IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රාජකීය උෂ්ණය ඔළුවට ගහලා

අධ්‍යාපන අමාත්‍යංශය මගින් මීට මාස හයකට පෙර ස්ථාන මාරු කළත් ඒ අනුව නව ස්ථානවල වැඩ බාර නොගත් කොළඹ රාජකීය විද්‍යාලයයේ  විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් හතර දෙනකුගේ  වැටුප් අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කොළඹ කලාප අධ්‍යක්ෂවරයාට දන්වා යවා ඇතැයි අමාත්‍යංශය කියයි.

පාසලේ ගුරුවරයකු ලෙස කටයුතු කළ සේවා කාළයද ඇතුළුව වසර හයකට වැඩි කාලයක් එකම පාසලේ කටයුතු කළ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනකු ස්ථාන මාරු කළ බවත්, ඉන් නව දෙනකු මාරුවී ගොස් නොතිබූ බැවින් පසුගිය මාර්තු 10 වැනි දා නැවත සිහි කැඳවීමක් කළ බවත් අමාත්‍යංශය සඳහන් කරයි.

එම සිහි කැඳවීම අනුවද නොගිය නිලධාරීන්ගේ වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන් බව ද අමාත්‍යාංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අමාත්‍යංශය වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන්න ද කොළඹ කලාප කාර්යාලයය එම නියෝගය ක්‍රියාත්මක කර නැතැයි ද, තවමත් පස් දෙනෙකු එම විදුහලේම කටයුතු කරන බව ද , මෙය ස්ථාන මාරු ලැබූ අනිත් නිලධාරීන්ට සිදු කරන අසාධාරණයක් බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන කළ විමසීමක දී කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා කීවේ අමාත්‍යංශය වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන්නද එය ක්‍රියාත්මක නොකළේ එම නිලධාරීන් ස්ථාන මාරුවී යන බව ඔවුන් දැනුම් දී තිබුණු නිසා බවයි.

ඔවුන් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන බැවින් ස්ථාන මාරුවී යෑමට කාලය ඉල්ලූ බවත් ලබන සතිය වන විට ඔවුන් යනු ඇති බවත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.



අදහස් (0)

රාජකීය උෂ්ණය ඔළුවට ගහලා

උපාලි Monday, 13 June 2016 09:54 AM

අමාත්‍යංශය නම් කියයි. ඒ වුනාට වැටුප් නැවත්තුවත් අපි කොහොමද යන්නේ දෙවියනේ මේ සුරපුර දාල. (බ)

:       0       0

ශාන් සෞදි Monday, 13 June 2016 11:20 AM

මේ අය උසස්පෙළ උගන්වන අය නම් අගෝස්තු දක්වා සේවය කිරීමට ඉඩ දෙන්න නැතිනම් ළමුන් අපහසුතාවට ලක් වේවි (බ)

:       0       0

ලිබෝ Tuesday, 14 June 2016 02:54 AM

උසස්පෙළ උගන්නන ගුරුවරු මාරු කරනවද අන්තිම මොහොතේ? මේ රටේ නිලධාරීන් බාගෙට බාගයකගේ වැඩ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

කුමාර රාජකරුණා Tuesday, 14 June 2016 05:55 AM

ඔය ස්ථාන මාරු පුරප්පාඩු වලට පත්කරලා එවපු අයට එතන වැඩ බාර නොදීපු අවස්ථා තිබුනා. ඒ ගැන ඔය නිලධාරි මහත්වරුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුණා. අමාත්‍යාංශයෙයි, පළාත් අධ්‍යක්ෂකවරුන්ගෙයි උනන්දුවක් නැතිකම තමා ඕවට මුල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 263 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 513 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 399 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 595 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1775 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 170 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site