IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රග්බි විනිසුරුවෝ කොන්දේසි දමති

කොන්දේසි කීපයක් මත පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කැමැත්ත පළ කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරීන් අතර ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡවේදී රග්බි විනිසුරුවරු මෙම තීරණයට පැමිණ තිබේ.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සී. ආර්. පිටියේදී මේ මස 1 වැනිදා පැවැති තරගය අවසානයේ විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම පාසල් දෙකේ සහ ඉසිපතන විදුහලේ රග්බි තරග විනිශ්චය නොකිරීමට විනිසුරු සංගය තීරණය කළේය. පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පවත්වන්නේ නම් පමණක් සේවය සපයන බවට විනිසුරු සංගමය තීරණය කළද පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට පාසල් එකඟ නොවීම නිසා පාසල් රග්බි තරග කල්දැමීමට සිදුවිය.

ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර සහ පාසල් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න සහ රග්බි විනිසුරු සංගමයේ සභාපති  ඕවිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් අතර පෙරේදා (11) පැවැති සාකච්ඡුාවේදී මෙම කොන්දේසිවලට එකඟ වී තිබේ.

මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් තම සංගමය දැනුම්වත් කරනු ලැබ ඇති බවයි. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අද (13) පැවැත්වෙන විශේෂ සාකච්ඡුාවෙන් පසුව තරග පැවැත්වෙන දින තීරණය කෙරේ.

”තරගයක් පිළිබඳව ප‍්‍රශ්නයක් තිබේ නම් ස්වාධීන ක‍්‍රීඩාංගණයක පවැත්වීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒ වගේම ශාන්ත ජෝශප් සහ ධර්මරාජ යන විදුහල්වල කණ්ඩායම් බාර ආචාර්යවරුන් පිළිබඳව මේ වන විටත් අපි පියවර ගෙන තිබෙනවා” යැයිද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරියකු පැවසුවේ විනිසුරුවන් ලෙස තම සාමාජිකයන්ට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එක`ගවීම නිසා තරග විනිශ්චය කිරීමට එක`ග වූ බවයි.

රග්බි විනිසුරුවරුන්ගේ කොන්දේසි

  • ධර්මරාජ සහ ශාන්ත ජෝශප් යන විදුහල් දෙකේ රග්බි කී‍්‍රඩාව බාර ආචාර්යවරුන් සහ ධර්මරාජ විදුහලේ පුහුණුකරු පිළිබඳ අන්තර්ජාතික නීති රීති වලට අනුව පරීක්‍ෂණයක් පවත්වා පියවර ගැනීම
  • කිසියම් තරගයක විනිසුරුවන්ට පහරදීමක් සිදුවුවහොත් පාසල් දෙකම තහනම් කිරීම
  • බීමත් පුද්ගලයන් ක‍්‍රීඩාංගණයට ඇතුළත් නොකිරීම
  • ආරක්‍ෂාව සහිත ක‍්‍රීඩාංගණවල පමණක් තරග පැවැත්වීම
  • ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවේ නම් තරගයෙන් ඉවත්වීම අවස්ථාව විනිසුරුවන්ට තිබීම

 



අදහස් (0)

රග්බි විනිසුරුවෝ කොන්දේසි දමති

පින්කි Thursday, 13 June 2013 11:19 AM

ඉසිපතන දිනන්නේ දක්ෂ කම නිසා නෙවි . අසීලාචාර හැසිරීම නිසා . (අ)

:       0       0

රමීෂා Thursday, 13 June 2013 11:31 AM

රෙෆ්රීල කරන හොර වැඩ / ලොකු ඉස්කෝල වලට අදින හැටි කව්ද වගකියන්නේ. ඔවිල්ට ඒවත් බලන්නේ තිබුනේ. .රගර් කන්නේ ඉස්කෝල නෙමෙයි රෙෆ්රී ල (අ).

:       0       0

තරිදු Wednesday, 12 June 2013 05:27 PM

හිනා යනවා. නවත්තගන්න බැහැ... කියන්න දේවල් ගොඩයි, කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ලලිත් - පැරිස් Thursday, 13 June 2013 03:11 AM

ඉසිපතනයේ කොල්ලෝ කවදත් රගර් ක්‍රීඩාවට දක්ෂ බව සියලු දෙනාම දන්නවා. (නි)

:       0       0

අඵය Wednesday, 12 June 2013 06:32 PM

ක්‍රීඩාවේ සොබාවය රළු වුවත් එම ක්‍රීඩාව කළ යුත්තේ මහත්වරුන් විසිනි.(නදී)

:       0       0

ජයවික්‍රම Thursday, 13 June 2013 07:20 AM

තද නීති ඇතුලත් කොට වැරදි කරන ක්‍රීඩකයන් හා නරඹන්නන් ඉන්න පාසල් වලට දඩුවම් කරන්න ඕනෑ. නැත්තම් ඒ ඉස්කෝල ක්‍රීඩාවෙන් ඉවත් කරන්න ඕනෑ (නි)

:       0       0

හිරාන් Thursday, 13 June 2013 08:17 AM

ඉසිපතන ඔච්චර දක්ෂනම් මොකද දිගටම පරදෙන්නේ.(අ)

:       0       0

කමල්. Wednesday, 12 June 2013 07:58 PM

තරුණ ආවේගශීලී පාසල් දරුවන්ට දැඩි ලෙස තරඟකාරී වන අතරම ක්‍රීඩාවේ විනය රැකගැනීමට පුරුදු පුහුණුවීමේ වැදගත්කම කියාදෙන කදිම පාඩමක්. ගුරුවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ දැඩි වගකීමක් වන්නේ තරඟ කෙසේ හෝ ජයගැනීමට වඩා ක්‍රීඩාවේදී විනය රැක ගැනීම වැදගත් බව දරුවන්ට අවබෝධකර දීමයි.(නදී)

:       0       0

ජෙෆ් Thursday, 13 June 2013 02:21 PM

විනිසුරු වරුවනේ ඔබලා ගෙනත් තිබෙන යෝජනා හොදයි. ඒසේම ඔබලා ස්වාධීන වන්න. මෙය ප්‍රවේගකාරියි ක්‍රීඩාවක් බවත් අවබෝද කර ගන්න.(නදී)

:       0       0

නිලන්ත Wednesday, 12 June 2013 08:21 PM

එතකොට ඉසිපතනය ගැන බලන්නේ කව්ද?(නදී)

:       0       0

අරුණ Wednesday, 12 June 2013 08:36 PM

ඉසිපතනය නැත්නම් රගරුත් නැහැ මොනව බලන්නද? රගර් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉසිපතනයට මේ කරන කෙනෙහෙලිකම් ඉවත් කල යුතුයි.(නදී)

:       0       0

සෂිමල් Thursday, 13 June 2013 09:28 AM

ඉසිපතන කොල්ලෝ රගර් වලට දක්ෂ එදා ඉදල.ඉසිපතන කොල්ලෝ නැත්නම් රගර් නැත.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 928 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1409 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37956 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site