IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රාජකීය වන අරණ 'උඩවත්ත කැලේ'

2016-09-08-ent-100

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විශිෂ්ටතම ලෝක උරුමයක් ලෙස පිළිගැනෙන කන්ද උඩරට සෙංකඩගල රාජධානිය මෙරට පිහිටි අතිශය රමණීය ස්ථානවලින් ප්‍රමුඛත්වයක් ගන්නා මනරම් ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැකිය. බොදු දනන්ගේ මුදුන් මල්කඩ ලෙස හැඳින්වෙන බුදුරදුන්ගේ දත්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළඳා මාලිගාව මහනුවර නගර මධ්‍ය‘යේ පිහිටා තිබීම එයට හේතුවයි. මෙහි සංචාරය කරන ඔබට දන්ත ධාතූන් වැඳ පුදා සිත්සතන් තව තවත් පහදවා ගැනීමට යා හැකි ස්ථානයක පිළිබඳ මං සලකුණු ගෙනඑන්නයි මෙවර අපගේ සූදානම.

මහනුවර නගරයේ ශ්‍රී දළඳා මාලිගාවට උතුරු දෙසින් උතුරු අක්ෂාංශ 7.12 සහ 8-19 අතරත්, නැගෙනහිර දේශාංෂ 80-38 හා 80-39 අතරත් පිහිටා තිබෙන "රාජකීය වන අරණ" නමින් හැඳින්වෙන "උඩවත්ත කැලේ" මහනුවර ප්‍ර‘දේශයේ සංචාරය කරන බොහෝ දෙනෙකු නොදන්නා ඉසව්වකි.

 

ගමන් මාර්ගය

2016-09-08-ent-103දළඳා මාලිගාවට ඉදිරිපසින් මහනුවර නගර සභාව දක්වා දිවෙන සංඝමිත්තා මාවත දිගේ ගමන් කිරීමෙන් මේ සුන්දර වන පියසට ඇතුළු විය හැක.

 

අතීතියෙන් බිඳක්

අක්කර 275ක් පමණ විශාලත්වයෙන් යුතු මෙම වන පියස අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු විවේක සුවයෙන් සිටි ස්ථානක් ලෙස ප්‍රචලිත වී තිබේ. එමෙන්ම එකල මාලිගාවේ සිටි අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීම සඳහා මෙම වන අරණ යොදාගත් බව පුරාවෘර්තවල සඳහන් වෙයි.

එසේම ගම්පොල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ %උඩ වාසල^ නමින් මාලිගාවක් තනාගෙන එහි වාසය කළ බවටද මතයක් තිබෙන බව අවට පැරණි ගම්වාසීහු පවසති. එසේ අතීත කතා වස්තු සැඟවී තිබෙන මෙම වනය 1940 වර්ෂයේ කොස් හා මහෝගනී ගස් සිටුවා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.

 

සුවිශේෂිත්වය

ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් ස්වභාවික වනාන්තරයක තිබෙන ජෛව විවිධත්වය සහ සුන්දර වන අරණක තිබෙන සිසිලස එලෙසිම්ම විඳගත හැකිය. එමෙන්ම වසර දහස් ගණනක් පැරණි තුරු ලතාවලින් සමන්විත මෙම වන අරණ මනාව හඳුනාගත හැකි තුරු වියන, උප වියන හා බිම් ස්තරය යන වියන් තුනකින් යුක්ත වෙයි. මෙම වන අරණට පිවිස වැඩිදුරක් යන්නට මත්තෙන් හමුවන "රජ පොකුණ" අතීතයේ සෙංකඩගල පුරවරයේ රජකළ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ දිය කෙළින ජල තටාකය ලෙස හැඳින්වේ. එම රජ පොකුණේ සිට මාලිගාව දක්වා උමං මාර්ගයක්ද තිබෙන බව අතීත වාර්තාවල සඳහන් වී තිබේ. මෙහි උසම ස්ථානය ලෙස සැලකෙන්නේ කොඩිමලේ නම් ස්ථානයි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උසින් පිහිටි මෙම ස්ථානයට මුළු මහනුවර නගරයම දිස්වේ.

කොඩිමලේ නම් ස්ථානයට නුදුරින් පිහිටා තිබෙන වයස අවුරුදු 200-300 පමණ වියපත් යෝධ පුස්වැල උඩවත්ත කැලයට පිවිසෙන ඔබ විසින් දැක බලාගත යුතුම ශාකයකි. ඊට අමතරව වනය මැදින් ගමන් කිරීමේදී නා වනයත්, විහාරයත්, සේනානායක ආරණයත් සහ වනය සම්බන්ධ කෞතුකාගාරයත් ඔබට හමුවේ.

එසේම උඩවත්ත වන අරණට ආවේණික සමනල විශේෂ, සිව්පාවන්, පක්ෂීන්, උරගයන්, උභය ජීවින්, මත්සයන්, ඉබ්බන්, කබරගොයන්, දිය බල්ලන්, ගෙබි විශේෂ මෙන්ම විශේෂ මකුළුවන් මෙහිදී දැකබලා ගැනීමට අවකාශය ලැබේ.

 

විනෝදාස්වාදය

සොබාදහමේ සුන්දරත්වය විඳීමට ඇලුම් කරන සංචාරකයන් හට තුරු වියන් යටින් ඇවිද යාමට අවකාශය මෙහිදී හිමිවේ. අවශ්‍ය නම් පාපැදියකින් ගමන් කිරීමට හැකි ධාවන පථයක්ද මෙහි නිර්මාණය කොට තිබේ. එමෙන්ම වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට නිදහසේ ඡායාරූප ගැනීමට කදිම තෝතැන්නක් ලෙසද මෙය හැඳින්විය හැක. වනසතුන්, ශාක නිරීක්ෂණය කොට දැනුම ලබාගැනීමට පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්ට මෙරට පිහිටා තිබෙන හොඳම ස්වභාවික වන අරණක් ලෙසද මෙය සැලකෙයි.

 

සැලකිලිමත් බව

මෙම වන අරණ තුළ පිහිටි විහාර තුළ දෙස-විදෙස් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා තවුස්දම් පුරණ හෙයින් අධික ශබ්දයෙන් කෑ නොගසා සංවරව හැසිරිය යුතුය. පරිසර දූෂණයෙන් තොරව මෙහි අසිරිය විඳගැනීමට වගබලා ගත යුතුය.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/තිසර ගංගාදර

2016-09-08-ent-112
2016-09-08-ent-111
2016-09-08-ent-110
2016-09-08-ent-109
2016-09-08-ent-108
2016-09-08-ent-107
2016-09-08-ent-106
2016-09-08-ent-105
2016-09-08-ent-104
2016-09-08-ent-102
2016-09-08-ent-101
2016-09-08-ent-99
2016-09-08-ent-98
2016-09-08-ent-97
2016-09-08-ent-96
2016-09-08-ent-95
2016-09-08-ent-94
2016-09-08-ent-93
2016-09-08-ent-92
2016-09-08-ent-91
2016-09-08-ent-90
2016-09-08-ent-89
2016-09-08-ent-88



අදහස් (0)

රාජකීය වන අරණ 'උඩවත්ත කැලේ'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 86 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 505 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 474 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1351 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7237 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 124 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site