IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රංජන්ගේ නිවස සෝදිසි කරයි

(ඉන්දිකා රාමනායක)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරය‍ාගේ නිවස පරීක්ෂා කරන බව පොලිසිය කියයි.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිද්ධිය සිදුකෙරේ.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ මෙවන් සීඩී සහ දෘඩ තැටි එම නිවසේ තවදුරටත් සඟවා ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් සොදිසිකිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (15)

රංජන්ගේ නිවස සෝදිසි කරයි

Mahesh Saturday, 04 January 2020 10:40 AM

ජනාධිපතිගේ ප්‍රතිරූපය විනාශ කරන්න නීතීය භාරව ඉන්න අය කරන වැඩක් වෙන්න බැරිද මේ. ඉස්සෙල්ලා දෙන්නෙක් අරන් ආණ්ඩුව ලැජ්ජාවට පත්කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ අය එකතුවෙලා දැන් ආයෙත් ඒ වගේම නාඩගමක්.

:       0       8

rumesh gandaraarachchi Saturday, 04 January 2020 10:45 AM

කටවල් වහලා ගෙනියන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අපි අසා නැත. ඔයිට වඩා හොද නැද්ද එළවලු මිල අඩු කිරීම පිළිබදව සමීක්ෂණයක් කළානම්..........ඊයේ කතාවේ මේවද විනාඩි 35 ක් තිස්සේ කියෙව්වේ. යන්නේ කොහෙද මල්ලේ පොල් .71/88/89 කැරැල්ල පටන් ගත්තද කියලත් හිතුවද කොහෙද? දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.

:       0       10

rana Saturday, 04 January 2020 10:55 AM

"රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප" මෙහි අදහස කට සහ ඉතිරි දේ වහගෙන දෙන දෙයක් කාලා හිටපල්ලා කියල නේද ??

:       0       11

siri Saturday, 04 January 2020 10:55 AM

රණවක සහ සේනාරත්න නාට්‍යය පටන්ගත්ත ගමන් අවසන් උනා. දැන් රාමනායක නාට්‍යය පටන් ගෙන වගෙයි.

:       0       7

Amula Saturday, 04 January 2020 11:53 AM

මෝඩ චූන් වැඩ නවත්තලා රටට වැඩදායි වැඩක් කරානම් තමා හොද. ප්‍රිය සම්භාෂණ වලදී අතට අත දෙනවා. පස්සේ අල්ලපන් කියනවා. මොකක්ද මේ පළිගැනීම් දේශපාලනය?

:       0       7

senaSunday, 05 January 2020 09:28 AM

එක හොරු කණ්ඩායමක් අනිත් හොරු රකිනවාට වඩා පළිගැනීමේ දේශපාලනය හොදය.

:       9       1

ලුම්බිණි Saturday, 04 January 2020 11:54 AM

දැන් නම් පැහැදිලියි අලුත් ආණ්ඩුව යන්න හදන්නේ කොයි පාරේද කියලා......

:       0       3

ranjan Saturday, 04 January 2020 12:06 PM

රනිල් මහත්තයා ගෙන් අවසර ගන්න ඇති ? එයාම කිව්වද කවුද දන්නේ ?

:       0       0

janis Saturday, 04 January 2020 01:07 PM

යකෝ, පාස්කු ප්‍රහාරයේ මරුවන් අල්ලනවා කියලා නේද බලය ගත්තේ? දැන් මේ නටන පිස්සුව මොකද්ද?

:       0       4

Devinda Uduwara Saturday, 04 January 2020 01:27 PM

මානසික ප්‍රතිකර්මයක් කළ යුතුයි.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 04 January 2020 01:29 PM

විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීමේ මෙහෙයුම නියමෙට කෙරීගෙන යන බවට තවත් උදාහරණයක්...! ඔහොම ගිහින් මීළඟ ගොදුර කවුද කියා බලා ඉම්මු.

:       0       0

sumith Saturday, 04 January 2020 01:48 PM

ආණ්ඩුවේ ගොන් වැඩ...

:       0       0

sena Saturday, 04 January 2020 01:58 PM

ආණ්ඩුව අපහසුතාවයට පත් නොකළ යුතුයි කියලා නීතියක් තියෙනවාද ? මේවා නිකම් බාල වැඩ.

:       0       57

waruna Sunday, 05 January 2020 02:29 AM

රජය අපහසුතාවයට පත්කරන කුමන්ත්‍රණ සාර්ථකයි. රන්ජා තමයි මිනිහා.

:       30       52

Sriyal Sunday, 05 January 2020 05:05 AM

මේවා ඔක්කොම නාඩගම්. සති අන්තයේදීත් විරුද්ධවාදීන් අල්ලනවා. ඊළඟ සතියේ නිදහස්. රටේ ප්‍රශ්න මේවද ? රජයකට කරන්න වැඩ තියෙද්දි පොලීසිය මේවට යැව්වම අනෙක් රාජකාරී කරන්න බෑ. රට අගාධයට යන්නේ. වැඩ බැරි පාලකයෝ වැඩ පෙන්නන්නේ මේවගෙන්ද?

:       51       63

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2134 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 408 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 700 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1061 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 184 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 652 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site