IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රාජිතට මාසෙට කෝටි දෙකක් දෙන්න හදලා‘

ඇවන්ගාඩ් සිද්ධිය ගැන කතා නොකර සිටීමට මසකට රුපියල් කෝටි දෙක බැගින් තමාට දීමට පුද්ගලයකු උත්සාහ කළ බවත්, අවශ්‍ය  අවස්ථාවේ ඒ ගැන ගෙලි කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

‘සති දෙකකට මගේ කට වහන්න මසකට රුපියල් කෝටි දෙක බැගින් දෙන්න උත්සාහ කළා. මා ඊට එකඟ වුණේ නෑ. මගේ මිතුරකු හරහා තමයි ගනුදෙනුව කතා කළේ. මිතුරා ළඟ අවශ්‍ය හඬ පට තිබෙනවා. ඔහු ඒවා එළියට දාන්න අකමැතියි. නමුත් මට අවැඩක් වෙනවා නම් ඔහු එය එළියට දමනවා. අවශ්‍ය අවස්ථාව ආවහම ඒ ගැන හෙළි කරන්නම්.

ඇවන්ගාර්ඩ් සිද්ධිය ගැන කතා නොකර සිටින්නට තවත් ඇමැතිවරයකුට රුපියල් කෝටි 30ක් දෙන්න උත්සාහ කර තිබුණා.‘

  යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු වන නිශ්ශංඛ සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් ආරක්ෂක සමාගමේ සේවා ප්‍රධාන වශයෙන් සමුද්‍රාරක්ෂණය සඳහා යොදා ගැනේ. නයිජීරියාවේ සෙබළුන් පුහුණු කිරීම, මුහුදු කොල්ලකරුවන්ගෙන් ඉන්දියන් සාගරයේ වාණිජ නැව් ආරක්ෂා කිරීම සඳහා  නැව්වල ගමන් කරන සන්නද්ධ භටයන්ගේ අවි, ගාල්ල වරායේ පාවෙන ගබඩාවක කුලියට තැන්පත් කිරීම ඇතුළු සේවා රැසක් ඔහුගේ සමාගම පවත්වාගෙන යන බව කියති.

ඇමැති රාජිත සේනාරත්නගේ චෝදනාවට ප්‍රතිචාර දක්වන ලෙස ඇවන්ඩ්ගාඩ් සමාගමට ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පණිවුඩයක් යැවූ නමුත් ඊට පිළිතුරක් ලැබුණේ නැත.



අදහස් (0)

‘රාජිතට මාසෙට කෝටි දෙකක් දෙන්න හදලා‘

වින්සන්ට් Thursday, 14 May 2015 09:02 PM

මේකත් දැකපු හීනයක්ද? ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කරන කියන දේවල් ගැන ඇත්තටම අද දේශපාලකයන් ලැජ්ජා වියයුතුය. කවදාද මේගොල්ලෝ රටේ සංවර්ධනය ගැන වැඩ පිළිවෙලක් ගෙන එන්නේ. ජනතාවට අවශ්‍ය දේශපාලකයන්ගේ බල අරගලය දැකීමට නොවන බව වර්තමාන දේශපාලකයන් තේරුම් ගත යුතුව ඇත (බ)

:       0       0

එඩ්වර්ඩ් Friday, 15 May 2015 12:18 AM

බොරු කියන්න එපා එය ඔබගේ ගරුත්වයට හොඳ නැහැ (නදී)

:       0       0

ප්‍රකාශ් Saturday, 16 May 2015 09:24 AM

අනේ! බොරු නොකියා තමන් මේ රටට කළ එක හොඳ දෙයක් කියනවද? (නි)

:       0       0

කරුණාදාස Friday, 15 May 2015 12:53 AM

බෝසත් කෙසේ වෙතත් රටට ඕන හොඳ මොළයක්. ඉස්සර ගැන මම දන්නෙ නැහැ. නමුත් දැන්නම් දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වුනු පැසුනු බුද්ධියක් ඇති රටට ඕන මොලයක් වග පේනවා.(නදී)

:       0       0

රෝහිත් Monday, 18 May 2015 04:57 AM

ගෑනු ළමය හිර කරන ඉන්නේ මෙයාගෙම පුතාද කියල හරියටම දන්නේ පුතාගේ අම්ම තමයි. (බ)

:       0       0

රේණුකා Sunday, 17 May 2015 11:24 AM

මේ රාජිත කියන කෙනාගේ කතාවේ හැටියට අර ගෑනු ළමයාව හිරකරගෙන ඉන්නේ මෙයාගේම පුතාද? (නදී)

:       0       0

දුමින්ද Friday, 15 May 2015 01:53 AM

ඇත්තමද ඔය කිව්වේ.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 03:16 AM

එදා සිටම පෙඩරල් වාදයට බෙදුම් වාදයට කඩේ ගිය පක්ෂෙන් පක්ෂයට පැන පැන හැමදාමත් ඇමතිකම් වල වැජඹුන මේ දත් දොස්තර මහත්තය එනතුරු දඬුවම් දෙන අය බලා ඉන්නවා (බ)

:       0       0

අවන්ති Friday, 15 May 2015 04:51 AM

එහාට මෙහාට පනින එකෙන් නම් හොදට තෙම්පරාදු වුනු මොලයක් තියනවා. මේක කියන්න තිබුනේ එදාමනේ?මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි? මේක අර කෙක්කෙන් නැත්නම් කොක්කෙන් වගේ කියමනක්. (ර)

:       0       0

සියාතු Sunday, 17 May 2015 06:27 AM

චේතිය රජ්ජුරුවන්ගේ ලොකු අප්පච්චිද කොහෙද? (බ)

:       0       0

රෝහිත් Sunday, 17 May 2015 06:30 AM

මේ කතා වල හැටියට මිනිස්සු මෙයාගේ දත් ටික යහතින් ඉතුරු කරලා තියෙන එක පුදුමයි. (බ)

:       0       0

රිතික් Sunday, 17 May 2015 05:18 PM

රේණුක, අර ගැහැණු ළමයා ගැන සිද්ධියේදී අපි හිතාගෙන ඉන්න දේ කල්ක්‍රියාවෙනුත් ඇත්තක් වෙන්න ඇති කියලා අපිටත් හිතුනාට මොකද ඉතින් ඕවා හරියටම දන්නේ අපි නෙමෙයිනේ (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 14 May 2015 03:02 PM

මංගල නම්බර දෙක..කිව්වොත් බේගලයක්..ගැහුවොත් මඩක්..ඒ දෙකට ඇරෙන්න වෙනනම් තඹේකට ඇති වැඩක් නැහැ..(බ)

:       0       0

සංහිඳ Friday, 15 May 2015 06:38 AM

අල්ලසක්, අපරාධයක් පිලිබඳ දැනුවත්ව එය නීතියට නොදැන්වීම බරපතල වරදක්. නීතිය ඉෂ්ටවීම වැලැක්වීම යටතේ වහාම මේ පුද්ගලයා රහස් පොලිසිය මගින් කටඋත්තරයක් ලබාගෙන අත්අඩංගුවට ගත යුතුයි. වහාම 'යහපාලන' නීතිය ක්‍රියාත්මක කරන්න...(බ)

:       0       0

අනිල් Friday, 15 May 2015 06:39 AM

සති දෙකකට කට වහන්න මොකටද මාසෙකට කොටි දෙක ගානෙ දෙන්නේ? සති දෙකකටනේ ගෙවන්න ඕන! (බ)

:       0       0

දුමින්ද Friday, 15 May 2015 06:41 AM

බේරුවල රන් දිව (බ)

:       0       0

ඇසිලින් Thursday, 14 May 2015 03:49 PM

බෝසත් චරිතයක් නේ? (බ)

:       0       0

නුවන් Thursday, 14 May 2015 04:24 PM

දොස්තර මහත්තය පහුගිය කාලේ කරපු කියපු දේවල්වල හැටියට මට නම් පෙන්නේ මේ නිව්ස් එක එන්න ඕනේ මේ වෙන විදිහකට (නදී)

:       0       0

නන්ද Thursday, 14 May 2015 05:09 PM

අනේ කියලා වැඩක් නැහැ.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 05:11 PM

එහෙම අල්ලස් දෙන්න ආවනම් ඒබව පෙමිනිලි නොකර මෙතුවක් කල සඟවා සිටීමත් වරදක්. දෙසපාලකයන්ට රටේ ඕනෙම විදියකට කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. නීතිය සැමට සාදාරන වෙන්න ඕනේ. කවදද අපිට එය බුක්ති විඳින්න ලැබෙන්නේ? (ර)

:       0       0

ඉසුර Thursday, 14 May 2015 06:52 PM

ඔබ වැනි මිනිසුන් අප රටට උතුම්. කිසිවෙකුටත් නොබියව සියලු දුෂිතයන්ට දඩුවම් දෙන්න ඔබ පෙරමුණ ගන්න. ඔබට ජය නියතයි.! (ර)

:       0       0

සොපී Friday, 15 May 2015 08:36 AM

ඔය අල්ලස් දෙන්න හදපු කෙනාව වහාම නීතිය ඉදිරියට පමුණුවන්න.(ම)

:       0       0

ධම්ම Thursday, 14 May 2015 07:46 PM

මමනම් ඒ දෙන ගාන අරගෙන කටවහ ගන්නවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 81 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 135 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2444 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1532 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site