IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රංගන ශිල්පියෙකු වෙන්න ලොකු පවක් කරලා තියෙනවා

20160317_Gayan1මතකයේ රැඳෙන චරිත කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණි ඔහු මේ දිනවල හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9.00ට විකාශය වන 'සහේලි'  ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. එහි රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද දායක වන ඔහු ගයාන් වික්‍රමතිලකය. අපත් සමග ඔහුගේ අදහස් මෙසේ පැවසීය.

 “උගත් පොතපත කියවන ප්‍රභූ පිරිසගෙන් 'සහේලි' ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාරය ලැබෙනවා. වර්තමානයේ විකාශය වන ටෙලිනාට්‍ය සමග මෙම ටෙලිනාට්‍ය සංසන්දනය කිරීම අමාරුයි. දේශීයත්වය විදහාපාන ටෙලිනාට්‍යක් නිර්මාණය වුණාම එය සරල සුන්දර නිර්මාණයක් විය යුතුයි. අද ප්‍රේක්ෂකයො හැලහැප්පීම් තිබෙන, ඝෝෂාකාරී සංගීතය තියෙන නාට්‍යය නරඹන්න නැඹුරු වෙලා තියෙනවා. නමුත් 'සහේලි' ටෙලිනාට්‍යය වෙනස් මුහුණුවරක් ගත්, වෙනත් ආරක ටෙලිනාට්‍යයක්. මම මීට පෙර 'ආත්මා' කියන ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. මේ ටෙලිනාට්‍යය මගේ ඔළුවේ තිබුණ සංකල්පයක්. මම මායාදුන්න බණ්ඩාර කියන ප්‍රවීණ පුද්ගලයට කියලා තිරපිටපතක් ලියාගත්තා. මට හිතුණා මෙය වෙනස් මුහුණුවරක් ගත්ත නිර්මාණයක් බවට පත්කරගත හැකියි කියලා. මම හිතනවා එයට යම්තාක් දුරකට සාර්ථකත්වයකට ළඟාවෙන්න පුළුවන් වුණා කියලා."

"ලංකාවෙ රංගන ශිල්පියෙකු ලෙස නෙමෙයි, කලාකරුවෙකු ලෙස ඉපදෙන්න මම පෙර ආත්මෙක ලොකු පවක් කරලා තියෙනවා කියලයි මම හිතන්නෙ. ඡන්දෙ කාලෙට දේශපාලඥයන්ට කඩේ යන්න ඕනේ. ඡන්ද ඉවර වුණාට පස්සෙ සාමාන්‍ය මිනිස්සුගෙ විවේචන අහන්න ඕන. අද නිළියෙක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක තමන් රඟ පෑ ටෙලි නාට්‍යයක ෆොටෝ එකක් දැම්මොත් වයස 25ට අඩු තරුණයන් කමෙන්ට් කරන්නෙ බොහොම නරක විදිහට. රටේ පිළිගත් ප්‍රභූවරුන්ගෙ පින්තූර විකෘති කරමින් බැණලා අදහස් දානවා. කලාකරුවා පහත් තත්ත්වයකට ඇද දමන සමාජයක් තමයි අද අපේ රටේ තිබෙන්නෙ.*

නිදුක් මධුෂික

20160317_Gayan2



අදහස් (0)

රංගන ශිල්පියෙකු වෙන්න ලොකු පවක් කරලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1463 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 933 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1415 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 567 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1025 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site