IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජපක්ෂ පවුලට අල්ලස් පැමිණිලි

මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

එම අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි සෙසු වගඋත්තරකරුවෝය.

Copmplant_Sinhala-1 Copmplant_Sinhala-2 Copmplant_Sinhala-3 Copmplant_Sinhala-4

001_5360 001_5368



අදහස් (0)

රාජපක්ෂ පවුලට අල්ලස් පැමිණිලි

සුරන්ජිත් ලාල් Tuesday, 13 January 2015 11:55 AM

පිවිතුරු ඔයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා රාජපක්ෂ මහතා බලයේ ඉන්දෙද්දී කරපු එක පැමිණිල්ලක් වත් අල්ලස් කොමිසමෙන් විබාග කලේ නැහැ ඔවුන් රජය බලය යොදා ඒවා යට ගැහැවුවා ඉතින් එහෙම තියෙද්දී මේවා ඒ කාලේ ඉදිරිපත් කලත් ඒ ටිකම තමයි දැන් කිසිම බලපෑමක් නැතිව කොමිසමට මේවා ගැන පරීක්ෂන කරලා හොරුන්ට දඩුවම් දිය හැකි වෙයි. (අ)

:       0       0

දිලාන් Tuesday, 13 January 2015 11:55 AM

ආණ්ඩුවේ ඉන්න හොරුන්ට මේවා අදාල නැද්ද මන්දා. හොරු ඉන්නවා ඇමති කම් අරන් මේ ආණ්ඩුවේ...ඒ අයට මුකුත් නැ..(අ)

:       0       0

සුසන්ත Tuesday, 13 January 2015 12:01 PM

ජවිපෙ කවදාවත් මේ රටට හොඳක් කරපු නැති ,බොහොම විනාශ කරපු ,හොඳක් කරන්නත් බැරි අය නිසා මේ විදිහට හරි කරලා ඉදිරියේදී එන මහා මැතිවරණයෙන් ලකුණු ටිකක් අරගන්න බලනවා . මුන් මෙරටේ ඉන්න අවස්ථා වාදී කිසිම ප්‍රතිපත්තියක් නැති බංකොලොත් දේශපාලුවෝ මුන්ට වෙන්නේ 2020 වෙනකොට මේ රටෙන් තොලොංචි වෙලා යන්න. (අ)

:       0       0

කුලසේකර Tuesday, 13 January 2015 10:17 PM

තවත් අය ඉන්නවා. එයාලවත් අමතක කරන්න එපා (නි)

:       0       0

දිලාන් Tuesday, 13 January 2015 12:01 PM

ආණ්ඩුවට පැනපු හොරුන්ට මුකුත් නැ....(අ)

:       0       0

ඡයා Tuesday, 13 January 2015 12:05 PM

විදායක ජනාදිපති කෙනෙකුට එරෙහිව පැමිණිලි කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ දැන් ජනාදිපති නෙවේ. අනිත් එක පැමිණිලි කලත් අල්ලස් කොමිසම ඒවා නිවැරදිව පරික්ෂා නොකළ බව පොඩි ළමයෙක් පවා දන්නවා. (නදී)

:       0       0

රංජිත් Tuesday, 13 January 2015 12:06 PM

දැනට ආණ්ඩු පක්ෂයේ ඉන්න අයත් අමතක කරන්න එපා. උදාහරණයක් ලෙස දීවර අමාත්‍යංශයෙත් ගොඩක් වැරදි කලා කියලා පහුගිය කාලේ කිව්වා නේද ? වැරදි කරපු හැමෝටම එකම හැන්දෙන් බෙදමු (නදී)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 14 January 2015 02:21 AM

මගේ ළඟත් පොතක් නෙමෙයි පොත් 10ක් ලියන්න තරම් ඡායාරූප සහිතව තොරතුරු තිබෙනවා. (නි)

:       0       0

මුජිබ් Tuesday, 13 January 2015 09:13 AM

ඇයි බැසිල්ට යන්න දුන්නේ (බ)

:       0       0

වජිරා Tuesday, 13 January 2015 09:17 AM

නියමයි! වැරදි කළා නම් මේ රටෙන් අරින්න ඕනේ. (නදී)

:       0       0

චන්දිමාල් Tuesday, 13 January 2015 09:59 AM

මේ ටික විතරද තියෙන්නේ .මං හිතන්නේ මෙතන ඔක්කොම නෑ (දිල්)

:       0       0

බුද්ධී Tuesday, 13 January 2015 10:05 AM

කුඩු ජාවාරම් ගැනත් හොයන්න වෙයි නේද ?(දිල්)

:       0       0

පාල Tuesday, 13 January 2015 10:08 AM

කවුරුන් හෝ වැරදි කර තිබේනම් මේ විදියට ක්‍රියා මාර්ගයක් ගැනීම අගය කරනවා.තියෙන එකම ප්‍රශ්නේ මේවා කියන්න මේ චෝදනා පැමිණිලි ඉදිරිපත් කරන්න රජය පෙරලේනකම්ම ඉදපු එකයි..මහින්ද මහත්තයව ඉදිරි අවුරුදු දෙකත් තියන්න දැගලුවේ එතකොට මෙහෙම චෝදනා පැමිණිලි සාක්ෂි අතේ තියාගෙනද? මන් හිතන්නේ ඒ අවුරුදු දෙක එහෙනම් ජේ වී පි සමාගමෙන් රාජපක්ෂ ආණ්ඩුවට දෙන්න හිටපු බෝනස් එකක් වෙන්න ඇති..අපි නොදන්නා අයියල.. (බ)

:       0       0

රෝහිත Tuesday, 13 January 2015 10:30 AM

දැන් ඉතින් කරපු වැරැදි වලට දඩුවම් විදින්න වෙයි වගේ.(හේ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 13 January 2015 06:39 PM

මට මතක් වෙන්නේ අනුර කුමාර දිසානායක නිට්ටඹුවේ රැස්වීමකදී කියපු කතාව. "ඔක්කොටොම කලින් රටින් පනින්නේ බාප්පල,මහප්පල කියල" කියපු කතාව. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 13 January 2015 06:41 PM

පිවිතුරු/බන්දුල පෙරේරාට දැන් ඉතින් දත්මිටි කකා තවත් කල්ප කාලාන්තරයක් බලා ඉන්න වෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 13 January 2015 06:41 PM

හොරුන්ගේ ලොකු පොඩි බේදයක් නැහැ.බොහොම හොඳ වැඩක්. (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 13 January 2015 06:42 PM

ගසාකෑවා යයි පවසන මුදල් නැවත ජනතා සතු කරන්න පුළුවන් උපරිමයක් කරන්න.සමස්ත ජනතාවගේම සහයෝගය ලැබෙනවා. (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 13 January 2015 06:43 PM

බන්දුල පෙරේරාට නම් දුකයි වගේ.මොනවා කරන්නද? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 13 January 2015 11:20 AM

විපක්ෂයේ විතරද දැන් හොරු ඉන්නේ , මුලින්ම පැන ගත්තනම් ගොඩද? (ස)

:       0       0

පිවිතුරු Tuesday, 13 January 2015 11:24 AM

කවුරුන් හෝ වැරදි කර තිබේනම් චම්පිකගේ වගේ කට වචන චෝදනා නොකර මේ විදියට ක්‍රියා මාර්ගයක් ගැනීම අගය කරනවා.තියෙන එකම ප්‍රශ්නේ මේවා කියන්න මේ චෝදනා පැමිණිලි ඉදිරිපත් කරන්න රජය පෙරලේනකම්ම ඉදපු එකයි..මහින්ද මහත්තයව ඉදිරි අවුරුදු දෙකත් තියන්න දැගලුවේ එතකොට මෙහෙම චෝදනා පැමිණිලි සාක්ෂි අතේ තියාගෙනද? මන් හිතන්නේ ඒ අවුරුදු දෙක එහෙනම් ජේ වී පි සමාගමෙන් රාජපක්ෂ ආණ්ඩුවට දෙන්න හිටපු බෝනස් එකක් වෙන්න ඇති..අපි නොදන්නා අයියල..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 276 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 222 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 497 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 338 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 915 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site