IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රග්බි විනිසුරු ප‍්‍රදීප්ට වසරක තහනමක්

වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා වගකීම් විරහිතව කටයුතු කළේ යැයි වරදකරු කරමින් ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ඒ මහතාට වසරක තහනමක් පැනවීමට තීරණය කර තිබේ.

 කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයේදී පෙරේදා (29) රාත‍්‍රි පැවැති ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට ඒකමතික අනුමැතිය ලැබී තිබේ. මෙම දඩුවම තරග පැවැති දින සිට බලපැවැත්වේ.

එම තරගයේ පැති විනිසුරුවන් ලෙස කටයුතු කළ දිමිත‍්‍ර ගුණසේකර සහ මහේෂ් සේනානායක යන මහත්වරුන්ට ද මාසයක් බැගින් තරග තහනමක් පනවා තිබේ.

කළාහකාරි සිදුවීමක් වාර්තා වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ගාමිණි ඉන්ද්‍රසේන මහතාට ද සති දෙකක තහනමක් පැනවීමට විනිසුරු සංගමයේ විධායක කමිටුව පියවර ගත්තේය.

දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගයේදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහල් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයාකලාපය මෙන්ම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයාගේ වගකීම සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය ද හෙට (01) තීරණයක් ලබාදීමට නියමිතය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ මෙම තරගයේදී ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා වෙතින් ප‍්‍රධාන විනිසුරුවරයකුගෙන් සිදුවිය හැකි යයි අපේක්‍ෂා කළ නොහැකි අඩු පාඩු රැුසක් සිදුවී ඇති බවත් පැති විනිසුරුවන්වන් ද, වගකීම් පැහැර ඇති බවත්ය.

මෙම තරගය පසුගිය 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27x20 ක ජයක් හිමිවූයේ රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගය පසුගිය 11 වැනිදා බම්බලපිටියේදී පැවැත්විණි.

 

 



අදහස් (0)

රග්බි විනිසුරු ප‍්‍රදීප්ට වසරක තහනමක්

කෝලිත Thursday, 30 May 2013 06:19 PM

අයියෝ සල්ලි

:       0       0

චන්න Thursday, 30 May 2013 03:48 PM

අයියෝ සල්ලි

:       0       0

නිශේන්ද්‍ර Thursday, 30 May 2013 03:55 PM

එතකොට දිනුම කාටද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 699 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 937 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2041 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4340 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2266 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site