IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රග්බි පිටියෙන් විනිසුරු ඩිල්රෝයි සමුගනී

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම අන්තර්ජාතික රග්බි විනිසුරුවරයා වන ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා වසර 22 ක රග්බි විනිසුරු දිවියට සමුදීමට තීරණය කර තිබේ. ආසියානු රග්බි සංගමයේ විනිසුරුවන් පුහුණුකිරීමේ නිලධාරියකු සහ ආසියානු රග්බි තේරීම් කමිටුවේ සාමාජිකයකුද වන ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂතම රග්බි පරිපාලන නිලධාරියකු ලෙස ද පිළිගැනේ.

ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා අන්තර්ජාතික රග්බි තරග වැඩිම සංඛ්‍යාවක විනිසුරු ලෙස කටයුතු කර ඇති ශ්‍රී ලංකා විනිසුරුවරයා ද වේ. ඔහු රග්බි ‘ටෙස්ට්’ තරග 25 කදී ද, අන්තර්ජාතික තරගාවලි 30 කදී විනිසුරු ලෙස කටයුතු කර තිබේ.

කොරියාවේදී පැවැති ආසියානු කුසලාන රග්බි තරගාවලියේ කොරියාව සහ ජපානය අතර පැවැති අවසන් මහ තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ රග්බි අවසන් මහ තරගයේ පැති විනිසුරුවකු ලෙස කටයුතු කිරීම ඒ මහතාගේ අන්තර්ජාතික විනිසුරු දිවියේ සුවිශේෂී සංධිස්ථාන ලෙස හැදින්විය හැකිය.

ප‍්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා අන්තර් සමාජ සහ පාසල් රග්බි තරග 550 කට අධික සංඛ්‍යාවකදී විනිසුරුවකු ලෙස සේවය කර තිබේ. ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප‍්‍රධානතම තරගය ලෙස සැළකෙන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරග 20 විනිසුරු ලෙස ප‍්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ.

ඒ මහතා විනිසුරුවකුට අමතරව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, ශ්‍රී ලංකාවේ පැවැති අන්තර්ජාතික තරගාවලිය කීපයකම තරගාවලි ප‍්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන් අතරින් පාසල් රග්බි ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳව දැඩිව කටයුතු කළ විනිසුරුවරයකු ලෙස ද ප‍්‍රනාන්දු මහතා පිළිගැනීමක් හිමිකරගෙන සිටියි.  

කොළඹ ඉසිපතන විදුහලේ සෑම වයස් කාණ්ඩයකම රග්බි කණ්ඩායම් වල නායකත්වය දරා ඇති 40 හැවිරිදි ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා හැව්ලොක්ස් මෙන්ම සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. යන ක‍්‍රීඩා සමාජ නියෝජනය කළ දක්‍ෂ ක‍්‍රීඩකයකුද වෙයි.

 



අදහස් (0)

රග්බි පිටියෙන් විනිසුරු ඩිල්රෝයි සමුගනී

රත්නවීර Thursday, 30 May 2013 03:42 PM

ඔබ රගර් ක්‍රීඩාවට ක්‍රීඩකයකු ලෙසද, විනිශ්චයකාරවරයෙකු ලෙසද, පරිපාලකවරයෙකු ලෙස කරන ලද අනුපමේය සේවය අගේ කරමි. ඔබ විරුද්ධ පිලක සිටියදී මම තරග කලෙමි. මම ක්‍රීඩා කළ තරග ඔබ විනිශ්චය කළේය. ඔබ සතු යහපත් ගුණ අප සියල්ල අප කිසි දිනක අමතක නොකරමු. ඔබ අනාගත පරපුරට මහගු ආදර්ශයකි. ඔබට යහපත්, සතුටින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

නිෂේන්ද්‍ර Thursday, 30 May 2013 03:51 PM

1982 වසරේදී ඉසිපතන විදුහලේ නායකයා. පාසල් දිවියේ සිට වාර්තා පිට වාර්තා තැබූ ඔබට සුබ අනාගතයක්.(ස)

:       0       0

උපුල්-ජයලත් Thursday, 30 May 2013 05:05 PM

ඉසිපතනට හා රටට කීර්තියක් ගෙනා ක්‍රීඩකයෙක්/පුහුණුකරුවෙක් හා විනිසුරුවෙක්. ඉසිපතනෙ 93/94 වසරවල මටත් රගර් පුහුණු උපදෙස් ලබාදුන්නා, ඉසිපතනෙ ආදී ශිෂ්‍යයෙක් හැටියට මාගේ ගෞරවය පිරිනමමි.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 630 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 899 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1977 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4254 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2230 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site