IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රගර් ක්‍රීඩකගේ ඝාතනයට ප්‍රභූ පුතෙක් අත්අඩංගුවට?

ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ උප නායකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රභූ පවුලක සාමාජිකයකු සහ ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යතියි පොලිස් ආරංචි කියයි.

වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි ඔහු 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව එකල පොලිසිය කීවේය. 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුල දැවී අඟුරුවී තිබිණි. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ ගැන විමර්ශන කළත්  අලුත් දෙයක් සොයා ගත්තේ නැත.

ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ලැබුණේ පසුගිය පෙබරවාරි මාසයේ ය. එහි ඇති දෑ අනුව මෙය රිය අනතුරකින් වූ මරණයක් ද, මිනී මැරුමක් ද යන්න ගැන සැක කරන බව කී පොලිසිය ඒ ගැන වැඩිදුර විමර්ශන පොලිස්පතිගේ නියමයෙන් රහස් පොලිසියට බාර දුන්නේය.

පෙම්පලහිලව්වක් දුරදිග ගොස් වසීම්ගේ ඝාතනය සිදුවූ බව කියැවෙන තොරතුරක් ද රහස් පොලිසියට ලැබී තිබිණි. රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ වසීම්ගේ මරණය මිනීමැරුමක් බවයි.

නාරාහේන්පිට දී රිය අනතුරකට ලක්වූ බව කී වසීම්ගේ මුදල් පසුම්බිය සොයා ගැනුණේ කිරුලපොණ පැත්තෙන් බව පොලිසිය කියයි.

හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වූ ඔහු  කණ්ඩායමේ උපනායකයා බවට ද පත් විය.   2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහු ලබා ගත්තේය.

 



අදහස් (0)

රගර් ක්‍රීඩකගේ ඝාතනයට ප්‍රභූ පුතෙක් අත්අඩංගුවට?

රවනගම ගාමිණි Monday, 18 May 2015 10:46 AM

සැකකරුවන් හෙළි කොට වැරදි කරුවන් වුනොත් දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ජනක Monday, 18 May 2015 10:58 AM

අපේ ප්‍රභූ පුතාලා උපාසක අප්පුලා . ඒගොල්ලන්ට මොනවත් කියන්න එපා.(බ)

:       0       0

සරත් ලන්ඩන් Monday, 18 May 2015 11:17 AM

වැරදිකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතුමයි. අපි දන්නවා මේ අපරාධය පිටුපස සිටින්නේ කවුද කියලා. (ම)

:       0       0

නිමල් Monday, 18 May 2015 11:50 AM

අනේ අපි නම් ඕවට ගාවගන්න එපා (බ)

:       0       0

තුෂාර Monday, 18 May 2015 11:51 AM

පරාද වෙන්න තීන්දුව දුන්න නිසා රගර් විනිසුරට නෙලපු කේස් එක ඩිස්මිස්ද එතකොට ..(බ)

:       0       0

නාමල් Monday, 18 May 2015 11:57 AM

මාව නම් ඕවට ගාවගන්න එපා ඔන්න.....(බ)

:       0       0

සලාම් Tuesday, 19 May 2015 07:28 PM

වෙන කවුද ඉතින්? (නි)

:       0       0

කළුවිතාන Tuesday, 19 May 2015 02:59 AM

අපි නම් දන්නවා කවුද කියලා (නි)

:       0       0

ගිහාන් Monday, 18 May 2015 07:01 AM

මහජනතාවගේ කුතුහලය අවුස්සන දෙයක් වෙයි වගෙයි (නි)

:       0       0

චන්න Monday, 18 May 2015 07:18 AM

අපෝ! අපිට නම් ඔය ප්‍රභූ පුතාලා ගැන අහලම ඇතිවෙලා. මේ කාලයේ කොහේහරි රණ්ඩුවක් ගියොත් එතන ප්‍රභූ පුතෙක් ඇති. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 19 May 2015 05:12 AM

අපි නම් දන්නවා කවුද කියල සිහින අගමැතිගේ පුතාද (බ)

:       0       0

සුමුදු Tuesday, 19 May 2015 02:00 PM

මෙයත් නාටකයක් වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

දිලිප් Monday, 18 May 2015 08:36 AM

නිතිය සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුයි, වරදක්කර ඇත්නම් දඩුවම නියතය. (හේ)

:       0       0

ලක්මාල් Monday, 18 May 2015 08:44 AM

මෙන්න මීළඟ චිත්‍රපටය. (හේ)

:       0       0

ඉන්දික Monday, 18 May 2015 08:51 AM

ප්‍රභූ පුතත් රගර් ගහපු කෙනෙක්ද. (හේ)

:       0       0

අචලංක Monday, 18 May 2015 08:56 AM

කවුද මේ.(හේ)

:       0       0

රොෂාන්ත සිල්වා Tuesday, 19 May 2015 03:11 PM

හොඳයි මහින්දගේ එක පුතෙක් මේකට අහු වෙනවා ෂුවර් (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 19 May 2015 03:11 PM

දේශපාලනයෙන් තොරව තිබුණු රගර් ක්‍රීඩාවට මේ පුත්තු රිංගලා විනාශ කළා.......මොවුන් ජාති ජාතිත් බලයට පත් නොවේවා .....(බ)

:       0       0

ගයාන් Monday, 18 May 2015 09:16 AM

ක්‍රීඩකයෙක් කෙසේ වෙතත් රගර් විනිසුරුවෙක් නම් කාගේදෝ සුදු පුතෙකුගෙන් ඒ දවස් වල ගුටි කෑවා කියලා අපිට ආරංචියි (බ)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 09:19 AM

මීළඟ ටෙලි නාටකය'' අබිරහස් මරණය '' (බ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 18 May 2015 09:26 AM

රගර් ක්‍රීඩාව කියන්නේ බෝලය අරගෙන දුවන තැනත්තාව අල්ලා ගැනීම හෝ බිම වට්ටවා ගැනීමයි නැතුව මරා දැමීම නොවෙයි ප්‍රභූ පුතාලා වෙන සෙල්ලමක් නොව කර තිබෙන්නේ (ම)

:       0       0

මහින්ද Monday, 18 May 2015 09:29 AM

ටෙලි නාට්‍යවලත් මේවා පෙන්නන්න ඕනේ (බ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Monday, 18 May 2015 09:39 AM

මේකේ අලගිය තැන් මුලගිය තැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්නේ. (බ)

:       0       0

සමන්ජය Monday, 18 May 2015 09:41 AM

ඔය සිද්ධියේ ප්‍රසිද්ධ සාක්කි කාරියක් නම් ඕස්ට්‍රේලියාවේ කැන්බරා වල ඉන්නවා. (බ)

:       0       0

ඒඩ්රියන් ද මෙල් Monday, 18 May 2015 09:48 AM

හොද වෙලාවට ප්‍රභූ පුතාලා ක්‍රිකට් ගැහැව්වේ නැත්තේ.එහෙනම් නායක,උප නායක,දෙවැනි උප නායක තනතුරුත් ඒ ගොල්ලටම දෙන්න වේවි.(කේ)

:       0       0

දිලිප් Monday, 18 May 2015 10:04 AM

මිනිසුන් බලයෙන් මත් වුනහම කරන කියන දෑ මොනවාදැයි දන්නේ නැහැ. සදාකාලික ජීවයක් නොමැති බව වටහා ගන්න බැරි ඇයි? යනකොට මොනවද අපි අරගෙන යන්නේ? ලැබූ සියලු කිර්තින් මේ විදියට ගියහම කිරි කාලයට දාපු ගොම බින්දුවක් නෙවේ ගොම් බෙට්ටක් ගානයි දැන්නම්.(හේ)

:       0       0

කඩුවෙල බන්දු Monday, 18 May 2015 10:11 AM

අනේ අර ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතකයනුත් හොයන්නකෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 95 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 996 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 891 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3571 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2259 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site