එන් පරමේෂ්වරන්
‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා. ‘ යැයි විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
විග්නේෂ්වරන් මහතා මේ බව පැවසුවේ ඔහුට සහයෝගය පළ කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැදි විරෝධතාවයක් අමතමිනි.
මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට විරෝධය පාමින් අද (15) දිනය පුරා යාපනයේදී හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි. ප්‍රදේශයේ සියලු පාසල්, සාප්පු සංකීර්ණ වසා දමා තිබුණු අතර පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාද නවතා දමා තිබිණි.
මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් විශාල පිරිසක් අදත් මහ ඇමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ. විරෝධතාවය අවසානයේ එතැනට ආ මහ ඇමැතිවරයා උද්ඝෝෂකයන් ඇමැතීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජකාරිය හරියට කරන බව විග්නේෂ්වරන් කියයි
lalith Friday, 16 June 2017 04:49 PM
ඔබතුම විතරක් නොවෙයි අපිට නිදහස ලැබුණු දවසේ ඉඳල මෙතෙක් කාලයක් අපු හැම දේශපාලක්යෙක්ම අපට කිව්වේ ‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා." කියල තමයි. සමහරු ‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කොරනවා. " කියලත් කිව්වා. නමුත් කරපු දෙයක් නම් නැහැ. එන්ඩ එන්ඩ අපි හිඟන්නෝ වුනා. හොඳට රාජකාරි කරපු කට්ටිය කෝටිපතියෝ වුනා.
missaka Saturday, 17 June 2017 02:32 AM
මේක අපේ සිංහල දේශපාලුවන්ට හොඳ පාඩමක්. හරි දේ කරනවානම් හැමදාම මහජනතාව ඔහුත් සමග රැදී සිටිනවා.
කරුණාපාල Saturday, 17 June 2017 08:07 AM
එක වල් නරියෙකුගේ හුවකට නිදා සිටි සිංහයින් අවදිකලා මදිවාට, දැන් ඒ නරියා, නරි රැලක් කුලප්පු කරමින් හු කීම නම් මහා කන්දොස්කිරියාවක්. කොහෙද ඉතින්, අපි අපේ පැත්තේ සිංහයෝ කියලා හිතාගෙන හිටපු එවුනුත්, තඩි නරිනේ????