IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රාජපක්ෂ භිතිකාව ඉවරයි

ඉදිරි මහ මැතිවරණයේදි කිසිවෙකු රාජපක්ෂ භීතිකාවෙන් පෙළිය යුතු නැතැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විධායක බලය, පාර්ලිමේන්තුව,පළාත් සභා, ප්‍රාදේශිය සභා සියල්ලේ බලයත් , සහෝදරවරුන්ට දුන් තනතුරු  වල බලයත් තිබියදි පැරදුණු රාජපක්ෂ කෙනෙක් කිසිම බලයක් නැති අවස්ථාවක කෙසේ දිනන්න දැයි ලේකම්වරයා ප්‍රශ්න කළේය.

රාජපක්ෂ කළ විනාශය අමතක කළ යුතු නැති වුවත් , ඔහු ගැන කිසිවෙකු භිතිකාවක් තබාගත යුතු නැතැයි කී ටිල්වින් සිල්වා  මහතා ,ඔහුට දේශපාලන අනාගතයක් නැතිබව ස්ථිර යැයි ද කීවේය.

මන්ත්‍රීකමක් ලැබුණත්,ඔහුට  එරෙහිව ඇති මුල්‍ය වංචා ගැන පරික්ෂණ ඇරඹුණු විට මන්ත්‍රිකම ද අහිමි වනු ඇතැයි ලේකම්වරයා  ප්‍රකාශ කළේය.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වු සිල්වා මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. අපි ජන්දයටයන්නේ ඉතාම හොඳ පිරිස් සමඟයි. අපේ මතය දුෂිතයන් පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි කියන එකයි.අපේ කණ්ඩායම් නායකයින් අති බහුතරය උපාධිධාරින් වේ.

බලය  ඉල්ලන කණ්ඩායම් දෙක විසින්ම රටට කර ඇත්තේ හානියක්.අපේ අරමුණ ජනතාවට  මඟ පෙන්විමයි. ඒ බලය අපට  දෙන ලෙස අප ඉල්ලා සිටිනවා යැයි ඒ මහතා සඳහන් කළේය. 



අදහස් (0)

රාජපක්ෂ භිතිකාව ඉවරයි

ඉමල්ක Tuesday, 14 July 2015 11:02 AM

අනුර කුමාර එජාපයට කඩේ යන්නේ. විජේදාස රාජපක්ෂගෙන් සල්ලිත් අරන් . රට බේරා ගත් නායකයට අපි. (බ)

:       0       0

කැළණි Tuesday, 14 July 2015 11:18 AM

ජවිපෙ හැමදාම විරෝධය විතරයි. වැඩක් වගකීමෙන් කරන්න දන්නේ නැහැ. විරුද්ධ මතයකට ඇහුන්කම් දෙන්නේ නැහැ. පහුගිය කාලෙටම එක තීරණයක් තියනවද හරි වෙලාවට හරි පැත්තට ගත්තු? දැන් බොර දියේ මාළු බානවා. අපේ මිනිස්සු අහුවෙන්න දක්ෂනේ... (ර)

:       0       0

චන්දිම Tuesday, 14 July 2015 11:33 AM

ඔබ තුමලටවත් මේ සැරේ දීල බලනවා .ඔබතුමලත් අපිව රවටයිද.? (ර)

:       0       0

අජන්ත කටුනයක Wednesday, 15 July 2015 03:30 AM

නිමල්ගේ කතාව මල් හතයි (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 14 July 2015 05:12 PM

නිලාන් - කටාර් ඔහේට වැරදිලා. මාගම්පුරේට ඇවිත් තියෙන්නේ ඔහේගේ වංසයේ කට්ටියක් කියලයි ආරංචිය. රාජපක්ෂලානේ මාගම්පුර වරායේ බාරකාරයෝ. ඒ අය ගෙන්වන්නෙත් ඒ අය වෙනුවෙන් බර අදින්නෙත් ඔහෙලා වගේ අයම තමයි. අඩුවකට තියෙන්නේ අං නැති එක පමණයි. (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 14 July 2015 12:18 PM

එහෙම කියන්න එපා එතුමා අපට කුරුනෑගලට වරායක් හා ගුවන් තොටුපලක් දෙන්න ඉන්නේ.(නදී)

:       0       0

ජයලාල් Tuesday, 14 July 2015 08:50 AM

ජවිපෙටත් මෙදාපාර මම දිලා බලනවා. හැමදාම ප්‍රධාන දෙකට දුන්නා. දෙගොල්ලොම ආත්මාර්ථය සඳහායි වැඩ කළේ. මැතිනියගේ කාලේ 72 මිනි මැරුනා. ප්‍රේමදාස කාලෙත් මිනි මැරුනා. 89 ජවිපෙත් මිනි මැරුනා. නමුත් දැන් තත්වය වෙනස්. ලෝකේ දියුනුයි. තාක්ෂනය දියුනුයි. මෙ නිසා දැන් පත් කරගන්න ඕනේ උගත් කමක් තියෙන, හොරකම් නොකරන අළුත් පරම්පරාවක්. සම්ප්‍රදායික කඳ බඩ මහත අය රට කලා හොඳටම ඇති. (ස)

:       0       0

සම්පත් Tuesday, 14 July 2015 08:51 AM

හා. (ස)

:       0       0

සනත් Tuesday, 14 July 2015 08:55 AM

මම ජිවිතේ පළමු වතාවට මෙවර ජවිපෙට ඡන්දය දෙනවා (බ)

:       0       0

ගම්හේවා Tuesday, 14 July 2015 09:03 AM

එහෙම කියන්න එපා එතුමා අපට කුරුනෑගලට වරායක් දෙන්න ඉන්නේ (බ)

:       0       0

මහේෂ් බෙන්තර Tuesday, 14 July 2015 09:04 AM

සහෝදරයා, ඒ සඳහා ඔබට පීඩිත ජනයාගේ බලය හිමිවේවා (බ)

:       0       0

තිලකරත්න Tuesday, 14 July 2015 01:30 PM

ඔව් අපි ජේවපේ එකට ඡන්දේ දෙමු (හේ)

:       0       0

රංජන සිල්වා Tuesday, 14 July 2015 09:09 AM

අප මෙවර ජවිපෙ ගැන බලාපොරොත්තු තබා ඇත. අපේ ඡන්දය ජවිපෙට. (ස)

:       0       0

ඇසළ Tuesday, 14 July 2015 01:38 PM

ජ වී පෙ දිනුවොත් අන්තරේට වැඩක් නැතුව යනවා. විශ්ව විද්‍යාල හැමදාම ඇරලා තියන්න පුළුවන්. රටේ වැඩ වර්ජන තියලා බිලි ඉල්ලන්න කට්ටිය නැතුව යනවා. ඒ ටිකම මදිද. (හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 14 July 2015 09:17 AM

දැන් තියෙන්නේ මහ මැතිවරණයක් ජනාධිපතිවරනයක් නෙවෙයි. හැම එකාම මහින්ද ගැනම කියවනවා .තව කී දෙනෙක් ගැන කතා කරන්න තියෙනවද.? තමන්ගේ ප්‍රතිපත්ති කොච්චරනම් කියන්න තියෙනවද ? ඒ මොකවත් නැතිව මහින්දට බනින එකෙන්ම තේරෙනවා නේද.? (ර)

:       0       0

සරත් Tuesday, 14 July 2015 09:17 AM

අපේ ඡන්දේ මහින්දට. (ර)

:       0       0

සිදත් Tuesday, 14 July 2015 09:20 AM

ජවිපෙ මෙවර ප්‍රධාන විපක්ෂය වේවා....! (ස)

:       0       0

නිහාල් Tuesday, 14 July 2015 09:24 AM

ඔයාල මහින්ද කරපු විනාශය ගැන කතා කරන්න කලින් ඔයාල අපේ රටේ දුප්පත් අම්ම තාත්තගේ දරුවන්ගේ ජීවිත විනාශ කරලා , මහජන දේපොළ විනාස කරලා රටේ ආර්ථිකය ආපස්සට ගෙනියල කරපු විනාශය ගැන කතාකරන්නේ නැද්ද? අපේ රනිල් මහත්තය නොහිටින්න ඔයාලට යන එනමං නැහැ. (ස)

:       0       0

ප්‍රකාශ් Tuesday, 14 July 2015 09:23 AM

ඔබලාගේ මිනීමරු ත්‍රස්තවාදය අමතකද? (ස)

:       0       0

නිශාන්ත ජේ කේ Tuesday, 14 July 2015 01:59 PM

මේ රට ගොඩනැගිය හැක්කේ ජවිපෙට පමණයි (නදී)

:       0       0

සමන් කුමාර Tuesday, 14 July 2015 09:27 AM

බිය වීමට කිසිම හේතුවක් නැත. රාජපක්ෂ රෙජීමය නැවතත් පැමිණෙන්නේ සුපුරුදු පාදඩ, කුඩු, මැර සහ පිස්තෝල කල්ලිය සමගය. (ස)

:       0       0

බටන්ගල Tuesday, 14 July 2015 09:27 AM

තිත්ත වුනත් ඇත්ත. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 14 July 2015 09:28 AM

බලය ලබපු හැම රජයකම උපාධිධාරීන් සිටියත් සිදුවුනේ නම් එකම ව්‍යාපාරික දේශපාලනයි. දුෂිතයන් තුරන් කිරීමේ ජ.වී.පෙරමුණේ උත්සාහයට නම් දුෂිත විරෝධී ශ්‍රී ලාංකිකයන් ඔබලා සමඟ බවට සැක නැත. පක්ෂය පිරිසිදුව තබා ගැනීම මෙතුමන්ලාගේ වගකීමය. (ර)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 14 July 2015 09:29 AM

මේ අය රට නිදහස් කරදුන් නායකයට කරන අපහාසවලට හොදක් වෙන්නම එපා (නදී)

:       0       0

චම්පි Tuesday, 14 July 2015 09:32 AM

88/89 කට්ටියද මේ (නදී)

:       0       0

සීයතු Tuesday, 14 July 2015 09:33 AM

මහින්ද ආවොත් පුතාලට ලම්බෝගිනි ජනතාවට බඩගිනි. ලෝක වෙළදපලේ මිල ඉතා පහල වැටිලා තිබියදී පෙට්රෝල් ඩිසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් සහගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙව්වා, මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද ? හම්බන්තොට පැත්ත වනසල නැව් එන්නේ නැති වරායවල් හැදුවා. ගුවන් යානා එන්නේ නැති තොටුපොළවල් හැදුවා. ගුවන් යානා වල වැදිලා මොනරු මැරුණා රාජපක්ෂ රෙජීමයට දැන් කතරගම දෙවියන්ගේ සාපේ වැදිලා තියෙන්නේ. ඉතින් කුරුණෑගල මනත්‍රී වෙලා කුරුණෑගලට මොන විපතක් කරාවිද දෙවියෝ තමා දන්නේ. (නදී)

:       0       0

සුමිත් Tuesday, 14 July 2015 09:36 AM

මම දෙන්නෙත් ජේ ව් පි එකට මෙදා (හේ)

:       0       0

සුමිත් Tuesday, 14 July 2015 09:38 AM

ජයලාල් ඔයා හරියට හරි මමත් ඔයාගේ මතයට ගරු කරනවා (නදී)

:       0       0

සම්පත් Tuesday, 14 July 2015 09:41 AM

ඔක්කොම හොරු ජේවිපී එකේ බහුතරයක් පාර්ලිමේන්තු යවමු.(හේ)

:       0       0

බන්දු Tuesday, 14 July 2015 09:45 AM

මහින්දට දුන්නොත් සුපුරුදු පින්වත්තු වැඩ පටන් ගනීවි. ලැම්බෝගිනි, එතනෝල්, කැසිනෝ, කසිප්පු, පගා, කප්පම් කාරයින්ට හොඳයි. මෙදා අපේ ඡන්දය ජනතා විමුක්ති පෙරමුණටයි. අනුරටයි. (බ)

:       0       0

සුදසිංහ Tuesday, 14 July 2015 09:47 AM

අපේ පවුලම ජනතා විමුක්ති පෙරමුණටයි..(බ)

:       0       0

පර්සි Tuesday, 14 July 2015 02:46 PM

අපක්ෂපාති ඡන්ද දායකයෝ දැන් ඉන්නේ දෙලොවක් අතර තනිවෙලා. ඡන්ද දවස එනකම් කල්පනා කරනවා කාටද ඡන්දේ දෙන්නේ කියලා. පහුගිය කාලේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂ දෙකේම හිටියේ හොරු. ජවිපෙ තමයි තියෙන විකල්පය නමුත් පහුගිය කාලේ ජවිපෙ කරපු අපරාධ මතකයේ තියෙන නිසා හිතට එකඟව ඡන්දෙ දෙන්නේ නැහැ. එනිසා මේ පාවෙන ඡන්ද දිනාගන්න අරමුණින් ජවිපෙ තමන්ගේ ජන්ද ව්‍යාපාරය කල යුතුයි. (නදී)

:       0       0

ලාල් Tuesday, 14 July 2015 09:50 AM

මෙවර ජවිපෙට ඡන්දය දෙනවා (බ)

:       0       0

සුරන් Tuesday, 14 July 2015 09:57 AM

අතිතයේ කරපු වැරදි ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. (ම)

:       0       0

රොහාන් Tuesday, 14 July 2015 10:00 AM

ජවිපෙට ජය (ම)

:       0       0

සමන්ත සුගතවංස Tuesday, 14 July 2015 10:02 AM

උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ජ වි පෙට රටේ එක ගෙදරකින් එක ඡන්දයක් වත් ලබාදෙන්න කාරුණික වන්න.(ම)

:       0       0

සමන්ත සුගතවංස Tuesday, 14 July 2015 02:52 PM

අනාගතය කලින් දකින, එඩිතරව තීරණ ගතහැකි, මිල මුදලට තනතුර පාවා නොදෙන, එක ප්‍රතිපත්තියක සිට අදහස් ප්‍රකාශ කරන ලංකාවේ එකම පක්ෂයට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම රටේ ජයග්‍රහණයක් බව අමතක නොකරමු. (නි)

:       0       0

මතීෂ චාමර Tuesday, 14 July 2015 10:21 AM

මෙයා මේ අනියමින් කියන්නෙ රනිල් අගමැති කරන්න කියලා. අනේ ජවිපෙට ගිය කලක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 10:24 AM

අනේ පව් මෙදා පාර රතු මල්ලිලා අන්තර්ජාලෙන් ඡන්ද හිඟනවා. කට්ටිය හිතනවා ඇත්තේ මේ එසැන පුවත් බලන්නේ තුම්පනේ කට්ටිය කියල වෙන්න ඇති. (නදී)

:       0       0

දර්ශන Tuesday, 14 July 2015 10:25 AM

ජේවීපී එකට දීල බලමු. (ර)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 10:30 AM

මේ පාර මාත් ජ.වි.පේ ට දෙන්න හිතුවා.(හේ)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 10:32 AM

ටයර් වල මනුස්සයන් පිච්චෙන සංස්කෘතිය නැවත ගෙන එයිද?(හේ)

:       0       0

රෝහන Tuesday, 14 July 2015 10:34 AM

මන්ත්‍රී දුරයට සුදුසුකම පිළිගත් විස්වවිදයලකින් උපාධිධාරයකු වීම, උපරිම වයස් සීමාව අවුරුදු 65. මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතුය. අපේ රටේ කවදද මේවා හදුන්වා දෙන්නේ. (හේ)

:       0       0

රණසිංහ Tuesday, 14 July 2015 10:34 AM

ඒ කතාව හරි.බලය තිබු කාලයේ පැරදුනාම දැන් ආයේ දිනයිද?(හේ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 14 July 2015 10:38 AM

විදෙස් ගත බොහෝ දෙනෙක් මෙවර ජවිපෙට ඡන්දය පාවිච්චි කිරීමටම ලංකාවට එනවා. රටින් පිට ජිවත්වෙන බොහෝදෙනා ජවිපෙ ජයග්‍රහණය පතනවා. ඒ දුෂණයෙන් හා තක්කඩි පාලකයින්ගෙන් තොර මවුබිමක් වෙනුවෙන්. ජවිපෙට ජයම වේවා...! (ර)

:       0       0

දුෂ්මන්ත Tuesday, 14 July 2015 10:37 AM

මම මෙවර ජවිපෙට ඡන්දය දෙනවා. (ර)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 14 July 2015 11:00 AM

"නිමල් ඔය කියපු එක හරි " අද ඔස්ට්‍රලියාවෙන් මී හරක් නැවක්ම ලංකාවට එවල තිබුණා(මාගම් වරයට ). මම හිතන්නේ ඡන්දෙට වෙන්න ඇති . අපට දිගටම ගවපාලනය කරගෙන යන්න පුළුවන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 823 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5127 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3006 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1406 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1516 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28229 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site