IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රංජන් ලක්ෂය එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට යෝජනා කැරුණු රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමැති රංජන් රාමණායක මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ.

15589937_10158594814000377_8221902206637755427_n



අදහස් (0)

රංජන් ලක්ෂය එපා කියයි

චින්තක Monday, 19 December 2016 04:36 AM

මෙයා හිතන්නේ දේශපාලනයත් ,සිනමාවේදී දුෂ්ටයන්ව පරද්දන වීර චරිතයක් කියලා. මේවා බොරු සෝබන , මහජනයා ගොනාට අන්දවපු ගොඩක් දේශපාලුවන්ට අන්තිමට වෙන දේ, අතීතයෙන් ඉගෙන ගන්න පුළුවන් (බ)

:       0       0

අරවින්ද Monday, 19 December 2016 05:00 AM

ආර්. වික්‍රම, හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්නේ හැම දෙකේම නරක දකින්නේ නැතුව (බ)

:       0       0

ලංකා Sunday, 18 December 2016 12:04 PM

මන්ත්‍රීවරුනට ලක්ෂයක දීමනාවක් ? මොනවා කරනවටද? පඩියකුත් ගෙවනවානේ. රන්ජන්ගේ ආදර්ශය තව ගන්නේ කවුද කියල බලමුකෝ..(බ)

:       0       0

ඉන්දික Saturday, 17 December 2016 06:51 PM

මොහු වෘත්තීය නළුවකු නිසා මේ ගැන එකපාරට අදහසක් නොදා ඉන්න එක ඇඟට ගුණයි (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 17 December 2016 07:44 PM

මම රන්ජන්ගේ ගතිගුණ වලට ගරු කරනවා (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 17 December 2016 09:25 PM

මේවා ඉතින් මහජනයා රවට්ටන බොරු රඟපෑම් නොවුණොත් තමයි හොඳ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 17 December 2016 09:24 PM

ජාතියේ වීරයෙක්! රජයේ ප්‍රතිපාදන ලබන අනිත් දේශපාලුවන්ට කණේ පහරක්!! (නි)

:       0       0

අශාන් Saturday, 17 December 2016 09:34 PM

මම හිතුවා හැමදේටම විරුද්ධවෙන අපේ පොදු විපක්ෂය මුලින්ම මේකට විරුද්ධවෙයි කියලා. දැන් තේරෙනවා එයාලා ජනතාවට කොච්චර ආදරේද කියලා. (නි)

:       0       0

නිකොලා Saturday, 17 December 2016 09:43 PM

හොඳ අාදර්ශයක් (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 December 2016 09:42 PM

දේශප්‍රේමය ගැන උගුර ලේ රහවනතුරු කෑගහන අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලත් පුලුවන්නම් මෙවැනි ලියුමක් කතානායකතුමාට යවලා පෙන්වන්න. රන්ජන්, ඔබට මගේ ප්‍රණාමය! නමුත් මම තව එක දෙයක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ විපක්ෂයේ ඉන්නකොට කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යැවීමට විරුද්ධව සටන් කළා. දැන් බලය ලැබිලා තිබෙන වෙලාවේ පුලුවන්නම් කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යැවීම තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙනඑන්න (නි)

:       0       0

වසන්ජය Saturday, 17 December 2016 11:00 PM

රන්ජන් රාමනායක ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුසිල් Saturday, 17 December 2016 11:17 PM

මේක 225 දෙනාටමද? නැත්නම් ආණ්ඩුවේ අයට විතරද? 225 දෙනාටමනම් බලමු විරුද්ධ පක්ෂයේ අයත් ගනීද කියලා. (නි)

:       0       0

මොරවක Saturday, 17 December 2016 11:22 PM

මොනවා වුණත් හොඳ තීරණයක් (නි)

:       0       0

පුබුදු Saturday, 17 December 2016 11:40 PM

නියමයි! මහජනතාව පෙළමින් රීරිමාංශ උරාබොන නඩයට නියම උත්තරය (නි)

:       0       0

දිනේෂ් Saturday, 17 December 2016 11:55 PM

රන්ජන්, ඔබ තමා පාර්ලිමේන්තුවේ ඉන්න අාදර්ශවත්ම මිනිසා. අනිත් බොහොමයක් අය වැඩ නැත, කට විතරයි (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 18 December 2016 12:14 AM

බොහොම හොඳ තීරණයක්. අගය කළයුතුයි. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 18 December 2016 12:18 AM

අප බලාපොරොත්තු වෙනවා මෙය හුදු ජනප්‍රියවීම සඳහා නොව සැබවින්ම පරහිතකාමිත්වය වෙනුවෙන් කරන ලද කැපවීමක් කියා. මා සමීපතම මිත්‍රයෙකුව සිටි ඔබගේ කිට්ටු ඥාතියා වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ ආභාෂය ඔබ තුළ නිරන්තරයෙන් තිබිය යුතුයැයි මා උදක්ම අපේක්ෂා කරනවා. (නි)

:       0       0

ගාමිණි Sunday, 18 December 2016 01:08 AM

ඔහු සැබෑ ජනතා නියෝජිතයෙකි. පාර්ලිමේන්තුව මේ වගේ උදවියගෙන් පිරෙව්වා නම් ජනතාවට සහ රටට වැඩදායක තවත් බොහෝ දේ කිරීමට තිබුණි. ඔබේ සද්ක්‍රියාව මම අගයමි. ජනතාව ආසන මට්ටමෙන් ඡන්දෙ තිබ්බොත් මුළු පාර්ලිමේන්තුවම ආදර්ශවත් පුද්ගලයන්ට පමණක් වෙන්වනු ඇත. (නි)

:       0       0

හේමන්ත Sunday, 18 December 2016 01:15 AM

ඔබ රටට ජාතියට අාදරේ බව අපි දන්වා. ඔබට ජය! (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 18 December 2016 01:32 AM

මහත්තයෝ, ඕවා මාධ්‍ය සංදර්ශනද දන්නෙ නැහැ. දැන් එපා කියලා පස්සේ හෙමීට ගනීද දන්නෙ නැහැ. එහෙනම් අර කාර් පර්මිට් එකත් එපා කියන්නකෝ. එ්ක මීට වඩා ගණන්නේ? (නි)

:       0       0

නාලක Sunday, 18 December 2016 02:16 AM

ආර්. වික්‍රම, හොඳදේට හොඳයි කියන්න පුරුදු වෙන්න. රන්ජන් කාර් පර්මිට් එක ගත්තේ නැහැ. (නි)

:       0       0

අාර්නෝල්ඩ් Sunday, 18 December 2016 02:28 AM

ඒ වුණාට ජවිපෙත් එ්කාබද්ධ විපක්ෂේත් ඕවා ගන්නේ නැහැමයි. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 18 December 2016 02:34 AM

අපි පුද්ගලයා ගැන නොව කළ ක්‍රියාව ගැන හිතුවොත් යහපත් සමාජයක් පතන සැමදෙනාම සිටින්නේ එකම ස්ථාවරයකයි. හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු පුහුණුවීමෙන් අපට වඩ වඩාත් හොඳ දේවල් කරන්න පෙළඹෙන අයව තව තවත් ධෛර්යමත් කරන්න පුළුවන්. (නි)

:       0       0

සුසිල් Sunday, 18 December 2016 02:36 AM

කෝටි ගණන් මිල ඇති සුපිරි වාහන මහජන මුදලින් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේ තිදෙනෙකු පමණි. එනම් රන්ජන් රාමනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පාලිත තෙවරප්පෙරුම නමැති නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනා පමණි. (නි)

:       0       0

වසන්ජය Tuesday, 20 December 2016 11:24 PM

චින්තක, ඔහොම කතා කරන්න එපා. මට නම් ඔහු සැබෑ වීරයෙක් (නි)

:       0       0

පාලිත Sunday, 18 December 2016 03:14 AM

රන්ජන් මහතා වගේ අනිත් අයත් හිටියනම් වැදගත් කම කියල නිම කරන්න බැහැ (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 18 December 2016 03:41 AM

මගේ පුතා ඉපදුන දවස් වල ලංකාවේ හම්බුන පඩියෙන් මාසෙකට රුපියල් 500 ගානේ අවරුදු 5 දැම්මේ ,පුතාගේ වයස අවරුදු 18 වෙද්දී ලක්ෂයක් ගන්නයි.ගිය මාසෙදි එම ලක්ෂ අරගෙන පුතාටම ගිණුමක් හදල ඒ ගිණුමේ තැන්පත් කරලා මේ මාසෙදි බලද්දී අර දාපු ලක්ෂයෙන් රුපියල් 1000 බදු වශයෙන් කපල.කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරපු කම්බා හොරු ඉදිඉරියේ නිවට නියාලු,බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළාට මොකද අසරණ එවුන්ගෙන් පට්ට බදු ගැහිල්ලක් ගහනවා. (බ)

:       0       0

කෝනාර Sunday, 18 December 2016 03:46 AM

හොඳ තීරණයක් (බ)

:       0       0

දහම් Sunday, 18 December 2016 03:45 AM

රන්ජන්ට අනිකුත් සියලු මන්ත්‍රී ඇමතිලාගෙන් කුණු බැනුම් ඇසීමට සිදුවූ නිසා සහ අගමැති සහ ජනාධිපතිගේ බලපෑම මත මෙම ලිපිය ඉල්ලා අස්කරගෙන ඇතිබව අලුත්ම ආරංචියයි. (බ)

:       0       0

සමන්ත Sunday, 18 December 2016 03:46 AM

කතාවෙන් නොව ක්‍රියාවෙන් කළාට ස්තිතුයි (බ)

:       0       0

සුදේශ් විජේනායක Sunday, 18 December 2016 03:56 AM

අපේ රටේ සියලු නායකයෝ මේ වගේ ජනතාව ගැන හිතන්න ඕනේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 December 2016 03:55 AM

සුසිල් මේක 225 දෙනාටමද? නැත්නම් ආණ්ඩුවේ අයට විතරද? 225 දෙනාටමනම් බලමු විරුද්ධ පක්ෂයේ අයත් ගනීද කියලා මේක හැමෝටම ලැබෙනවා.ඒ කියන්නේ මාසෙකට රුපියල් කෝටි 2.5 ක් ගෙවනවා.අපෙන් බදු පිට බදු ගහල මේ 225 දෙන සුපිරි ජිවිතයක් ගත කරනවා දකින එක තමයි "යහපාලනය " කියල කියන්නේ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 18 December 2016 04:09 AM

මෙම අතිරේක ලක්ෂය රන්ජන් ප්‍රතික්ෂේප කළහොත් අනෙක් අයටද එය ප්‍රතික්ෂේප කිරීමට සිදුවන නිසාත් ඔවුන් එසේ ප්‍රතික්ෂේප නොකළහොත් රන්ජන් පමණක් කැපී පෙනී ජනතාව අතර වීරයෙක් වන නිසාත් බොහෝ මැති ඇමැතිවරුන් රන්ජන්ට විරෝධතාවය පළ කර තිබේ.(බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 18 December 2016 04:10 AM

පසුගිය කාලයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් කෝටි ගණන් මිල ඇති සුපිරි වාහන මහජන මුදලින් ලබා ගැනීමට අනුමත විය. එය ප්‍රතික්ෂේප කෙළේ තිදෙනෙකු පමණි. එනම් රන්ජන් රාමනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පාලිත තෙවරප්පෙරුම නමැති නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනා පමණි.එසේ නමුත් කිසිදු ජනවරමක් නොලැබ පිං ඇමැති කම් දරණ දෙදෙනෙකු කෝටි ගණන් අධික මිලැති වාහන තමන්ට පමණක් නොව පවුලේ අයටද මහජන මුදලින් ලබා ගෙන තිබීම ඉතාමත් අපුල දනවන්නකි. අයෙක් නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා ය. ඔහු සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් ලබා ගත් සුපිරි වාහන දෙකේ මිල රුපියල් කෝටි 7 ක් පමණ වේ. (බ)

:       0       0

උපාලි Sunday, 18 December 2016 04:31 AM

මෙම දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේත් ජවිපෙ මන්තී‍්‍රවරුනුත් මුනිවත රකිද්දී සිය පක්ෂයේ නායකයන්ගේ කම්මුල් රතුකරමින් දීමනාව ප‍්‍රතික්ෂේප කළ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට මාගේ ආචාරය! (බ)

:       0       0

උපාලි Sunday, 18 December 2016 04:32 AM

ආර්නෝල්ඩ් ඔබ ඔය විශ්වාසයෙන්ද කියන්නෙ (බ)

:       0       0

ශාන් සෞදි Sunday, 18 December 2016 04:36 AM

මම රන්ජන්ගේ ගතිගුණ වලට ගරු කරනවා ඔබ රටට ජාතියට අාදරේ බව අපි දන්වා. ඔබට ජය! අපේ රටේ ජනතාවට පුරුදු වෙලා තියෙන්නේ රටේ ධනය හොරකම් කරන දේශපාලකයන් ගැන හොද වර්ණනා කිරීම පමණයි (බ)

:       0       0

මෙන්ඩිස් Sunday, 25 December 2016 03:05 AM

කාර්යාල වියදමට දෙන සල්ලි අරගෙන කාර්යාලය (සේවක පඩිනඩි) නඩත්තු කරන්නේ නැතුව මොනවා කියනවද මේ. ලංකාවේ සාමාන්‍ය ජනයා අතරට මුදල් යන්නේ නැත්තේ ඔය වගේ මානසිකත්වයක් තියෙන හින්දා. හැමදේකටම මගේ සල්ලියි මම පාවිච්චි කළේ කියලා කියන්නද මේ හදන්නේ? (නි)

:       0       0

සහන් Sunday, 18 December 2016 04:48 AM

කෝ ඔක්කොටම කෑ ගහන විමල් වීරවංශ සහ ගම්මන්පිල මේ ගොල්ලෝ සද්දයක් නෑනේ මේ ගැන. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 18 December 2016 06:18 AM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා කියන්නේ මම ඉතාමත් ගරු කරපු ජාතික වීරයෙක්. එ්ත් මගේ තාත්ත කළත් වැරදි දේ වැරදියි කියන්න මට කොන්දක් තිබෙනවා. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 18 December 2016 06:20 AM

‘හෙලිකොප්ටර් 5-6 හිමිකරුවන් වන මැති ඇමැත්තෝද, නැව් හිමිකරුවන් වන මැති ඇමැත්තෝද රන්ජන්ගේ රුපියල් ලක්ෂය ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කිරීම අපූරු ය".මගේ රටේ දුප්පත් අසරණ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (බ)

:       0       0

සාගර Sunday, 18 December 2016 06:26 AM

මහත්වරුනි මේක දෙන්නේ ආණ්ඩු පක්ෂයේ අයට පමණි...එම නිසා විපක්ෂයට ප්‍රතික්ෂේප කිරීමට දෙයක් නැත, (බ)

:       0       0

පද්මිණී Sunday, 18 December 2016 06:47 AM

රන්ජන් මේ මුදල අරගෙන සමාජ සත්කාර වලට යොදාගන්න. ඔබ බොහෝ අසරණ අයට පිහිට වෙන බව අපි දන්නවා. (බ)

:       0       0

ලාල් Sunday, 18 December 2016 07:12 AM

මෙතුමගේ මෙම අාදර්ශමත් තීරණයට අප ගරුකරනවා.ගිය රජයේ ගෙන්වපු කුඞු කොන්ටේනර් එක ගැන නිර්භීතව පාර්ලිමේන්තුවේ කළ සිංහනාදය අපට අමතකවෙලා නැහැ.කොන්ද පණ තිබෙන දේශපාලඥනයෙක්.ජයවේවා.(බ)

:       0       0

සමන් Sunday, 18 December 2016 07:18 AM

ඔබට මගේ ප්‍රණාමය! (බ)

:       0       0

සුපුන් Monday, 19 December 2016 03:15 AM

මොහු කවදාවත් මුදල් වලට වංචා කරන මනුස්සයෙක් නොවේ (නි)

:       0       0

ජගත් Sunday, 18 December 2016 08:15 AM

ඔය වංශලයි, ගම්මන්පිලලයි වගේ අය රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ අහලකින්වත් තියන්න පුළුවන්ද? (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 19 December 2016 03:27 AM

බොහොම හොඳ ආදර්ශමත් ක්‍රියාවක්. (නි)

:       0       0

ගජනායක Sunday, 18 December 2016 08:31 AM

මේවා හොදා කොන්ඩේ බැඳපු ලංකාවේ අයට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site