(නිමන්ති රණසිංහ)
තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26) මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරු විසින් එම මෝසම ඉදිරිපත් කිරීමට සූදානම් වූවද යළි එය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත පසුගිය 24 වැනිදා වරෙන්තු නිකුත් කර තිබිණි.
අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවටත් එම නිලධාරීන් වාර්තා කර තිබේ.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජිතගේ නීතිඥවරු අධිකරණයට ගෙනා මෝසම යළි ඉවත්කර ගනිති
eresh S kumara Thursday, 26 December 2019 05:58 AM
හොරෙන්ම සිංගප්පුරු ගිහින් වගෙයි.
nali Thursday, 26 December 2019 06:24 AM
කිසිම වටිනාකමක් නැති ප්‍රවෘත්ති...
Hafeel Thursday, 26 December 2019 07:32 AM
එ්කනේ... කොහොම හරි මේ සතිය දුවනවා රාජිත සංදර්ශනය...
සංජීව Thursday, 26 December 2019 06:34 AM
අනේ මන්දා, මේ ගොල්ලෝ හොරා, පොලිස් සෙල්ලම් කරකර ඉන්නවා. රටේ බඩු මිල අහස උසට නැගලා මිනිස්සුන්ට කන්න විදියක් නෑ. එහෙන් ගංවතුර, නාය ගිහින් ඉන්න හිටින්න තැන් නැතිවෙලා. ගොවිතැන් විනාශවෙලා. මේ අයට ඒවායේ වගක්වත් නෑ.
INDIKAThursday, 26 December 2019 07:28 AM
සංජීව මහත්තයා නැගිටලා වගේ...
Ajantha Thursday, 26 December 2019 06:55 AM
අශ්වයාට පැනලා යන්න දීලා ඉස්තාලය වැහුවා වගේ වැඩක්ද මන්දා කළේ...?
Chinthaka Thursday, 26 December 2019 06:56 AM
චණ්ඩියා හැංගිලා..
athuraThursday, 26 December 2019 08:39 AM
බුද්ධි අංශ ශක්තිමත් කරන්න ආපු කෙනාට ඒක තාම බැරි වෙලාද?
ChandiThursday, 26 December 2019 09:00 AM
ඔන්න කිව්වා ගොන් කතාවක්... අවුරුදු 5ක් තිස්සේ බුද්ධි අංශ වනසලා මාසයෙන් දෙකෙන් ඒවා ගොඩගන්න බැහැ කියලා තේරුම් ගන්න.
athuraThursday, 26 December 2019 10:27 AM
ඒ ඔයානේ කියන්නේ... හැබැයි ජනපති, අගමැති කියන්නේ ආරක්ෂාව සහතික කරලා තියෙන්නේ කියලා.
ධම්ම Thursday, 26 December 2019 07:13 AM
මා හිතාගෙන හිටියේ උසාවි වරෙන්තුවලින් වහං වෙන්න ගොලුබෙලි කටු අස්සේ රිංගන්නේ පාතාලේ උන් විතරයි කියලා.
විජිත් Thursday, 26 December 2019 04:09 PM
ඔව් මල්ලි, ඔය දියවන්නාවේ ඉන්න සුදු අඳින රැලත් පාතාලයේ අය තමයි.
hemantha Thursday, 26 December 2019 07:24 AM
සී.අයි.ඩී. එකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින තැන හොයාගන්න බැරි තරමට දුර්වල වෙලා. රටක් වශයෙන් අපි කොතැනද ඉන්නේ? මෙයාලා ත්‍රස්තවාදියෙක් හොයා ගන්නේ කොහොමද මෙහෙම වෙලා?
සමන් ඕස්ට්‍රේලියාව Thursday, 26 December 2019 07:28 AM
ඉන්දියාවට පැනලා යන්න ඇති බෝට්ටුවකින්... ඒ පැත්තේ උදව් කරන අයත් ඇතිනේ ගොඩක්...
Hafeel Thursday, 26 December 2019 07:38 AM
කට ඇරියොත්, මහා ලොකුවට කියනවා රට, රටේ ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්නත් සූදානම් කියලා. නමුත් මේ ගොල්ලන් වගේ බිය ගුල්ලෝ කොහොමටත් රටේ දේශපාලනයට සුදුසු නැත. මේ ගොල්ලන් හමුදාවේ හිටියොත් කොහොම වේවිද?
mp Thursday, 26 December 2019 07:46 AM
මෙහෙම කෙනෙකුටද රටේ සෞඛ්‍යය බාර දීලා තිබුණේ?
P. Ilangatatne Thursday, 26 December 2019 07:47 AM
කොන්ද පණ නැහැනේ...
සේනක Thursday, 26 December 2019 07:48 AM
අයියෝ කිඹුලා බය වෙලා.
කුමාරි Thursday, 26 December 2019 07:48 AM
හොයාගත්තු කෙනාට දෙන තෑග්ගේ වටිනාකම කීයද?
eresh S kumaraThursday, 26 December 2019 09:14 AM
සුදු වැන් රථයක් සමග කිබුලෙක්
Thushan Thursday, 26 December 2019 07:50 AM
හිටියේ හරියට සිංහයෙක් වගේ.. බලන් ගියාම බයගුල්ලෙක්නේ..
athuraThursday, 26 December 2019 08:43 AM
සිංහ කතා කියලා බලයට ආපු කෙනාටත් රට ඇතුලේ ඉන්න කෙනෙක්ව අල්ලගන්න බැරුව මෙහෙම දඟලනකොට බෝම්බ පුපුරපු කෙනා හොයනව බොරු...
Bandara Thursday, 26 December 2019 08:18 AM
හැංගිලා කාලයක් ගිහින් ආයේ එන්න එපා අපිට පව් දෙන්න.
Weera Sankili Thursday, 26 December 2019 08:23 AM
සුදු වෑන් ගැන ෆේස්බුක් කමෙන්ට්ස් දාපු ඔක්කොම අහවල් පනතේ අහවල් වගන්ති කඩ කිරීම නිසා අත් අඩංගුවට ගන්නවා... පරිස්සම් වෙලා හිටපල්ලා
lalithm Thursday, 26 December 2019 08:32 AM
පාර්ලිමේන්තුවේ ඡන්දෙ ඉවරවෙනකම් ඔය ජෝක් තියේවි? ගිය ආණ්ඩුවේ වැඩ වගේම තමයි මේකත්... අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලේ වහනවා.
Amula Thursday, 26 December 2019 09:26 AM
මේවා පටන්ගත්තේ වර්තමාන ජනාධිපති නඩුවලට බයේ. ඒ පාරේ තමයි දැන් අනිත් අයත්.
ranjith Thursday, 26 December 2019 09:31 AM
මේ බොරුව කවුරු රවට්ටන්නද? බොරු රංග පෑමක්! බැසිල් ගේ හරි මහින්ද ගේ හරි සැකැස්මක්.
C.K.Lankaputhra Thursday, 26 December 2019 09:44 AM
හෆීල් මහත්තයෝ, සමහර අය රට බේරාගන්න යුද්ධ කරන්න බයේ ඇමරිකාවටත් පැනලා ගිහිල්ලත් තියනවා.
Champa Thursday, 26 December 2019 09:54 AM
කොහෙද දන්නේ නැහැ නේද හැංගිලා ඉන්නේ? මෙහෙම හැංගිමුත්තන් කරන්න හොඳම තැන යූ-ටර්න් ජනාධිපති මන්දිරේ.
kavichkaThursday, 26 December 2019 04:13 PM
කට කැඩිච්ච කතා කියන්න එපා. ජනාධිපති මන්දිරේ ඉන්නේ ඔබත් ඇතුළු වහල් ගෝත්‍රිකයින් විසින් පත්කරගත්ත රටේ නායකයා. එතුමා කවදාවත් රාජිත වගේ කෙනෙක්ව හංගගෙන ඉන්නේ නැහැ.
balasooriyaFriday, 27 December 2019 11:21 AM
ඉල්ලන් කාල වගෙයි. දැන්වත් ඔය කට වහගන්න.
CHANDA Thursday, 26 December 2019 10:18 AM
මේ අය ඇතුළු විවිධ අංශ වල අය පසුගිය කාලේ ජයටම ලංකාවේ රජ කළා. නළු නිලි ගායක නඩ, දේශපාල ඉත්තෝ, හමුදාවේ, පොලිසියේ, නිතිය යුක්තිය පසිදලන අධිකරණ ක්‍රියාවලියේ හැම අංශයකම , ක්‍රිකට් ටීම් එකේ, රාජ්‍ය නිලධාරින් , ජනමාධ්‍ය අංශවල මුල් බැසගත්තා, එහි අතුරු පලේ උගත් ධනවත් මුස්ලිම් විරුද්ධවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාස්කු දින කිතුනු බැතිමතුන් විශාල පිරිසක් බිලිවීමයි.
CHANDA Thursday, 26 December 2019 10:46 AM
ලංකාවේ යුක්තිය පසිඳලන අධිකරණ ක්‍රියාවලින් තාම ක්‍රියාත්මක වෙන්නේ.. කිතුණු මූලධර්මවාදී කල්ලියකින් මේ වෙනසක් පේන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිත් රිදවාගත් අය මොවුන්ගෙන් පළිගන්න තීරණය කළා. එච්චරයි..
beau Thursday, 26 December 2019 11:38 AM
මිනිහෙක් වගේ නීතියට මූණ දෙන්න. නීතියට මුහුණදෙන්න වුණාම බයේ දුවලා ගිහින් හැංගෙනවා.
Bamunuarachchi Thursday, 26 December 2019 02:47 PM
"සමහර අය රට බේරාගන්න යුද්ධ කරන්න බයේ ඇමරිකාවටත් පැනලා ගිහිල්ලත් තියනවා" අනේ ඔහේ දන්නා යුද්දේ? දන්නා මගුලක් කතා කරන්න හලෝ? පැරදිලා පස්සත් බිම ඇනිලා ඒ වුණාට කටේ නරිවාදම ගිහිල්ලා නැහැ
gunarathna Thursday, 26 December 2019 03:16 PM
මම නම් හිතන්නේ කොහේහරි තානාපති කාර්යාලයක ඇති. සුවිස් තානාපති කාර්යාලයට ගියානම් උසාවියට, CID එකට යන්ට එන්ට ට්‍රාන්ස්පෝර්ට් ගන්න පුළුවන්. මුහුණ වහන්ට ඕනෙනම් චීත්ත කෑල්ලකුත් ඉල්ලගන්ට තිබුණා.
raheem Thursday, 26 December 2019 03:49 PM
හරියට කාළගුනේ වගේ නිරිත දිග මෝසම් සුළඟ වගේ එහාට දානවා මෙහාට දානවා.