IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


රජගලතැන්නෙන් ඉතිහාස සාක්කි මතුවෙයි

අම්පාර ඵෙතිහාසික රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ කැනීම් වලදි ඉපැරුණි මුද්‍රාවක්, දේව රූපයක් සහ ඇතකුගේ රූපයක් හමුවි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව අංශයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අංශය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේ ආරම්භ කරන ලද රජගලතැන්න පුදබිමේ  කැනීම් වලට මේ වන විට වසර 03 ක් ගතව තිබේ. මෙම කැනීම් වලදි වැදගත් ස්ථාන මෙන්ම වැදගත් ඵෙතිහාසික කරුණු බොහොමයක් ඉස්මතු කර ගැනිමට හැකිවු බවද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා කීය.

අවසන් වරට හමුවු මුද්‍රාව සහ දේව රූපය දාන ශාලා ගොඩනැගිල්ලයි සැකකරන කැනීමි කරන ස්ථානයේදි හමුව තිබේ. මෙම ප‍්‍රතිමාව කි‍්‍රස්තු වර්ෂ 8,9 සියවසේ විමට හැකි බවද ඔහු පැවසිය. අඩි එකහාමාරක් පමණ ඇති මෙම රූපයේ හිසේ සිට දණ හිස දක්වා කොටස පමණක් හමුවී ඇත.

දිව්‍යමය ස්වභාවයක් ගන්නා මෙම රූපයේ හිස ඉතාමත් අලංකාරව පිහිටා තිබේ. අත්වල බාහු කැඩි ගොස් ඇති අතර අත්දෙක ඉතිරිව තිබේ. එම අත්දෙක මැද මල් පොකුරක් තිබෙන අතර රූපයේ යට කොටසේ දුහුල් දෝනියක් හැද තිබෙනවා. මෙහි සමස්ථ ලක්ෂණ සහ ලංකාවේ වෙනත් හමුවු රූප සහ සැසැදිමේදි කිසියම් දිව්‍යමය රූපයක් මෙයින් ඉදිරිපත් කර ඇති බවද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා සඳහන් කළේය.

බුදුන් වහන්සේට හෝ  බුදුන් වහන්සේගේ  ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරිමට පැමිණෙන ප‍්‍රධාන දෙවි කෙනෙක් ආකාරයට මෙම නිර්මාණය කර තිබෙනවා. ලංකාවේ හමුවෙන මැටියෙන් කරන ලද ප‍්‍රතිමා අතර අතිශය වැදගත් අවධානය යොමුකළ හැකි පිළිමයක් බවට මෙම පිළිමය හඳුන්වා දිය හැකි බවද ඒ මහතා පැවසිය

මෙයට අමතරව ඉතා දුර්ලභ මුද්‍රාවක් ද මෙහි කරන ලද කැනීම් වලදි හමුව ඇති අතර ඇතුළුනුවර , අභයගිරිය, රුහුණේ සහ යාපනය අර්ධද්විපයේ කරන ලද කැනීම් වලදිද මෙවැනි මුද්‍රා හමුව තිබේ.

1-dewa-rupaya2015104 2-mudrawa-2015104 5-gal-pattara-asala-hamhuana-katayam-sahita-kanuwak2015104 9-sanrakasanaya-karana-maluwe-batahira-prakara-bamma2015104 10-sanraksanayakarana-chaitiya2015104 12-adk-nima-karana-lada-budu-pilimaya

 



අදහස් (0)

රජගලතැන්නෙන් ඉතිහාස සාක්කි මතුවෙයි

මධුර Thursday, 19 May 2016 06:31 PM

ලම්භකර්ණ යනු කර්ණාභරණ හෙතුවෙන් කණේ පහළ කොටස ඇදී තිබිමයි. එය අදටත් අපට උරුමවී තිබේ. (නි)

:       0       0

යමුනා Monday, 05 October 2015 07:36 AM

මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය සොයායන්නන්ට විද්‍යාත්මක සාක්කි සෙවීමට මුලින්ම ලොව අඩුම ගුරුත්වය ගැන අන්තර්ජාලයෙන් සොයාබලා යම් දැක්මක් ගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 07:39 AM

උරුම -අරුම (නි)

:       0       0

කවින්ද Tuesday, 06 October 2015 12:28 PM

වටිනා සොයාගැනීමක් (නි)

:       0       0

කිත්සිරි Tuesday, 06 October 2015 12:32 PM

මේ මතුවන්නේ අපේ ජාතික අභිමානයයි (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 05 October 2015 08:09 AM

බුදු දහමින් පෝෂණය වූ උදාර ආර්ය ජනතාවක් ජීවත් වූ අපේ මව්බිමේ සෑම අඟලකම යටපත්ව ඇති නටඹුන් ලෝකවාසී ජනතාවට කියන්නේ හෙළයේ උදාරත්වයයි. (නි)

:       0       0

ජයනාත් Sunday, 04 October 2015 04:46 PM

අප ලංකාව උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිර දක්වාත් සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබිලා තිබෙන්නේ 1505 තෙක්ය. (නි)

:       0       0

සිල්වා Sunday, 04 October 2015 04:50 PM

ලාංකීය සැබෑ ඉතිහාසය ළඟදීම දැනගන්න ලැබේවි. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 04 October 2015 06:11 PM

මේ ශ්‍රි විභූතිය බලාගන්න අනේ මටත් අතීතයට යන්න හැකි නම් (නි)

:       0       0

වසන්ජය Sunday, 04 October 2015 08:52 PM

එම පිළිරුවෙහි ඉන්දියානු ලම්භකර්ණ ලක්ෂණ පෙන්නුම් කරන අයුරක් මට සිතේ (නි)

:       0       0

විජේතුංග Sunday, 04 October 2015 11:00 PM

මෙවන් සොයාගැනීම් තව තවත් කරන්නට ලැබේවා! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 04 October 2015 11:22 PM

පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් දිනපතා මතුවෙන සිංහල බෞද්ධයාගේ ඉතිහාසය කියන්නේ ඔහුට මේ ලොව හිමි ස්ථානය පැහැදිලිවම කියාපාන ජීවමාන සාක්ෂියක්. ඇතැම් සිංහල බෞද්ධ විරෝධීන් ඊනියා නිධාන් හැරීම ඔස්සේ කරගෙන යන්නේ සිංහල බෞද්ධයාගේ උරුමය තහවුරු කරන සාක්ෂි නිර්දය ලෙස විනාශ කර දැමීමක්. ඉන්දුනීසියාව ඉස්ලාම් ආගම අදහන රටක් වුවත් ඵෙතිහාසික බොරෝ බුදුර් සිද්ධස්ථානය ආරක්ෂා කිරීමට රාජ්‍ය මට්ටමින් පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස අපගේ පෞරාණික උරුමය රැකගැනීමට මීට වඩා උත්සුක වියයුතුයි. මේ සම්බන්ධයෙන් වෙහෙසෙන සියලුම පුරාවිද්‍යාඥයින්ට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

විමුක්ති Monday, 05 October 2015 01:27 AM

බොහොම හොඳයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 05 October 2015 04:42 AM

මේ නාස්ති කරන සල්ලි ඉස්පිරිතාල වල බෙහෙත් ගන්න යොදනවානම් මීට වඩා රටට සෙතක් වෙනවා. යට ගිහිපුවා යට ගියාවේ. (බ)

:       0       0

සරත් Monday, 05 October 2015 05:29 AM

අතීතයත් වැළලෙන්න දෙන්න හොඳ නැහැ. නැතිනම් වෙන අය අයිතිවාසිකම් කියන්න එනවානේ. (ම)

:       0       0

සුසීම විජේසේකර Friday, 20 May 2016 11:04 AM

හරිම කැමතියි මෙලෙස අපේ ඉතිහාසය යලි අනාවරණය වීම එවැනි දේ වෙනුවෙන් මහන්සි ගන්න ඔබතුමාලට සියලු දෙවි රැකවරණය ලැබේවා. (ර)

:       0       0

විජේසුන්දර Monday, 05 October 2015 06:47 AM

හරිම ආඩම්බරයි (නි)

:       0       0

උපාලි Monday, 05 October 2015 06:53 AM

දැන් ඉන්න සිංහල මිනිස්සු එදා මිනිස්සුන්ගෙන් පැවත එනවා කියලා හිතන්න බැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 122 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 36 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 13 151 0

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 469 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 407 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 177 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 182 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1607 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site