IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රජකීය - සා. තෝමස් අනුග‍්‍රහ අවසරය එටිසලාට් සමාගමට

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන 134 වැනි වාර්ෂික මහා ක‍්‍රිකට් සංග‍්‍රාමයට අනුග‍්‍රහය දැක්වීමේ අවසරය එටිසලාට් ශී‍්‍ර ලංකා සමාගම විසින් දිනාගනු ලැබ ඇත. ලෝකයේ දෙවැනි පැරණිතම කි‍්‍රකට් තරගය ලෙසින් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් මහ කි‍්‍රකට් තරගය මේ වසරේ මාර්තු මස 7, 8 සහ 9 යන දින වල කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතය.

‘නිල් මහ සටන’ යනුවෙන් හැදින්වෙන මෙම කි‍්‍රකට් තරගය ඞී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙයි.

මෙම කි‍්‍රකට් තරගයෙන් අනතුරුව මාර්තු මස 16 වැනිදා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදීම රාජකීය සහ ශාන්ත තෝමස් විදුහල් අතර ‘මස්ටැන්ග්ස් කුසලානය’ වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරගයක්ද පැවැත්වීමට නියමිතය. එය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 38 වැනි වරටයි.

2012 වසරේ පැවති මෙම නිල් මහා සටන ජය ගැනීමට විදුහල් දෙකම අසමත්වූ අතර එය ජය පරාජයෙන් තොරව අවසන් විය. එවර ‘මස්ටැන්ග්ස් කුසලානය’ වෙනුවෙන් පැවැති එක්දින තරගයෙන්ද දෙපිලම සම ජයග‍්‍රාහකයෝ බවට පත්වූහ.

2010 වසරේ සිට මේ දක්වා සිව් වතාවක්ම මෙම තරග දෙක සඳහා නිළ අනුග‍්‍රාහකත්වය ලබාදීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කළ අතර 2015 වසර දක්වාත් එහි අනුග‍්‍රාහකත්වය දැරීමේ අවස්ථාව එටිසලාට් සමාගම හිමිකරගෙන තිබේ.

මහ කි‍්‍රකට් තරගයේ අනුග‍්‍රහක අවසරය දිනාගත් එටිසලාට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා විසින් අනුග‍්‍රහක චෙක්පතේ සංඛ්තයක් විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් වන උපාලි ගුණසේකර මහතාටත් (රාජකීය විදුහල) මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා මහතාටත් පිරිනමන ලද අවස්ථාව. මහ තරග සංවිධායක කමිටුවේ සභාපති සේනක ද ෆොන්සේකා මහතා සහ සා. තෝමස් සහ රාජකීය විදුහලේ කි‍්‍රකට් නායකයෝ දෙදෙනාද ඡයාරූපයේ වෙති.

 

 

 

 

 

 

 

 

 

ඡයාරූපය : සුමින්ද සුදර්ශන පතිරණ



අදහස් (0)

රජකීය - සා. තෝමස් අනුග‍්‍රහ අවසරය එටිසලාට් සමාගමට

චමිලා Thursday, 14 February 2013 08:17 AM

අයියෝ සල්ලි! අනේ අපේ පාසල? (නි)

:       0       0

අනුර Thursday, 14 February 2013 02:00 PM

අනේ අපේ බිග් මැච් වලටත් ඔය වගේම උදවු කරන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 131 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 791 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 632 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 342 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2591 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 952 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site