( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය.
ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක්ද ගෙවන ලෙසද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට නියෝගය කරන ලදී.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සිවිල් අභියාචන මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් යුතු සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවුණි.
සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සජ් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායකයන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා පෙනී සිටියේය.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්
විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි
Akila Viraj Tuesday, 21 July 2020 07:48 AM
සමගි ජන බලවේගේ අයට දැන් හොඳටම අමාරු වෙලා වගේ... ඒ අය ඔක්කොම එළවන්න ඕනේ...
liyanage Wednesday, 22 July 2020 01:15 AM
සමගි ජනබලවේගයේ පිරිසට සිරිකොත මනදිරය අල්ලාගැනීමේ සිහිනය සහ අලියා සලකුණ ලබාගැනීමේ සිහිනය මේ වන විට නියත වශයෙන්ම බොදවී ඇති නිසා අඩුම ගානේ අලියා ගිනිපෙට්ටි වලින් කුඩාවට හෝ සිරිකොත මන්දිරයේ අනුරුවක් සාදා ගතහොත් තාවකාලික සැනසීමක් හෝ ලබන්නට හැකිවේවි.
Binkunndaa Tuesday, 21 July 2020 08:37 AM
බලුපැටව් වගේ නගුට වනන නඩුකාරයෝ ඉන්නකොට මේවා සුළු වැඩ..
RanilTuesday, 21 July 2020 09:24 AM
ඔයා කවුද? රටේ අධිකරණයට අපහාස කරන්න...
BamunuarachchiWednesday, 22 July 2020 12:15 PM
හික්මීයෝ දන්නවද අධිකාරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා... මොවුන්ගේ හිතේ ඉස්කෝලේ ලොකු මහත්තයා ළමයින්ගේ නඩු අහනවා වගේ කියලා අධිකරණයේ නඩු අහන්නේ.. පෙන්නුවේ ගොබ්බකමනේ..
CiscoTuesday, 21 July 2020 09:39 AM
උගත් විනිසුරුතුමන්ලා තීරණය ගන්නේ කල්පනා කරලා හේතු සහිතවම... මෙය අධිකරණයට කළ අපහාසයක් නොවේද?
සනත් ඉතාලිය Tuesday, 21 July 2020 09:52 AM
යන්න යන්න හැමතනම එකම කොමන්ට් එක නොදා.. ඔයාගේ වැඩේ වලවල් හාරන එකනේ... ගිහින් පුරුදු විදියට වලක් හාරගෙන හිටු බිංකුණ්ඩෝ...
Binkunndaa Tuesday, 21 July 2020 03:57 PM
අනේ සනත්, මෙච්චර කල් ඇස්, කන් බීරිවෙලාද හිටියේ. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිය අගවිනිසුරු බණ්ඩාරනායක මහත්මියට මොකද වුණේ?