IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන චාමර

2016-12-15-ent-62

නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි චාමර බණ්ඩාරනායක මේ වනවිට රංගනයටද යොමුව සිටියි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති ඔහු වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් තුළින්ද අප හමුවට එයි. රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු සිය කලා කටයුතු පිළිබඳව පැවසීමට "තරුණයා" හා මෙලෙස එක්විය.

 

කලාවට පිවිසෙන්නේ?

2016-12-15-ent-61මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2015 අවුරුද්දේ. ඒ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ගීතප්‍රිය සමරසිංහ අයියාගේ මඟ පෙන්වීම මත. නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් යනකොට මිලින්ද මධුෂංක අයියා කතා කළා ගීත රූප රචනාවකට පෙනී සිටින්න කියලා. ඒ හරහා බොහෝ දෙනෙක් අඳුන ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යය රංගනයට යොමු වුණේ.

 

පාසල් කාලයේදිත් ඔබ නළුවෙක්?

මම ක්ෂේත්‍රයට ආවේ අද ඊයෙ නෙමෙයි, පාසල් යන කාලේ ඉඳලම මම නළුවෙක්. මගේ අම්මා මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්. අම්මා මාව පොඩි කාලේ විවිධ කලා කටයුතුවලට යොමු කළා. ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "අන්දර වැට", "සත්සර රංගන", "සෙල්ලම් ගෙදර" වගේම ජාතික රූපවාහිනියේ විකාශය වුණ "ඉංගම්මාරුව" හා "සිරි සිරිමල්"හි මම රඟපෑවා. "සිරි සිරිමල්" ටෙලි නාට්‍යයේ මම නිරූපණය කළේ ප්‍රධාන චරිතයක්. නළුවෙක් වුණ නිසා පාසල් කාලේ මම යහළුවන් අතරේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා.

 

මේ දවස්වල?

නිරූපණ කටයුතුවලට වගේම රංගනය පැත්තටත් මේ දිනවල වැඩිපුර සම්බන්ධ වෙලා වැඩ කරනවා. මෑතකදී මම දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "සිදූ" ටෙලි නාට්‍යයටත්, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "කොළඹ අපි ආවා" කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනි නාළිකාවේම විකාශය වෙන "දඩකෙළි අරණ" ටෙලි නාට්‍යයටත් දැනට එකතු වෙලා ඉන්නවා. මේ දිනවල අතිශය ජනප්‍රිය කයිසර්ගේ "නිතඹ සලා" ගීතයේ මම පෙනී ඉන්නවා. ඊට අමතරව, ජුඩ් රොගැන්ස්ගේ "වෙනස් වෙලා" ගීතයේ මාව දකින්න පුළුවන්. මේ ගීතත් එක්ක මම ගීත රූප රචනා 6කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

 

ක්ෂේත්‍රයට එන්න අත දුන්නේ?

මේ ක්ෂේත්‍රයට එන්න මාවත විවර කරලා දුන්නේ ලෙස්ලි කාවින්ග හා රූපලාවන්‍ය ශිල්පී ගීතප්‍රිය සමරසිංහ දෙන්නා. මේ වෙලාවේ මගේ කෘතවේදීත්වය ඔවුන්ට පිරිනමන්න කැමතියි. ඊට අමතරව තරිඳු විමලවීර, මිලින්ද මධුෂංක, සුරංග ලක්මාල් වගේම මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා සහ අක්කා ගොඩක් උදව් කරනවා මගේ කලා කටයුතුවලට. නිතරම මගේ රඟපෑම්, නිරූපණ කටයුතු පිළිබඳව අඩුපාඩු කියලා මාව දිරිමත්කරන මගේ හොඳම යාළුවා කුෂිවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මා වටා ඉන්න මගේ ආදරණීය රසික, රසිකාවියන් සියලු දෙනාට ස්තුති කරනවා මේ මොහොතේදී. මොකද, ඔවුන් නිසා තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ.

 

 



අදහස් (0)

රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන චාමර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site