IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රඟපාන්න මම කැමති නැහැ

2016-04-12-ent-126

නර්තන ශිල්පිණියක් විදිහට කලා කලා ක්ෂේත්‍රයට එක් වූ දිල්රුක්ෂිකා ප්‍රනාන්දු මේ වනවිට නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්‍රයටද අවතිර්ණ වී සිටියි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා සඳහා පෙනී සිටින නිරූපිකාවක ලෙසද කටයුතු කරන ඇය සිය අලුත්ම තොරතුරු මෙසේ "සාරවිට" අපිට පැවසුවෙමු.

 

2016-04-12-ent-127දිල්රුක්ෂි දැන් ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් වෙලා නේද?

ඔව්. මේ දිනවල විකාශය වෙන රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකම මා පෙනී සිටිනවා. ඒ අතරින් බොහෝදෙනෙකු අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ "සිග්නල්" දත් බෙහෙත් වෙළෙඳ දැන්වීමයි.

 

දැනට වෙළෙඳ දැන්වීම් කොපමණ ප්‍රමාණයක ඔබ රඟපාලා තියෙනවාද?

වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණේ නම් මෑතකදී. දැනට "සිග්නල්" දත් බෙහෙත් වෙළෙඳ දැන්වීමත් එක්ක කිහිපයක් කරලා තියෙනවා. ඉදිරියට එන්නත් තව දෙක තුනක් තියෙනවා.

 

ගීත රූප රචනා?

ගොඩක් නැහැ. සිරස "ඩාන්සින් ස්ටාර්"තරගය හරහා ආපු නිසා මට ආරාධනාවක් ලැබුණා. සිරස සුපර් ස්ටාර් දසුන් මධුසංකගේ ගීතයකට පෙනී ඉන්න. ඒක තමයි මම මුලින්ම රඟපෑ ගීත රූප රචනාව.

 

පුංචි කාලේ තිබුණ හීනය?

නර්තන ශිල්පිණියක් හා නර්තන ගුරුවරියක් වෙන්න.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා කොපමණ කල් වෙනවාද?

අවුරුදු 2කට ආසන්න වෙනවා. මේ කාලය තුළ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙලා ඉන්නවා. මුලින්ම ක්ෂේත්‍රයට එකතු වුණේ "බ්‍රයිඩ්ල්" ෂෝ වලට. දැන්නම් හැම නිරූපණ ප්‍රසංගයකටම වාගේ සහභාගී වෙනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න.

 

ක්ෂේත්‍රයට ආවේ?

සිරස "ඩාන්සින් ස්ටාර්" දෙවැනි අදියරයට මම සම්බන්ධ වුණා. අන්තිම 12 දෙනා අතරට ආවා. මම නර්තනයට ගොඩක් දක්ෂ කෙනෙක්. සිරස "ඩාන්සින් ස්ටාර්" තරගාවලිය හරහා ගොඩදෙනෙක් අඳුන ගන්න ලැබුණා. ඒ අඳුනාගැනීම මත නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

නර්තන ශිල්පිණියක් විදිහට දිගටම වැඩ කරන්න කැමති නැද්ද?

නිරූපිකාවක් වුණහම ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්න ලැබෙන්නේ. ඉතින් නිරූපණ වැඩයි, ඩාන්සින් වැඩයි දෙකක් කරන්න බැහැ. දෙකෙන් එක ක්ෂේත්‍රයක් තමයි තෝරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම නිරූපණය පැත්ත තෝරගත්තා.

 

රඟපාන්න ආරාධනා ලැබුණෙ නැද්ද?

ගොඩක් ලැබුණා. ඒත් මම රඟපාන්න කැමති නැහැ. මොකද ඒක කාර්යබහුල ක්ෂේත්‍රයක්. අනික මම කැමතියි නිදහස් ජීවිතයක් ගතකරන්න. ඒ නිසා මම රංගනය පැත්ට ඉදිරියටත් යොමු වෙන්න අදහසක් නැහැ.

 

ඔබ විවාහකයි?

ඔව්.

 

ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේදී ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔහු වගේ කෙනෙක් මගේ ජීවිතයට සම්බන්ධවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම වැඩ කරන ක්ෂේත්‍රය කාර්ය බහුලයි. ඉතින් ඔහු මාව තේරුම්ගෙන මගේ වැඩවලට උදවු කරනවා. ඊට අමතරව මගේ අම්මා, තාත්තා මේ හැමදෙනාමත් මට ගොඩක් උදවු කරනවා.

 

කතාබහ - බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-04-12-ent-125
2016-04-12-ent-124
2016-04-12-ent-123
2016-04-12-ent-121
2016-04-12-ent-122

 



අදහස් (0)

රඟපාන්න මම කැමති නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 310 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 457 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 532 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 311 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 174 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site