IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රජ්ජුරුවෝ බිමයි බිමයි‘

තමන්ගේ කෙනකු ජනපති ධුරයට පත් වුවහොත් තම ජීවිත සැපවත් වේ යැයි සිතා ඡන්දය දුන් හම්බන්තොට ජනතාව කන්ද පාමුල තබා මහින්ද රාජපක්ෂ සිය පවුල ද සමග කන්ද මුදුනට නැඟ ඇති බවත්, එනිසා අතරමං වූ ජනතාවගේ ජීවිත සැපවත් කිරීම අගෝස්තු 17 වැනිදායින් පසු තමා බාර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වලස්මුල්ලේ දී කීවේය.

‘දකුණු අධිවේගී මාර්ගය ඉදි කළත් එම මාර්ගයේ ප්‍රවාහනයට කර්මාන්ත භාණ්ඩ කිසිවක් නෑ. එම මාර්ගයෙන් ලැබුණු පහසුවක් වන්නේ හදිසි රෝගියකු ඉක්මනින් කොළඹ රෝහලකට ගෙන යාමට හැකි වීම පමණයි.

හම්බන්තොට ගුවන් තොටුපොළක් ඉදි කර ඇතත් ගුවන් යානයක් එන තුරු තවමත් බලා සිටිනවා. කොළඹ නගර සභාවේ ත්‍රීරෝද ගාලේ පවා මීට වඩා ලාභ ලබනවා.  හම්බන්තොට ඉදි කළ සම්මන්ත්‍රණ ශාලාව පාඩු ලබන අතර ඉඳ හිට සම්මන්ත්‍රණ වෙනුවට විවාහ උත්සව පවත්වනවා.

රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මැන්නේ කොංක්‍රීට් වලිනුයි. කොන්ක්‍රීට් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ අය සිතුවේ සංවර්ධනය වැඩි වෙන බවයි. නමුත් අප සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතමිට තිබෙන මුදල් වලිනුයි. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි අංශවල දියුණුව අපේ සංවර්ධනයේ මිණුම් දණ්ඩයි.

රජ්ජුරුවෝ උඩයි උඩයි යනුවෙන් මෙතෙක් කල් කිව්වා. ජනවාරි අට වැනි දා රජ්ජුරුවෝ බිමට වැටුණා. ඒ රජ්ජුරුවො දැන් හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ නැතිව කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලනවා. ‘

DSC_3854 DSC_3889 DSC_3893 DSC_3948

 



අදහස් (0)

‘රජ්ජුරුවෝ බිමයි බිමයි‘

සඳා Wednesday, 29 July 2015 08:08 AM

දන්නේ නැති නිසයි අහන්නේ ඔය බැඳුම්කර සල්ලි වලින් මොකද කළේ ? (බ)

:       0       0

දහම් Wednesday, 29 July 2015 08:25 AM

අධි වේගී මාර්ගයේ දවසකට වාහන දහස් ගණනක් යනවා. ඒ යන්නේ ශ්‍රී ලංකා කාරයෝ හෝ මහින්දගේ ගෝලයෝ නෙමෙයි. එ්කේ යන අය දන්නවා මොන තරම් පහසුවක්ද, කාලය මොන තරම් ඉතිරි වෙනවද කියල. මාතර සිට කොළඹ ඇවිත් මහා ඉස්පිරිතාලේ ලෙඩෙක් බලල හවස් වෙන්න ඉස්සර ගෙදර යන්නත් පුළුවන්. අගමැති හැටියට ඔහොම කතා කියන්න එපා කියල උපදේශකයෝ කියල දෙන්නේ නැද්ද? එක නෙමෙයි මොකද සජිත් ආවේ නැත්තේ? (බ)

:       0       0

විජයබාහු Wednesday, 29 July 2015 08:27 AM

ජයවේවා.අපේ අගමැති රනිල් මහත්තයයි.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 29 July 2015 08:40 AM

මේ කවුද බොලේ මේ (බ)

:       0       0

ප්‍රියංකර Wednesday, 29 July 2015 08:40 AM

මොකද දන්නේ නැහැ එහෙනම් දක්ෂිණ දෙවෙනි අදියරත් පටන් ගත්තේ? වරායේ දෙවන අදියරට වතුර පිරෙව්වේ? මේ ගොල්ලෝ සංවර්ධනේ කරන්නේ සල්ලි ගිලලා. අඩු තරමින් කොන්ක්‍රීට්වත් නැහැ. (බ)

:       0       0

ගම්ලත් Wednesday, 29 July 2015 08:44 AM

අධිවේගී මාර්ගය නිසා ගමන් කිරීම පහසු වූ බව ඇත්ත. නමුත් රාජපක්ෂල අධිවේගී මාර්ග හැදුවේ ජනතාවට බොරු ෂෝ එකක් පෙන්නලා ඡන්දෙ ගන්නයි කොමිස් ගහන්නයි මිස රට දියුණු කරන්න නෙමෙයි. රට දියුණු කරන්න අවශ්‍ය නම් අධිවේගී මාර්ගයට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත කිහිපයක් හරි පටන් ගන්න තිබ්බා. ඒ වගේ දෙයක් එයාල කලාද? එහෙම නොකර ඔය අධිවේගී මාර්ගයට ගත්ත ණයවත් අඩුතරමේ ගෙවන්න පුලුවන්ද? (නදී)

:       0       0

රාමා Wednesday, 29 July 2015 08:46 AM

මෙයා ඔලුව පීරාගෙන ඇවිල්ලා නැහැ (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 July 2015 08:54 AM

අපේ මහින්ද ජනාදිපති තුමා සැදූ දේවල් බුක්ති විදිමින් එතුමාටම බනිනවා.(නදී)

:       0       0

අනිල් රෝහණ Wednesday, 29 July 2015 09:45 AM

එතකොට ඡන්ද දායකයට මොකද කියන්න ඕන මම ලබන සැරේ ඔයාල ළඟට එන්නම් කියලද? (බ)

:       0       0

ජයන්ත Wednesday, 29 July 2015 10:15 AM

මෙන්න මෙය තවත් ජන්ද ටිකක් අඩු කර ගත්තා. කට ඇරියොත් ඉවරයි. මෙය කට අරින්න නැතුව ඉන්න කම් හරිම හොඳ ළමයා. (ම)

:       0       0

කමල් Wednesday, 29 July 2015 10:32 AM

සඳා, ඔබ මුලිනේ බැඳුම්කරේ පිළිබද ඉගනගෙන එන්න (නදී)

:       0       0

රවී Wednesday, 29 July 2015 12:03 PM

තවමත් බාහිර පෙනුමට රැවටෙන රාම් වගේ උදවිය ඉන්නවනේ පව් අනේ. මහින්දගේ වැඩ හොදයි එ්ත් කිසිම සැලසුමක් නෑ.ගසාකෑම වැඩි. කෙටිකාලින අදායම් නෑ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 455 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 482 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10673 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3090 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3873 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6146 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19504 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site