IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රගර් ක්‍රිඩක සිරුර ගොඩ ගන්න අවසර

2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ  දේශපාලන ප්‍රබලතමයකුගේ  පුත්‍රයකු මේ  ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා  අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ  බව කියති.

වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසානය සඳහා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදවා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩගැනීම පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දුන්නේය.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්,කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.



අදහස් (0)

රගර් ක්‍රිඩක සිරුර ගොඩ ගන්න අවසර

ද සිල්වා Tuesday, 04 August 2015 08:57 PM

යහපාල, මළසිරුරු ගොඩගන්න නියමිත ක්‍රමවේදයක් තිබෙනවා. පළමුව අධිකරණයේ අවසර ගන්න ඕනෑ. ඊළඟට අධිකරණ වෛද්‍යවරයා, මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරලා ඒගොල්ලගෙන් දිනයක් වෙලාවක් වෙන්කර ගන්න ඕනෑ. නැතුව ඡන්ද තියෙනවා, යහපාල කැමති නැහැ කියලා වෙන වෙන දින දමාගන්න බැහැ (නි)

:       0       0

සේපාල හත්තොටුව Wednesday, 05 August 2015 05:38 AM

දස්කොන් අධිකාරම්ගේ බෙල්ල කැපුවේ ඇයි කියා දන්නවානේ. මේකත් ඒ වගේ නේ. තමාගේ තරම දැනගෙන වැඩ කරන්න ළමයිනේ (නදී)

:       0       0

ශිල්පා හත්තොටුව Wednesday, 05 August 2015 05:43 AM

සුසිල් මහත්තයා බැහැ කියනවා නම් බැහැ. (නදී)

:       0       0

සුදෙල්මි Tuesday, 04 August 2015 07:37 AM

එතකොට සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුනේ මහිදන් කරපු මියක් ගොඩ ගන්න ලංකාවේ නීතියෙන් ඉඩක් නැ කියලා, ඒ කියන්නේ නිත්‍යා ගැන තියෙන දැනුමේ තරමද නැත්නම් පුහුල් හොරාගේ කතාවද ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 04 August 2015 07:39 AM

මේවා හොයනවා නම් ඉතින් යුද්දේ කාලේ වෙච්ච හැම දෙයක් ගැනම හොයන්න වේවි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 07:52 AM

රටේ වාසනාවට රටේ දරුවන්ගේ වාසනාවට උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට තමයි ජනවාරි 8 වෙනිදා මෛත්‍රී යුගයක් බිහි වුණේ.බිහි කර ගත්තේ.ඒක විජයග්‍රහණයක් කියල දැන්වත් තේරුම් ගන්න .(ම)

:       0       0

සිරිමල් Tuesday, 04 August 2015 07:56 AM

නිතිය අකුරටම ඉටු විය යුතුයි.ජනවාරි 8 වෙනිදට කලින් මේවට මිනිස්සු කටවල් අරින්න බයෙන් හිටියේ. එත් දැන්....මේක තමයි වාචික නිදහස කියන්නේ.දේශපාලකයෝ බොරුවට කෑගහනවා (ම)

:       0       0

සුකීත් Tuesday, 04 August 2015 08:04 AM

උඩ පැන්නොත් බිම වැටෙයි පුතෝ (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 02:25 PM

නාමල්, මොනවද ඉස්සර ඒකාධිපතිට රට යටත් වෙලා තිබුන කාලේදී මම නිවාඩුවට ලංකාවට ගිහින් ඉන්නකොට සුදු වෑන් එකක් ගේ ඉස්සරහ නවත්තනකොට බඩ පපුව දනවා මරණ බයට.(නදී)

:       0       0

ටියුඩර් Tuesday, 04 August 2015 02:30 PM

දෙවියනේ, ඔහු මොනතරම් වේදනාවක් විඳ මියයන්න ඇද්ද? (නි)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 04 August 2015 02:33 PM

අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැක (නි)

:       0       0

නාමල් Tuesday, 04 August 2015 08:43 AM

නිසි පරීක්ෂණයක් කර, වැරදිකරුවන් සියල්ලන්ටම නිසි දඬුවම් දෙන්න තරාතිරම නොබලා.. ඔබ නැවතත් නීතිය වල් වැදී තිබුණ ඒ යුගයට යන්න කැමතිද? ඒ මැරුණේ අපේ කවුරුත් නෙමේ කියල හිත හදා ගත්තොත්, ඔබේ දරුවෙකුට මේ වගේ දෙයක් වුණහම එයට විරුද්ධ වෙන්න කවුරුත් ඉතුරු වෙලා නැති වෙයි.... නුවණ මෙහෙයවා ජන්දය පාවිච්චි කරන්න... අපි යා යුත්තේ ඉදිරියට මිසක් පසුපසට නෙවෙයි... ලෝකෙන් වහල් බව, රාජාණ්ඩු ඉතිහාසේ කුණු කුඩයට වැටිලා ඉවරයි...(ම)

:       0       0

විජිත් Tuesday, 04 August 2015 08:53 AM

මගේ අම්මෝ . ... දිලා තියෙන දස වද ඔය මනුස්සයාව මෝරුන්ට කන්න දමන්න අමතක වෙන්න ඇති...(ම)

:       0       0

හසිත Tuesday, 04 August 2015 09:24 AM

මේක කළවුන්ට මැරෙන මොහොතේ හරි පටිසන් දේවි. (නි)

:       0       0

රමේෂ් Tuesday, 04 August 2015 09:30 AM

සාධාරණය පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

අසාද් Tuesday, 04 August 2015 09:37 AM

ඇයි මිනිසුන් මෙහෙම පළිගන්නේ? (නි)

:       0       0

සුනිල් Tuesday, 04 August 2015 09:50 AM

මෙතෙන දාල තියෙන පාඨකයන්ගේ අදහස් හැම එකක්ම කියවල බැලුවම හිතෙන්නේ මිනිස්සු බයෙන් සැකෙන් හිටපු කාලේ ඉවරකරලා නිදහසේ හිතන්න අදහස් ප්‍රකාශ කරන්න දැන් පටන් අරන් තියෙනවා නේද කියල. (බ)

:       0       0

පිවිතුරු යහපාල. Tuesday, 04 August 2015 09:52 AM

ඡන්දයක් තියෙන මේ වෙලාවේදී ගොඩ ගන්නවට මම නම් තරයේම විරුද්දයි. (බ)

:       0       0

ප්‍රාන් Tuesday, 04 August 2015 09:53 AM

දැන් , මළසිරුර ගොඩ ගන්න ඕන නැනේ ඔය පොලිසියම කියන්නේ කරලා තියෙන දේවල්, ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ ගොල්ලොම කිව්වේ බොරුද? (බ)

:       0       0

සිංහ Tuesday, 04 August 2015 06:33 AM

රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි. මේ කව්ද කියල නම් රටම දන්නවා (නදී)

:       0       0

නිමල් Tuesday, 04 August 2015 10:14 AM

කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)

:       0       0

ජගත් Tuesday, 04 August 2015 06:38 AM

තව තවත් බලය දෙන්නකෝ ප්‍රේම සම්බන්ධයක් නිසා ඔහොම දෙයක් කළා නම් මෙම පවුල බලය වෙනුවෙන් මිනිසුන් කොහොමට නම්..... ? (ම)

:       0       0

විජේපාල Tuesday, 04 August 2015 10:17 AM

මෙවන් දේවල් තව කොපමණ සැඟව ඇද්ද? (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 04 August 2015 06:42 AM

මෙවැනි තිරිසන් අපරාධ කළ උදවියට කර්ම විපාක හැකි ඉක්මනින් ලැබේවා. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 04 August 2015 10:20 AM

රිය අනතුරක් වුණ පුද්ගලයෙක්ගේ කොහොමත් ඉල ඇට කැඩෙනවා,දත් කැඩෙනවා,වීදුරුකටු ඇනෙනවා...ඒක නිසා විද්‍යාත්මක අපක්ෂපාති පරීක්ෂණයක් නොකර තීන්දුවලට එළඹෙන්න බැහැ. දේශපාලකයකුගේ පුතකු සැක කරනවා නම් ඡන්ද බලාගෙන මඩ ගහන්න තිබෙන හැකියාව සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බැහැ.අපිට ඕනෑ ඇත්ත දැනගන්න... (නි)

:       0       0

ඉන්දික -අල්සාෆි Tuesday, 04 August 2015 10:22 AM

ගරු ජනාධිපතිතුමනි,යහපාලනයක් සඳහා එල්ලුම් ගසද ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

දිලිප් Tuesday, 04 August 2015 06:44 AM

යුක්තිය ඉෂ්ට වේවා!!! නීතියේ ආධිපත්‍ය සුරැකේවා!!! (නි)

:       0       0

අන්තෝනි Tuesday, 04 August 2015 10:22 AM

ඔහුට සාධාරණයක් වියයුතුයි (නි)

:       0       0

සචිත් Tuesday, 04 August 2015 06:46 AM

අපේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා. බොරුවට පන්සල්, පල්ලි , කෝවිල් ගානේ යනවා. මේ කරලා තිබෙන ඒවා ඇහුවහම හිතෙනවා අයි.එස්. සටන්කාමීන් හොඳයි කියලා. (නි)

:       0       0

සුලෝචන Tuesday, 04 August 2015 10:26 AM

මිනීමරුවාට වහාම එල්ලුම් ගස් දඬුවම දෙන්න ඕනෑ. ‍ (නි)

:       0       0

උපුල් Tuesday, 04 August 2015 10:26 AM

පිවිතුරු යහපාල ඉතාම සාධාරණ බුද්ධිමත් අදහසක් දාලා.අනේ මන්දා මේ අය ගැන නම් හරිම දුකයි (නි)

:       0       0

තිලකසිරි Tuesday, 04 August 2015 06:46 AM

අපිට ඉක්මණින්ම ‍බොහෝ දේ දැනගන්න ලැබෙයි (නි)

:       0       0

සඳුන් Tuesday, 04 August 2015 06:50 AM

මල සිරුර එතැන ඇත්දැයි සැකයක් ජනතාවට තියෙනවා. ලේසියෙන් අහුවෙන්න කරලා නෑ. සාධාරණය ඉටු වේවායි ප්‍රර්ථනා කරමු. ඒ වගේම මේ නඩුව විකෘති කරපු සින්දු කාරයත් අත්අඩංගුවට ගන්න (නදී)

:       0       0

පුෂ්ප Tuesday, 04 August 2015 10:35 AM

කවුරු කළත් වැරැද්දට වැරදියි කියන්න ඕනෑ? (නි)

:       0       0

නදීකා Tuesday, 04 August 2015 06:54 AM

පේනවා නේද මිනිස් ජීවිත මැන ඇති තක්සේරුවක තරම! අපරාදේ වටිනා ජීවිතය! (නි)

:       0       0

කවින්ද Tuesday, 04 August 2015 06:54 AM

අනේ දෙවියනේ අපරාදේ මේ ජීවිතය! (නි)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 04 August 2015 06:56 AM

අලුත්ම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මේ මනුස්සයා ඝාතනය කරලා තියෙන්නේ අන්තිම කෲර විදියට. ඉල ඇට කඩලා, දස වද ඔක්කොම දීලා මරලා තියෙන්නේ. ඕවා දේශපාලනය හින්දා පොළොවෙන් මතුවුණත්, යට ගියත්, නීතියෙන් ඇප අරගෙන ගැළවෙන්න පුළුවන් වුණත්, කර්මයෙන් නම් බේරෙන්න බැරිවෙනවා. (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Tuesday, 04 August 2015 11:01 AM

මේ වගේම රතුපස්වල ත්‍රිපුද්ගල ඝාතකයන්ට වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නේ ඇයි (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 06:58 AM

ඇත්තටම අගය කළයුතු වැඩක්.‍තාජුදීන්ට සාධාරණය ඉටුවිය යුතුයි. තමන්ගේ බලය තිබුණ කාලෙ කළ සියලු වැරදි වලට මේ අයට දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ස්ටීවන් Tuesday, 04 August 2015 05:27 PM

ඔයවගේ පුතුන්ට මරණ දඩුවම බැරිනම් චිරාත් කාලයක් සිරගතවීමට ලැබේවා. සිරගෙය තුලදී නිලනොලත් දඬුවම් ලැබේවි. (නි)

:       0       0

වරුණ Tuesday, 04 August 2015 11:02 AM

උපන් ලපයක් ගිය දුර (ම)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 04 August 2015 06:59 AM

අඩු ගානේ ඒ ගැහුණු ළමයා උනත් මේ ගැන කිසි සද්දයක් දැම්මේ නෑ. එයත් දැනන් ඉන්න ඇති මේක ගැන ඇරියොත් වෙන දේ. ඒ මොන උනත් කට වහන් ඉන්න හොඳ අල්ලසකුත් දුන්නයි කියනවනේ. (නදී)

:       0       0

ශාන්ත Tuesday, 04 August 2015 07:01 AM

දෙවියන්ම මේ ගැන බලාගනිත්වා! (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 04 August 2015 07:02 AM

ඡන්දෙට කලින් මේකේ ඇත්ත නැත්ත දැනගන්න තිබුණා නම් හොඳයි (නි)

:       0       0

පින්සර Tuesday, 04 August 2015 07:04 AM

මෙලෙස වැළළුනු අපරාධ තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 04 August 2015 07:05 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සේන Tuesday, 04 August 2015 07:07 AM

මේ තරුණයාට යුක්තිය ඉෂ්ට වියයුතුයි. (නි)

:       0       0

බුද්ධික Tuesday, 04 August 2015 07:06 AM

ඉක්මනින්ම ඇත්ත දැනගන්න ලැබේවා! (නි)

:       0       0

කීර්ති Tuesday, 04 August 2015 07:06 AM

මට නම් මේවා කළවුන් ගැන ඇතිවෙන්නේ පුදුමාකාර තරහක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 04 August 2015 07:08 AM

කව්රු කළත් වැරද්දක් කලානම් දඩුවම් දෙන්න ඕනේ. (නදී)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 04 August 2015 07:08 AM

අපේ රටේ බොහෝ කාලෙකට පස්සේ යහ පාලනයක් ක්‍රියාත්මක වෙනවා කියල අපිට දැනෙනවා. මෙවැනි අපරාධ වලට වගකිව යුතු ඈයෝ තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම ලොකු දෙයක්. අපරාධකරයින්ට ඉක්මනින්ම දඬුවම් ලැබේවා. (නදී)

:       0       0

ටී.එම් කස්තුරිආරච්චි Tuesday, 04 August 2015 07:14 AM

අපේ රටේ ඉඩ් අමීන්ගේ වගේ මොන තරම් දේවල් වහල තියෙනවද ? ඒවා හැම දෙයක්ම එලියට ගත යුතුයි. මේ වගේ දේවල් කවදාවත් නොවන්න නොකරන්න කරපු අයට නිසි දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

සුනිල් Tuesday, 04 August 2015 07:17 AM

සමහරු නම් දැන් හිතාගෙන ඇති අපිට මේවා බොහොම ඉක්මණට අමතක වෙනවා කියලා (නි)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 04 August 2015 07:16 AM

මේ වගේ දේවල් අපි සියල්ලන්ටම දැනගන්න ප්‍රසිද්ධියේ හෙළිකළ යුතුයි (නි)

:       0       0

ලන්සා Tuesday, 04 August 2015 12:05 PM

පිවිතුරු යහපාල, කරුණාකර ඔය කණ්ණාඩිය ගළවන්න මහත්තයෝ. (නි)

:       0       0

සේතන් Tuesday, 04 August 2015 12:08 PM

ඉතා ඉක්මනින් දඬුවම් දෙන්න.සහගහන අපරාධ මේවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 04 August 2015 07:19 AM

මහජන මුදලින් රුපියල් කෝටි 200 ක් වියදම් කරගෙන මිනීකන මෝරු ඇති කලේ ආසාවට කියනවනේ. (නදී)

:       0       0

තිලක් Tuesday, 04 August 2015 07:21 AM

මේ ධර්මද්වීපයේද මේවා සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 04 August 2015 08:22 PM

සන්ධානයේ තව ඕනෑතරම් අපේක්ෂකයෝ ඉන්නවා මනාප දෙන්න සුදුසු. රට වෙනුවන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට නේද මෙහෙම කරලා තිබෙන්නේ? රටට හරිම ආදරේ ඇති කොල්ලෙක් (නි)

:       0       0

දිලිප් Tuesday, 04 August 2015 07:24 AM

තව ටික කාලයක් ඔහොමම ගියා නම් මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අසාද් Tuesday, 04 August 2015 07:25 AM

හරිම කණගාටුදායක පුවතක් මේක. ඇයි මෙහෙම මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරලා දාන්නේ? (නි)

:       0       0

කුමාරසිංහ Tuesday, 04 August 2015 08:48 PM

මෙම අපරාධයට සම්බන්ධ සියලුම දෙනාට දැනට රටේ පවතින අපරාධ නඩුවිධාන සංග්‍රහය හා වෙනත් අණපනත් වලට අනුව තරාතිරරම නොසළකා මිනීමැරීම,මිනීමැරීමට තැත්කිරීම,එයට අනුබල දීම ,උදව්කිරීම,සත්‍යය වසන් කිරීම,සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය,නීතිය ක්‍රියාත්මක නොකිරීම,තම රාජකාරී පැහැර හැරීම,දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කීරීම,නෛතික ශාක්ෂි විනාශ කිරීම,ව්‍යාජ ලේඛණ සැකසීම,බොරු සාක්ෂි දීම,රාජ්‍ය නිළධාරින්ට අල්ලස් දීම,අඩන්තේට්ටම් කිරීම,බිය ගැන්වීම,අධිකරණය නොමඟ යැවීම,අධිකරණයට අපහාස කිරීම යනාදී මෙකි නොකී කරුණු වලට අදාළව නඩු පැවරුවහොත් මුලු අපරාධ රෙජිමයම නීතිය රැහැනට කොටුවනු ඇත. නීතිගරුක පුරවැසියන් ලෙසට ඉමහත් ඕනෑකමින් මේ හැම දෙස අපි බලා සිටින්නෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 721 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1784 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2253 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5686 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1691 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6232 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18132 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site