IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජකීය - ඉසිපතන රග්බි තරගය විසඳුමකින් තොරයිලූ

වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දැඩි ආන්දෝලාත්මක තත්ත්වයකට පත්වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වූ තරගයක් ලෙස සළකා දෙපිලට සම ලකුණු පිරිනැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ විනය කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තරගයේදී සිදුවූයේ යැයි කියන සිද්ධි කීපයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පාසල් රග්බි සංගමයේ තීරණය අද (03 වැනිදා) ප‍්‍රසිද්ධ කිරීමට නියමිතය.

මෙම තරගයේදී විනය විරෝධි ලෙස හැසිරුණේ යැයි කියන ඉසිපතන විදුහලේ ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කමිස අංක සඳහන් කරමින් ඔවුන් පිළිබඳව පියවර ගන්නා ලෙස ඉසිපතන විදුහල්පතිවරයාට දැනුම්දීමටද ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ.

රාජකීය විදුහල් ක‍්‍රීඩකයන් දිගින් දිගටම පහර කෑමට ලක්වීම නිසා තම කණ්ඩායම තරගයෙන් ඉවත් කරගත් බව කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විසින් පිළිගනු ලැබ ඇතත් එවැනි සිද්ධියක් නැවත නොවීමට වගබලා ගන්නා ලෙසද එම විදුහලට අවවාද කිරීමට ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර ඇත.

මෙම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතාට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය මීට පෙර පියවර ගත්තේය.  

මේ අනුව විදුහල් දෙකකට ප‍්‍රසාද ලකුණු 2.5 බැගින් හිමිවේ.

මෙහිදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහලේ ඇතැම් ක‍්‍රීඩකයන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයන්ට පහර දුන්නේ යැයි කියන චෝදනාව සහ තරගයේ ප‍්‍රධාන විනිසුරු සිය වගකීම නිසි ලෙස ඉටුකළේ ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විණි.

විවාදයට තුඩුදුන් මෙම තරගය මේ මස 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර ලකුණු 20.20 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත් විය.
එහෙත් පසුව පිටියට පිවිසි ඉසිපතන පිල උත්සාහක දිනුමක් ලබා එය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමෙන් පසුව තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27.20 ක ජයක් හිමිවූ බව තරගය අවසානයේදී ප‍්‍රකාශ කෙරිණ.
‘මිල්රෝයි ප‍්‍රනාන්දු’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගයේ ශූරතා කුසලානද ඉසිපතන විදුහලට පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු කළහ.  

 



අදහස් (0)

රාජකීය - ඉසිපතන රග්බි තරගය විසඳුමකින් තොරයිලූ

කෙවින් Monday, 03 June 2013 01:08 PM

මේ යන විදියට නම් රාජකීය පිල දිගටම පිටියෙන් ඉවත් වෙන්න සිදුවෙන පාටක් අප සැමට පෙනේ.(නදී)

:       0       0

මහීමා Tuesday, 04 June 2013 09:04 PM

ඉසිපතනේ නම අහද්දි ගොඩක් කටිටිය වෙව්ලනවා.(නදී)

:       0       0

රණසිංහ Monday, 03 June 2013 01:15 PM

අපි ඔක්කොම ටීවී එකෙන් දැක්කා. ඒවට මොනාද වෙන්නේ ?මේවා තමා නියම විහිළු...නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ තමා ඔක්කොම ... (නි)

:       0       0

වරුණ Monday, 03 June 2013 01:20 PM

මමත් ඉස්සර ලංකාවේ රග්බි ක්‍රිඩා කළා. ඉසිපතන නම ඇහෙනකොටත් අපි වෙව්ලනවා. මොකද අතින් පයින්නේ ගහන්නේ (නි)

:       0       0

තුසිත රනබාහු, Monday, 03 June 2013 06:58 AM

රාජකීය ක්‍රිඩකයන් පිටියෙන් ඉවත්වීම රග්බි නීතිය අනුව අනෙක් පාර්ශවයට ජයග්‍රහනය දිය යුතු වරදකි. (නි)

:       0       0

මංජුල Monday, 03 June 2013 09:09 AM

රාජකීයන් නිසා (දී)

:       0       0

උඩුවන Monday, 03 June 2013 02:11 PM

පාසල් තරඟ බලන එකත් මම නැවැත්තුවා (දී)

:       0       0

මංජුල Monday, 03 June 2013 09:10 AM

ඒක නම් හොදයි. (දී)

:       0       0

විමල් Monday, 03 June 2013 09:11 AM

අයියෝ සල්ලි

:       0       0

සෙලනිකස් Monday, 03 June 2013 09:44 AM

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා පිටියෙන් ඉවත් වීමේ සාධාරණ අයිතිය ඇත. තරඟයේ අවස්ථා සහිත යූ ටියුබ් වීඩියෝව නැරඹුවොත් ඔබටම පෙනේවි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 June 2013 11:07 AM

මම නං මේ තීරණයට එකහෙලාම විරුද්දි. රුග්බ්ය් හිස්ටෝර්ය් එකටම කොලේ පලවෙනි වතවටි මේ වගේ කැකිල්ලේ තීන්දුවක් දුන්නේ. උටුබේ විදෙඕ එක බලන රුග්බ්ය් දන්නා

:       0       0

ශාන්ත Monday, 03 June 2013 03:28 PM

මම කියන්නේ පාසල් තරඟ අවශ්‍ය නැහැ කියලා (දී)

:       0       0

සාමා Monday, 03 June 2013 10:14 AM

මේක හොඳ ආදර්ශයක් අනෙකුත් පාසල් වලට. විනයක් නැති පාසල් වලට දෙන්න ඕනෑ දඩුවම තමයි රාජකීය පිල දීලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 6 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 56 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 109 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 87 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 276 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 323 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site