(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් මහතා විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් පරිදි අධික රුධිර පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින් ඔහුගේ සමීපයට යා නොහැකි බවත් සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරයක් පවතින බවයි.
කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.
එහිදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව විනාඩි 25 කට කල් තැබුවාය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල්
Amula Friday, 27 December 2019 06:15 AM
වැඩේ දැන් නඩුකාරයෝ නීතිපති පොලීසිය, සී.අයි.ඩී. ය ඔය ඔක්කොම මෙහෙයවන්නේ එක්කෙනෙක් නේ. අනිවාර්යයෙන්ම කියන දේ කරන්න වෙනවා. නැත්නම් රාජිතට කලින් සුදු වෑන් තමයි යන්න වෙන්නේ. මේ රට හදන්න අපේ රටේ මිනිස්සුන්ගේ මොල හෝදන්න ඕනේ. අපේ රටේ මිනිස්සු ඡන්දෙ දීලා බලන් ඉන්නේ කාටද ගහන්නේ? කාවද හිරේදාන්නේ කියලා බොහොම අඩු මානසික තත්වයක ඉන්න මිනිස්සු සහ දේශපාලකයෝ...
Raveendra Friday, 27 December 2019 06:25 AM
වේදිකාවේ කියවමින් කෑමොර දෙන "බූරුවන්ට" අවසානයේ සෑදෙන ලෙඩවල් වලින් ආතතිය, අධික රුධිර පීඩනය වැනි "බෝවන" රෝග බව මනාවට ඔප්පු කර ඇති අය වැඩිපුරම සිටින්නේ දියවන්නා ඔයේ හරක්ගාලේ බව මෙමගින් මනාවට පැහැදිලි වේ.
upali Friday, 27 December 2019 06:36 AM
ලොසැටර්න් Losartan 100mgක් විතර දීලා රිමාන්ඩ් එකට දාන්න.. නැත්තම් අපිට ප්‍රෙෂර් එක හැදෙනවා..
saliya Friday, 27 December 2019 07:30 AM
දහසක් වැරදි ඇති. එහෙත් එතුමා බෙහෙත් මිල සෑහෙන්න අඩු කළා. අක්ෂි කාච මිල අඩු කළා. ඉන් ප්‍රතිලාභ ලද විශේෂයෙන් වැඩිහිටි අය බොහොමයි. කලබලයක් නොවී, ක්‍රියා මාර්ග ගන්නවා නම් හොඳ දෙයකි.
AdeethaSaturday, 28 December 2019 04:09 AM
සාලිය , බාල බෙහෙත් මිල අඩුවෙන් දිමෙන් රෝග වැඩි වීම පමණක් වේ. ඩ්‍රග් ලංකාවේ මාෆියාවේ ලොක්කා මොහුයි, බාල අක්ෂි කාචද මොහු අඩුවට දුන් බව එම ආණ්ඩුවේම විගණන වාර්තා පෙන්වයි. මෙවැනි පාදඩයින් වෙනුවෙන් කඩේ නොයන්න..!
samira Friday, 27 December 2019 11:26 AM
ආතතිය වැඩි වෙලාලු. ලඟට යන්න බැහැයිලු.