IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රාජිත - පාඨලී - ශානි තිදෙනාටම දෙවැනි වරටත් නොතීසි

(දසුන් රාජපක්ෂ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පාඨලී චම්පික රණවක මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට අද  (21)  දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙස  දැනුම් දී තිබුණද ඔවුහු පැමිණ නොසිටියහ.

එබැවින් ඔවුන් දෙදෙනාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබන මස 10 වැනිදා  යළි ත් ජනාධිපති  කොමිසම හමුවේ පෙනී සිටින ලෙස  කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා  දෙවැනි වරටත්  නොතිසි නිකුත් කළේය.

බොරු සාක්ෂි මත තමා අත්අඩංගුවට ගෙන සේවයෙන් පහ කිරීමට එරෙහිව රක්නා ලංකා ආරක්ෂක සේවයේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම තිදෙනා වරදකරුවන් ලෙස නම් කර තිබිණි.

එම පැමිණිල්ල අද(21) යළි කැඳවු අවස්ථාවේ වගඋත්තරකරුවන් පෙනී සිටින්නේ දැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේය. එහෙත් වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා  කොමිසම හමුවේ පෙනී නොසිටි අතර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශානි අබේසේකර මහතාද බන්ධනාගාර නිලධාරීහු විසින් ඉදිරිපත් කරනු ලැබ නොසිටියහ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොමිසමේ සභාපතිවරයා වගඋත්තරකරුවන්ට නැවත වරක් නොතිසි නිකුත් කළ අතර සැප්තැම්බර් 10 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවීමට නියෝග කළේය.



අදහස් (1)

රාජිත - පාඨලී - ශානි තිදෙනාටම දෙවැනි වරටත් නොතීසි

Bamunuarachchi Saturday, 22 August 2020 11:55 AM

මේ නොතීසියටත් ආවේ නැතිනම් බෙල්ලෙන් අල්ලලා ජීප් එකට දාගන්න පුළුවන් නීති හදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 102 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 154 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 190 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 44 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 186 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1267 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site