ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.
උසාවි නියමයක් අනුව අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්‍රාමසේවකවරයාද එහි පැමිණ සිටියහ.
නෑදෑයන්ගේ අකමැත්ත නිසා එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට හෝ ඡායාරූප ශිල්පීන්ට අවසර නැතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඔවුන් වෙනම ස්ථානයද රඳවනු ලැබ සිටිති.
සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී මාධ්‍යට යම් ප්‍රකාශයක් කිරීමට යයි.
රිය අනතුරකින් මිය ගිය බව හැඟවෙන පරිදි තාජුඩීන් දස වද දී මරන්නට ඇතැයිද, මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයෙකුගේ ප්‍රත්‍රයෙකු පිළිබඳ සැකයක් පවතින්නේ යැයිද රහස් පොලීස් ආරංචි කියයි.
තම පවුලට අපහාස කිරීම සඳහා රජය මෙම සිද්ධිය යොදා ගනිතියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂද කියා ඇත.
දැඩි පොලිස් ආරක්ෂාව මැද සිරුර ගැනීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රගර් ක්‍රීඩක සිරුර අද ගොඩ ගනී
ඉසුරන්දි Monday, 10 August 2015 04:18 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා මේකටවත්. දුෂණ භීෂණ වපුරපු උදවියට තවම ප්‍රසිද්ධියේ දඩුවමක් දුන්නේ නැති නිසයි මම එහෙම අහන්නේ. (බ)