IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රාජිතට ඇප

(නිමන්ති රණසිංහ)

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා  නියම කළේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (70)

රාජිතට ඇප

eresh S kumara Monday, 30 December 2019 06:12 AM

අපි නම් ඔය නාටකයත් දැනගෙන හිටියා. ඇප නොදුන්නා නම් තමයි ගැටලුව...

:       327       788

සාමන්තMonday, 30 December 2019 07:58 AM

අැප දෙන්න බැරි මිනීමැරුමක් කරපු නිසාද?

:       669       736

Rasika PradeepMonday, 30 December 2019 08:48 AM

රටත් ජාතියත් දුක් විදින ජනතාවත් වෙනුවෙන් දුර්දාන්ත පාලනයට එරෙහිව සටන් වැද අහිංසක ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයෙකුගේ සැබෑ වගකීම ඉටුකළ උගයේ මහා වීරයාට උපහාර. මීට කිඹුලා

:       102       483

RaveendraMonday, 30 December 2019 07:35 PM

දුන්නත් පාවා තම රට මුළු ලෝකය ඉදිරියේ.......කෙරුවත් බොරුව කෙරුවේ මුළු රට ඉදිරියේ........රගපෑවා නේද පොල් නීතිය ඉදිරියේ................

:       1       1

upali Monday, 30 December 2019 06:13 AM

නීතිය කාට ගිහින්ද..? හැංගි හැංගි අධිකරණයට කට්ටි පනිමින් සිටි පුද්ගලයාට ඇප දුන්නා.. මේ එක සිද්ධියක් වුණාට රටේ සියලුම ජනතාවට පෙන්වන නරක ආදර්ශයක්.. ඉදිරියේදී මෙවැනි ජවනිකා වංචනිකයන් විසින් කරුණු ඇත.. මෙවැනි දෙයට දැඩි ක්‍රියාමාර්ග නොගන්නේ නම්.. නැවතත් අපි පරණ දේශපාලන රඟපෑමට හසුව ඇතිබව මහජනයාට තේරුම් යනු ඇත. සාමාන්‍යයෙන් අපි මෙවැනි දෙයක් රටේ නායකයාට කරානම් අපිට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැහැ. ඇයි.. නීතිය පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ..?

:       677       932

WijebahuMonday, 30 December 2019 07:23 AM

පළමුකොට මෙය හිරේ දාන්න තරම් වරදක් නොවෙයි. දේශපාලන පළිගැනීමක් විතරයි. කෝ මේ බැඳුම්කර හොරු...?

:       683       751

Silly PointMonday, 30 December 2019 07:23 AM

එතකොට නායකයා වෙලා හිටියේ නැහැනේ...

:       0       15

MaheshMonday, 30 December 2019 08:41 AM

නීතීපති දෙපාර්තමේන්තුවේ වැඩ තමයි ඉතින්.. මතකනේ හිටපු සිරාට දුන්නු දිරච්ච ලණු... අනික ඉතින් මේ අරන් තියෙන්නේ කිසිම තේරුමක් නැති කාරණයකට...

:       68       159

ඉරේෂ් එස් කුමාර Monday, 30 December 2019 06:16 AM

1.රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල් 2.රාජිත රිමාන්ඩ් 3.රාජිත බන්ධනාගාර රෝහලට 4.රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි 5.රාජිතට ඇප ඔන්න නිව්ස්...

:       32       191

buddhika Monday, 30 December 2019 06:17 AM

කොහෙන්ද දැන් අපි හිනාවෙන්න ඕනේ?

:       47       418

චන්නMonday, 30 December 2019 09:14 AM

රට වැසියන් හැටියට අප සිනාසිය යුතු නැත. ඉකි ගසා හැඬිය යුතුය. 1948 සිට අපිව ගොනාට අන්දපු දේශපාලුවන් කරපු කියපු දේවල් දෙස බලා...

:       0       647

චන්න Monday, 30 December 2019 06:20 AM

මෙයාට හොද හිරේ නෙමෙයි... අපාය නේද?

:       706       1101

විමල්Monday, 30 December 2019 06:50 AM

සාමාන්‍ය මිනිසුන් අපායේ ගියාට, ශ්‍රී ලංකාවේ දේශපාලුවන් අපායේ නොයයි

:       7       509

Kumara Monday, 30 December 2019 06:27 AM

නීති ඔක්කොම දුප්පතාට. මෙහෙම රටක ආයෙත් ඉපදීමක් සිදු නොවේවා.

:       154       398

චන්නMonday, 30 December 2019 06:48 AM

නීතියට අනුව මොහු කල ඇති වරද කුමක්ද?

:       1089       761

KasunMonday, 30 December 2019 11:26 AM

ඇයි තේරෙන්නේ නැත්ද? අපරාධයක් වසන් කිරීම හා එයට අනුග්‍රහ දැක්වීම මහජන නියෝජිතයෙක් වශයෙන් නොකළ යුතු බව...

:       230       207

Mahesh Monday, 30 December 2019 06:37 AM

තවත් නාට්‍යයක් මතුසම්බන්ධයි. කොහොමත් මහ ඡන්දේ වෙනකන් කොටස් වශයෙන් නාට්‍යය කීපයකම පෙන්වාවී. ගිය ආන්ඩුව කාලේ පෙන්වපු නාට්‍යය එහෙමත් මේ ආන්ඩුව ඉක්මනින්ම අවසන් කරාවී. අන්තිමට මේවා බලලා කඩේ යන මිනිස්සු චූන් වෙන එක විතරයි වෙන්නේ.

:       118       390

Praba Monday, 30 December 2019 06:37 AM

හිනා වෙලා පන පලයන් පෙරේදා

:       27       172

Uditha - London Monday, 30 December 2019 06:54 AM

කලේ කන නාට්ටි මේවා.. විගඩන් කිව්වොත් එ්ත් හරි.. මිනිස්සු තණකොළ කනවා කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ නේද?

:       1       317

සේනක Monday, 30 December 2019 06:56 AM

ලංකා ඉතිහාසයේ, කවදාද හොරු හොරුන්ව ඇල්ලුවේ. දෙගොල්ලම එකයි. මේ ගොල්ලන්ට ඡන්දය දීලා පත්කරලා පාර්ලිමේන්තුවට යවන අපි තමයි මොඩයින්... තව ටික දවසකින් කියයි" බේරුවල කිඹුලා නිදොස් කොට නිදහස් කළා කියලා. මෙච්චර දවසක් කාලය කාදැම්මේ මේක කියන්නද? මේ ආණ්ඩුවත් අර පාණ්ඩුව වගේම තමයි.

:       2       424

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 30 December 2019 07:02 AM

පාඨලී චම්පික රණවක මැතිතුමාගේ නිදහස් වීම තුළිනුත් රාජිත සේනාරත්න මැතිතුමාගේ නිදහස් වීම තුළිනුත් පැහැදිළි වන්නේ ආණ්ඩුවට තවම ගරු අධිකරණය ග්‍රහණයට ගන්න බැරිවුණු බවයි. ඉදිරියටත් මේ විදියට අධිකරණය ස්වාධීනව ක්‍රියාකරන බව විශ්වාසයි. ජනතාවට අන්තිමට යන්න තියන තැන අධිකරණය නිසා එහි ස්වාධීන බව රන් හා සමානයි.

:       16       714

ChampaMonday, 30 December 2019 02:20 PM

හැබැයි සාමාන්‍ය මහජනයාට ඒ වරප්‍රසාද නැහැ. සාමාන්‍ය මිනිස්සු ඔක්කොම හිරේ. වැරදිලාවත් ඇප දුන්නා නම් දීලා තියෙන්නේ නොදියයුතු වරදවල් වලට...

:       0       47

Champa Monday, 30 December 2019 07:06 AM

"වෙනස මාරයි. " "ඔන්න ගෙනා වෙනස." "දැන් සැපද?" "මෙන්න විශේෂ හෙළිදරව්වක්. යහපාලන ආණ්ඩුවේ සියලුදෙනා රෝහල් ගතකර ඇප ලබා දෙනු ලැබේ." වහල් ආණ්ඩුව කාලේ කියපුවම අදටත් අදාලයි.

:       8       109

mihira Monday, 30 December 2019 07:08 AM

මේක නම් නාට්‍යයක්...

:       0       11

rana Monday, 30 December 2019 07:27 AM

නීතිය බල්ලට ගිහින්... ඇති හැකි යට එක නීතියකුත් දුප්පත් මිනිහට තව නීතියකුත්.. මේවා කාටද කියන්නේ?

:       1       46

Gemunu Monday, 30 December 2019 07:28 AM

රාජිතල, චම්පිකලා පෙන්න පෙන්න වැලි ජාවාරම් කරුවන්ට, පස් ජාවාරම් කරුවන්ට නිදහසේ වැඩේ කරගෙන යන්න ඉඩ දීලා වැලි ජාවරම්කරුවෙකුට විරුද්ධ වෙච්ච නුවර තරුණයෙකුගෙ කශේරුකාව කැඩෙන්න ගහලා. දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන හාමුදුරුවරුන්ටවත් මේවනම් පේන්නේ නෑ.

:       2       402

lalithm Monday, 30 December 2019 07:33 AM

අධිකරණය ආණ්ඩුවේ ග්‍රහණයට ගිහින් තමා 2015 රොටි තැටිය රත් කළේ. ආයිමත් ඒ සෙල්ලම කරන්න ගියොත් මොනවා වුනත් තව අවුරුදු පහක් ඇතුලත රොටි තැටි රත් වේවි. අපේ රටේ මිනිස්සු මොනවා වුනත් ගොන්කම් තේරුම් ගන්නවා කල් ගිහින් හරි.

:       1       15

namalee siriwardena Monday, 30 December 2019 07:36 AM

රාජිතගේ නාඩගමට මුවා වෙලා අන්න පර්සි මහේන්ද්‍ර තව අක්කර 3ක් සින්නක්කරවම විකුණලා. 69 ලක්ෂය සනීපද? කෝ අර මහා සඟ විරුවෝ...?

:       2       450

සුදා Monday, 30 December 2019 07:36 AM

කවුද මේ කොන්දේ අමාරුව තියෙන නඩුකාරයා...?

:       11       72

Hafeel Monday, 30 December 2019 07:37 AM

පුද්ගලිකව අපි එකිනෙකා නොහඳුනන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික විවිධ මතදරන අපිට මේක හොඳම පාඩමක්... මේ දෙගොල්ලම කරන්නේ එකම දේ. ඔවුන් යාලුවෝ. ඔවුන් එකම පන්තියේ. දැන්වත් මේ ගැන අපි අවබෝධයෙන් කටයුතු කරමු. මෙතන අදහස් පලකරන අපි කව්රුත් පොඩි වැරැද්දක්, දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කළත් දඬුවම් විඳින්නම ඕනේ. වරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයක් කියා තිබුණා, "නීතිය මම දන්න නැහැ" කියමින් කාටත් බේරන්න බැහැ කියලා. ඒ කියන්නේ මේ රටේ නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට පමණයි කියන එකයි.

:       7       205

ලුම්බිණි Monday, 30 December 2019 07:40 AM

ගාර්නියර් බැරිස්ටර්ට අැප නැත. රාජිතට ඇප ලැබේ.

:       36       0

sharm warnMonday, 30 December 2019 09:23 AM

දුන්නා දුන්නා. ජෝඩුවටම එක දවසෙම ගෙදර යන්න දුන්නා.. රාජිත ගොයියත් දැන් ආතතිය එහෙම ගලවලා පැත්තක තියලා ඇස් පොඩි කරකර මාධ්‍යයට කියයි එයා කොහොමද පණ බේරාගත්තේ කියලා.. "රාජිතගේ ආතතිය හෙවත් සිංහ නාද බලු කෙඳිරිය".. දැන් මෙයා කෙලින් කටින් එළියට ආවොත් මෙයාව ඇඳෙන් හොලවන්න එපා කියලා දහඅතේ පලි ගහපු දොස්තරට තරමක් බිස්නස් අඩු වෙයි. ලෙඩුන්ව හරියට රෝග නිශ්චය කරන්න දන්නේ නැහැ කියලා...

:       2       102

විජිත් Monday, 30 December 2019 01:29 PM

එයාටත් ඇප දුන්නා. ඒක කලේ රාජිතට ඇප දුන්නු නිසා කියලයි රාවය තියෙන්නේ. නඩු කාරයින්/කාරියන් ඔක්කොම බයයි. ඒ අයගේ කොඳු නාරටිය නමලා තියෙන්නේ. හැබැයි ඉතින් පොල් ගෙඩියක් හොරකම් කරපු අහිංසකයෙක් දැක්කොත්.. එයා ඉවරයි. මාස 6 ක් බරපතල වැඩ ඇතිව පොල්ගෙඩි 4 ට... ලැජ්ජයි ලංකාවේ නීතිය, නඩු කාරයින් ඔක්කොම රොබෝලා වගේ අය... නඩුවට කලින්දා ඉහළින් එන අණ ක්‍රියාත්මක කිරීමට ඒ බොරු කාරයන් බැඳී සිටිති. ඒක නිසා තමයි නාගානන්ද මහත්මයා කිව්වේ එතුමා බලයට පත් වුණොත් මුලින්ම කරන්නේ නඩු කාරයින් ටිකව ගෙදර යවනවා කියලා. ඇත්තටම ලංකාවේ දේශපාලුවන්ට වගේම නඩු කාරයින්ටත් "ලැජ්ජාව" කියන නහරය පිහිටලා නැතිද නැතිනම් 'අයින් කරලාද' දන්නේ නැහැ. මම හිතන්නේ රාජිත අද ශෝක් එකට ගෙදර යාවි. අර දොස්තරගේ විස්තර ටිකක් මම හොයමින් ඉන්නේ. ඔක්කොම ලැබුණු වහාම නම, ගම, හොර සහතික ගැන ඔක්කොම මේ පිටුවෙන් බලාපොරොත්තු වන්න...

:       1       203

මංජුල Monday, 30 December 2019 07:48 AM

දැන් මෙයාට තිබ්බ දරුණු පපුවේ අමාරුව සනීප ඇති...

:       2       106

ravi Monday, 30 December 2019 08:47 AM

අපි මේ එල්ලුම්ගහත් ලෑස්ති කරගෙන පුල පුලා බලාගෙන හිටියේ .. දැන් ඉතින් ඔක්කොම වතුරේ.

:       1       162

Agith Monday, 30 December 2019 09:10 AM

දවස් ගාණක් බෙරිහන් දුන්න මෙයා දේශපාලන පළිගැනීමක් කියලා දැන් කියාවි උත්තරීතර අධිකරණය අපට විශ්වාසයි කියලා කවුරු මොනවා කිව්වත් ලෝකය පාලනය කරන දෙවියන් අපි විශ්වාස කරනවා.

:       2       54

banda Monday, 30 December 2019 09:53 AM

දැන් සැපද ?

:       1       119

kavishkaMonday, 30 December 2019 01:31 PM

බොම්බයි ළූණු ලාබද...? හාමුදුරුවනේ...?

:       0       82

bandaMonday, 30 December 2019 03:10 PM

රතු ළූණු ළඟදී කෑවද?

:       0       21

පර්සි Monday, 30 December 2019 04:14 PM

ඇයි.. අපිට ඡන්දය දීලා කාපු "පරිප්පුව" මදිද හාමුදුරුවනේ.. ලොකු ළූණු දෙන්නම්, පරිප්පු තෙම්පරාදු කරලාම කන්නකෝ. මේ එන ඡන්දෙත් නියම සෙප්පඩ විජ්ජාවක් දාලා අපි දිනනවා. ඊට පස්සේ අපි ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපති තනතුර යාවජීව කරනවා.. ඊටත් පස්සේ තමයි අපි mcc ගිවිසුම අත්සන් කරන්නේ. එතකොට.. අපිට ඡන්දය දුන්නු වහල් ගෝත්‍රික ජනතාවට පරිප්පු තෙල්දාලාම කන්න පුළුවනි... හාමුදුරුවනේ..

:       0       0

SiriFriday, 03 January 2020 08:50 PM

එහෙමයි හාමුදුරුවනේ..!

:       0       0

banda Monday, 30 December 2019 09:55 AM

දැන් අපි බැංකු හොරුත් මේ වගේම අල්ලමු.

:       0       10

Bandula. Monday, 30 December 2019 10:00 AM

ඔය කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තියනවනේ... එ් නිසා ජනතාව රවට්ටලා වැරදි වහගෙන රට කනවා. මේ ළඟට එන නාට්ටිය මහ බැංකුව එතකොට මේක යට.... දැන් අර සුවිස් අක්කගේ වැඩෙත් අද ගොඩනේ.. ජනතාව හැමදාම කබලෙන් ලිපට...

:       0       7

Bamunuarachchi Monday, 30 December 2019 10:28 AM

දැන් ගෙදර යයි නැගිටලා... මම බලාපොරොත්තු වුනේ වෙන දෙයක්...

:       71       6

නෙවිල්. Monday, 30 December 2019 10:34 AM

විජේබාහු අර ගුස්පයෝ දෙන්නාගේ නැදෑයෙක්ද ? හැම තිස්සෙම අමතක කරනවා ඒ අය රජයෙ මුදල්වලින් ගෙවූ වග..............

:       0       4

Bamunuarachchi Monday, 30 December 2019 10:34 AM

නීතිපති දෙපාර්තමේන්තුව පරාදයි....................

:       110       11

Nandalal DE SILVA - FranceMonday, 30 December 2019 03:58 PM

ඒ වුණාට බමුණෝ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය තව මාස කිහිපයකට හෝ නිදහස්ව තිබීම ගැන සතුටුවිය යුතු නොවේද? ඒ ගැන ඔබට ගොඩක් දුක හිතිලා වගෙයි!! ඔබ හිතන විදියට "නීතිපති දෙපාර්තමේන්තුව පරාද වෙලා" නැහැ. නීතිය බල්ලාට දැමීමට සූදානම් වී සිටින හෙන්චයියන් රොත්ත තමයි බලාපොරොත්තු සුන්කරගෙන මීළඟ පියවර ගැන ප්ලෑන් ගහමින් ඉන්නේ...

:       59       216

සුනිල් වික්‍රමාරච්චි පැරිසිය Tuesday, 31 December 2019 01:23 PM

නොදන්නා දේවල් කතා නොකර ඉන්න. බොරුවට දේශපාලනය ගැන කතා කරනවා ..!!!

:       0       67

prakaash Monday, 30 December 2019 10:36 AM

ජනතාව නීතිය අතට ගැනීමට කාලය පැමිණ ඇත.

:       123       94

marsilinMonday, 30 December 2019 01:55 PM

මේ වගේ අයට පිළිතුරු දෙන්න ' නන්නාඳුනන තුවක්කුකරු ' ළඟ ලඟම පැමිණේවා...!!!

:       0       228

ramithMonday, 30 December 2019 04:16 PM

මෙන්න නියම පිළියම...!!! බයවෙන්න එපා... ළඟදීම මිනිහා සීන් එකට ඒවි...

:       0       0

De Monday, 30 December 2019 11:21 AM

චම්පික නාටකේ තරම්ම රාජිත සහ කිඹුල්ලු චිත්‍රපටිය ලස්සනක් නැහැ නේද මෙයා? එ්කේ එච්චරම විහිළුත් නෑ.. අනේ වෙන එකක් දාන්නකෝ අපිට බලන්න!!! කිසි ගතියක් නෑ අනේ..

:       0       31

Kumar Monday, 30 December 2019 11:28 AM

අධිකරණය සහ වෛද්‍යවරු ඇස්පනාපිට කරන මෙවැනි අවනීතිය ගැන නීතියේ පිහිටක් බලාපොරොත්තු විය හැකිද? සාමාන්‍ය ජනතාව වන අපිට නීතියේ පිහිටක් රට තුළ පැතිය නොහැකිය.

:       1       8

පිටිගල මිලානෝ Monday, 30 December 2019 11:37 AM

අධ්‍යක්ෂක එළියේ... නළු නිලියන් වන ස්විස් ගානියා සහ අනිත් දෙන්නා තාම ඇතුලේ. ඒ ඇයි?

:       0       3

Sunil gikiyanage Monday, 30 December 2019 01:30 PM

සල්ලි හා බලය ඔබට තිබේ නම් නීතිය ඔබට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වේ. බැසිල්, ගෝඨා හා රාජිත. මේ ලෙඩවීම බොරුවක් බව අධිකරණය දන්නවා. එ්ත් වෛද්‍යවරු නිර්දේශ කළම අධිකරණයට කරන්න දෙයක් නැහැ. මේ නීතියේ හිල් වහන්න මිනිස්සුන් උද්ඝෝෂණය කළයුතුයි. මොවුන් නීති හදන්නේ ඔවුන්ට ගැලවෙන්න පුළුවන් විදිහට...

:       0       153

amarasena Monday, 30 December 2019 01:57 PM

දැන් ඔක්කොම ඉවරයි...

:       0       3

කපුරුහාමි Monday, 30 December 2019 02:06 PM

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. මෙයාමනේ වතාවක් මහින්දගේ දෙඅත් ශක්තිමත් කරන්න හිතාගෙන ඒ පැත්තට පැන්නේ... අපරාදෙ කියන්න බැහැ.. මොනවා නැතත් අපේ රටේ දේශපාලුවන්ට හොඳට රඟපාන්න නම් පුළුවන්...

:       0       0

ranjith Monday, 30 December 2019 02:29 PM

මහබැංකු හොරකම නිකම්ම යට ගැහිලා නේද? ඡන්දෙට කලින් කියපුවා කෝ අද...?

:       0       0

Muna Monday, 30 December 2019 03:14 PM

නියම රෙස්ලින් ෂෝ එකක් ඉවර වුණා.

:       0       2

Muna Monday, 30 December 2019 03:17 PM

මේවා ඔක්කොම ඩ්‍රාමා තමයි.

:       0       3

Chathuri Monday, 30 December 2019 04:04 PM

මේ සෙල්ලම නතර කරන්න. අධිකරණයේ ඉන්න කොන්ද පණනැති කට්ටිය ඇතුලට දමන්න ඕන. මේ කට්ටිය කොහොමද කාගෙවත් පදේට නටන්නේ. ජනතාවගේ ප්‍රශ්නත් ඔය විදියට විසදන්න පුළුවන්නේ. අපේ මිනිස්සුන්ට නීතියට ඉහලින් යන අයට පාඩමක් උගන්වන්න දන්නේ නැහැ. පොහොර ගෝනිවලට කඩේ යන්න විතරයි දන්නේ. එන්න එන්න මිනිසුන් තිරිසන් විදියට ඉන්න එක වැඩිවෙන එක විතරයි වෙන්න. එක එක්කෙනාගේ හිරි ඇර ගන්න බලයට එන්නේ. වෙන රටවල රටේ නායකයින්ගේ නම් රන් අකුරින් ලියවෙන්නේ. ඒකට අපේ රටේ. කිරි හැලියට ගොම එකතු වෙනවමයි.

:       0       0

Kalhari Monday, 30 December 2019 04:27 PM

තිබ්බ එකට වැඩිය තාම හොඳයි..!. අරෙහේ කෙරුවේ තනිකර අරලියගහ මැදුරෙන් දුන්න නියෝගනේ... එ්කේ හිටිය අරන් AKD ත්... හ්ම් අමතක වෙලාද මන්දා!...

:       0       0

wije Monday, 30 December 2019 04:33 PM

රාජිත නාටකය අවසානයි. ස්විස් තානාපති කාර්යාල නාටකයත් අවසානයි. දැන් මීලග නාටකය මොකක්ද කියලා අපි බලාගෙන ඉමු හාල්, පොල්, එළවලු ගණන් ගියාට කමක් නැහැ.

:       0       0

Dinesh Monday, 30 December 2019 04:55 PM

පව් ඉතින්... 69 ටම පොඩි පොඩි දේවල් දෙන්න එපැයි..

:       0       0

Rasika Monday, 30 December 2019 05:47 PM

ආණ්ඩුව නඩු අසන්නේ හෝ ඇපදෙන්නේ නැතිබව බොහෝ දෙනෙක් නොදන්නා බව පෙනීයයි. නඩු අසන්නේ හෝ ඇප දෙන්නේ උසාවියෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. නමුත් මේ නීතියේ ඇති හිඩැස්වලින් මේ දූෂිතයන් රිංග යාම , සාමාන්‍ය ජනයා තුළ නීතිය කෙරේ ඇති විශ්වාසය නැතිවීමට හේතුවෙනවා. කොහොම උනත් ඇප ලැබුනට නඩුව දිගටම යන අතර මොහු වැරදිකරුවෙක් උනොත් නියත වශයෙන්ම මොහුට දඩුවම් ලැබේවී. ආණ්ඩුව කළ යුත්තේ මේ නීතියේ හිඩැස් වැසීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. මෙයට ජනතාව සහයෝගය දිය යුතුයි.

:       1       0

ranjirh Monday, 30 December 2019 09:49 PM

මිනිස්සු බෙදලා වෛරය ඇති කරවලා කරන දේශපාලනේ........... අන්තිමට මේ දෙගොල්ලොම හොරකම් වලින් බේරෙනවා.

:       0       49

Gemunu Tuesday, 31 December 2019 03:36 AM

ඔව් ඔව් අංක දෙක පටන්ගත්තලු. ආණ්ඩුවනේ රට විකුනුවේ. බයියන්ට මරු ආතල්...

:       0       59

Amula Tuesday, 31 December 2019 03:52 AM

කොහොමත් මේවා කාගේහරි අනුදැනුම ඇතිව කරන දේවල්නේ. ඒ නිසා ආපහු ගන්නත් පුලුවන්. කොහොම වුනත් ඕවා පළිගැනීම් ගොඩට තමා වැටෙන්නේ. දැන් කිසිම ස්වාධෘන බවක් පේන්න නෑ. හැමදේම සෙල්ලම් තමා...

:       0       1

PA - RA Tuesday, 31 December 2019 04:16 AM

දැන් පපුවේ අමාරු, කැක්කුම් ඉවරයි. කවුරුන්ද මේ රවට්ටන්නේ. අපරාධකාරයෝ එළියේ. වත්තට පැනලා කුසගින්න නිවාගන්න පොල් ගෙඩි ගත්ත අය හිරේ.....

:       0       1

sanjeewa Wednesday, 01 January 2020 09:26 PM

මේ දේශපාලකයන්ට මධ්‍යට ඇවිල්ලා මෙහෙම බොරු කියන්න පුලුවන්නම්, දේශපාලන වේධිකාවල කියන එව්වා පට්ටපල් බොරු වෙන්න ඕනේ. මේවට නීති හදන්න ඕනේ. මිනිස්සු විශ්වාස කරනවනේ මේ බොරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2332 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2428 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1735 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 328 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 900 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 680 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site