IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රෝගියාගේ පිහි පහරින් වෛද්‍යවරයා රෝහලේ

 කොම්පඤ්ඤවීදියේ පිහිටි  පෞද්ගලික රෝහලක්  තුළ දී අද පස්වරුවේ  පිහි ඇනුමකට ලක්ව  බරපතල තුවාල ලැබූ විශේෂඥ වෛද්‍ය රෝෂාන් මහේන්ද්‍ර මෙන්ඩිස් (41) මහතා දැඩිසත්කාර ඒකකයට ඇතුළු කර ඇතැයි  ඇතැයි පොලිසිය කියයි.

එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට ආ රෝගියකු වෛද්‍යවරයාට අනින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වෛද්‍යවරයාගේ බෙල්ලට, මුහුණට සහ හිසට  පිහි පහරවල් 10ක් පමණ එල්ල කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ  මනෝ වෛද්‍ය විශේෂඥයකු වන මහතා බව පොලිසිය සදහන් කරයි.

වෛද්‍යවරයා අද පස්වරු 4.00 පමණ රෝහලේ සුපුදුරු සායන කටයුතුවල නිරත වෙමින් සිටියදී  රෝගියෙක් වශයෙන් පැමිණ ඇති මෙම සැකකරු කාමරය වෙත පැමිණ  එකවරම  සඟවාගෙන සිටි පිහියක් ඉවතට ගෙන වෛද්‍යවරයා වෙත එක දිගට පිහි පහර එල්ල කර ඇතැයි කියති.

වෛද්‍යවරයාගේ කෑගැසීමෙන් එම ස්ථානයට පැමිණි  පිරිස දැක සැකකරු පැන ගොස් ඇති අතර  රෝහලේ ආරක්ෂකයින් සහ එහි පැමිණ සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී තිබුණි.

මෙම සැකකරු මීට පෙර ඉකුත් ඔක්තෝබර් මස නව වැනිදා ද රෝහලේදී වෛද්‍යවරයාට පහර දී තිබු අතර සැකරුගේ රෝගී තත්වය සැලකිල්ලට ගත් වෛද්‍යවරයා  සැකකරුට එරෙහිව පරීක්ෂණ සිදු නොකරන ලෙසට පොලිසියෙන් ඉල්ලා තිබුණු බව පොලිසිය පවසයි..

මෙම වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමේ දී  රෝගී සහ පෞද්ගලික ජීවන තොරතුරු වෙනත් අය දැනගැනීම  වැලැක්වීම සදහා රෝගීන් පරීක්ෂා කිරීමේ දී හෙදියක් හෝ  කාර්යමණ්ඩලයේ කිසිවකුගේ සහය ලබා නොගන්නා බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

රෝගියාගේ පිහි පහරින් වෛද්‍යවරයා රෝහලේ

ටෙනිසන් Friday, 30 December 2016 11:15 PM

අනේ දෙවියනේ! ඔහුගේ ජීවිතයට නම් අනතුරක් නොවේවා! (නි)

:       0       0

ලංකාසිරි Friday, 30 December 2016 11:17 PM

මානසික රෝගීන් එක්ක වැඩ කරද්දී කෙතරම් ආරක්ෂාවක් සළසා ගතයුතුද? (නි)

:       0       0

අබය Saturday, 31 December 2016 01:43 AM

රෝගීන්ගේ යහපත පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලිකත්වයද ගැන උසස් විදියට සිතන මෙවැනි වෛද්‍යවරුන් ඇත්තේ අතළොස්සකි. ඔබතුමාට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

ශෂික Saturday, 31 December 2016 02:08 AM

හොඳ අයටමයි කරදර. එතුමාට ඉක්මනින් සුවය ලැබේවා (නි)

:       0       0

ඉමේශ් Saturday, 31 December 2016 02:43 AM

අනේ පවු! ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 31 December 2016 02:51 AM

අද ඉන්න දොස්තරලා අතර මොහු දෙවියෙක් වැනියි (නි)

:       0       0

සුපුන් Saturday, 31 December 2016 02:53 AM

මේ ලෝකේ හොඳ කෙනෙක් ඉන්නවා නම් ඔහුටම තමා හැම මරාලයක්ම කඩා වැටෙන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 31 December 2016 04:16 AM

මේ අපරාධය කරපු පුද්ගලයා උම්මත්තකයෙක් වෙන්න බැහැ. කොන්ත්‍රාත් එකක්ද දන්නේ නැහැ. මතකනේ මීට වසර දෙක තුනකට ඉහතදී ඔය වගේම සත්ගුණවත් දොස්තර මහත්මයකු ඝාතනය කළා. ඒකට එම වෘත්තියේම කෙනෙක් හවුල්වෙලා තිබුනා නේද? (නි)

:       0       0

පියල් Saturday, 31 December 2016 04:38 AM

දෙවියෙක් වැනි දොස්තර කෙනෙක් (නි)

:       0       0

පුෂ්ප Saturday, 31 December 2016 05:40 AM

දොස්තරට පිහියෙන් අනින්න තරම් ආවේගයක් ආවේ මොකද? (නි)

:       0       0

සෙන්දනායක Saturday, 31 December 2016 06:49 AM

අපරාදේ! වෛද්‍යතුමාට සිතන්න තිබුනා නේද තමන් වැඩකරන්නේ රෝගීන් සමඟ බව? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 December 2016 07:04 AM

ගුණසිරි, ඔබගේ කතාවෙත් සත්‍යයක් තියෙනවා.

:       0       0

ගුණපාල Saturday, 31 December 2016 07:23 AM

අපි සම්පූර්ණ කතාව හරිහැටි නොදැන මොකුත් කියන්න බැහැ. පිහියකින් අනින්න ලොකු හේතුවක් තියෙන්න ඕනෑ. සමහරවිට මේ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට වෙච්ච වැරැද්දකට තරහ පිරිමසාගැනීමක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ගාමිණී Sunday, 08 January 2017 11:10 AM

මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමාගේ ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදිවත් කටයුතු කිරීම වැදගත් (බ)

:       0       0

ලාල් Saturday, 31 December 2016 08:19 AM

ගුණසිරි, කෝටි 3ක් ගන්න හදවත් සැත්කම් අපේ රටේ නැහැනේ. (නි)

:       0       0

නිරෝෂන් Saturday, 31 December 2016 08:56 AM

උතුම් ගතිගුණ ඇති ඔබ වැනි වෛද්‍යවරු අගය කරමි. ඔබට ඉක්මන් සුවය පතන අතර මෙවැනි උතුම් ක්‍රියාවන්ටද බනින කුහකයන් ගැන කණගාටුවෙමි (නි)

:       0       0

විදානේ Saturday, 31 December 2016 08:58 AM

හොඳ මිනිසුන්ටම ඇයි මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

දිලිප් Saturday, 31 December 2016 08:58 AM

ශ්‍රේෂ්ඨ දොස්තර මහත්මයෙක් (නි)

:       0       0

ගංගා Saturday, 31 December 2016 10:31 AM

වෛද්‍යතුමනි, ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බුදු සරණ ලැබේවා! (නි)

:       0       0

රන්ජිත් Saturday, 31 December 2016 11:04 AM

වෛද්‍යවරයා ගැන අපිට හරිම දුකයි. හොඳ මහත්මයෙක් (නි)

:       0       0

විජේරත්න Saturday, 31 December 2016 11:45 AM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සෙනරත් Saturday, 31 December 2016 02:06 PM

එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

රන්ජිත් Sunday, 01 January 2017 01:00 AM

විපාක සුභ හෝ අසුභ වියහැක්කේ ඔබ කළ හැටියටය. මෙම විපාක වලට දක්වන ප්‍රතිචාරය අනුව ඔබගේ ඉදිරි ගමන සකස්වෙනු ඇත. සංසර චක්‍රය මෙය වන්නේය. ලෝකයේ සැමට පොදු ධර්මතාවය මෙය වන්නේය. දොස්තර මහතාට සිදුව ඇත්තේ ඔහු කළ දෙයක විපාකයකි. හොඳ හෝ නරක බව ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇත. කිසිවකට කම්පා නොවී උපේක්ෂාවෙන් තේරුම් ගැනීමෙන් සසර කෙටිවනු ඇත. සුභ දවසක් වේවා! (නි)

:       0       0

මධුර Sunday, 01 January 2017 02:26 AM

රන්ජිත් මහතා,ඉතාමත් වටිනා අදහසක්. මේ සංසාරේ යථාර්ථය..... (නි)

:       0       0

ඉන්දික Sunday, 01 January 2017 02:39 AM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

පතිරන Sunday, 01 January 2017 03:08 AM

රජයේ රෝහලක මේ දේ වුණා නම් වෛද්‍ය සංගමය මැදිහත්වෙලා උද්ඝෝෂණ කරලා, ප්‍රතිකාර වලින් අයින්වෙලා. මේ රෝහලෙත් දොස්තරලා එහෙම කරලා මෙලහට පෞද්ගලික රෝහල වැහිලා ඇති මගෙ හිතේ (නි)

:       0       0

දිලිප් Sunday, 01 January 2017 04:13 AM

මේ සමඟම රෝහල් ආශ්‍රිත චැනලින් සේවා ගාස්තු නියාමනයට හා එක රෝගියෙකුගෙන් රෝහල් ගාස්තු ලෙස රුපියල් 500ක් ගැනීම තුළ ඇති අසාධාරණ බවත් නීතියට යටත් කරන්න. (නි)

:       0       0

ගුණසිරි Friday, 30 December 2016 05:49 PM

පුද්ගලික රෝහල් වල සමහර වෙද්‍යවරු කපන මුදල් කැපිල්ලට රෝගීන් උම්මත්තකයෝ වෙලා ඉන්නේ. මගේ මිත්‍රයෙකුගේ හදවත් සැත්කමට කෝටි තුනක් ඉල්ලුවා. ඒ මිත්‍රයා මාවවත් එතරම් වටින්නේ නැහැ කියලා ගෙදර ගිහින් ඉන්නවා. (නි)

:       0       0

අශෝක Friday, 30 December 2016 06:41 PM

මමත් දොස්තර කෙනෙක්. ඔබ ඉතා හොඳ වෛද්‍යවරයෙක් බව පෙනෙනවා. ඔබට සම්පූර්ණ සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 40 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 2955 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 541 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1043 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 754 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 807 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1360 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site