(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්‍රාම වැටුපෙන් මාසික කපාහැරීමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව 2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයකුගෙන් රුපියල් 400 ක මාසික වාරික මුදලක් ද, වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයකුගෙන් රුපියල් 600 ක මාසික වාරිකයන් ද, අයකරගැනීමට නියමිතය.
මෙම අයගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
විශ්‍රාම වැටුපෙන් එම මුදල් අයකිරීමට කිසියම් විශ්‍රාමිකයෙක් විරුද්ධ නම් මේ මස 12 වැනිදාට පෙර විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දිය යුතු බවත් එම දිනයෙන් පසුව මනාපය වෙනස්කිරීමට නොහැකි බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිස Public Service වෙත පිවිස ඒ හරහා ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණ්වුඩ ඔස්සේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළ හැකිය.
නව වාරිකය අය කරන විශ්‍රාමිකයන්ට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ නම් උපරිම දින 10 ක් සඳහා වසරකට රුපියල් 120,000 ක ආවරණයක් ද, රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේ නම් වරකට උපරිම දින 10 ක් දක්වා දිනකට රුපියල් 500 බැගින් උපරිම දින 20 කට රුපියල් 10,000 ක ආවරණයක් ද, වසරකට ගෙවීමට නියමිතය.
රජයේ රෝහලක ප්‍රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000 ක් සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රුපියල් 20,000 ක් හිමිවන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ,2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පසු විශ්‍රාම ලැබූවන් මේ වන විටත් අග්‍රහාර රක්ෂණ ආවරණය ලබන බවත් ඔවුන්ගෙන් රුපියල් 200 ක මාසික වාරිකයක් පමණක් කපා හරින බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් මෙම මුදල් කපා හැරීමට විශ්‍රාමිකයන්ගේ බහුතරයක් විරෝධය දක්වන බවත් පසුගිය දින කීපයේදී විශ්‍රාමිකයන් රැසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි විශ්‍රාම වැටුප් අංශ වෙත පැමිණ විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රක්ෂණයක් දෙන්න විශ්‍රාම වැටුපෙන් 400 ක් කපයි
Akila Sunday, 07 November 2021 02:27 PM
මේ තමයි අප්පච්චිගේ උප්පරවැට්ටි, මැදපෙරදිග රැකියාවලට යන අයටත් මේ වගේ බලෙන්ම රක්ෂණයක් දීලා සල්ලි කපා ගන්නවා. එ්ක නැතිව රටෙන් පිට යන්න දෙන්නේ නැහැ...
BamunuarachchiSunday, 07 November 2021 05:27 PM
නැතුව රට ගිහිල්ලා අතරමන් වුණාම, වැටුප් නැතිව එමබසියට රින්ගුවාම, මරුණාම අපේ සල්ලිවලින් ගෙන්වන්නද?
RoshanSunday, 07 November 2021 10:16 PM
චාටර් වන එකෙත් සීමාවක් නැහැ.
Bamnunuarachchi Sunday, 07 November 2021 02:42 PM
රුපියල් 400 කපන්නේ රක්ෂණයට කැමති අයගෙන් පමණයි. වයසට ගියාම ලෙඩරෝග ඇතිවෙනවා. ඒ ලෙඩරෝග වලට රුපියල් 400න් බෙහෙත්කර බේරෙන්න බැහැ. රක්ෂණයේ ප්‍රතිලාබ දැක්කා. එ් නිසා රක්ෂණය වෙන එක හොඳයි.
හංසිකා කුමාරි ජයවර්ධන Sunday, 07 November 2021 02:44 PM
ආණ්ඩුව කොහෙන් කොහෙන් හරි අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කපාගන්න ක්‍රම සහ විධි හොයන්නේ... නැතුව විශ්‍රාමිකයන්ට ආදරේට නෙවෙයි. ලඟදීම හිඟන්නන්ගෙනුත් මාසික බද්දක් අය කරයි. කරුණාකරලා විශ්‍රාමිකයින්ට පාඩුවේ ඉන්න දෙන්න...
ප්‍රේමසිරි Sunday, 07 November 2021 05:43 PM
හිඟන්නන් කියන්නේ රජයේ විශ්‍රාම වැටුප් ගන්න අයටත් වඩා ගොඩක් ඉහළ ආදායම් තියෙන පිරිසක්... ඔවුන් රැකියා කරන විට එහෙම වුණත් ඔවුන් විශ්‍රාමිකයින්ට වඩා සැප විඳිනවා යාන වාහන තියෙනවා..
ajith Sunday, 07 November 2021 03:35 PM
අපිට හම්බවෙන සොච්චම් විශ්‍රාම වැටුප මදිවෙලා ඉන්න වෙලාවේ මේ බොරු රක්ෂණවලට මුදල් කැපෙනවට මම නම් විරුද්ධයි. රුපියල් 20300න් 400ක් කපාගන්නවා කියන්නේ අපිට ලොකු පාඩුවක්... අනික අපි මැරුණාම සතයක්වත් ලැබෙන්නේ නැහැ. කැපිච්ච මුදලවත් ලැබෙන්නේ නැහැ...
BamunuarachchiSunday, 07 November 2021 05:29 PM
මට රක්ෂණය එපා කියනවකො අඬන්නේ නැතුව. එතකොට කපන්නේ නැහැ.
kasun Sunday, 07 November 2021 04:35 PM
අග්‍රහාර රක්ෂණය විශ්‍රාමිකයින්ගේ කැමැත්ත අනුව බදවා ගැනේ. අකමැති නම් නොවැම්බර් 12ට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අකමැත්ත ලිඛිතව ප්‍රකාශ කරන්න.
ගමේ එකාලා Sunday, 07 November 2021 06:27 PM
මුලුමහත් ජනතාවම ගසාකාපු දුශිත දේසපාලුවෝ අවුරුදු සීයක් දෙසියක් ජීවත් වෙනවා කියලා හිතාගෙන පරම්පරා හත අටකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා තියෙන්නේ ...බලයට පත්කරපු ජනතාව ගැනත් හිතාපල්ලා..
ලක්මාල් Sunday, 07 November 2021 06:57 PM
කිසිම රක්ෂන සමාගමක් ඔය වයස් කාන්ඩවල අයට රක්ශන දෙන්න නෑ .ඒ අයගේ අවදානම ඉතා ඉහළ නිසා. මේක ගන්න එක රක්ශිතයාට ඉතා වාසිදායකයි. නොගෙන ඉන්න එක මෝඩ වැඩක් .
tmwicky Sunday, 07 November 2021 08:45 PM
බමුණුආරච්චි... නුඹලා වගේ අය නිසා තමයි මේ රටට හරියන්නේ නැත්තේ...