IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝගී කතට රෝහලෙන් හොඳටම සලකයි

චීනයේ රෝහලක හෙද නිලධාරියකු රෝගී කාන්තාවකට පහරදී ඇතැයිද එම දර්ශන රෝහල් කැමරාවක සටහන්වී ඇතැයිද ඩේලිමේල් පුවත් සේවය පවසයි.

චීනයේ මධ්‍යම හුනාන් ප්‍රාන්තයේ ලින්ලි රෝහලේ මෙම සිදුවීම වී ඇතැයි ද එම හෙද නිලධාරීයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කර ඇතැයිද කියති.

එම වාර්තාවන්ට අනුව රෝගී කත බීමට ජලය ඉල්ලා කිහිපවරක්ම දොරට තට්ටු කර ඇතැයිද එයට කෝපවූ හෙද නිලධාරියා ඇයට පහරදී ඇතැයිද කියති. හෙද නිලධාරියා ඇය රෝහලේ බිත්තියකට හේත්තු කර පහර දී ඇති අතර පා පහරද එල්ල කරමින් ඇය බිමට තල්ලි කර ඇති ආකාරය රෝහල් කැමරාවක සටහන්වී තිබේ.

රෝහල් කොරිඩෝවේ සිටින අනෙක් පිරිස් ඇයට පහරදෙන ආකාරය බලාසිටින දසුන්ද එහි සටහන්ව ඇත.

හෙද නිලධාරියා රෝගී කතට සාහසික ලෙස අතුල් පහර එල්ල කරන අයුරුද එහි දැක්වේ. රෝගී කත ඉදිරියට පැමිණ ඔහුට කථා කිරීමට උත්සාහ කළද ඔහු දිගින් දිගටම පහරදී ඇත.

චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම කාන්තාව කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පසුවන්නියක් බවද පසුගිය දිනවල රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදී ඇති බවද කියති. එම සිදුවීමෙන් පසු රෝගී කතට ප්‍රතිකාර ලබාදී ඇති අතර තවමත් ඇය ආබාධිත තත්ත්වයේ පසුවන බවද වාර්තා වේ.

340BCC9000000578-3585065-image-a-46_1462979593523 340BCCA800000578-3585065-image-m-55_1462979825557 340BCCAC00000578-3585065-image-m-59_1462979966018 340BCCC800000578-3585065-image-m-56_1462979872861



අදහස් (0)

රෝගී කතට රෝහලෙන් හොඳටම සලකයි

දර්ශනී Friday, 13 May 2016 06:39 AM

මානසික ප්‍රශ්න ඇති හෙදියො අපේ රටේත් රජයේ සහ අර්ධ රාජ්‍යය රෝහල් වල සේවය කරනවා. හොයලා බලන්න මම කියන්නේ බොරුද කියලා. මෙහෙම අය කොයි වෙලෙත් ඉන්නේ කේන්තියෙන්. කතාව සැරයි. අකරුණාවන්තයි. සාත්තු සේවය ගැළපෙන්නෙ නැහැ එයාලට (නි)

:       0       0

රමේෂ් Friday, 13 May 2016 06:42 AM

හෙදියක් විවාහ කරගන්නවා නම් හොද ඉවසිමක් තිබිය යුතුයි. කෑම බිම උයන්න හැකි විය යුතුයි. දරුවන් බලා ගන්න, හැකි විය විය යුතුයි. මොකද හෙදිය කොයි වෙලෙත් ගෙදර නැහැ. රෑටත් නැහැ. යන එන යවලාව හොයන්නත් බැහැ. (හේ)

:       0       0

තිවංක Friday, 13 May 2016 06:44 AM

සමහර හෙදියන්ට ඉවසිම බොහොම අඩුයි. පවුල් ප්‍රශ්න වැඩියි. ඒ නිසා ඒ අයව ඉල්ලක්ක කර සාමකාමිව සිටින ආකාරය ගැන ආගමික වැඩසටහන් කරනවා නම් ලොකු පිනක්. (හේ)

:       0       0

යමුනා Friday, 13 May 2016 06:45 AM

හෙද සේවයට යන අය මොන තරම් කරුණාවන්ත වෙන්න ඕනෙද? අවාසනාවට ඉන්න තරම් නපුරුම කට්ටය තමයි මේවට යන්නේ. (හේ)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 13 May 2016 07:11 AM

අපේ රටේ පෞද්ගලික රෝහල් වල සිටින හෙදියන්ගේ පාරිභෝහික සේවය ඉතා ඉහළ2යි. මේක ලංකාවද කියලා හිතෙන තරම් උසස් සේවාවක් ඒ රෝහල් වල ලබා දෙනවා. මුදල් නිසාම නොවුණත් ඔවුන්ට හොඳ පුහුණුවක් හා විනයක් ලබා දී තිබෙනවා. රජයේ රෝහල් වල ඔය දෙකම නැහැ. (නි)

:       0       0

දාබරේ Friday, 13 May 2016 01:58 AM

මෙහෙම අය ලංකාවෙ රෝහල් වලත් ඉන්නවා. එක්තරා තරුණ හෙදියක් මාගෙ යාළුවෙකුට පහත් ආකාරයෙන් සළකා ඔහු පැමිණිලි කළ නිසා ඇය වෙනත් වාට්ටුවකට මාරුකළා. ඇය නිදහසට පවසා ඇත්තේ ඇයට මෙවන් පුද්ගලයෙතු බව කලින් දැන්වුවා නම් මෙහෙම නොසළකන බවයි. ඕකයි අද තත්වය. දහසක් හොඳ අය අතරේ මෙහෙම අය සිටියාම අනෙක් අයගෙත් නම කැත වෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 May 2016 04:30 AM

මොනවා වුණත් එහේ හොඳයි. අපි ඉතින් වතුර ඉල්ලුවම දුන්නේ වෙඩිනේ (නි)

:       0       0

ආලෝක Friday, 13 May 2016 06:30 AM

සමහර හෙදියො එයාලගේ මානසික ප්‍රශ්න අහිංසක රෝගින් පිටින් යවනවා. කැප් එක දෙන්න කලින් හෙදියන්ගෙ මානසික තත්වය බලලා දෙන්න කියලා මම යෝජනා කරනවා. නැත්නම් හෙද වෘත්තියේ ගෞරවය නැති වෙනවා. (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Saturday, 14 May 2016 07:12 AM

අප මිනිස්සුන්ට චීනය ලොකු වුනාට චීනය කියන්නේ එච්චර හොඳ රටක් නෙමෙයි. (ර)

:       0       0

දේශානි Friday, 13 May 2016 06:33 AM

ලංකාවේ බහුතර හෙදියන් සම්බන්ධව අපට තියෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්. අද කියලා වෙනසක් නැහැ. මේ අයට මාස 6 වත් පුහුණුවක් දෙන්න රෝගීයට කාරුණික ලෙස කතා කරන්න. සළකන්න පුරුදු කරන. පොතේ දැනුම විතරක් දීලා මදි. හොඳ අය ඉන්නවා. අතේ ඇඟිලි ගානටත් අඩුයි. (නි)

:       0       0

අසුන්තා Friday, 13 May 2016 06:33 AM

හෙදියො අතිකාල වැඩ කර කර සල්ලි හොයනවා. හෙදිය්නගෙ පවුල් ජිවිත දරුවන්ගෙ ජීවිත අවුල් ගොඩවල්. මම දන්නා තරුණ හෙදියක් ඉන්නවා අතිකාල කරලා ගෙදර එන්නෙ නැතුව රෝහලේම ඉන්න. හේතුව එයාගෙ පුංචි දුව කරදර කරනවා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 748 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 558 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 795 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 595 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 321 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site