(දසුන් රාජපක්ෂ)
නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ කර තිබෙන පැමිණිල්ලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ නම ඉවත් කරගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (5) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියහ.
එම පැමිණිල්ලට අදාළව රාජිත සේනාරත්න මහතා වගඋත්තරකාරයකු කර තිබෙන්නේ සාක්ෂි සහිතව නොව මාධ්‍යවල සඳහන් වූ ප්‍රකාශ අනුව බව රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් අද කොමිසමට දැනුම් දුන්නේය.
නිශ්චිත සාක්ෂියක් නොමැතිව තම සේවාදායකයා වගඋත්තරකාරයකු ලෙස නම් කිරීමට නොහැකි බව එම නීතිඥවරු කොමිසමට දන්වා සිටියේය.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට මාගේ නම සඳහන් කර රිමාන්ඩ් බාරයට පත් කළේ දේශපාලනිකව පළිගැනීමට බව නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා මෙම කොමිසමට පැමිණිලි කර තිබෙන අතර එහි වගඋත්තරකරුවකු ලෙස රාජිත සේනාරත්න මහතා නම්කර තිබිණි.
වගඋත්තරකාර පාර්ශවයෙන් රාජිත සේනාරත්න මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර ඉදිරියේ දී දැනුම් දෙන බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා දන්වා සිටියේය.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජිතගේ නම ඉවත් කරගන්නා ලෙස නීතිඥවරු ඉල්ලති
වීරවිජේ Monday, 05 October 2020 11:27 AM
කිසිම කමකට නැතුව ලංකාවම හොරාකපු අයව ප්‍රසිද්ධියේ කරන්න ඕනේ. හොඳට දඬුවම්.. ඔවුන්ව මෙහෙම හුරතල් කරලා හරියන්නෑ.. රටකට හරියන්න නම් මොවුන්ට නිසි දඬුවම් දෙන්න ඕනේ..
Raveendra Monday, 05 October 2020 11:54 AM
ඔව් ඔව් මේ උපාසක "මහත්තයාව" ඒ ජරා වැඩවලින් අයින් කරලා දාන්න අප්පා.. පේන්නේ නැද්ද පින් බේරෙන දැකීමට අකමැති නොහොත් නොදකින් මුණ දැකීමෙන් මොනතරම් නම් මිනිසුන්ගේ අදහස් කුපිත වෙනවද?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 October 2020 12:23 PM
රාජිත හරි හෝ වැරදි එක නෙමෙයි ප්‍රශ්නය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීවේදියා හොඳින් නීතිය දන්නා කෙනෙක්...
BamunuarachchiTuesday, 06 October 2020 02:32 AM
රාජිතගේ නම එලියට ගන්න නොවෙයි පුතාගේ නමත් කොහොමහරි තුලට දාගන්න බලන්නේ.
chadana Monday, 05 October 2020 04:11 PM
දැන් එතකොට ළමයි 11ක් මැරිලත් නැහැ. උස්සපු කෙනෙකුත් නැහැ. ඒ ගැන කියපු කෙනා හිරේ යන හැඩයි පේන්නේ..
chithranandaMonday, 05 October 2020 11:58 PM
අපේ රට හරි අමුතුයි. වැරදි අනන්තවත් වෙනවා. පරීක්ෂණ කෙරෙනවා. හැබැයි වැරදි කාරයෝ කිසිකෙනෙක් මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ. උදාහරණයක් විදියට තාජුඩීන් මරලා කියලා පරීක්ෂණ වලදී ඔප්පු උනත් මරපු කෙනෙක් නැහැ. ලසන්ත මරලා උනත් මරපු කෙනෙක් නැහැ. ඔය වගේ පුදුම සහගත නීතිය ක්‍රියාත්මක වීමක් තියෙන්නේ,
Bandara Tuesday, 06 October 2020 12:39 AM
ඇයි තවත් රාජිතට දඬුවම් නැත්තේ.?
BamunuarachchiWednesday, 07 October 2020 01:20 PM
ඉස්කෝලෙ මහත්වරු දඬුවම් දෙන විදිහටද දඬුවම් දෙන්න ඕනේ..?