IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රඟපාන්න මට හැකියාවක් තියෙනවා - රිහාෂා මධුෂානි

2016-07-14-ent-51

ගීත රූප රචනා රැසකින් ඔබ මේ දිනවල දකින රිහාෂා මධුෂානි සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. නිරූපිකාවකට අමතරව දක්ෂ නර්තන ශිල්පිනියකද වන රිහාෂා ඉදිරියේදී රංගනයට පිවිසීමේ අදහසින්ද සිටින්නීය. සාරවිට සමග ඇය මෙසේ දොඬමලු වූවා..

 

රිහාෂාට නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?

2016-07-14-ent-55නිරූපණය පැත්තට යොමුවෙන්න පුංචි කාලේ ඉඳලා පොඩි කැමැත්තක් තිබුණා. නමුත්, ගොඩක්ම ආසාව තිබුණේ නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න. ඒත්, නිරූපණට සම්බන්ධ වෙන්න මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා.

 

අහම්බෙන් අවස්ථාවක් ලැබුණා කිවුවේ?

මීට අවුරුදු 4කට විතර පෙරදී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ කොළඹ BMICH එකේ තිබුණ %මනාලි^ කියලා %බ්‍රයිඩ්ල් ෂෝ^ එකකට සහභාගීවීමෙන් පසුව. එම තරගයට තරගකාරියන් 250ක් විතර සහභාගි වුණා. ඔය පිරිස අතරින් මුල් තැනට පත් වුණේ මම. ඒ හරහා තමයි නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

 

එතකොට පුංචි කාලේ නර්තන ශිල්පිනියක් වෙන්න තිබුණ හීනය?

නිරූපණයට සම්බන්ධ වෙන්න පෙර මම නර්තනය පිළිබඳව හදාරන්න නර්තන පන්තිවලටත් සහභාගී වුණා. නමුත්, නිරුපණය පැත්තට යොමු වෙලා කාර්යබහුල වුණහම නර්තන ශිල්පිනියක් වෙන්න තිබුණ ආසාව ටිකෙන් ටික මගෙන් ඈත්වෙලා ගියා.

 

නිරූපිකාවක් විදිහට රිහාෂාව අපිට වැඩිපුරම දකින්න පුළුවන්?

මියුසික් වීඩයෝ හරහා. දැනට මියුසික් වීඩියෝ 5කට වැඩි ප්‍රමාණයකට මම දායකවී තියෙනවා. මේ දිනවල ජනප්‍රිය වෙලා තියෙන ෂෙහාර කසුන්ගේ "ඔබ සිහිවෙන විරාමයේ" ගීතයේ මම පෙනී ඉන්නවා. ඊට අමතරව මා දායක වුණ තවත් මියුසික් වීඩියෝ දෙකක් ලබන මාසයේදී එළිදක්වන්න නියමිතයි.

 

රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

තියෙනවා. ඒ වගේම රඟපාන්න මට හැකියාවකුත් තියෙනවා.

 

අපේ රටේ මේ වෙන කොට නිරූපිකාවකට තියෙන තැන කොහොමද?

මම හිතන්නේ අපේ රටේ නිරූපිකාවකට දැන් දක්ෂකමට හෝ හැකියාවට නෙමෙයි තැන තියෙන්නේ පෙනුමටයි, බලයටයි, ප්‍රසිද්ධියටයි විතරයි. නවකයෙක් විදිහට අද මේ ක්ෂේත්‍රයට එකතු වෙලා දක්ෂතා පෙන්නුවට මම හිතන්නේ නැහැ තැනක් හදාගන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත්, මේ සියලු බාධක අභිභවා ඉදිරියට ඇවිල්ලා නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ නමක් හදාගත්තොත් පස්සේ ඉතින් මේ ක්ෂේත්‍රය තුළ ප්‍රශ්නයක් නැහැ.

 

නිරූපිකාවක් විදිහට රිහාෂාට ඉලක්ක තියෙනවාද?

ඇත්තටම මම කැමතියි හොඳ වැඩවලට විතරක් දායක වෙන්න. මිනිස්සුන්ගේ හිත්වල රැඳෙන විදිහට වැඩ කරන්න. නැත්නම් අපි මොනවා කළත් කාටත් වැඩක් නැහැ. අසාර්ථක වැඩ කරලා හැමදාම එකම තැන රැඳිලා ඉන්න මම කැමති නැහැ. ඉතින් මගේ එකම බලාපොරොත්තුව හා ඉලක්කය වෙලා තියෙන්නේ ඉදිරියේදී හොඳ වැඩවලට දායක වෙලා මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න.

 

ඔබට උදවු කළ අය?

මට මේ ක්ෂේත්‍රයට එන්න මුලින්ම අතදුන්නේ මගේ යාළුවෙක්. එයා මට ක්ෂේත්‍රය තුළදිත් ගොඩක් උදවු කළා. දැන්නම් මට ගොඩක්ම උදවු කරන්නේ මගේ පෙම්වතා. එයත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක්.

 

2016-07-14-ent-52
2016-07-14-ent-53
2016-07-14-ent-54



අදහස් (0)

රඟපාන්න මට හැකියාවක් තියෙනවා - රිහාෂා මධුෂානි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 735 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1576 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2321 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5965 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4084 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site