සූරූපී රූ සපුවකින් හෙබී ඇය නිරූපිකාවක ලෙස අත්පොත තබා ඇත්තේ 2012 වසරේදීය. සෙමින් ගමනක් යන ඇය මේ වනවිට රංගනයටද පිඹුරු පත් සකසා ඇති නමින් මේකලා ශ්‍රී ලන්කේෂ්වර ඇගේ කලා කටයුතු පිළිබඳ දිගහැරුමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මං මේකලා ශ්‍රී ලන්කේෂ්වර. ඉන්නේ මහනුවර
මොකද කරන්නේ?
නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව රූප රචනාවලට දායක වෙනවා.
නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එකතු වුණේ කොයි කාලේද?
ටික කාලයක් වෙනවා. ඒ 2012 වර්ෂයේදී
ඒ කියන්නේ දැන් වෘත්තීමය මට්ටමේ නිරූපිකාවක්ද?
ඔව්. එහෙම කියන්න පුළුවන්
මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?
ගොඩක්ම මම කැමති මනාලියන් දැක්මවලට. ඒකට තමා මුල් තැන. ඊට අමතරව මියුසික් වීඩියෝ 02ක් කළා. තව වෙළෙඳ දැන්වීම් එකක් සහ ටෙලිනාට්‍යයකට දායක වෙලා තියෙනවා.
ඒ කියන්නේ නිරූපිකාවකට අමතරව රංගනයෙන් යෙදෙනවා?
ඔව්. අහම්බෙන් වගේ අවස්ථාවක් ලැබුණා.
ඒ අවස්ථාව ගැන කිව්වොත්?
මගේ ඥාති සහෝදරයෙක් වන අකලංක මල්ලව අයියා නිසා තමා ඒ අවස්ථාව හම්බුණේ. එතැනින් සිදුවුණු හඳුනා ගැනීමකින් දෙවැනි නාට්‍යට අවස්ථාවක් ලැබුණා.
රංගනයෙන් දායක වෙලා ඇති ටෙලිනාට්‍ය කුමක්ද?
ඒක හිරු නාළිකාවේ විකාශයන වුණු නාට්‍යක් වන "සයිබර් ක්‍රයිම්" කියලා. අනිත් නාට්‍ය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. එය නම් කරලා තියෙන්නේ %සඳ ඔබ මගේ^ කියලයි.
ඉදිරි කටයුතු මොනවාද?
නිරූපණයෙන් වගේම රංගන කටයුතුවලින් ඉදිරියට යන්න තමයි.
මේ තරම් දුර එන්න කවුරුහරි උදව් කරපු පිරිසක් ඉන්නවාද?
ඔව්, මගේ හැමදෙයකට මගේ ළඟින් ඉන්න මගේ මහත්තයා වගේම මගේ අම්මා, තාත්තා, අකලංක අයියා වගේම මගේ ඥාතී හැමෝමයි. තව මම සම්බන්ධ වෙලා කරන මොඩල් බෑන්ක් එකේ සුරංජන් පොල්කොටුව අයියා, තව මගේ හොඳම යාළුවා ප්‍රසාධි අක්කිවයි මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංගනයන් හා නිරූපණය යන දෙකෙන්ම ඉදිරියට යන්න කැමතියි