IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


රේගුවට කෝටි 4ක බදු අහිමි කළ රට බීම වතුර වෙයි

(ඉන්දිකා රාමනායක  සහ දයාසිලී ලියනගේ)

රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව දේශීය වෙළෙදපොළට  නිකුත් කිරීමේ දී  හෝ ප්‍රතිඅපනයනයේ දී  තීරුබදු ගෙන්වීමේ පදනම් මත  මාලදිවයිනේ සිට  මෙරටට ආයනය කර තිබු  විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මත්පැන් ඉවත් කර  ඒ  වෙනුවට  පානීය ජලබෝතල්  පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ හේතුව මත රේගුවට රුපියල් කෝටි 4 ක බදු ආදායමක් අහිමි වී ඇති බවද  රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  ජනරාල්   සුනිල් ජයරත්න මහතා පවසයි.

අඩි 40 මෙම කන්ටේනරට  ඉකුත්  2018 වසරේ  මෙටට ආසනය කර ඇති අතර  2019 වසරේ එය ප්‍රති අපනයන සදහා  අපනයන ක්‍රියා වලිය අවසන් වනතෙක්  සීදුව ප්‍රදේශයේ ගුදමක රැඳවාගෙන සිටි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රේගු බාරයට ගෙන තිබු  මෙම කන්ටේනරය පරික්ෂා කිරීම සදහා පැමිණෙන ලෙසට එය ගෙන් වු පාර්ශවයන්ට රේගුව අවස්ථා කිහිපයක දීම දැනුම් දී තිබුණ ද ඔවුන් රේගුව මගහරිමින් ඔවුන් ඒ සදහා ඉදිරිපත් නොවු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 රේගු  අධ්‍යක්ෂ  ජනරාල්   විශ්‍රාමික මේජර් ජනරාල්    විජිත රවිප්‍රිය  මහතාගේ උපදෙස් මත    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද  සහය ඇතිව  අද  (1) දින   රේගුව හමුවට කැඳවු බවද   සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
 
ඊයේ   සීදුව ගුදමේ දී මෙම බහාලුම පරීක්ෂා කිරීමේ දී  එහි  විදෙස් මත්පැන් බෝතල් තිබී නොමැති අතර  ඒ වෙනුවට  ලීටර් 1 පානීය ජලබෝතල් 15 ක් අඩංගු  පෙට්ටි 1179 ක් තිබු බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.

අපනයනය කර  තීරුබදු ගෙවීමේ පදනම මත ගෙන්වා තිබු මෙම  කන්ටේනරයේ තිබී සියලු විදේශ මත්පැන්  සැකකරුවන් විසින් දේශීය වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට සැකකරන බවද   සුනිල් ජයරත්න මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

 (  ඡායාරූපය - ඉන්දිකා රාමනායක) 



අදහස් (13)

රේගුවට කෝටි 4ක බදු අහිමි කළ රට බීම වතුර වෙයි

Shahiwal Thursday, 01 October 2020 08:35 AM

අල්ලයි වලිගේ... තීරණ ගන්නේ නැතුව තියන් හිටියට හොඳ වැඩේ...

:       0       26

Raveendra Thursday, 01 October 2020 08:47 AM

මෙම පුවතෙහි අඩංගු කරුණු කාරණා සියල්ල එලෙසම සත්‍ය නම් අප ජීවත්වන සමාජය මොනතරම් දූෂිතද යන්න අමුතුවෙන්ම කිවයුතු නැත. අප කොතරම් ජරා මිනිසුන් කොට්ඨාශයක්ද? මෙම හොරකම අල්ලපු රටෙන් හෝ අඟහරු ලෝකයෙන් පැමිණි මිනිසුන් නොකළ බවද කීමට අවශ්‍ය නැත. මුදල් වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කිරීමට අප සමාජය යහමින් පෙළගැසී ඇති බවට මෙයද තවත් එක් උදාහරණයකි. අප අදාළ අංශවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම සත්ගුණවත් ක්‍රියා පටිපාටියට සම්බන්ධ සියලුම උපාසක "මහත්තයලාගේ " වතගොත, ලිපිනයන්ද ඡායාරූපද සමගින් පුවත්පත්වල මහජනතාවට දැන ගැනුමට... එමගින් මෙම තිරිසනුන් ජීවත් වන පරිසරය අවට මිනිසුන්ට ඉතාමත්ම පහසුවෙන් දැන ගැනුමට හැකිවෙනවා.. ලක්ෂේට කොඩිය දමාගෙන මොවුන් ජීවත් වෙන්නේ හොරකම් කළ මුදල්වලින් බවටයි. එය උසාවියකින් ලබාදෙන දඬුවම් වලට වඩා තදබල මානසික දඬුවමකි. කෙටියෙන් කියනවා නම් අඹුදරුවන්ට එළියට බැහැලා යන්නට බැරි තත්වයක් උදාවීමයි. එවන් දඬුවම් මෙම පාපතරයින්ට ලබාදීම හිරගෙවල්වල කොටුකර මහජන මුදලින් නඩත්තු කරනවාට වඩා වැඩි දඬුවම් නොවේද?

:       3       36

ලුම්බිණි Thursday, 01 October 2020 10:42 AM

ඉස්සර කාලෙක බදුල්ලේ, රජයේ ස්කාගාර සංස්ථාවේ ගුදමේදී අරක්කුවලට වතුර කලවම් කරනවා අහුවුණා. මේවා අලුත් දේවල් නොවෙයි...

:       1       14

sl Thursday, 01 October 2020 11:13 AM

කොහෙද යන්නේ මල්ලේ පොල්... මාලදිවයිනට වතුර යවලත් මෙයාලා සල්ලි හම්බ කරනවා. ලංකාවට හොරෙන් අරක්කු ගෙනැල්ලත් සල්ලි හොයනවා. රටට ආදායම් බදු නැතිවෙනවා..

:       0       10

mahesh Thursday, 01 October 2020 11:24 AM

පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ දේවල් අහද්දී සහ දකිද්දී..! කවදාවත් හදන්න බැහැ. කිසිම නීතියක් නැතිනිසා මහදවල් බයනැතුව හොරකම් කරනවා. අනේ මගේ රටට ගිය කල...! වැඩිම වුනොත් ලොකු හොරාගේ රස්සාව නැතිකරාවි තාවකාලිකව... වෙනකිසිම දෙයක් වෙන්නේ නැත. අපේ රට හදන්න නම් සියලුම හොරකම නැතිකර විනයක් සහිත ජනතාවක් සිටිය යුතුයි...

:       0       16

nimalFriday, 02 October 2020 04:23 AM

මහේෂ් මහත්මයා 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා කිව්වා මේවා දකින්නද.?

:       0       1

Ferna Thursday, 01 October 2020 11:56 AM

පුළුවන්.. වගකීමක් නැති නිලධාරින්, වගවීමක් නැති පාලකයන් ඉන්නා මේ රටෙන් යන්න. ලෝකයේ ගොඩක් තව රටවල් තියෙනවා...

:       0       12

G.D. KARUNARATNE Thursday, 01 October 2020 08:29 PM

ලංකාවේ හොරුන්ගේ මහා හොරු ඉන්නේ රේගුවේ බව නැවත වරක් මහ ඉහලින්ම ඔප්පු වී ඇති බවයි රටේ සමස්ථ ආර්ථික ව්‍යූහයම ආරක්ෂා කිරීමට ප්‍රධානම ආයතනයේ උගත් මහා හොරු, තනතුරට ගිහිල්ලා වසර 3, 4 වෙන කොට කෝටිපතියො වෙන්නනේ ඔහොම තමා.

:       0       1

Comasaaris Friday, 02 October 2020 04:08 AM

වහාම සුරාබදු ගැසට් එක රිවස් කරා...

:       0       0

samarapaala Friday, 02 October 2020 04:09 AM

බයියන්ටම ගිය රට.

:       0       2

Nimal Friday, 02 October 2020 04:25 AM

වැටත් නියරත් ගොයම් කනවා නම් අපි කාටද මේ අමාරුව ගැන කියන්නේ.?

:       0       3

mangala Friday, 02 October 2020 05:07 AM

මතකද රේගුව කඩලා කාර් එකක් අරන් ගියා...

:       0       2

kule Friday, 02 October 2020 09:15 AM

වරායෙන් පිට තියෙන ගුදම්වල ආරක්ෂාවට STF නැද්ද? ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ සඳහා හම්බන්තොට වරාය ප්‍රයෝජනයට රැගෙන ඒ භාණ්ඩ වරාය තුළම එක්ලස් කරන්න ක්‍රමවේදයක් ගැන සොයාබලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 234 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 840 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 574 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 234 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 857 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 200 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 584 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site