිළි ¡ ඔව්

සභාපති විනිසුරු සූරසේන මහතා ¡ කී දෙනෙක් කීවරක් ඔය ප්‍රශ්නය ඇසුවාද? එතැනට ආවේ සත්‍යය ප්‍රකාශ කරනවා කියලයි. ඔබ දන්න දේවල් කියන්න. ඔබ කිසිවක් නොදන්න අයෙකු ලෙස හැසිරෙන්න එපා.
මේ නිලධාරින් දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරිවලට යෙදවූ බවට මට ආරංචි වුණා.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා ¡ ඒ සඳහා මුදල් ලැබී තිබුණද?
පිළි ¡ මුදල් ලැබී තිබුණේ නැහැ.
ප්‍ර ¡ ඔබ සාමාන්‍යාධිකාරි ලෙස ඒ ගැන හොයලා බැලූවේ නැද්ද?
පිළි ¡ මුදල් ලැබීම් ගැන හොයන්නේ ගණකාධිකාරිවරයායි.
ප්‍ර ¡ මුදල් ලැබීම ආදිය ගැන ඔබ තොරතුරු දැන ගත යුතුයි නේද?
පිළි ¡ ඔව්
විශේෂ රාජකාරිය සඳහා කිසිවෙකුත් සේවකයින් ඉල්ලා නැහැ. එසේ තිබියදීයි මෙසේ සේවකයින් යවලා තියෙන්නේ. මේ ගැන සාමාන්‍යාධිකාරි එගොඩවෙල මහතාගෙන් විමසිය යුතුයි.
රක්නා ලංකා ආරක්ෂක සමාගම ඉවත්වීමත් සමඟ මෙම කොමිසමට තොරතුරු සැපයීම සඳහා මාව පත් කළා. එලෙස මා කොමිසමට තොරතුරු දැනුම්දෙද්දී 2015 ජුලි මාසයේදී කොමිසමට ලිඛිතව කරුණු දැනුම් දුන්නා.
ප්‍ර ¡ රජයේ සමාගමකින් රුපියල් 1,30,000/¡ක් පඩියක් ගත්ත කෙනෙක් විදියට තමන් දැනගත යුතු දේවල් දැනගෙන නොහිටියා කියා ඔබ හිතනවාද?
පිළි ¡ ඔව්
ප්‍ර ¡ ඔබ ඔය තනතුරට සුදුසුයි කියලා ඔබ හිතනවාද?
පිළි ¡ මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.
ජනාධිපතිවරණයට පෙරම මේ නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදවාගෙන තිබූ බව මා දැනගෙන හිටියා.
මගේ ඉහළ නිලධාරියා මේ ගැන කටයුතු කළ නිසා මා ඒ ගැන හොයා බලන්න ගියේ නැහැ.
ප්‍ර ¡ එය ඔබගේ දුර්වලතාවයක් කියා ඔබ දැන් හිතනවාද?
පිළි ¡ ඔව්
ප්‍ර ¡ සාමාන්‍යාධිකාරි ලෙස ඔඛෙන් විය යුතු සේවය වෙලා නැහැ නේද?
පිළි ¡ සේවය වෙලා තියෙනවා.
ප්‍ර ¡ රක්නා ලංකා නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදෙවුවාද?
පිළි ¡ ඔව්
 ප්‍ර ¡ එම නිලධාරීන් යෙදවූ විශේෂ රාජකාරිය 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට යෙදවීමද?
පිළි ¡ ඔව්
ඔහුගේ සාක්කි විමසීම එතැනින් අවසන් විය.
පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කිදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක ලෙස රාජකාරි කරන කඩවත මහාබෝධි මාවතේ පදිංචි මහින්ද සාලිය (58) මහතා සාක්කි දෙමින් මෙසේද කීය.

1982දී කැල‚ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන 1983දී මහ බැංකුවේ රාජකාරියට බැඳුණා. ඒ අතර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අයවැය අධ්‍යක්ෂ ලෙස හා අයවැය අධ්‍යක්ෂ තනතුරු දැරුවා.

දැනට මා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ මා විශේෂඥයෙක්.
2007 වසරේදී මා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහ භාණ්ඩාගාරයේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා මාව රක්නා ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළා.
පසුව රක්නා ලංකාහි මගේ අධ්‍යක්ෂ ධුරය 2009¡2010 යළිත් වරක් දීර්ඝ කළා.

මේ අවස්ථාවේදී සාක්කිකරුට එම පත්වීම් ලිපි පෙන්වන ලදුව ඔහු ඒවා හඳුනා ගත්තේය.
රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හා පෞද්ගලික ආයතන සඳහා ආරක්ෂාව සහ ආරක්ෂක නිලධාරීන් සැපයීම රක්නා ලංකා ආරක්ෂණ සමාගමේ අදහස වුණා. සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද රජයට අයිතිය ඇති සමාගමකට තමයි මේ රාජ්‍ය සමාගමක් වන්නේ.

රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ බලයට යටත්වන නිසා ඒවා තීන්දු ගැනීමට කල්ගතවන නිසා නිදහස්ව ඉක්මනින් තීන්දු ගැනීම සඳහායි මේ රක්නා ලංකා සමාගම ආරම්භ කළේ.
රාජ්‍ය සමාගමක කොටස්වල අයිතිය තිබුණේ මහා භාණ්ඩාගාරයට.

විනිසුරු ගිහාන් කුලතුංග ¡ කොටස්වල සියයට සියයක අයිතියද?

පිළි ¡ ඔව්

ප්‍ර ¡ මුලින් රක්නා ලංකා ආරක්ෂණ සමාගමේ කොටස් 200ක් විකුණුවා නේද?
පිළි ¡ ඔව් කොටස් 100ක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉතිරි කොටස් 100 මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට.

ඊට අමතරව පාලිත ප්‍රනාන්දු මහතාට, සුනිල් ශාන්ත කුමාර මහතාට, උදේනි වික්‍රමසිංහ මහතාට, මෛත්‍රී පීරිස් මහතාට සහ සිරිපාල හෙට්ටිආරච්චි මහතාට එක කොටස බැගින් කොටස් 205ක් නිකුත් කර තිබුණා.
විශ්‍රාම යන හමුදා නිලධාරීන් වෙනුවෙන් යම් ආදායම් ක්‍රමයක් ඇති කිරීම සඳහාත් ඛනිජතෙල් සංස්ථාව, රූපවාහිනී සංස්ථාව යන ආයතනවල ඉන්න හමුදා සෙබළුන්ව ඉන් මුදවා රාජකාරි යෙදීමට අවශ්‍ය වූ නිසා රක්නා ලංකා ආරක්ෂක අංශය හැදුවා.
එහිදී සමාගමක් රජයට සල්ලි දාලා හදන්න බැරි නිසා පිරිසක් එකතුවී මේ කොටස් දාලා සමාගම ආරම්භ කළා.
2015/01/28 වැනිදා සිට මා රක්නා ලංකාහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුණා.
මෙම සංගමික පත්‍රයට අනුව රක්නා ලංකා සමාගමේ ලේකම්වරිය ලෙස ලේෂා ද සිල්වා මහත්මිය කටයුතු කළා. ඒ වගේම එහි අධ්‍යක්ෂවරයකු ලෙස මගේ නම නැහැ. ඒ වෙනුවට තියෙන්නේ පී.බී. ජයසුන්දර මහතාගේ නම.
මෙම සංගමික පත්‍රයට අනුව මේ නම තියෙන අය විසින් මුදල් යොදවා කොටස් 205ක් ලබාගෙන ඇති බව සඳහන් කර තියෙනවා.
සංගමික ව්‍යවස්ථාවලිය අනුව රක්නා ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරු රැස්වන විට එහි ගණපූර්ණයට අධ්‍යක්ෂවරු දෙදෙනකුවත් සිටිය යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බවත් එසේ නැතිනම් භාණ්ඩාගාර ලේකම්වරයා නිල බලයෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බවත් දෙදෙනාම සිටින විට ආරක්ෂක ලේකම්වරයා සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බවත් සඳහන් වෙනවා.
මෙම සාංගමික ව්‍යවස්ථාවට එහි සියලූම අධ්‍යක්ෂවරුන් අත්සන් කර තියෙනවා.
මහා භාණ්ඩාගාරය යටතේ ආයතන 275ක් 300ක් විතර තියෙනවා. එම ආයතනවලට අධ්‍යක්ෂවරයෙකු ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා යා යුතුයි. නමුත් එසේ යෑමට හැකියාවක් නොමැති නිසා ඔහු ඒ සඳහා අධ්‍යක්ෂවරුන් පත් කරනවා. ඒ අනුව තමයි මාව මෙයට පත් කළේ.
රක්නා ලංකා ආයතනයේ දවස් දෙකක් තුනක් පමණ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ පසුව එහි සභාපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා කටයුතු කළා.
මෙම සමාගමේ ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් පත් කළ අයෙකු එහි සභාපති විය යුතුයි. ඔහු නොමැති විටෙක මා එහි සභාපති විය යුතුයි.්‍

ප්‍ර ¡ ඔබ සභාපති වුණාද?

පිළි ¡ නැහැ. මා මේ ආරක්ෂාව ආදී දේ ගැන දන්නේ නැහැ. මට මේ ගැන දැනුමකුත් නැහැ. කොටින්ම කියනවා නම් මා මේ තනතුරට සුදුසු නැහැ.

ප්‍ර ¡ මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද?

පිළි ¡ ඔව්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු සභාපති ලෙස පත්කර තිබුණා.

මෙහි රැස්වීම් තියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේයි. ඒ නිලධාරීන්ගේ පහසුව සඳහායි.
රජයේ හා ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් අපිට තීන්දු තීරණ ගැනීමේ නිදහස අධ්‍යක්ෂවරයකු ලෙස මට තිබුණා. නමුත් තීරණාත්මක කරුණකදී ඒ ගැන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට දැනුම් දෙනවා.
ප්‍ර ¡ මේ රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවීම නිසා ගෙවීමක් කළාද?

පිළි ¡ ඔව්. රු. 10,000ක් ගෙව්වා. රුපියල් 7,500/¡ක් නිලධාරීන්ටත් තවත් 2500/¡ක් ප්‍රවාහන වියදම් ලෙසද ගෙව්වා.
රක්නා ලංකා ආයතනය පිහිටුවීම නිසා රුපියල් මිලියන 150ක ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලැබුණා. ඊට අමතරව අපිට එතෙක් නොලැබී තිබූ ඉතා විශාල ආදායම් බදු ප්‍රමාණයක් ලැබුණා.
 රක්නා ලංකා ආයතනයට ලැබුණ සමස්ත ලාභයෙන් ප්‍රතිශතයක් වශයෙන් මුදල් අයිතිකරුවන්ට ගෙවනු ලැබුවා. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ ලිපියක් මගින් තමයි මේ ගෙවීම කළේ.
ප්‍ර ¡ රක්නා ලංකා ආයතනයට අවි ආයුධ මිලදී ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයකට ආවාද?
පිළි ¡ ඔව්
ප්‍ර ¡ ඒ අනුව අවි ආයුධ මිලදී ගත්තාද?
පිළි ¡ ඒ කාලේ යුද්ධ තිබුණ කාලේ එය ඉතා සංවේදී කරුණක්. ඒ නිසා අවි මිලදී ගත්තා ද ඒවා කොහේ ද තබා තිබුණේ කියා සොයා බැලූවේ නැහැ.
සභාපති විනිසුරු සූරසේන මහතා: ඇයි ඒවා සොයා බැලූවේ නැත්තේ.
පිළි ¡ මං වෙනම රක්ෂාවක් කරන කෙනෙක්. මම මේ ගැන හොයලා බැලූවේ නැහැ.
ප්‍ර ¡ රක්නා ලංකා එකට අවි ආයුධ ගත්තේ කොහෙන්ද?
පිළි ¡ මෙය හමුදාවෙන් හෝ පොලිසියෙන් අවි ලබාගත යුතුයි. ඒත් ඒවා ගත්තාද කියා මා දන්නේ නැහැ.
ප්‍ර ¡ පසුගිය ජනාධිපතිවරණ සමයේදී කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකුට සහය දැක්වීම සඳහා රක්නා ලංකා නිලධාරීන් සහභාගි කරවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගත්තාද
පිළි ¡ පසුගිය ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කාලවලදී රැස්වීම් පැවැත්වූයේ නැහැ. එමනිසා ඒ ගැන තීරණයක් ගත්තේ නැහැ.
ප්‍ර ¡ එලෙස ජනාධිපතිවරණ රැස්වීම්වලට සහභාගි වූ අයට ගෙවීම් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගත්තාද?
පිළි ¡ නැහැ
ප්‍ර ¡ රක්නා ලංකා සේවකයෙක් තමාට නියමිත රාජකාරි නොකොට වෙනත් සේවයක නිරතවූවා නම් ඉන් රජයට පාඩුවක් වෙනවාද?
පිළි ¡ ඔව්. ආයතනයට මෙන්ම ඉන් රජයටත් පාඩු වෙනවා. රක්නා ලංකාහි වාර්ෂික ගිණුම් වාර්තා ආරක්ෂක ලේකම්වරයා හරහා කෝප් කමිටුවට යවනවා. එසේ කළේ විනිවිදභාවය සඳහායි. මා දන්නා තරමින් වෙනත් සමාගම් තම ගිණුම් වාර්තා කෝප් කමිටුවට යැව්වේ නැහැ.
චාන්දනී පීරිස්, පරිපාලන නිලධාරිනියගේ පඩිය වැඩි කිරීමට තීරණයක් ගත්තේ නැහැ.
විනිසුරු පද්මතිලක මහතා ¡ ධුරවලට අනුව වැටුප් ක්‍රමයක් තිබුණද?
පිළි ¡ නැහැ
ප්‍ර ¡ සේවකයින් ශ්‍රේ‚ගත කර තිබුණද?
පිළි ¡ නැහැ
ඔහුගේ සාක්කිය අවසන් විය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි (55) මහතා මෙසේද කීය.
මා ආරක්ෂක අමාත්‍යාංශයේ විවිධ අංශවල තනතුරු දරා තිඛෙනවා.
ප්‍රමුඛ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස මා කටයුතු කළා. ප්‍රමුඛ සමාගම රක්නා ලංකා නැමැති ආයතනය බවට පත්වීමේදී මාවත් එහි අධ්‍යක්ෂවරයකු ලෙස ආරක්ෂක ලේකම්තුමා විසින් පත්කරනු ලැබුවා.
රක්නා ලංකා සමාගම 2007 වසරේ මුලදී මේ ආයතනය ආරම්භ කරන විට හමුදා සම්බන්ධීකරණ නිලධාරි (ඵඛධ- ලෙස කටයුතු කළ පාලිත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කර ගනු ලැබුවා.
සාංගමික ව්‍යවස්ථාවලිය අනුව ආරක්ෂක ලේකම්වරයා මෙහි සභාපතිවරයා විය යුතු බව සඳහන් වුණා. 2006¡2007 වනවිට ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ මහතාට තිබුණු අධික රාජකාරි අනුව මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස නම් කරන්න ඇති.
ඒ වනවිට පාලිත ප්‍රනාන්දු මහතා හමුදා සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණා. පාලිත ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මාතර කාර්යාලයට අල්ලපු කාර්යාලයේ හිටියා.
හමුදා සේවයෙන් විශ්‍රාම යන අය මංකොල්ලකෑම් වැනි සමාජ විරෝධී වැඩ කරන බවට චෝදනා තිබුණා. රැකියාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ඔවුන්ගේ පඩිය අඩු වෙනවා. මේ නිසා ඔවුන්ගේ සුභසාධනය සඳහායි මෙය කළේ.
හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටි අය ආර්ථීක මර්මස්ථානවල රාජකාරි යෙදී සිටි නිසා ඔවුන් එම ස්ථානවලින් ඉවත් කොට ඒ වෙනුවට හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අය රක්නා ලංකා සමාගම හරහා යළි සේවයට බඳවාගෙන ඔවුන් එම ආර්ථීක මර්මස්ථානවලට යෙදවීමට අපි තීරණය කළා. ඒ අනුව තමයි රක්නා ලංකා ආයතනය ආරම්භ කළේ. එයට වැඩි දායකත්වයක් සැළසුවේ ආරක්ෂක අමාත්‍යාංශයයි.
මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත්තා. මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් මූලික මුදලක් ලෙස ලබා ගත්තා.
රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නා බව 2015 අප්‍රේල් මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වුණා. රජයේ ආයතන, බැංකු ආදී තැන්වලට ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී රජයේ ආයතනයක් වන රක්නා ලංකා ආයතනය වෙත ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව 2012/08/12 වැනිදා මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක සඳහන් වුණා.
ජ්‍යෙෂ්ඨ, මාධ්‍ය හා ක‚ෂ්ඨ කළමනාකාරිත්වය ලෙස රක්නා ලංකා ආයතනය කොටස් තුනකින් සමන්විත වුණා.
රක්නා ලංකා හි චෙක්පත් එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු විසින් අත්සන් කළා. අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා තීන්දු තීරණ ආදිය පිළිබඳ රක්නා ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළ පාලිත ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නා.
රක්නා ලංකාහි විගණන කටයුතු පිළිගත් විගණන ආයතනයකට බාරදී තිබුණා.
අපේ විගණන වාර්තා කෝප් කමිටුවට ගිය පසු ඔවුන් ඒවා පරීක්ෂා කොට රාජ්‍ය සමාගමක් ඉතා කෙටි කාලයකින් ලබාගත් ඉහළ වර්ධනය ගැන අපිට ප්‍රශංසා කළා.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූයේ නැති නිසා පසුගිය ජනවාරි මාසයේදී එක්තරා අපේක්ෂකයකුගේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සේවකයින් යෙදවීම පිළිබඳව අපි තීන්දුවක් ගත්තේ නැහැ.
ප්‍ර ¡ යුද හමුදාව, නාවික හමුදාව හෝ ගුවන් හමුදාව සතු අවි වෙනත් ආයතනයකට පැවරිය හැකිද?
පිළි ¡ පෞද්ගලික ආයතනයකට විකි‚ය නොහැකියි. එය කරනවා නම් කළ යුත්තේ ආරක්ෂක ලේකම්වරයා විසිනුයි.
රක්නා ලංකා සමාගමට ගිනි අවි අවශ්‍ය වූ බවත් ඒ අනුව අවි ලබාගත් බවත් මා දන්නවා. නමුත් එසේ ගත්තේ කෙසේද කියා මා දන්නේ නැහැ.
ඔහුගේ සාක්කි මෙහෙයවීම එතැනින් අවසන් විය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් රක්නා ලංකා ආරක්ෂක අංශයේ මෙහෙයුම් කළමනාකරු විශ්‍රාමික මේජර් හර්ෂ චානක පෙරේරා (52) මහතා මෙසේද කීය.
2012දී රක්නා ලංකා ආයතනයට බැඳුණු මා බස්නාහිර පළාත ඒකක ෂෂ හි අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී මා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා අපි යටතේ හිටපු 30 දෙනෙ=ගෙන් යුත් භට පිරිස කෝට්ටේ ප්‍රදේශයේ යෙදවූවා. එම නිලධාරීන් රක්නා ලංකා සේවකයින් බව මා දැනගෙන හිටියා. ඔවුන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවන ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතා මට උපදෙස් දුන්නා.
අධ්‍යාපන අමාත්‍යාංශය තිබූ සෙත්සිරිපායේ ආරක්ෂාවද බාරව හිටියේ රක්නා ලංකා ආයතනය නිසා පිටින් ගෙනා නිලධාරීන් එහි ආරක්ෂක කටයුතු සඳහා යෙදවූවා.
මෙම නිලධාරීන් 30 දෙනාට අමතරව මා ළඟ හිටපු නිලධාරීන් සෙනසුරාදා, ඉරිදා දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවූවා.
පිටින් ආපු නිලධාරීන්ට නවාතැන් පහසුකම් නැති නිසා ඒ ගැන මා මේජර් ජනරාල් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා. ඔහු ඒ ගැන කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ට නැවතීම සඳහා රාජගිරිය ප්‍රදේශයෙන් ඇනෙක්ස් එකක් ගත්තා. ඒ සඳහා අවශ්‍ය වූ රුපියල් 70,000ක මුදල ජනක රණවක මහතා මට ලබාදුන්නා.
මේ භට පිරිස්වලට අවශ්‍ය ආහාර පාන රක්නා ලංකා කේටරින් සර්විස් ආයතනයෙන් ලබා දුන්නා.
ප්‍ර ¡ මේ නිලධාරීන් රැස්වීම්වලට ගියේ නිල ඇඳුම පිටින්ද?
පිළි ¡ නැහැ. සිවිල් ඇඳුම්වලින්
ප්‍ර ¡ මොකක්ද සිවිල් ඇඳුම
පිළි ¡ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය යෙදූ ටී ෂර්ට් හා කැප් ඇඳගෙන ගියේ.
ප්‍ර ¡ ඔය ටී ෂර්ට් හා කලිසම් ලැබුණේ කොහෙන්ද?
පිළි ¡ නාරාහේන්පිට වෙද පන්සලෙන්
සභාපති විනිසුරු සූරසේන මහතා ¡ මේ රක්නා ලංකා නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට යොදවා ගත්තේ කොපමණ කාලයකටද?
පිළි ¡ ජනාධිපතිවරණ කාලයේදී
ප්‍ර ¡ ඔවුන්ට ගෙවීම් කළේ කොහොමද?
පිළි ¡ රක්නා ලංකා එකෙන්
ප්‍ර ¡ පැය 12ක සේවය සඳහා කොපමණක් ගෙවනවද?
පිළි ¡ රුපියල් 650/¡යි
ප්‍ර ¡ මේ නිලධාරීන් පැය 12 සේවයක්ද කළේ
පිළි ¡ නැහැ. පැය 24ක සේවයක්. ඒ සඳහා රුපියල් 1300ක් ගෙව්වා.
විනිසුරු ගිහාන් කුලතුංග ¡ යම් ආයතනයකට සේවකයෙක් යෙදවූ විට රක්නා ලංකා එකට කොපමණ මුදලක් ලැඛෙනවාද?
පිළි ¡ පැය 12කට රු. 1250/¡යි. පැය 24කට රු. 2500/¡යි.
ප්‍ර ¡ ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරීන් කොළඹට ගෙන්වීම මගින් ඔවුන්ට ගෙවිය යුතු වැටුප් ගෙව්වාද?
පිළි ¡ ඔව්
ප්‍ර ¡ ඔබ ළඟ හිටපු නිළධාරීන් සෙනසුරාදා ඉරිදා මැතිවරණ කටයුතුවලට යෙදවූයේ ඇයි?
පිළි ¡ රාජකාරිවලට බාධා නොවීමට
ප්‍ර ¡ ඒ සඳහා ඔවුන්ට ගෙවීමක් කළාද
පිළි ¡ ඔව්
ප්‍ර ¡ රක්නා ලංකා සේවකයින් මැතිවරණ රාජකාරියට යෙදවීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් යෙදවූවාද?
පිළි ¡ ඔව් කර්නල් ජයසුන්දරගේ උපදෙස් මත යෙදවූවා.
ප්‍ර ¡ ඔවුන් රාජකාරියේ යෙදවූයේ සිවිල් බළකායේ නිල ඇඳුමින්ද? රක්නා ලංකා එකේ නිල ඇඳුමින්ද?
පිළි ¡ රක්නා ලංකා එකේ නිල ඇඳුමින්
ප්‍ර ¡ ඒ සඳහා ඔබට උපදෙස් දුන්නේ කවුද
පිළි ¡ කර්නල් ජයසුන්දර
ඔහුගේ සාක්කිය එතැනින් අවසන් විය.
වැඩිදුර විභාගය අද දක්වා කල් තබන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා ිපෙනී සිටියේය.
නොතීසිලත් 1 සහ 2 පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිඥ චම්පික රුද්‍රිගු, කෞමදි ගලගෙදර සමග නීතිඥ සුමේධ මහවන්නි ආරච්චි මහහතා ද 3 වෙනුවෙන් නීතිඥ සනත් විෙජ්වර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ නලීන් අල්විස්, රුවන් උඩවෙල, ජනාධිපති නීතිඥ අලි සබ්රි සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද 4 වෙනුවෙන් නීතිඥ රසික බාලසූරිය මහතා ද 6 වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා වැලිකන්න සමග නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.

 



අදහස් (0)

‘රක්නා ලංකා භටයෝ මහින්දට ඡන්ද වැඩ‘

දර්ශන Friday, 04 September 2015 10:33 AM

මේ එකක් විතරයි. (අ)

:       0       0

දුමින්ද Friday, 04 September 2015 06:16 AM

මහා බැංකුවේ වුණා කියන මංකොල්ලෙට දෙවැනි නැත (අ)

:       0       0

නීල Friday, 04 September 2015 06:47 AM

මේවා එළිවෙනකොට මොනතරම් පිස්සු කියලද කියල හිතෙනවා (අ)

:       0       0

චන්න බුවනක Friday, 04 September 2015 07:25 AM

ඔය පරීක්ෂණත් නිකන් සල්ලි කන වැඩ විතරයි, (අ)

:       0       0

හිමාල් Friday, 04 September 2015 07:26 AM

මහ බැංකුවේ කොහෙද මංකොල්ලයක් වුනේ? වුණා නම් හරියටම ගාන කීයද?එක එක ගණන් කියන්නේ නැතිව කියමුකෝ බලන්න, ගානයි මංකොල්ලේ වෙච්ච විදිහයි.(අ)

:       0       0

දුමින්ද Friday, 04 September 2015 07:41 AM

රක්නා ලංකා ආයතනය පිහිටුවීම නිසා රුපියල් මිලියන 150ක ලාබාංශ මහා භාණ්ඩාගාරයට ලැබුණා (අ)

:       0       0

ධූසර Friday, 04 September 2015 06:22 PM

මෙයාලා තවත් හිටියා නම් රටට මොනවා වෙයිද? (නි)

:       0       0

බිමල් Friday, 04 September 2015 08:34 AM

මහින්දගේ වැඩ වලට යොදවන්නේ නැතිව සම්පදන්ගේ වැඩට යොදවන්නද? (අ)

:       0       0

මොහාන් Friday, 04 September 2015 08:39 AM

දුමින්ද ඔයා නොදන්නා මහා බැංකු ගැන කතා නොකර ඉන්න .මෙතන ලජ්ජනැති විදියට රාජ්‍ය සේවය ඡන්ද වැඩට යොදවාගෙන තියෙන බව පැහැදිලි . (අ)

:       0       0

සදා Friday, 04 September 2015 10:02 AM

මහා බැංකු මංකොල්ලයට මේක සමාන කරන්නේ කොහොමද? කෙන්ද කන්ද කරන්න හදන්න එපා. "රක්නා ලංකා ආයතනය පිහිටුවීම නිසා රුපියල් මිලියන 150ක ලාබාංශ මහා භාණ්ඩාගාරයට ලැබුණා. ඊට අමතරව අපිට එතෙක් නොලැබී තිබූ ඉතා විශාල ආදායම් බදු ප්‍රමාණයක් ලැබුණා." (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 756 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 674 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 949 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1154 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site