IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා 8 වැනිදා තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනවිරත්න යන අය ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර ඇත.

පොලිසිය බාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාව රෝහලේදී නිරීක්ෂණය කළ නුගේගොඩ වැඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස ජයවර්ධන මහතා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

එසේම, බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සහකාර රේගු අධ්‍යක්ෂකවරයාව බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුරේෂ් කුමාර් මහතා රෝහල වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු එම සැකකරු රක්ෂිත භාරයට පත් කර ඇත.

අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රත්තරන් කිලෝ කිලෝ ග්‍රෑම් අටක් බරැති සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සතු රත්රන් ලබාදී සාවද්‍ය පරිහරණය කළැයි සැකකරුවන්ට ඒ දෙදෙනා ඊයේ (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (24)

රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා 8 වැනිදා තෙක් රිමාන්ඩ්

Mahinda Wijekoon Saturday, 28 September 2019 01:31 PM

අයි මේ සල්ලිකාර හොරු අල්ලනකොටම අසනීප වෙන්නේ? දුප්පත් අයට එම සේවය ලැබෙන්නේ නැහැනේ...

:       145       11

MaheeSaturday, 28 September 2019 02:30 PM

මොවුන් අසනීප වෙන්නේ මේ සිද්ධියට සැබෑවටම බන්ධනාගාර ගතවිය යුතු අයට රජපුටුවල වැජඹෙන්නට ඉඩ හැරීම පිණිසයි.

:       101       64

Chanak los angelesSaturday, 28 September 2019 05:28 PM

මේ සිස්ටම් රටට හුරුපුරුදු කලේ සාටකයනුයි. ඒකනිසා ඔය සාටකයින්ව දේශපාලන මෙන් අතුගාදමා වැලිකඩට යවන නායකත්ව වැඩ පිළිවෙලකට යමු...

:       13       27

suranSunday, 29 September 2019 05:32 PM

මේවා සහරන්ගේ යාළුවා සතුටු කන්න කරන සිල්ලර වැඩ...

:       20       5

Chathuri Saturday, 28 September 2019 01:56 PM

විනයක් නැති අයව විනාශ කරනකම්, මැක්කන්ට බෙහෙත් කෙරුවට වැඩක් නැහැ.. පිස්සු බලලත් එකෙක් හැපුවම ගණන් ගන්නේ නැහැ. ටිකදෙනෙක් හපනකොට තමයි මූට පිස්සු කියලා දන්නේ.. ඒ. නිසානේ පිස්සු බල්ලන්ව මරන්නේ... මේ සිද්ධියේත් මේ පිස්සු බල්ලන්ට නිදැල්ලේ ඉන්න දීලා මැක්කෝ මැරුවට වැඩක් වෙන්නේ නැහැ. එක පිස්සු බල්ලෙක් නිසා සේරම මැක්කන්ට මැරෙන්න වෙලා තියෙන්නේ...

:       189       6

krishantha Saturday, 28 September 2019 02:59 PM

සුද්දා රට පාලනය කරන කාලෙකවත් මෙහෙම දේවල් වෙලා නැතුව ඇති. දාගැබක් හදන්න ආණ්ඩුවේ රත්තරන් රටේ ජනාධිපති අතින් පූජා කරා කියලා නිලධාරින් දෙන්නෙක් හිරේ...

:       5       608

Chanak los angelesSaturday, 28 September 2019 04:25 PM

මොවුන් දෙදෙනා මේ රත්රන් මෙලෙස මුදා හැරියේ රජයෙන් හෝ අධිකරණයෙන් දුන් අවසරයකින්ද ? මන්ද මේ දෙන්නා එම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු පමණයි මේ රත්රන් අයිති ඔවුන් දෙදෙනාට නොවෙයි . ඔබලා වගේ දුෂිතයන්ට කඩේ යන එවුන් ඉන්න නිසයි රට වැනසිලාම ගියේ ..

:       6       2

chinthakaSunday, 29 September 2019 06:35 PM

නිකමට අහන්නේ, එතකොට ඇමෙරිකාවට රෙදි නැතුව කඩේ යාම හොඳයිද?

:       0       0

Chanak los angelesMonday, 30 September 2019 06:25 AM

ඇමරිකාවට කඩේ ගියොත් නරකක් නම් වෙන්නේ නැහැ.ඒ බව දැනගන්න ඕන නම් අහන්න ඇමරිකාවට බැන බැන ඇමරිකාවේම අධ්‍යාපනය හදාරන්න දරුවන් ඒවා තිබෙන සාටක දේශපාලන තාත්තලාගෙන්........

:       6       0

athuraSunday, 29 September 2019 05:52 AM

ප්‍රශ්නේ තියෙන්නේ ගත්ත ඔක්කොම පූජා කළාද කියන එකයි. ඇත්තටම කෝ අර යුද්දෙ කාලේ ඇල්ලුවයි කියපු රත්තරන්...?

:       16       1

Chanak los angeles Saturday, 28 September 2019 03:34 PM

එදා යුද්ධේ වෙලාවේ යාපන ද්‍රවිඩ වැසියන්ගේ රත්රන් භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගෙන මහබැංකුවේ තැන්පත් කරා ඒ බඩුත් කොටසක් බැංකුවෙන් අතුරුදන් වෙලා විභාගයක් සිදුකලා කෝ රත්රන් වලට මොකද වුනේ ? රන් අම්මණ්ඩි කියලා එදා නමක් පට බැඳුණේ කාටද ඒ ඇයි?

:       0       0

Chanak los angeles Saturday, 28 September 2019 04:13 PM

කොහෙන් හෝ හොරකම් කර හරි සාටකයන්ට දොලපිදේනි පුදලා බලයට පත්කරගත්තට පසු ඔවුන්ටත් හිතේ හැටියට හොරකම් වංචා දුෂණ කර හම්බ කරගන්න අවස්ථාව ලබාගන්නයි මේ වෑයම. මේ වගේ කට්ටියක් ඇමරිකාවෙත් සැදී පැහැදී ඉන්නවා සාටකයන් බලයට ආ පසුව රටේ ලොකු ලොකු තනතුරු භාරගන්න ඒවා කතා කරගෙනත් අහවරයිලු. අපිට කියන්න තිබෙන්නේ ඒවා දවල් හීනම තමයි ඉතින් .

:       6       1

Aris Saturday, 28 September 2019 05:35 PM

මේ විදියට වැරදි හොයන්න ගියොත් වැරදි නොකරපු කෙනෙක් හොයාගන්න බැරිවේවි... රත්‍රන් වෙහෙරේ තැන්පත් කළානම් ඒවා එතන ඇති. ඕනෑ නම් ආපසු ලබාගන්න පුළුවන්නේ.

:       1       1

ප්‍රේමදාස Saturday, 28 September 2019 05:54 PM

මෙහෙම යනකොට රටේ කිසිම සංවර්ධනයක්, නව ඉදිකිරීමක් කරන්න බැරිවේවි, පන්සලක් දාගැබක් හදන්න රටේ නායකයා තීරනය කලොත් නිලධාරීන් ඒවට ප්‍රතිපාදන සපයන්න ඕනා, ගාමිනී දිසානායක මහතාත් ඒ කාලයේ මහවැලි මහ සෑය හැදුවා, සජිත් මහත්තයත් පන්සල්, පල්ලි, දහම්පාසල් ගොඩනැගිලි හදනවා. ඒවට රජයේ මුදල් ,හා සම්පත් යොදවගන්නවා මිසක එයාලා ගෙදරින් අරන් එන සල්ලි නෙමෙයි, යොදවන්නේ..

:       0       3

හොරෙක් නොපතන අපේක්ෂාව Saturday, 28 September 2019 10:09 PM

දෙමාපිය සොහොන රටේ ජනතාවගේ බදු මුදලින් නිමකර ඒ ගැන පරීක්ෂණ එනවිට වෙනකකු මගින් එම මුදල් ගෙවා දැරීම නීත්‍යානුකූල යයි ඔබ සිතන්නේ නම්... හෙට දිනයේ මහබැංකු මංකොල්ලයෙන් සිදුවුණා යයි පවසන මුදල කවරෙකු හෝ පියවා දැම්මොත් කුමක් කියන්නේද? රටේ සිදුවන හොරකම් මංකොල්ලකෑම් සඳහා නීතිය ක්‍රියාත්මක වී සොරකම එළිවන විට එම සොරකම් කළ මුදල් දේපල නැවත ආපසු ගෙනැවිත් දුන්නොත් සුද්ද වන්තයෙක් වන්නේද? එවිට එම හොරාටම නීතිය ක්‍රියාත්මක කිරීමට බාර දෙන්නේද? එක හොරෙක් ඉවත් කිරීමට වෙන හොරෙක් හෝ පරණ හොරෙක් ගෙන එන්නේද ? එසේ කර හොරකම නැතිකර හැකිද? ඔබත් තමන්ට වැසි වෙන්නේ නම් හොරෙක් වූවත් කමක් නැත යයි සිතන හොරෙක්ම නම් මෙයටි විරුද්ධ වනු ඇත... එකෙක් එළවීමට තවකෙක් නොව රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂාවක් ඇත්නම් වැඩ සුදුස්සෙක් පත්කර ගැනීමට ඡන්දය භාවිතා කරමු.

:       1       1

Sumith Saturday, 28 September 2019 11:31 PM

ඉතිහාසගත වෙන කතාවක්..

:       1       0

Ruwan Sunday, 29 September 2019 01:37 AM

හොරකම් කරපු ගමන් ලෙඩවෙනවා... මේ අයට හොර මෙඩිකල් දෙන හොර දොස්තරලාට උසාවියෙන් දඬුවම් නොකරන්නේ ඇයි?

:       1       0

Chathuri Sunday, 29 September 2019 01:41 AM

අපේ රජ්ජුරුවෝ... ජනාධිපතිකම ලැබුණා විතරයි නෙලුම් මලෙන් යන්න ගත්තා. පුදුම විදියට මල්වට්ටි අතේ තියන් වන්දනාමාන කරන්න පෙලඹුනේ.. රත්තරන් පූජාකරලා හරියනවද? මේකෙ පින් ලැබෙන්නේ අයිතිකරුට මිසක්, පූජා කරපු කෙනාට නෙමෙයි. අයියලා, මල්ලිලා තොත්ත බබලා වගේ නොදන්නා විදියට ඉන්නවා. යෝෂිත බේබි, නාමල් බේබි මේ විදියට අත්අඩංගුවට පත්වුණා නම් මෙන්න පළිගන්නවෝ කියලා පිරිවරාගෙන උසාවි යන්නේ..

:       1       0

amila Sunday, 29 September 2019 02:10 AM

එපා එපා මස්කන්නට කිරි අම්මාගේ..

:       0       1

Maheel Sunday, 29 September 2019 02:18 AM

මේක සිංහල බෞද්ධ රට. අපට වෙන රටක් නෑ... අපේ කියන්න. මුස්ලිම් අයට අරාබිය.. දෙමළ අයට ඉන්දියාව. කතෝලික ක්‍රිස්තියානි අයට බටහිර රටවල් තියෙනවා. අපිට අපේ රණවිරුවන් වෙනුවෙන් හදන සෑයට රාජසන්තක රත්තරන් දෙන්න තහනම්...

:       0       2

ධම්ම Sunday, 29 September 2019 02:31 AM

මේ කාලයේ බෞද්ධාගම සම්බන්ධ නඩු වැඩියි.

:       0       2

chinthaka Sunday, 29 September 2019 05:34 AM

මට නොතේරෙන ගැටළු දෙකක් මේ සිද්ධියේ තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා පහදලා දෙන්න 01. රටේ හැම බැංකුවක්ම හොරාකාලා රටම හිඟමනට පත්කරපු උදවිය නිදැල්ලේ සිටිද්දී, රජයේ මුදල් අවභාවිතා කරමින් පාක්ෂිකයන්ට විතරක් සිමෙන්ති, ගොඩනැගිලි ද්‍රව්‍ය දේශපාලනයක් නොමිලේ බෙදා දෙද්දී, මේ වගේ රටේ පොදු වන්දනාමාන කරන ස්ථානයකට රජයේ දේපලක් පූජා කිරීම කොහොමද වරදක් වෙන්නේ? 01. රටේ ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය බුද්ධාගමට හිමිවිය යුතුනම් රජය සතු දේපලක් රටේ ජනාධිපතිවරයා අතින් මේ වගේ උත්තම කාරණාවකට පූජා කිරීම කොහොමද දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නේ? රජයේ දේපල කියන්නේ ජනතාවගේ දේපල, ජනතාවගෙන් තාම බහුතරය බෞද්ධයන්. ඉතින් ජනතාව වෙනුවෙන් යමක් ශාසනයට පූජා කිරීම වරදක් වෙන්නේ කොහොමද?

:       19       9

ChathuriSunday, 29 September 2019 09:50 PM

මේවා කොහොමද පූජා භාණ්ඩ වෙන්නේ? මේවා රේගුවට සම්බන්ධ නඩු භාණ්ඩ, මුළු රටම බෞද්ධ වුණත්. ප්‍රශ්නයක් නැහැ. නීතිවිරෝධී විදියට වැඩ කරන්න කිසිම ලොක්කෙකුට බැහැ. අනිත් එක මෙතන ලොකු වංචාවක් සිදුවෙලා තියෙනවා. දෙවියන්ගේ නම විකුණමින් රත්තරන් මන්චාඩියක් පූජා කරලා ඉතුරු ඒවාට විද්දා, නායකයා කොහොමද මල් වට්ටිය බිම තියන්නේ නැහැ. දෙවියන් රවටන්න ලැබෙන්නේ නැහැ... දෙවියෝ තමයි නඩු දැම්මේ, මේ හොරු මොනවටද කෑදර නැත්තේ? වේලි, වේලි ඉඳලා බලය ලැබුණා විතරයි දුප්පතාගේ දේවල් සේරම හොරා කෑවා. ලැජ්ජාව කියන දේ දන්නෙම නැහැ. අන්ධ වෙලා ඉන්නේ මුදලට...

:       6       27

lalithm Monday, 30 September 2019 08:41 AM

ඔය වැඩේට අණ දුන්න එවුන්ට දඬුවම් නැතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 253 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 5 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 940 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 790 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 890 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1234 6

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 715 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site