IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රාජකාරියට ගිය කොස්තාපල්වරුන්ට පහරදුන් යුවළක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පිලියන්දල පොලිසියේ රථවාහන  අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට  අමානුෂික එලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

පිරිස වටකර පහර දෙද්දී ප්‍රධාන සැකකරු ගේ එක් පුතෙකු ගේ ජංගම  දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පහරකෑමට ලක්වූයේ පිලියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ (25) රාත්‍රී  රථවාහන රාජකාරියේ යෙදී සිටියදී  කැස්බෑව දෙස සිට පැමිණි කුඩා ලොරි රථයක් ඔහුන් ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන දැක මොරටුව මාර්ගයට හැර වීමත් සමඟම නැවතීමට සංඥා කර ඇත .

එම අවස්ථාවේ ලොරි රියදුරු ලොරිය ඔවුන් දෙසට එකවරම හරවා යට කිරීමට උත්සාහ දරා පලා යාමේදී ඇති වූ සැකය මත කොස්තාපල්වරුන්   දෙදෙනා ලොරිය පිටුපස හඹා ගොස් නවතන ලෙස කෑ ගසා ඇති අතර එහිදී  අවස්ථා කීපයක දී කොස්තාපල්වරුන් දෙදෙනාට මාර්ගය හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත.

ලොරි රථය අනතුරුව බටුවන්දර මාර්ගය ඔස්සේ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයට ගොස් නිවසක් ඉදිරිපිට මාර්ගයේ නැවතීමත් සමඟ ම  ලොරි රියදුරු සහ ඔහු සමග සිටි පුද්ගලයා සමග නිවස දෙසින්  පොලු මුගුරු රැගෙන පැමිණි කාන්තාවක් ඇතුළු හත් දෙනකු පමණ පිරිසක් ඔවුන්ට  වටකර පහර දී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයෙක් දැඩි ආයාසයක් දරා මේ බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකතනය ඔස්සේ පැවසීමත් සමඟ ම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව  පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කීපයක් හෙරලියාවල ට ගොස් කොස්තාපල්වරුන් දෙදෙනා  මුදා ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

කොස්තාපල්වරුන් දෙදෙනාට දෙදෙනාට පහර දීමට සම්බන්ධ වූ ලොරි රියදුරු වෑතර රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත  .

පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

                   

 



අදහස් (0)

රාජකාරියට ගිය කොස්තාපල්වරුන්ට පහරදුන් යුවළක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 84 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 105 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 542 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 322 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 96 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 531 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site