IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රාජිත තැටිය මාරු කරයි : මෛත්‍රී අගමැති පුටුවට ?

විධායක බලය නැති කළහොත් ජනපතිකමින් වැඩක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයිද ඔහු පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වැනිදා බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය මතය. ජනපති පදවියේ දිවුරුම් දෙමින් ඔහු පැවසූයේ දින 100 ඇතුළතදී ජනපති ක්‍රමය අවසන් කරන බවයි. ජනපති පදවියට තමා යළිත් ඉදිරිපත් නොවන බවද ඔහු කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

 

 

 



අදහස් (0)

රාජිත තැටිය මාරු කරයි : මෛත්‍රී අගමැති පුටුවට ?

දහම් Sunday, 01 March 2015 03:08 PM

දැන්වත් තේරෙනවද යහපාලනයකට ඡන්දය දුන්නු අයට කරගත්තේ මෝඩකමක් කියලා. ලබන මහා ඡන්දෙදි වැරැද්ද හරි ගස්සාගන්න මෝඩවෙන්නේ නැතුව (නි)

:       0       0

ජයසේන Sunday, 01 March 2015 03:14 PM

මේ රජයේ සැබෑ නායකයා ජනාධිපතිද, අගමැතිද, රාජිතද යන ප්‍රශ්නය මතුවන්නේ මෙවැනි ප්‍රකාශයන් ඇසුරෙනි. (නි)

:       0       0

රණවක Monday, 02 March 2015 10:36 AM

මැතිවරණයේදි ජනතාව තේරුම් කරලා දෙයි මේ අයගේ තත්ත්වය ගැන (දිල්)

:       0       0

රමණි Monday, 02 March 2015 10:41 AM

මේ රටට තුන්වරක් බුදු හිමි වැඩියා.මේ රට විනාශ කරන්න මෙයාලට දෙවිවරු ඉඩ දෙන්නේ නැහැ.(දිල්)

:       0       0

පිවිතුරු Sunday, 01 March 2015 04:10 PM

ඔබතුමා ඕනෑ දෙයක් කරගන්න නිදහස් පක්ෂය අතහැරලා. (නි)

:       0       0

සම්පත් Sunday, 01 March 2015 05:12 PM

කොහොමත් බලය ලැබුණවිට කිසිවෙකුත් සිල්රකීවි යැයි කියා සිතන්න අමාරුයි නේද? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 01 March 2015 05:49 PM

ඔබතුමාට ඕනෑ දෙයක් කරන්න. සුබ පැතුම්! (නි)

:       0       0

චමිලා Sunday, 01 March 2015 05:54 PM

දැන් තේරෙනවා නේද ඇත්ත? ඔබතුමාගේ යටි අරමුණ අපිට නම් තේරුණා (නි)

:       0       0

දයාල් Sunday, 01 March 2015 06:17 PM

ඔය එන්නේ තොවිලයේ හොඳ හරිය. (නි)

:       0       0

විකුම් Sunday, 01 March 2015 07:43 PM

කිසිම දවසක විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්න එපා. රටට ආදරේ, ජාතියට ආදරේ,නැණවත් සහ අවංක කෙනෙකු ජනාධිපති ධුරයට පත්කිරීම ඔබෙත් මගෙත් වගකීම වේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 01 March 2015 07:56 PM

මේක නිකන් අර මඟුල් ගෙදර කෑම මේසේදී ළඟ ඉන්න එක්කෙනාටත් බෙදන්න කියනවා වගේ කතාවක්නේ!! දේශපාලකයෝ ඔහොම තමයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 01 March 2015 08:11 PM

රාජිත දොස්තර මහත්තයා කොහොමද මේ ලක්ෂ හැටක් දෙනා නියෝජනය කරමින් කතා කරන්නේ? (නි)

:       0       0

වසන්ත Sunday, 01 March 2015 08:19 PM

අගමැතිට වඩා ජනපති හොඳයි (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 01 March 2015 08:26 PM

රටේ දේශපාලනයට අහිතකර පුද්ගලයන් කවුද කියා අපි හඳුනාගත යුතුයි (නි)

:       0       0

සජී Sunday, 01 March 2015 09:20 PM

නියම තර්කය... ජනපතිතුමා පොරොන්දුවෙලා තියන්නේ නැවතත් ජනපතිවරණයකට තරඟ කරන්නේ නැහැ කියලනේ. ඒ කියන්නේ එතුමාට අගමැතිකමකට නැවත තරඟ කරන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 March 2015 10:10 PM

මට තේරෙන්නේ නැත්තේ මොකක්ද මේ කියන එක කියලයි. විධායක බලතල, ජනාධිපතිට හොඳ නැත්නම් අගමැතිට හොඳ වෙන්නේ කොහොමද? තනතුරේ නමෙහි ඇති වෙනස මොකක්ද? හොඳ අයෙකුට ලැබුණානම් ජනාධිපති හෝ අගමැති කියා වෙනසක් නැහැ. (නි)

:       0       0

මදුමල් Sunday, 01 March 2015 10:35 PM

මට නම් පුදුමාකාර තරහක් ඇතිවෙන්නේ (නි)

:       0       0

රන්ජන් Sunday, 01 March 2015 10:42 PM

තැටිය මාරුවුණේ කාට බයේද මහත්තයෝ.... ? (නි)

:       0       0

සලිත ප්‍රසාද් Monday, 02 March 2015 01:49 PM

ලක්ෂ හැටටත් තැටිය මාරු කරන්න කාලෙ හරි දැන්.(නදී)

:       0       0

විකුම් Sunday, 01 March 2015 11:51 PM

ඇමතිතුමා, ඔබ හරි. අපිට ඕනෑවුණේ සොරුන් එළවාගන්න (නි)

:       0       0

මේනක Sunday, 01 March 2015 11:57 PM

හිටිවන ප්‍රකාශ කරන්න කවුද මනාප දුන්නේ? (නි)

:       0       0

දිනේෂ් Monday, 02 March 2015 01:12 AM

අපේ ගෙවල්වල් ඉන්නවා පන ඇරලා යුඑන්පී එකට ඡන්දය දෙන අය. ඒ සැමදෙනාම මෛත්‍රී මහතාට ඡන්දය දුන්නේ රනිල් මහතාට අගමැතිකමත්, දින 100ක් ගියවිට විධායක බලතලත් දෙනවා කියූ නිසා. දැන් මොකක්ද මේ නටන්න යන තොවිලය. (නි)

:       0       0

දිනේෂ් Monday, 02 March 2015 03:21 PM

අපි නම් මේවා කලින්ම දන්නවා. මහින්ද විතරයි කියපුවා කරපු එකම නායකයා.(නදී)

:       0       0

පෙරේරා Monday, 02 March 2015 02:14 AM

කාගෙ කාගෙත් හැටි අපි බොහොම හොඳට දන්නවා. ඔක්කොමට ඕනෑ මහින්ද නැවත බලයට එන එක නවත්වන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 March 2015 02:18 AM

ඕකෙන් වෙන්නේ දැනට දෙකට කැඩීතිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩෙන එකයි, පක්ෂය පරදින එකයි විතරයි. (නි)

:       0       0

වරුණ ශිරන්ත Monday, 02 March 2015 04:33 PM

බලය ලබාගත් විට එය නිවැරදිව භාවිතා කළයුතුය. එසේ නොවන්නේ නම් බලය බලයෙන්ම විනාශ කරනු ඇත. (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 02:39 AM

මිනිසුන් පිරිසුදු නමුත් බලය අපිරිසිදු වේ. අගමැතිතුමනි, ඔබේ පරිත්‍යාගය උසස් වන්නේ එබැවිනි (නි)

:       0       0

දයාල් Monday, 02 March 2015 02:42 AM

සමහරුන්ට හරි හැටි පක්ෂයක් නැහැ. (නි)

:       0       0

චන්දන Monday, 02 March 2015 02:53 AM

රට අනතුරේ කියා නම් පැහැදිලියි (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Monday, 02 March 2015 05:00 PM

සමහරුන්ගේ තැටි නම් හැම වෙලාවේම රත්වෙලා තියන්නේ . (නි)

:       0       0

යමුනා Monday, 02 March 2015 03:03 AM

අපි රනිල් මහත්තයාට අගමැතිකම දෙනවටයි ඡන්දය දුන්නේ. නැතුව ශ්‍රී ලංකා එකට ආදරයකට නෙමෙයි. දැන් අපේ ඡන්ද අමුඅමුවේ හොරාකන්නද හදන්නේ. (නි)

:       0       0

ලංකා Monday, 02 March 2015 03:07 AM

එක්සත් ජාතික පක්ෂය නැතිකරන්නද හදන්නේ? රනිල් අගමැතිතුමනි, අපේ ඡන්දය පාවාදෙන්න එපා. (නි)

:       0       0

නිමල් Monday, 02 March 2015 03:09 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

රාජා Monday, 02 March 2015 03:17 AM

එතකොට කවුද අලුත් ජනපතිතුමා වෙන්නේ. නාට්‍යයේ නියම කෑලි දැන් එළියට එනවා නේද? (නි)

:       0       0

දිමුතු Monday, 02 March 2015 08:33 PM

පැහැදිලි දේශපාලන දර්ශනයක් නැති අය බලයේ තැබූවිට වෙන විනාශය මෙයයි.මේ ශ්‍රී ලංකාව කියලා කටවහගෙන ඉන්න එපා. මේ ලංකාව අපේ ලංකාවයි. මම කියන්නේ පැහැදිලි දේශපාලන විසඳුමකට වඩා හොඳයි තිබුණ විදිහ (නි)

:       0       0

දිමුතු Monday, 02 March 2015 08:34 PM

ඕවා ඉතින් කවුරු කවුරුත් කළ වැරදි වලට දඬුවම් තමයි (නි)

:       0       0

නිලාන් දෝහා ) කටාර් සිට Monday, 02 March 2015 04:05 AM

"පහු පහු වෙනකොට කොහු කොහු " මේ වගේ චාටු කතා වලට රැවටුන හැමෝටම අලුත් ජවනිකාවක් ලගදීම ලැබෙයි.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 02 March 2015 04:14 AM

නිදහස් පක්ෂය කීයකට කැඩුණත් අපිට මොකද, නිදහස් පක්ෂයේ ගොඩක්ම ඉන්නේ යු .එන්. පි. සහෝදරයින්නේ (දිල්)

:       0       0

සදා Monday, 02 March 2015 04:16 AM

කොහොමත් මෛත්‍රීපාල සිරිසේන යනු නාමික ජනපතිවරයෙක් තමා. ඒ නිසා ඉන්න විදියටම ඉන්න.(දිල්)

:       0       0

දෝනි Monday, 02 March 2015 04:16 AM

අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් .(දිල්)

:       0       0

රෝයි Tuesday, 03 March 2015 02:29 AM

විදායකය තියාගෙන දින සියයේ පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් උන ජනාදිපති අගමැති උනත් වෙනසක් නැහැ. රාජිත බලන්නේ එයා ඉහලට එන ක්‍රමයක්. . (නදී)

:       0       0

සමන් ප්‍රසාද් Monday, 02 March 2015 05:21 AM

ඔය බව නොදැනද ඕක අහෝසි කරනවා කීවේ. දැන් සියලු දෙනාටම වැටහෙනවද ? මේ පිටුපස කව්ද ඉන්නේ කියා දන්නවද ? (නදී)

:       0       0

නලීන් Monday, 02 March 2015 05:26 AM

ඔන්න දැන් නොහිතපු දෙයක් සිදු වෙන්න යන්නේ (දිල්)

:       0       0

සමු Monday, 02 March 2015 05:42 AM

මරුනේ... ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. (ර)

:       0       0

දයාවතී Monday, 02 March 2015 06:41 AM

මෙවැන්නන් දේශපාලනයෙන් සදාකාලිකවම අතුගා දැමිය යුතුයි. (හේ)

:       0       0

එම්ජායි නිකී Monday, 02 March 2015 06:46 AM

ඡන්දය දුන්න අයට යහපතක්ම වේවා.! (ර)

:       0       0

සමන් Monday, 02 March 2015 06:49 AM

මොනවද මේ කියන්නේ.? (ර)

:       0       0

අසංග Monday, 02 March 2015 07:26 AM

බොහොම අගේ ඇති යෝජනාවක්. (ර)

:       0       0

සුජාන් Monday, 02 March 2015 07:34 AM

අපි නම් ඕක පොදු අපේක්ෂකයා එනකොටම දැනගත්තා. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 02 March 2015 07:42 AM

යුද්ධය දිනපු ජනප්‍රියතත්වයේ ඉහලම සිටි මහින්ද මහතාව ජනතාව ප්‍රතික්ෂේප කළේ ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම සහ ඔහුගේ ගෝලයන් පිස්සු නැටීම නිසාය. පොරොන්දු ඉටු නොකරන දේශපාලකයන්ට පිළිතුරු ලබන ඡන්දෙදීම ජනතාව විසින් ලබාදේවි. ඉස්සර තමා ලංකාවේ වැඩි හරියක් පවුල් බලයට, පක්ෂේ පාට බලා ඡන්දය දුන්නේ. දැන් සියල්ල වෙනස්වී ඇත. දැන් නව පරපුර ඡන්දෙ දෙන්නේ පොරොන්දු ඉටුකිරීම, හොරකම් වංචා දුෂණ නොකිරීම වැනි සාධක පදනම් කරගෙනයි (නදී)

:       0       0

සෙනිත් සිල්වා Monday, 02 March 2015 08:12 AM

මෙයා මාර මනුස්සයෙක්නේ (නදී)

:       0       0

සොපී Sunday, 01 March 2015 11:36 AM

ඔය එන්නේ ටිකටික එලියට. දිව බොරු කියන්නේ නැහැ. (ර)

:       0       0

වැකෝ Sunday, 01 March 2015 11:38 AM

ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න එපා. (ර)

:       0       0

රාජා Sunday, 01 March 2015 11:47 AM

කඩවුණු පොරොන්දුව. (ර)

:       0       0

පණ්ඩු Sunday, 01 March 2015 11:53 AM

මේ ටික අහගන්නද ඡන්දය දුන්නේ.? (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 01 March 2015 11:54 AM

මිනිස්සු ඔබ තුමාලව බලයට ගෙනාවේ ඔය ටික අහගන්න නෙමෙයි. බලාගෙන ගියාම ඇට නැති දිව ඕනා ඕනා පැත්තට නවන්න පටන් අරන් වගේ! (ර)

:       0       0

විජයබාහු Monday, 02 March 2015 08:48 AM

මෙයා හදන්නේ සිරිසේන මහත්තයා දාල හරි මහින්ද එන එක නවත්වන්න. අපි අහුවෙයි ඔව්වට (නදී)

:       0       0

නෝනාගම Sunday, 01 March 2015 12:04 PM

අනේ මේ කට ! තුක් විතරක් ! අපේ රටේ ඉන්නේ අැත්තෙන්ම මෝඩයෝ .එ්කයි රාජපක්ෂ පරාද වුනේ (බ)

:       0       0

සජිත් Sunday, 01 March 2015 02:20 PM

විධායක ජනාධිපති ක්‍රමය හොදයි. එහිදී ජනපතිවරයා යහපත් විය යුතුයි. අයහපත් පාලකයකුට සුදුසු නැත. (ර)

:       0       0

නදීක Sunday, 01 March 2015 02:28 PM

එකත් කරල බලන්ටකෝ... (ර)

:       0       0

ලීල් Sunday, 01 March 2015 03:04 PM

මෙවන් දේශපාලනයක් කරන අයගේ දේශපාලන ගමන ගැන බුද්ධිමත් ජනතාව තීරණයක් ගනු ඇත (නි)

:       0       0

ගැමුණු Sunday, 01 March 2015 03:06 PM

පැවසූ දේවල් නොකී බව විවිධ අය මොන ආකාරයකින් පැවසුවද, ඒවා ඇසීමටත් පිළිකුල්සහගතය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 150 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1022 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 274 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 165 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 929 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site