IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බදුල දිස්ත්‍රික්මන්ත්‍රී දිනිඳු සමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රී දිනිඳු සමන් මහතා.

හල්දුම්මුල්ල මහ ලන්ද බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමියේ මේක වනජීවී රක්ෂිත භූමියක් අක්කර දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා. ජාවාරම්කාරයන් පිරිසක් අනවසරයෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයෙක් ඒ ආණ්ඩුකාරවරයා ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට විදුලි බල මණ්ඩලයට ලිපියක් යවලා බලපෑම් කරලා තියෙනවා. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදාළ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලය මේ රක්ෂිතය හරහා විදුලිය ලබාදෙන්න විශාල මුදලක් වැය කරලා තියෙනවා.අනවසර ජාවාරම්කාරයන්ට විදුලිය දෙන්න පසුගිය රජය කටයුතු කරලා තිබුණා. අලින් යන අලිමංකඩ හරහා තමයි මේ වගාව සිද්ධ කරලා තියෙන්නේ. අක්කර දහස් ගණනක්. ඒ සතුන්ට කන්න තියෙන තණ භූමි ටික තමයි මේ අත්පත් කරගෙන තියෙන්නේ. මේක ඇතුලේ රජයේ නිලධාරීන් ඉඳලා තියෙනවා දේශපාලනඥයන් ඉඳලා තියෙනවා තියෙනවා. විවිධ පරිපාලන නිලධාරීන් ඉඳලා ව්‍යාපාරිකයන් ඉඳලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය මෙය අනීතික ව්‍යාපෘතියට වැය කරපු මුදල අය කරගන්න කටයුතු කරනවාද.සමහර ගොවිසංවිධානත් මේකට උදව් කරලා තිබුණා තිබුණා.

 



අදහස් (0)

රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වෛද්‍ය වැඩ වර්ජනයෙන් රෝහල් අඩපණයි
2025 මාර්තු මස 12 113 0

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක


දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි
2025 මාර්තු මස 12 2266 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආ


කතානායකගේ පාසලේ දරුවෝ අද මැතිසබයේ
2025 මාර්තු මස 12 471 0

තමා අධ්‍යාපනය ලැබූ පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිටින බවත් ඒ අය උණුසුම් අයුරින් පිළිගන්නා බවත් කතානා


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 2443 7

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1414 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 298 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 115 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 292 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 206 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site