(අංජුල මහික වීරරත්න)
චමල් රාජපක්ෂ මහතාට දුක ගැන අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුව යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා රාජපක්ෂවරුන්ට ලිපියක් යවමින් සඳහන් කරයි.
එමෙන්ම වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීම බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. ආදරයෙන් ලියමි,යනුවෙන් අමතමින් එජාප මහ ලේකම්වරයා සිය ලිපියේ මෙසේද සඳහන් කරයි.
කර්මය පටිසන් දෙමින් තිබේ. එය කරුමයක් ලෙස දකින්නට හෝ චමල් රාජපක්ෂලාට බුද්ධිය පහළ වීම පිළිබද අගය කරමි. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් සහ තමා ඇතුළු රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපොල ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දාර්ශනික අදහස් සහිත කරුණු දැක්වීමක් පසුගියදා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී.
කෙසේ වෙතත් ඔවුන්ට දුක අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔවුන්ගේ වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීමයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූර වාර දෙක අවසන් වීමෙන් අනතුරව දේශපාලනයෙන් අත්මිදුනේ නම් වඩාත් හොද බවද ඔහු පවසන ලදී. සත්‍ය ජනතාව තේරුම් ගෙන තිබුණත් රාජපක්ෂවරුන්ට එය වැටහී ඇත්තේ කාලය ඉක්මයාමෙන් පසුවයි.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රාජපක්ෂවරුන් සත්‍ය තේරුම් ගන්න කොට සියල්ල වි හමාරයි‘‘
SWISS Friday, 20 May 2022 09:23 PM
අනේ මගේ මසුරන් කට..! පුතා රිය අනතුරක් කරලා... ඒ බීවෙ වතුර කියපු කෙනා නේද මේ....?
chandima Saturday, 21 May 2022 12:48 AM
දැනට දිය හැළියේ නැටුවට, ඔහෙලටත් ඕකම හිතෙයි තව ටික කාලෙකින්... !
swene Saturday, 21 May 2022 05:01 AM
මහින්ද 2015 දී පරාජය වූ පසු මහින්ද සුළඟ ගෙන විත් තම දේශපාලන බලය තහවුරු කරගත් විරවංශලා ගැන මොනවාද හිතන්නේ?
Perera Saturday, 21 May 2022 07:04 AM
අර වොඩ්කා වතුර වුණු වෙලේ අපිනම් කාගෙ කාගෙත් සත්‍යය තේරුම් ගත්තා...
ab Saturday, 21 May 2022 08:08 AM
"බල" තණ්හාව නමැති කරුමයෙන් අන්ධ වී, මත්වී අත්හැරීමේ යථාර්තය නොපෙනීමත් නිසා රාජපක්ෂවරුන් පමණක් නොව සියල්ලන්ටම අත්වන්නේ නැවත නැවත දුකට පත්වීම පමණි.
සේනක ඉතාලිය Saturday, 21 May 2022 09:10 AM
තමුන්නාන්සේලා හිතන් ඉන්නේ රාජපක්ෂ හොරු එළවලා පරණ හොරු යළිත් වරක් බලයට ගෙනාවා කියලද? බයවෙන්න එපා මහත්තයෝ, තව මාස කිහිපයකින් ඡන්දයක් එනවා. මෙහෙම රටකට යන්න බෑ. එතකොට මේ පාර ජනතාව තීරණය කරයි මේ පාරත් හොර තක්කඩියන්ව යවනවද කියලා. එකක් හිතාගන්න මහත්තයෝ, මේ සියවසේ ඉන්නේ අර අසූ ගණන්වල, හැත්තෑ ගණන්වල සිටිය තමුන්නාන්සේලා වගේ අය නොවන බව...
සුජිත් පල්ලේවත්ත Saturday, 21 May 2022 02:11 PM
එහෙම කියලා මිනිමරුවෝ, මංකොල්ල කාරයෝ, බස් ගිනි තියන අය, කලුගල් ඉවරවෙයි කියලා සංවර්ධන ව්‍යාපෘති නවත්වන අයව බලයට ගේන්න යන්න එපා.
සෙනෙවිරත්න Sunday, 22 May 2022 06:47 AM
ඒ කියන්නෙ දැන් බලයට ඇවිත් ඉන්නෙ ඒ වගේ අයද? එහෙම නොවුන අයට පුළුවන් වෙන්න එපායැ රට ඒවගේ තත්ත්වයට පත්නොවෙන්න වැඩ කරන්න ?තමුන්නැහැලා වහෙන් ඔරේ කියන්නෙ ජවිපෙ ඕවට සම්බන්ධ කියල වේද? ඒ උනාට රටේ ජනතාව ඇත්ත දන්නව, ඒකයි මේ ඇමතියන්ට පාරෙ බැහැල යන්න බැරි,
Lalla Saturday, 21 May 2022 04:09 PM
ඉන්නේ ඉතාලියේ නම් ඔහෙටවෙලා ඉන්න. රටම ගිනිතබන මහජන මතයක් නැති ගෙම්බන් රෑනකට බලය හම්බ වෙයි කියලා හිතන්න එපා. උද්ඝෝෂණ වලින් විතරක් රටක් ඉදිරියට ගෙනයාමට බෑ. රජයක් ඕන. ඒත් හොරු නැති...
මුදියන්සේ.... Saturday, 21 May 2022 12:53 PM
පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ මහතාව යළි රැගෙන විත් මෙවන් තත්වයකට පත් කළේ මැක්කන් පිරිසක්ය.
විජේ Sunday, 22 May 2022 05:30 AM
මාරුවෙන් මාරුවට ඔයයි තලගොයයි කරපු සක්කිලිකමුත් තාම මතකයි අපිට.........
ගලපර Sunday, 22 May 2022 09:35 AM
රනිල් පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ...මිනිස්සු ඊළඟ පාර රනිල්ව බේරෙ වැවට දාන දවස ලග එනව.ණය ගන්නත් බෑ... ණය ගෙවන්නත් බෑ... යයි අඬ අඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ..?රට විරුවන්ගෙන් ඩොලර් ලබාගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත් වෙන්න ඉඩහැර ගෙදර යන්න ගුටි නොකා.