IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජිත ඉවත්කරන්නැයි දොස්තර සංගමය ජනපතිට කියයි.

සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.

ඇමැති දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යංශයේ කටයුතු වලට දේශපාලනමය වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් කියන සංගමය ඔහුගේ බිරියද ඇමැති නියෝජනය කරමින් අමාත්‍යංශ රැස්වීම් වලට එන බවත් කියති.

අද පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සංගමයේ ලේකම් දොස්තර නලින්ද හේරත් හා මාධ්‍ය ප්‍රකාශක දොස්තර නවීන් ද සොයිසා ඇමැති විවේචනයට ලක් කළහ.

ඇමැතිගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව දොස්තර නවීන්ද සොයිසා චෝදනා කළේය.

මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද කීවේය.



අදහස් (0)

රාජිත ඉවත්කරන්නැයි දොස්තර සංගමය ජනපතිට කියයි.

කෝලිත Monday, 30 May 2016 05:54 AM

අසනීපයක් වෙලා රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න ඕන මෙයාලගේ ගෙම්බර්. ලෙඩෙක්ගේ දුක දන්නා අය ඉන්නේ සුළු පිරිසයි. ඇමැතිත් හරි කියල කියන්න බැහැ. අපිට පෙන්නේ දෙගොල්ලම එකයි. (ම)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 30 May 2016 06:03 AM

නැවතත් ප්‍රේමදාස යුගයක් ඇතිකරගන්න වගේ උත්සාහය. (ම)

:       0       0

සිරි Monday, 30 May 2016 06:41 AM

වෙනසක් ඉල්ලුවට කොහෙද වෙනස කලින් හිටපු හොරු ටික නැවත රජ කරනවා කිව්වට අල්ලපු හොරෙකුත් නැහැ බොරුව රජ වෙලා (ම)

:       0       0

සේන Monday, 30 May 2016 07:18 AM

ඇමැති අතින් වැරැද්දක් වෙල්ලා තියෙනවා නම් නීතියෙන් කටයුතු කරත යුතුයි (ම)

:       0       0

නිම්මි Sunday, 29 May 2016 02:36 PM

අනේ මෙයාට වඩා සුදුස්සෙක් කොහෙද? (ම)

:       0       0

ශාන්ත Sunday, 29 May 2016 03:08 PM

මේ වැඩේ අනාගන්නේ නැතිව විසදා ගත්තොත් හොද යයි හිතන්නේ (ම)

:       0       0

සමන් Sunday, 29 May 2016 03:10 PM

ස්ට්‍රයික් කරන්න දෙන්න, හැබැයි චැනල් කරන්න දෙන්න එපා ඒකාලෙ අැතුළත, කලොත් අස්කරල දාන්න.(ම)

:       0       0

තරුෂි Monday, 30 May 2016 08:59 AM

මොකක්දෝ කරුමෙකට, අපේ රටේ ඉන්න දොස්තරලත් ලෙඩ්ඩුනේ? (බ)

:       0       0

ලංකා Sunday, 29 May 2016 05:53 PM

මේ වෛද්‍ය සංගමය ගැන කවර කතා ද ? (ම)

:       0       0

සිරි Sunday, 29 May 2016 08:09 PM

බොහොම හොද ඉල්ලීමක්? (ම)

:       0       0

වසන්ජය Sunday, 29 May 2016 08:11 PM

ගංවතුර අනාථයන්ට අමාත්‍යාංශයෙන් බෙහෙත් බෙදා දීම වරදක් ලෙස සැලකීම හැර අනිකුත් කාරණා සත්‍ය නම් වැඩ වර්ජනය සිදුවී අසරණ රෝගීන් මියයාම් හෝ රෝගී තත්ව උත්සන්න වීම සිදුවීමට පෙර ඇමති ඉල්ලා අස්විය යුතුය (ම)

:       0       0

වින්සන්ට් Sunday, 29 May 2016 10:40 PM

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවටත් වඩා බලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිමිකර ගැනීමට උත්සහ කරමින් සිටි. (ම)

:       0       0

නිහාල් Sunday, 29 May 2016 11:08 PM

බොහොම හොද තීරණයක් (ම)

:       0       0

සඳරුවන් Monday, 30 May 2016 01:33 AM

අවූලක් නෑ කාලෝචිත ඉල්ලීමක් හැබැයි ඔහොම බැලුවොත් ඔය ඔක්කොම හොර ඇමතිලා මාරු ක‍රන්න ඕන (ම)

:       0       0

කමනි Monday, 30 May 2016 02:34 AM

මේ කියන මුල්‍ය සහ පරිපාලන අපරාධ වෙනවා නම් ඒවා නිතිය ඉදිරියට ගෙන ආ යුතු බව මේ උගත් දොස්තරලට තේරෙන්නේ නැතිද? (ම)

:       0       0

චතුරංග Monday, 30 May 2016 03:08 AM

පවුල් වාදය ගැන කතා කරලා බලයට ඇවිත් කරන දේවල් .....යහ පාලනය (ම)

:       0       0

නන්ද Monday, 30 May 2016 04:13 AM

මෙහෙම එකෙක්කෙනා ඉල්ලන ඉල්ලන සැරේට ඇමතිවරුන්වයි, නිලධාරීන්වයි අස්කරන්න ගියොත් මොකද වෙන්නේ.(ම).

:       0       0

චන්දන Monday, 30 May 2016 04:35 AM

ලෙඩෙක් ගේ මූණ දිහාවත් නොබලා බෙහෙත් ලියන කට්ටිය තමයි ඔය සංගමයේ ඉන්නේ. හවසට මුදල් දීල ලෙඩ බලාගන්න තමයි අපේ කට්ටිය හුරු වෙලා ඉන්නේ (ම)

:       0       0

සඳුන් Monday, 30 May 2016 05:20 AM

මෙතන වැරද්දක් ඇමති තුමා අතින් වෙලා තියනවනම් ඕනෑම කෙනෙකුට පුළුවන් සංගමය හරහා නීතියෙන් ක්‍රියා කරන්ඩ. දැන් රටේ නීතියක් තියනවා. අපේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන වැඩ වර්ජන කරන්ඩ දෙන්ඩ නරකයි ආණ්ඩුව.(බ)

:       0       0

තිලක් සෞදි Monday, 30 May 2016 11:22 AM

අපි රැවටුනා ,බොරුව රජ වුණා, වෙනස බොද වුණා, නැවත ජන්දය දෙන්න ඕනෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 289 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 506 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 929 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site