IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රාජගිරි සුදු අලියා තව කෝටි 26ක් ගිලී

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් රුපියල් දෙකෝටියකට අධික මිලක් ගෙවා මාසික කුලියට ගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත. ශ්‍රී ජයවර්ධනපුර පාරේ, කෝට්ටේ පිහිටි එම ඩී.පී.ජේ ටවර් ගොඩනැගිල්ල සඳහා ලී බඩු ආදිය ලබාගැනීමටත් ගොඩනැගිල්ලේ කාර්යාල හා කාමර වෙන්කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති සහ වා සැකසුම් කටයුතුවලටත් ටෙන්ඩර් කැඳවමින් පසුගිය 16 වැනි බදාදා ඉංග්‍රීසි පුවත්පතක දැන්වීම් දෙකක් පළ කර තිබිණි.

මෙම ටෙන්ඩර් දැන්වීම් මගින් දක්වා ඇති පරිදි ගොඩනැගිල්ලේ ලී භාණ්ඩ සැපයීම හා සවි කිරීම සඳහා රුපියල් මිලියන 140කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය. කාමර හා කාර්යාල වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති හා වා සැකසුම් සඳහා තවත් රුපියල් මිලියන 112කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන ඇති ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම සෙත්සිරිපායේ හෝ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ග අඩියක වටිනා කමට වඩා අඩු බව දුමින්ද දිසානායක ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. එම ස්ථාන දෙකින් ම වර්ග අඩි අනූ දාහක ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මත භේදයට තුඩු දී ඇති මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක්වත් ඊට යොදවා නැති බවයි.

අමාත්‍යංශ ගොඩනැගිල්ලක් සඳහා මෙවැනි අධික මුදලක් යෙදවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීහු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රශ්න කළහ. එහිදී ඇමැතිවරයා කියා සිටියේ ඕනෑම අමාත්‍යංශයක් වෙනුවෙන් එවැනි මුදලක් වැය වන බවයි.

‘අපි සෙත්සිරිපායට ගියත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් කාමර වෙන් කරන්න ඕනෑ. අපි සෙත්සිරිපායට ගියත් එකයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් එකයි. අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා මේ මුදල යනවා’ යැයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා තිබිණි.

‘ඩී.පී.ජේ ටවර් ‘ ගොඩනැගිල්ල ජනප්‍රිය සිනමා නිළියකට අයත් බවටද පසුගිය දිනවල වාර්තා පළවී තිබිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මත මිස තමන්ට අවශ්‍ය වූ නිසා නොවන බවත් ඇමතිවරයා දැඩිව අවධාරණය කළේය.

web20161118_115458

web20161118_121000

Capture Capture-01



අදහස් (0)

රාජගිරි සුදු අලියා තව කෝටි 26ක් ගිලී

රණවක Sunday, 20 November 2016 04:46 AM

නියම බිල්ඩිම. හැබැයි කෘෂිකර්මාන්තයට නම් නෙමෙයි. කුමටද කියා දන්නෝ දනිති (නි)

:       0       0

විද්‍යා Saturday, 19 November 2016 03:33 AM

මදැයි අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා (නි)

:       0       0

රූපා Sunday, 20 November 2016 04:48 AM

අනේ! මේ පත්තර පිටුව කවුරුහරි අපේ වගකිවයුත්තන්ට පෙන්නුවා නම්. නැත්නම් එතුමලා මේවා දන්නේ නැතුව ඇතිනේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 18 November 2016 11:17 AM

මේවා දකිනකොට ලේ කෝප වෙනවා.........කාගේද මේ මුදල්? අහිංසක ජනතාව පීඩාවට පත් කරලා,සුර සැප විදින උන්මත්තකයෝ ඉන්නකම් අපේ රට නම් යන්නෙම අගාධටමයි......(ම)

:       0       0

ගුණසිංහ Sunday, 20 November 2016 05:06 AM

මේ ඇමති හොඳයි නගුලට ගැටගහන්න. අනේ ජනපති මුන් කරන දේවල්. ඉතුරු කොරන කෙනාටයි රටේ ප්‍රසාදය. මිල වැඩි වාහන, මිල වැඩි ගොඩනැගිලි නැතිවම බැරිද? (බ)

:       0       0

කෝනාර Saturday, 19 November 2016 04:13 AM

අනේ අපේ සල්ලි. මේ අය වියදම් කරන්නේ හරියට සුරලෝකෙ ඉඳන් ආපු අය වගේ. පැටිකිරිය බැලුවම නම් එහෙම ධන කුවේරයෝ නෙමෙයි. පසුගිය කට්ට්යත් එහෙමමයි. අනේ ඇයි හොරකම් නොකරන ජවිපෙට බලය දෙන්නෙ නැත්තේ (නි)

:       0       0

සමන් Saturday, 19 November 2016 04:15 AM

කොටි ගහලා මදි අපිට. මෙයාලා හරි ලස්සනට සාදධාරනීකරණය කරනවා ඕනෑම වරදක්. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 19 November 2016 04:18 AM

යහපාලන කෘෂිකර්ම ඇමතිට වී වලට, තක්කාලි වලට, ලොකු ලූණු වලට නිසි මිලක් දෙන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව මේවගේ මහජන මුදල් නාස්තිකරන කරන සෝබන වැඩ කිරීමයි. කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕනෑ දඹුල්ලේ. යහපාලනයේ තියෙන ප්‍රධාන දුර්වලතාවයන් වන්නේ කියන කිසිදෙයක් කරගත නොහැකිවීම සහ හැමවෙලේම මහින්ද හිටපු ජනාධිපතිතුමාට අපහාස කිරීමය (නි)

:       0       0

තිලංක Saturday, 19 November 2016 04:34 AM

සතියකට සැරයක් ලංකාවෙන් එවන රතු හාල්, පොලොස් ගැට, බටර් බෝංචි, ගොටුකොල,..... ටික කලට වෙලාවට එවන්න බැහැ. එ්ත් කරපිංචා කොලේ ඉඳලා දවසේ පැය 24 ම එළවලු, පලතුරු ටික ඉන්දියාවෙන් සපයනවා. (නි)

:       0       0

තිලකරත්න Saturday, 19 November 2016 04:36 AM

හිටපු අය කළත්, බලයට පැමිණ යහපාලනය කළත් මේ කරන්නේ ජාතික අපරාධ. සහගහන අපරාධ. (නි)

:       0       0

තිලක් Saturday, 19 November 2016 04:37 AM

මට මතක්වෙන්නේ ජනාධිපති වෙලා දිවුරුම් දුන් දවසේ ඉතාම චාම් විදිහට පවත්වපු උත්සවය ගැනයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 19 November 2016 04:38 AM

2015 යහපාලනයට ඡන්දය දුන් ලක්ෂ 63ක් ලංකාවේ හිටියා. දැන්නම් ලක්ෂ 40ක්වත් නැතුව ඇති. ලබන අවුරුද්දෙ නම් ලක්ෂ 10ක් වේවි. යහපාලන මහා මායාවක් කියලා රටේ ජීවත්වන බුද්ධිමත් ජනතාව දන්නවා (නි)

:       0       0

ලක්ෂි Friday, 18 November 2016 12:07 PM

අස්වනු නෙලන කාලෙට ගොවි මහත්වරු වසබොන රටේ, අමාත්‍යංශ ගොඩනැගිල්ලට මෙතරම් මුදලක් වියදම් කරන්න මානසික අාබාධයක් අැද්ද? (නි)

:       0       0

තිලකසිරි Saturday, 19 November 2016 04:39 AM

ලංකාවේ ගොවියා අසරණ වෙලා. හැමදෙයකටම බදු පිට බදු ගහලා වහ බොන තැනටම පත්කරලා. මෙවැනි ජාතික අපරාධ කරන්න එපා. (නි)

:       0       0

දසුන් Sunday, 20 November 2016 05:59 AM

දැන් පේනවානේද යහපාලනයක් පෙන්නලා ජහපාලනයක් රටට දීපු හැටි. හරියට නංගිව පෙන්නලා අක්කාව දුන්නා වගේ තමයි. මේ කට්ටියට මහින්දලාව එලවන්න ඕන වුනේ මේගොල්ලන්ට කන්න ඕන වෙච්ච නිසා. නැතුව රටට ආදරේ නිසා නෙවෙයි.(බ)

:       0       0

විද්‍යා Friday, 18 November 2016 12:17 PM

ඔන්න යහපාලනය! (නි)

:       0       0

නිහාල් Saturday, 19 November 2016 05:09 AM

ඕවට සල්ලි වෙන්කරන අයයි සල්ලි වියදම් කරන අයයි ඔක්කොම හොරු. රට ගොඩ ගන්න කෙනෙක් තාමත් නැද්ද? කවදා සෙතක් වේද අපේ රටට. (නි)

:       0       0

විරාජ් Friday, 18 November 2016 12:17 PM

ජය වේවා! (නි)

:       0       0

අතුල Saturday, 19 November 2016 05:20 AM

කෝ යහපාලනයට කතාකරන කට්ටිය? (නි)

:       0       0

ධම්ම Friday, 18 November 2016 12:20 PM

ඇමතිකෙනෙක් වුණාම කෝටිගණන් වටිනා වාහනයක්, කෝටිගණන් වටිනා කාර්යාලයක් ආදිය පාවිච්චි නොකළොත් අපි හිඟන්නු කියලා ලෝකයා කියාවි. අපේ ආදර්ශවත් ඇමතිවරයෙක් කිව්වේ එහෙමයි. (නි)

:       0       0

නිමල් Saturday, 19 November 2016 05:26 AM

යහපාලනය ඊළග මැතිවරණයෙන් ඉවරවෙයි වගේ මෙහෙම යනකොට (නි)

:       0       0

ප්‍රසාන් Saturday, 19 November 2016 05:29 AM

මේ වගේ ලිපි වලට දාන ප‍්‍රතිචාරය ගැන මම පැය ගානක් කල්පනා කළා. කිසිම දෙයක් හිතෙන්නේ නැති නිසා මොවුන් මරාගෙන මැරෙන්න හිතෙනවා (නි)

:       0       0

පෙරේරා Saturday, 19 November 2016 05:38 AM

මේවා සහගහන අපරාධ දෙවියනේ! (නි)

:       0       0

විකුම් Saturday, 19 November 2016 05:54 AM

මේ කාටවත් ඡන්දය දෙන්න එපා. බාරකාර ආණ්ඩුවක් හැටියට පොලිසියට, මාස හයකට රට බාරගන්න දීලා පසුව හොඳ උගත් මහත්වරු පාර්ලිමේන්තුවට පත්කරමු. එවැනි අය දැනට විදෙස්ගතව ඉන්නවා. (නි)

:       0       0

ජයන්ත Saturday, 19 November 2016 05:54 AM

දැන් බොරුවට දත කට පූට්ටු කරගෙන දඟලන කට්ටියට දැන් තේරෙනවා ඇති ඡන්දය දාපු එකේ පලවිපාක. (නි)

:       0       0

දිමුත් Saturday, 19 November 2016 06:00 AM

ඉතින් ඔය අහවලාට කියලා තව බිල්ඩිමක් එයාගෙම නමට හදාගෙන එයාගෙන්ම කුලියට ගමුකෝ. කෝටි කීයක් ගියත් මොකෝ නේද. ඇයි එයා විශේෂනේ... (නි)

:       0       0

උපුල් Saturday, 19 November 2016 06:03 AM

අපි ඉතින් මෙහෙම කියවලා අදහසක් ලියලා සද්ද නැතුව ඉමු (නි)

:       0       0

විකුම් Saturday, 19 November 2016 06:03 AM

මහජනයාගේ ඉවසීමේ සීමාවක් නැද්ද? (නි)

:       0       0

සුමිත් Saturday, 19 November 2016 06:21 AM

ඇමතිත් රජරට නම්, කුඹුරුත් රජරට නම්, අමාත්‍යාංශය අැයි කොළඹ? ඒ වගේ අදහස් එන්නේ නැද්ද අර සුපිරි මොළේට? (නි)

:       0       0

අතුල Saturday, 19 November 2016 06:23 AM

මේ තරම් හිරිකිත පාලනයක්? දෙගොල්ලොම එකම පීල්ලේ යන්නේ. මහජන මුදල් කිසිම අනුකම්පාවකින් තොරව විනාශ කරන විදිහ මෙතනින්ම පේනවා. ඈත ගම්වල පාසල් යන දුප්පත් දක්ෂ දරුවෝ නිදාගන්න හරිහමන් ගෙයක් දොරක් නැතිව, ඇඳගෙන යන්න ඇඳුමක් නැතුව, දාගෙන යන්න සපත්තු දෙකක් නැතුව, උදේට කුසට අහරක් නැතුව කොච්චර ඉන්නවද? මෙහෙම රටක තමා මොවුන් මෙහෙම ජනතාවගේ ධනය කාබාසිනියා කරන්නේ (නි)

:       0       0

එරික් සුබාෂ් Friday, 18 November 2016 01:29 PM

එහෙනම් නුඹලා ඡන්දෙ දුන්නේ මොකටද? (නි)

:       0       0

සුරන් Saturday, 19 November 2016 06:45 AM

ලංකා දේශපාලන ඉතිහාසයේ සිට සිදුවුණේ සහ අනාගතයේ සිදුවන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීවරු මාරුවෙන් මාරුවට මුදල් හම්බ කිරීම පමණි. එයාලා හිතාගෙන ඉන්නේ ජනතාවගේ සල්ලි එයාලගේ බූදලේ කියල. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලකයෝ දේශපාලනය තම දරුවන්ට උරුම කරදෙමින් ජනතාවගේ සල්ලි හොරා කෑමට කටයුතු සළස්වමින් සිටිති. පක්ෂ දේශපාලනය ගැන නොසිතා උගත්, බුද්ධිමත්, අවංක පුද්ගලයන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමෙන් පමණක් මෙම අවාසනාවන්ත තත්වය අවසන් කළහැක (නි)

:       0       0

සුරාජ් Saturday, 19 November 2016 07:16 AM

ඔය අමාත්‍යංශයෙන් ගොවියට වැඩක් නැහැ. පෙර තිබුණු තැන හොඳයි. එතනම ඉන්න. (නි)

:       0       0

අසාද් Saturday, 19 November 2016 07:54 AM

ආණ්ඩුව පත්කරපු අපිට ආණ්ඩුව එළවන්නත් පුළුවන්. එ්ක පාලකයන් මතක තියාගන්න ඕනෑ. මහජන බලය ඔය හැම බලයකට වඩා ශක්තිමත්. මහජන මුදල් නාස්තිකරපු පහුගිය ආණ්ඩුව ගෙදර යැව්වේ මේ වැරදි නැවත සිදුනොවෙන්නයි. බිඳිය නොහැකියි සිතූ ආණ්ඩු පවා ගෙදර යැවු මහජන ශක්තිය දේශපාලකයන් මතක තබාගත යුතුයි. (නි)

:       0       0

රමණි Saturday, 19 November 2016 07:57 AM

මොවුන්ටනේ අපේ අය පණදෙන්නේ (නි)

:       0       0

උද්දික Friday, 18 November 2016 02:27 PM

ගිය ආණ්ඩුව කාලයේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා සියලුම අමාත්‍යංශ බත්තරමුල්ලට අරන් යනවා කියලා. ඉතින්, අපේ මිනිසුන්ට ඕනෑවුණානේ වෙනසක්. කමක් නැහැ. මම නම් මුකුත් කියන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Saturday, 19 November 2016 08:15 AM

මෙම ගොඩනැගිල්ල පරිපාලන මධ්‍යස්ථානයක් සඳහා සුදුසු නැති බව පෙනුමෙන්ම ඔප්පු වෙනවා. ගසක් මලක්වත් නැති තැනක් කෘෂිකාර්මික පරිපාලනයට හොඳද. මෙහි අයිතිකාරිය ඊටත් වඩා වටිනවා වෙන්න ඇති. මෙය රජ හොරකමකි. (නි)

:       0       0

ශානක Saturday, 19 November 2016 08:19 AM

යහපාලනයට ඡන්දෙ දීපු අයගේ දෙමාපියොත් මට මතක්වෙනවා මේ වෙලාවෙදී (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 19 November 2016 08:25 AM

වැඩකට නොගෙන මාස ගානක කුලී ගෙව්වා නම් ඒ සල්ලිවලින් ඉඩම් කෑල්ලක් අරන් අවශ්‍ය ප්‍රමාණයට ගොඩනැගිල්ලක් ඉදිකළත් මෙච්චර මුදලක් අපතේ යන එකක් නැහැ. (නි)

:       0       0

පාලිත Saturday, 19 November 2016 08:28 AM

සිනමා නිළිය ගැන ටිකක් හොයලා බැලුවා නම් තමා හොඳ, ඔක්කොටම කලින් (නි)

:       0       0

සුමුදු Saturday, 19 November 2016 08:41 AM

මෙතන අදහස් දැක්කම පුදුම හිතෙනවා. මේ රටේ මිනිස්සු නෙමෙයිද මේ අය පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් අවුරුදු 70ක් විතර මේක තමයි මේගොල්ලෝ කළේ. දැන් විතරක් මොකද මේකට පරලවෙලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුව ඒගොල්ලන්ට ඕනෑ විදිහට සල්ලි වියදම් කරමින් වැජඹෙනවා... (නි)

:       0       0

සුමුදු Saturday, 19 November 2016 08:44 AM

ඉන්ද්‍ර, පෙළගැහිලා කාව ගේන්නද හදන්නේ. රට දාලා වෙන රටකට යන්න. මේගොල්ලෝ වෙනුවට අරගොල්ලෝ ගෙනාවහම ඒගොල්ලෝ තව බිල්ඩිමක් වෙනත් නිළියකගෙන් ගන්නවා මීට වැඩිය දහ ගුණයකට. (නි)

:       0       0

නිශාන්ත Saturday, 19 November 2016 08:46 AM

ඉතින් කොහෙන්ද රටේ සල්ලි? (නි)

:       0       0

රෝහණ Saturday, 19 November 2016 08:46 AM

අපි දන්නවා කාගෙද කියලා (නි)

:       0       0

එස්. සිල්වා Friday, 18 November 2016 03:44 PM

මේ බිල්ඩිම හදලා කුලියට දෙන්න කෙනෙක් නැතුව හිටියේ. ඉතුරු හරිය හිතාගන්න. මේ රජය තව අවුරුදු 5 ක් තිබුනොත් බිලියන ගණනක් මේකටම ඉවරයි. ඒ කියන්නේ මේ වගේ තව බිල්ඩින් 2 ක් හදන මුදලක් කුලිය ලෙස ලැබෙනවා. කාටද ආඩම්බර? (නි)

:       0       0

හෙට්ටිගොඩ Saturday, 19 November 2016 08:57 AM

අපි හීනෙකින්වත් නොසිතූ යහපාලනය ....! අහෝ දුකකි (නි)

:       0       0

ලක්මාල් Friday, 18 November 2016 03:44 PM

ලංකාවේ අයට ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

කුමාර Saturday, 19 November 2016 09:02 AM

යමෙකුගේ දෙමව්පියන්ගේ පවා ඉගෙනුම් තත්වයත්, අවංකභාවයත් පිළිබඳව අදහසක්, ඔහු කරන දෙයින් කියන්න පුළුවන්. ඔය වගේ වැඩ නවත්වන්න මහත්තයා. සහගහන අපරාධ ඕවා. අන්තිමට හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ. (නි)

:       0       0

කරුණාජීව Saturday, 19 November 2016 09:33 AM

ඔය ගොඩනැගිල්ල කාගේද කියලා අපි දන්නවා (නි)

:       0       0

ශශික Friday, 18 November 2016 03:58 PM

අනේ ඉතින් රුපියල් දහයේ බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා දිවුරුම් දුන් අපේ අය ඕවා දන්නෙ නැතුව ඇති (නි)

:       0       0

පිටිගල Saturday, 19 November 2016 09:45 AM

පින් සිද්ධවෙයි මහත්තුරුනේ, අපි මේ කාන්තාර වල දුක්විඳලා එවන සල්ලි ටික ඔහොම විනාශ කරන්න එපා. හරියට කන්න නැතුව, අම්මෙක් තාත්තෙක් දකින්නේ නැතුව හොයන මේ දුප්පත් සල්ලි ටික නාස්ති කරන එක පවක් (නි)

:       0       0

කුමාර Saturday, 19 November 2016 10:30 AM

යහපාලනය...යහපාලනය... (නි)

:       0       0

ජයසිංහ Friday, 18 November 2016 04:39 PM

මෙය භාවිතා නොකළාට පසුගිය අප්‍රේල් සිට කුලී ගෙවනවා නේද. (නි)

:       0       0

දිමුත් Saturday, 19 November 2016 10:45 AM

බොරු වැඩනේ මේවා. (නි)

:       0       0

කුමාරි Saturday, 19 November 2016 10:53 AM

මේකේ උඩම තට්ටුව කුඹුරක් කරලා, දෙවෙනි එක හේනක් කරමු. ඇමතිතුමාට ඒ වැඩ ගැන තේරුමක් නැහැ. ඉතින් හොඳ තේරුමක් ඇති ලංකාවේ නිළියක් හොයාගන්න ඇති දැන්වීම් දාලා සම්මුඛ පරීක්ෂණ තියලා. පළපුරුද්ද ගැන අපිටත් සහතික දෙන්න පුළුවන්. (නි)

:       0       0

රොහාන් Saturday, 19 November 2016 11:25 AM

ඔය සල්ලි වලින් කොටසක් වක්‍රව ඔය දේශපාලකයන්ට එනවා ඇති (නි)

:       0       0

භද්‍රානි Friday, 18 November 2016 05:10 PM

තමන්ගේ දෑතේ වීර්යයෙන් හරි හම්බකරගෙන කන්නේ නැතුව, දේශපාලකයෝ පසුපස යමින්, නැති ප්‍රශ්න මවමින්, චණ්ඩිකම් පෙන්වමින්, මහපාරවල් වල සතුන් මෙන් හැසිරෙන අශිෂ්ඨ, අමනෝඥ, මිනිසුන් වෙසෙන සමාජයක් පාලනය කරන, රටේ සියලුම පක්ෂවල දේශපාලකයින්ට තව තවත් මේ මිනිසුන්ගේ ධනය මහා ප්‍රමාණයෙන් කොල්ලකෑමට තව තවත් ප්‍රඥාව පහළවේවා යැයි පතමි!!!! (නි)

:       0       0

දුෂාන්ත Saturday, 19 November 2016 11:57 AM

මේ කරන අපරාධයට කොහොම වන්දි ගෙවන්න වෙයිද? (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 18 November 2016 05:30 PM

යහපාලන ඇමතිවරුනි, මේ ඔබගේ අවසන් අයවැය දුප්පතාගේ මුදල් කනවා. 2017 දුප්පතුන් තුරන් කිරීමේ වසරට අඩිතාලමද මේ? රට බේරාගන්න බලය දුන් අපි ඔබතුමාලා වෙනුවෙන් අද දත් මිටි කනවා. මහජනයිනි, නැවත කාලය ඇවිල්ලා මෙතුමන්ලට පිළිතුරක් දෙන්නට. එක්වෙමු පෙළගැසෙමු (නි)

:       0       0

සුසන්ත Friday, 18 November 2016 05:59 PM

හොරු හොරු හොරු කියලා මිරිඟුවක් පෙන්නලා නියම හොරු සෙට් එකක් උස්සලා තිබ්බම ඔය වගේ ඒවා වෙනවා. (නි)

:       0       0

තිලක් Sunday, 20 November 2016 12:42 PM

කවුද මේවාට වග කියන්නේ.(හේ)

:       0       0

රමණි Saturday, 19 November 2016 12:20 PM

උතුමාණෝ නිදිද? (නි)

:       0       0

රුවනි Saturday, 19 November 2016 12:40 PM

මහජනතාවගේ මුදල් නේද ඉතාමත් රහසිගත පුද්ගලික සැප වෙනුවෙන් වැය කරන්නේ. මේවා දැක්කාම මුළු රජය වෙනුවෙන්ම ඇති වෙන්නෙ කළකිරීමක්. මෙම බිල්ඩිම සඳහා ගෙවූ මුදල නැවත අයකරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 November 2016 12:57 PM

ඉන්දියාවේ කෘෂිකර්මාන්තය කරන කෙනෙකුට පුදුම සහයෝගයක් රජයෙන් ලැබෙනවා.වුපදෙස් ඉදල,කලට වෙලාවට සහන මිලට පොහොර ටිකද,වතුර ටිකද,අස්වැන්න විකිනීමට ඉදල .....අසරණ කාලෙට වැටුපක්ද හිමි වෙනවා.ඒ නිසා අද වෙනකොට එළවලු පලතුරු ලෝකෙටම විකුණලා විශාල විදේශ විනිමයක් උපයනවා.ඒකට අපේ රට?දුකයි.ලැජ්ජයි.ඇඩෙනවා. (බ)

:       0       0

දහම් Saturday, 19 November 2016 12:47 PM

ඕවා දැන් කරගන්නකෝ. කවදාහරි නුඹලාට ආණ්ඩුව නැති වෙනවා. එදාට නම් මහජනතාව නුඹලාගේ ජීවිත්වත් ඉතුරු කරයිද කියලා සැකයි. (නි)

:       0       0

හිමාල් Friday, 18 November 2016 06:46 PM

ඔතන වෙලා තියෙන්නේ කොළඹ ඇතුළෙම හැම කාර්යාලයක්ම ගන්න යන එකනේ. කෘෂිකර්මය වෙච්ච එකේ අඩුගානේ කුඹුරක් තියෙන පැත්තකටවත් ගත්තා නම් මෙච්චර කුලියක් වෙන්නේ නැහැ. ඒත් වියදම මොකක් වුණත් පාටිෂන් කරන එක, ලී බඩු ගන්න වෙන එක නම් ඇත්ත. (නි)

:       0       0

සුරනිමල Friday, 18 November 2016 06:48 PM

හොටු ගෑණි දීලා, කැහි ගෑණි ගත්තා වගේ දෙයක් තමයි අපට වුණේ (නි)

:       0       0

ඔසධ Saturday, 19 November 2016 01:05 PM

මේවා ඉතින් මේ සිරි ලංකාවේ පුදුමවෙන්න දේවල් නෙමෙයිනේ (නි)

:       0       0

කින් බෙනට් Friday, 18 November 2016 07:07 PM

කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕනෑ සෙත්සිරිපායේ හෝ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නොවෙයි. ගොවියෝ ගැවසෙන ගොවිකටයුතු පහසු කළහැකි ස්ථානයක. කෘෂිකර්මය බහුලව පවතින්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ, කුරුණෑගල, දඹුල්ල වගේ පළාත් වල. නමුත් කාර්යාල හොයන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ. මොන විහිලුවක්ද මේ? (නි)

:       0       0

නුවන් Saturday, 19 November 2016 01:25 PM

ඔන්න ඕවා අමතක කරලා දාන්න (නි)

:       0       0

සුසන්ත Saturday, 19 November 2016 01:27 PM

කමක් නැහැ මහින්දව එළෙවුවනේ! ඉතින් කොච්චර කෑවත් මොකද. (නි)

:       0       0

රවිඳු Friday, 18 November 2016 08:03 PM

සුමිත්‍රා බස්නායක, ඔයාගේ ලේ කෝපවෙලා ඇත්තේ ඇඟේ කුෂ්ඨ දමද්දී වෙන්න ඇති. අපේ නම් දතකට පුට්ටු වෙනවා මෙයාලා ගිලින ගිලිල්ලට (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 19 November 2016 01:48 PM

උදේට කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක්වත් නැතුව අඩු පහසුකම් තියෙන පාසල් වලට යන අන්ත දුප්පත් දරුවන් සිටින රටක මහජන මුදල් රුපියල් කෝටි 26 විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (නි)

:       0       0

සිරිල් Friday, 18 November 2016 09:06 PM

අනේ මන්දා! මහජන මුදල් අවභාවිතයට යන්න අපායක් තියෙයිද කියලා (නි)

:       0       0

මොහාන් Friday, 18 November 2016 08:48 AM

කාගේ සල්ලිවලින් ගියත් ඔය යන්නේ මහජන මුදල්, අපි යහපාලනයට ඡන්දෙ දුන්නේ ඕවා කරන්න නම් නෙමේ. (ම)

:       0       0

ප්‍රදීප් Friday, 18 November 2016 09:08 AM

ප්‍රශ්නය කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ තියෙන්නේ මොකටද කියන එක. මෙය පිහිටිය යුත්තේ කෘෂි කාර්මික කටයුතු වැඩි වශයෙන් තියන පළාතක. ලංකාවේ හැම එකටම කොළඹ එන්න වෙන ව්දිහට තමා කාර්යාල පිහිටුවන්නේ (බ)

:       0       0

රන්ජිත් Friday, 18 November 2016 11:28 PM

මහජන මුදල් මේ වගේ විනාශ කිරීම පාපයක්. මේ මුදලින් ගොඩනැගිල්ලක් හදාගන්න පුළුවන් නේද? අපේ රටවල් කවදා දියුණු කරන්නද මේ වගේ ගසාකෑම් නිසා (නි)

:       0       0

ශානිකා Saturday, 19 November 2016 06:11 PM

පිටිගල මහත්තයෝ, නුසුදුස්සන්ට "මහත්තුරුනේ" කියන්න එපා. දෙගොල්ලොම එකතුවෙලා රට කෑවා. (නි)

:       0       0

සුරේන් Saturday, 19 November 2016 12:03 AM

කරන්න බැරිනම් අයින්වෙන්නනේ තියෙන්නේ (නි)

:       0       0

ගගන Friday, 18 November 2016 09:40 AM

කෘෂිකර්මයටම ගැළපෙන පෙනුම බිල්ඩිමේ... අනේ අනිච්චං. (නි)

:       0       0

රමණි Saturday, 19 November 2016 12:46 AM

අනුරාධපුරේ මදි නිසාද මන්දා දැන් කොළඹටත් බැහැලා වැඩ. ගොවියාගේ සල්ලියි රටේ සල්ලියි දෙකම මේගොල්ලන්ගේ නොවෙයි කියලා දන්නේ නැහැ වගේ කතාව. (නි)

:       0       0

අරවින්ද Saturday, 19 November 2016 08:56 PM

අනේ නියම ගොඩනැගිල්ල කෘෂිකර්මයටම ගැළපෙන (නි)

:       0       0

ලුම්බිණි Saturday, 19 November 2016 12:56 AM

මේක මහජන මුදල් නාස්තියක් නොවෙන්න නම් ඉක්මනින්ම මෙහි පදිංචියට යා යුතුබව ඇමතිතුමාට අමතක වෙන්න ඇති. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 19 November 2016 08:57 PM

පත්තරෙන් දකිනකන් ඉඳීද දන්නෙ නැහැ. මොවුන්වත් එළවන්න කාලය ඇවිල්ලා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 19 November 2016 01:01 AM

ඒක තමයි. ඒවා කොලිටියට තියෙන්න එපැයි, අපේ අභිමානය පෙන්වන්න (නි)

:       0       0

සිරි Saturday, 19 November 2016 01:01 AM

නැතුව නැතුව... අපේ උතුමන්ලාට සප්පායම්වෙලා විවේක ගන්න ඉස්තරම්ම තැනකුත් හදනවා නැතෑ (නි)

:       0       0

සුමිත් Friday, 18 November 2016 09:50 AM

යහපාලනේ යහපාලනේ! (නි)

:       0       0

දිලිප් Friday, 18 November 2016 10:03 AM

ලොක්කෝ කට්ටිය නිදිද? (නි)

:       0       0

ලසන්ත Sunday, 20 November 2016 01:13 AM

තව හොරාකන්න අපි බදු ගෙවනවානේ. (නි)

:       0       0

ජනහිත Saturday, 19 November 2016 01:22 AM

ජාතික ධනය, ජාතික වටිනාකමක්, වැදගත්කමක් ඇති දේකට යොදවන්නේ නැතුව, පිටස්තරයින් පොහොසත් කිරීමට යෙදවීම ගැන මහජනතාව මොනවා හිතනවද මන්දා. මේවා ගැන ප්‍රශ්න කිරීමට ඉදිටියේදී අවස්ථාව ඒවි. එතෙක් ඉවසා සිටිමු. ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශය කොළඹ ප්‍රදේශයෙන් පිටට ගෙනියන්න බැරිද. මොකද කෘෂිකර්මය තියෙන්නේ කොළඹින් පිට පළාත් වලනේ. (නි)

:       0       0

හිරාන් Friday, 18 November 2016 10:06 AM

යහපාලනය දිවුරුම් දුන්නේ රුපියල් 6000 ට. දැන් වෙන්නේ මොනවද කියලා හිතාගන්නවත් බැහැ. මම දැක්කා ඊයේ අනුර කුමාර කියනවා මන්ත්‍රී ගොල්ලන්ට මාසික පඩියට අමතරව අත යටින් ලක්ෂ දෙකක් දෙනවා කියලා. ඊට අමතරව ලක්ෂ පහක වාහන කුලියකුත් දෙන්න යනවලු. මේවා පත්තරෙන් හරි දැකලා,බලලා නවත්තන්නේ නැත්තේ ඇයි දෙයියනේ. (නි)

:       0       0

ගෝමස් Saturday, 19 November 2016 01:24 AM

එතකොට ඇයි ඔයාලගෙ මේ ආණ්ඩුව තව ණය අරගෙන ඔය හම්බන්තොට අලියට අායෙත් සුදු හුණු ගාන්නේ? (නි)

:       0       0

විකුම් Sunday, 20 November 2016 01:56 AM

කට්ටිය අදහස් ලිය ලියා ඉන්න. ඔක්කොම හරියයි (නි)

:       0       0

රන්ජිත් Saturday, 19 November 2016 01:39 AM

අපිනේ මහින්දට එළෙව්වේ. අපරාදේ මෙයාලත් කරන්නේ එ්කමයි. (නි)

:       0       0

අබය Saturday, 19 November 2016 01:41 AM

කවුද මේ ගොඩනැගිල්ලේ අයිතිකරු? (නි)

:       0       0

රොකී Sunday, 20 November 2016 02:29 AM

කලබල වෙන්න එපා. මේවාට සල්ලි ගෙවන්නේ ඇමතිතුමාගේ සාක්කුවෙන් මිස මහජයාගේ සල්ලි වලින් නොවෙයි. මේ වගේ ‘ආශික්‘ බිල්ඩිමක් නැතුව කොහොමද සතුටින් වැඩ කරන්නේ? (නි)

:       0       0

දහම් Saturday, 19 November 2016 02:00 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සවනත් Saturday, 19 November 2016 02:13 AM

ජනප්‍රිය නිළියකට අයිති බිල්ඩිමේ ඉතුරුටික හදලා දෙන්න වෙන්න ඇති දැන් ආණ්ඩුවට ඕනෑවෙලා ඇත්තේ. (නි)

:       0       0

දර්ශන Saturday, 19 November 2016 02:30 AM

ඔන්න යහපාලනය, නියමයි නේද? (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 19 November 2016 02:34 AM

භද්‍රානිගේ කතාව ඇත්ත. අපිට දැන් කරන්න තිබෙන්නේ දේශපාලුවන්ට කලින් ඔවුන්ගේ අනුගාමිකයන්, මට්ටු කරන එක. පළමුව ඒ කවුද කියා අන්තර්ජාලය මඟින් හඳුන්වා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඩිලානි Sunday, 20 November 2016 07:18 PM

මේ තියෙන පුවත් සහ අදහස් කියෙව්වම පේන්නේ ඩුබායි තිලක් වගේ අයට අඬන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ කියලා.දැන් යහපාලනයේ උඩින්ම ඉන්න කට්ටියත් රට කනකොට අර කලින් දාපු සද්ද නැහැ. කෙඳිරිල්ලක් විතරයි. ඔබලාට දැන් සතුටුද, ලැජ්ජාද, නැත්නම් ඩොලර් ලැබිලාද කලින් තිබුණු සද්දය නැත්තේ. (නි)

:       0       0

කුලතිලක Sunday, 20 November 2016 03:25 AM

බණ්ඩාර - කැකිරාව, දැන් මෙයාල කියන කතාවක් බලන්නෙත් 200-300 ක් පමණයි. ඒ තරමටම පිරිහිලා. දැන් ලක්ෂ 5 ක් හොයාගන්නත් බැරි තරමට ඡන්දය දුන් ලක්ෂ 62 අඩු කරගෙන. (නි)

:       0       0

තිලකසිරි Sunday, 20 November 2016 03:27 AM

මහජන මුදල් සතයක් හෝ වංචා කිරීමෙන් බලු-කපුටෝ වෙලා උපදිනවා කියලා නේද බලයට අාවේ. ලැජ්ජයි. (නි)

:       0       0

අජිත් Friday, 18 November 2016 10:33 AM

ජනතාවගේ රජයක් හැමට අාදර්ශයක්. චිරංජයතු මැතිතුමනි ඔබට.(ම)

:       0       0

තිලාන් Sunday, 20 November 2016 03:29 AM

පිලිපීනයේ ජනාධිපති ඉන්නේ සාමාන්‍ය නිවසක. කියපු දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්දකරලා පෙන්වනවා. ඒ නිසාම ජනාධිපතිගේ කතාවක් "යූ-ටියුබ්"දැම්මත් ලෝකයේ විසිරි සිටින ලක්ෂ 23-25 පිලිපීන ජාතිකයන් අසනවා.ඒ මොකද? (නි)

:       0       0

ඇලන් බෝඩර් Saturday, 19 November 2016 02:44 AM

ඔය බිල්ඩිම කාගෙද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 November 2016 03:31 AM

මට නම් නායකයන් ඉස්සර කියපු දේවල්, දැන් කරන දේවල් දැක්කම අප්‍රසන්නයි. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 20 November 2016 03:43 AM

යහපාලනේ ඉවරයි, දැන් තියෙන්නේ සැපපාලනේ! (නි)

:       0       0

ජයන්ත Sunday, 20 November 2016 03:45 AM

අපිට මහින්ද එළවා ගන්නයි ඕනෑවෙලා තිබුනේ. දැන් අපිට මේ යහපාලන මහත්තරු කොහොම කෑවත් කමක් නැහැ. අපි ගොඩ දැන්. නැද්ද? (නි)

:       0       0

රාමන් Sunday, 20 November 2016 03:55 AM

ඩුබායි තිලක්, ඔබ මහින්දව එළවලා යහපාලනය ගේන්න හොඳට දර දිය ඇදපු කෙනෙක්. ඔබ බලාපොරොත්තු වෙන්න ඇත්තේ යහපාලන නියමුවරුවත් ඇත්ත යහපාලනයක් ගෙනියාවි කියලා. එහෙත් අද ඔවුන් කිසිම අනුකම්පාවක් නැතුව රට කනවා. ඔවුන්ව පිළිගත් ඔබ වගේ අයටත් මේ තත්වය ගැන වගකීමක් තිබෙනවා. දැන්වත් හිතන්න මොකද මේ රැළ ඔතනට එන්න වලිකෑවේ කියන එක. (නි)

:       0       0

අනුර Saturday, 19 November 2016 03:19 AM

එක එක්කෙනාගේ මිතුරියන් සනසන්න ජනතාවගේ මුදල්? ඕකද සිරිමාවෝ බණ්ඩාරනායක මුලධර්ම? (නි)

:       0       0

රාමන් Saturday, 19 November 2016 03:25 AM

ලංකාදීපයේම තව පුවතක් තිබෙනවා දඹුල්ලේ තක්කාලි ගොවියා අසරණ වෙලා කියලා. ඒ ගොවියන්ගේ ඇමති කොළඹට වෙලා මොකද මේ කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 22 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 38 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 230 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 409 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 407 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site