IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


රැකියා ස්ථානවල කාන්තා හිරිහැර

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සේවා ස්ථානවල ප්‍රචණ්ඩත්වය  සහ විවිධ තාඩන පීඩන  හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකුට වසරකදී වැඩ කරන දින හයක් අහිමි වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(8)  පැවසීය.

මෙලෙස වැඩ කරන දින අහිමිවීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක පාඩුවක් සිදුවන බවද
ඔහු සඳහන් කළේය.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙරට සමාගම් නවයක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී  බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ අතර රැකියා ස්ථානවල පිරිමින්ගෙන් සියයට 75 ක් කාන්තාවන්ට අසාධාරණ සිදුවන ආකාරයට කටයුතු කරන බව ( අවිඥානික පක්ෂග්‍රාහීත්වය) එම වාර්තාවල දැක්වෙන්නේ යැයි පැවසූ විපක්ෂ නායකවරයා එම  පිරිමින්  කාන්තාවන් බඳවා ගැනීම මෙන්ම ඉදිරියට ඒම  වැළැක්වීමට  විවිධාකාරයට කටයුතු කරන බවද  ප්‍රකාශ කළේය.

තවද රටේ  ගතානුගතික සේවා යෝජකයන් කාන්තාවන් සේවා ස්ථානවලට බඳවා ගැනීමට මැලිකමක් දක්වන බවද එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය.

මෙරට වැඩිම පීඩනයට ලක්වන්නේ කාන්තාවන් තරුණියන් සහ දරුවන් බව පැවසූ විපක්ෂනායකවරයා කාන්තාවන් සහ දරුවන්ගේ  සුභසාධනය වෙනුවෙන්  ජනාධිපති කාර්ය සාධන බලකා දෙකක් පිහිටුවන ලෙසට ඉල්ලීමක් කළේය.



අදහස් (2)

රැකියා ස්ථානවල කාන්තා හිරිහැර

ජිල්බු Saturday, 08 March 2025 06:43 PM

නිකමට අහන්නෙ වි.නා.තුමෝ, ගෙදරින් නම් කාන්තාවන්ගෙන් නේද ඕවා තියෙන්නේ?

:       0       9

පිටරටවැසියා Saturday, 08 March 2025 06:47 PM

එතකොට දමිතට කරපු දේට මොකක්ද කියන්න තියෙන්නේ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ප්‍රමාදය නිසා මධ්‍ය අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි
2025 මාර්තු මස 09 880 0

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 561 0

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ


බී.ඩි කොළ කිලෝ 1460ක් අල්ලයි
2025 මාර්තු මස 09 83 0

කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත


උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්
2025 මාර්තු මස 09 139 0

මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.


දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා
2025 මාර්තු මස 09 510 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා


බදුලු විශේෂ දුම්රිය ගම්පොළදී පීලිපනි
2025 මාර්තු මස 09 230 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 540 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site