IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රාජපක්ෂ - වික්‍රමසිංහ ඩීල් එක ගැන අනුර කියයි

අපකීර්තිමත් පිළිකුල් සහගතම ඩීල් එක තිබෙන්නේ රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික්‍රමසිංහත් අතර යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා අද පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

‘නිදහසින් පසු පසුගිය වසර 68ක් පුරා ප්‍රධාන පක්‍ෂ දෙක වෙන් වෙන්වත් එකතු වෙලත් අපේ රට පාලනය කළා. ඔවුන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක තමයි අද රට මුහුණ දෙමින් තිබෙන්නේ. ණය බර වැඩිවීම, රාජ්‍ය ආදායම අඩුවීම, සමාජ අපරාධ වැඩිවීම, ජනතාවගේ ආදායම් විෂමතාවය වැඩිවීම වැනි බරපතළ ප්‍රතිවිපාකයන්ට අපේ රට ඇදගෙන ඇවිත් තිබෙනවා. මේ වනවිට ප්‍රධාන අර්බුදය වී තිබෙන්නේ රටේ රාජ්‍ය ආදායම පහළ යාමයි. 2000 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් 15.6ක් වූ රාජ්‍ය ආදායම පහුගිය වසර වන විට 11.6ක් දක්වා පහත බැස තිබෙනවා‘ යැයි ද ඔහු කීය.

web883901_10210360677039661_1372600279_n



අදහස් (0)

රාජපක්ෂ - වික්‍රමසිංහ ඩීල් එක ගැන අනුර කියයි

මුණසිංහ Thursday, 04 August 2016 02:19 AM

කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. එදා විතරක් නෙමෙයි අදත් ඩීල් දමමින් ඉන්න අය අපි දන්නවා. ඉදිරියේදී කොට්ඨාශ ක්‍රමයට ඡන්දෙ තියනකොට මෙයාලා කොහොමත් ඡන්දෙ ඉල්ලන්නේ යු එන් පී එකත් එක්ක එකතුවෙලා. (නි)

:       0       0

සුමුදු Thursday, 04 August 2016 02:59 AM

ප්‍රනාන්දු, කවුරු ජනාධිපති වුණත් නැතත් ලංකාවේ මිනිසුන්ට ඕක තමයි කරන්න ඉතුරුවෙලා තියෙන්නේ. රට ඉවරයි මහත්තයෝ ඔයගොල්ලන්ගේ වරදින්. (නි)

:       0       0

පොනිල් Thursday, 04 August 2016 03:00 AM

කොයි වෙලාවේ බැලුවත් කට ඇරගත්ත ගමන්මයිනේ (නි)

:       0       0

අනුර Thursday, 04 August 2016 03:16 AM

ඕනෑම රටකට ප්‍රබල නායකයෙක් ඕනි ඒවගේම යුද ශක්තියක් තිබෙන්නට ඕනි එතකොට තම රටක අභිමානය රැදී තිබෙන්නේ (ම)

:       0       0

පුරපති Thursday, 04 August 2016 05:12 AM

සැබෑ දේශ හිතෛෂී ජනතාව මුලා කරපු ජවිපෙ වැඩි කලක් නොගොස් මෙරටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. පෞද්ගලික වෛරය නිසා රටත් සිංහල ජාතියත් සම්ම්බුද්ධ සසනයත් විනාස කල පාපයේ ප්‍රතිපල ඔබසැමට අත්විදීමට සිදුවෙනු ඇත . (ම)

:       0       0

රොහාන් Wednesday, 03 August 2016 12:23 PM

යහපාලන ආණ්ඩුවෙන් අපි බලාපොරොතු වුනේ හොරු ආරක්ෂ කරන්න ඩීල් දානවා බලන්න නෙවේ හොරුන්ට නියම දඩුවම් දෙනව බලන්න නමුත් මොකද වෙන්නේ කියල අපි දැන් දන්නවා එ්නිසා .මේ අයට ආපසු අපි කඩේ යන්න නැහැ. (බ)

:       0       0

සමන් Wednesday, 03 August 2016 12:41 PM

නිකන් බය වෙලා වගේ මොකද අප්සට් එකක්ද (අ)

:       0       0

චාමර Wednesday, 03 August 2016 12:42 PM

මෙයාලට කිසිම ප්‍රතිපත්තියක් නැති කට්ටිය එකකි කිසිම දවසක බලයට එන්න බැරි වුණේ , කවදත් එන්න ලබෙනෙත් නැහැ එහෙට මෙහෙට විකිණී විකිණී ඉන්නවා (අ)

:       0       0

ගාමිණි Wednesday, 03 August 2016 12:43 PM

අම්ම වගේ නේද පුංචි අම්මා ඔබ තුමාට සතුටුද දැන් (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 August 2016 12:48 PM

මේ ඔක්කොම අපට සිද්ද වුණේ ඡන්දෙදි ගහපු ඩීල් එක නිසා නේද? (අ)

:       0       0

චතුරි Wednesday, 03 August 2016 01:01 PM

ඔය. කියන ඩිල් ඇයි ප්‍රසිද්ධ නොකරන්නේ ,ඔබලා වැරද්දක් වෙන කම් බලන් ඉන්නේ බෙරිහන් දීල කියන්න මිනිසුන්. බේද නොකර වැඩක් බලාගන්න දෙන. දඩුවම් උසාවිය බලාගනියි. අගමැති කිසිවකු ආරක්ෂා. කරන්නේ. නැහැ. අගමැති හොරෙක් නෙමේනේ හොරුන් ආරක්ෂා කරන්න උසාවියට බලපෑම් කරන්නේ නැහැ (බ)

:       0       0

ජැක්සන් Wednesday, 03 August 2016 01:20 PM

ඔවුන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක නිසා නම් , මේ තරම් පෘෂ්ටිමත් සිරුරකට අනුර තුමා හිමිකම් කියන්නනේ කොහොමද? රනිල් -රාජපක්ෂ කෙසේ වෙතත් අනුර තුමාගේ බණ ඇහෙනකොට අපිට පිළිකුල් !!(බ)

:       0       0

කේ පෙරේරා Wednesday, 03 August 2016 01:26 PM

අවුරුදු 68ක්ම ජනතාවට ඕන වුනේ ප්‍රධාන පක්ෂ දෙකම තමා. තව අවුරුදු 68ක්මත් එහෙම තමා. පුලුවන්නම් වෙනස් කරන්න අපිත් කැමති. (බ)

:       0       0

නිහාල් Wednesday, 03 August 2016 01:40 PM

රොෂාන් ඔයාලග හොරුන් සම්බන්දව සත්‍ය සහ ලිඛිත සාක්ෂි තියෙනවානම් ඉදිරිපත්කරන්න. එතකොට පරීක්ෂණවල වේගවත්බවක් දැකිය හැකි වෙයි. (බ)

:       0       0

සිරිනාත Wednesday, 03 August 2016 01:51 PM

ඉස්සර රාජපක්ශ සිල් ගත්තත් ගත්ත විදිය වැරදියි කියලා මෙයා පලු යන්න බනිනවා. දැන් වැට් වැඩි කරනවා, එට්කා ගහනවා. පොට් සිටි ගහනවා. තාම රාජපක්ශට බැන බන ඉන්නවා. දැන් ආණ්ඩුව පෙරලිලා එයාලා විපක්ශෙට ගිහින් අවුරුදු එකහමාරක් වෙනවා. විපක්ශයේ වැරදිම දකින්නේ නැතිව ආන්ඩුවේ වැරදි ගැන කතා කරන්න පුලුවන් නම් හොදයි (බ)

:       0       0

සුමිත් Thursday, 04 August 2016 07:11 AM

අනුර මහතාණනි ඔබයි අප රටේ අභිමානය (ම)

:       0       0

බන්දුල. Wednesday, 03 August 2016 02:37 PM

ඔයාලත් දකින්නේ දවල් හීන... මේ තැනට පත් කළෙත් ඔයාල.මේ කගේ කාගේත් කිල්ලෝටවල හුණු තියනවා. දැන් මිනිස්සු දන්නවා ඇත්ත.(අ)

:       0       0

නිම්මි Wednesday, 03 August 2016 02:47 PM

අනුන්ට අපහාස කරන්නේ තමුන්ට මුකුත් කර ගන්න බැරි මිනිස්සු. එක නිසා තමා මෙයාලට කවදාවත් මිනිස්සු බලයක් නොදෙන්නේ.(අ)

:       0       0

සුන්දර ලිංගම් Wednesday, 03 August 2016 02:45 PM

ජේ වී පී කාරයන්ගේ බොරු කතා අහල මට නම් දැන් ඇති වෙලා (අ)

:       0       0

සංක Thursday, 04 August 2016 07:36 AM

මේ වගේ අය හින්දා මේ රට විනාශ වෙනවා. (අ)

:       0       0

මිනිපෙ Wednesday, 03 August 2016 02:53 PM

ඔහේ කට කියවනවා. (බ)

:       0       0

දිමුත් Wednesday, 03 August 2016 02:57 PM

ආ අනුර ඔයාලා කෑගහපු නිසා නවත්තපු ඕනා කියලා ආයෙ පටන් ගන්න බල කරපු පෝට් සිටියෙන් පාඩුවට චීනෙට හෙක්ටයාර 2ක් දෙන්න වෙලා නේද... එජාප සහ ජේවීපී 88-89 භීෂණයෙන් තරුණයන් තරුණියන් දස දහස් ගණනක් මරා දැමු පක්ෂ එකතුවෙන් රටට තවත් ජයග්‍රහණයක් නේද! (බ)

:       0       0

අසාද් Thursday, 04 August 2016 07:48 AM

රටේ ඉන්න 58 ලක්ෂයේ සම හරක්ට මෙතන ඇවිත් උම් බෑ කියන එක තමයි දුක.රට ගැන වැදගත් දෙයක් ජනතාවට පහදලා දෙන්න යද්දී ඒ මනුස්සයාගේ පෞද්ගලික ජීවිතය ගැන අදහස් පල කරන රටේ උදවිය ගැන කණගාටුයි. ඔය මිනිස්සුන්ගේ ඔලුව උඩතිය ගෙන වදින නායකයන්ගේ පෞද්ගලික ජීවිතය එලියට කිවුවොත් රටත් එක්ක ගද ගහයි.මේ වෙනකම් ජනතා මුදලින් සුපිරි ජිවත ගත කරන දෙශපලකයන් අතරේ ජවිපේ පාර්ලිමේන්තු නියෝජයකයන් ගැන ආඩම්බර වෙනවා. (අ)

:       0       0

අසංග Wednesday, 03 August 2016 03:26 PM

හැමදාම මේගොල්ලෝ ඩීල් ගැනයි කුමන්ත්‍රණ ගැනයි කියනවා විතරයි. වැඩ නැහැ, ඡන්දත් නැහැ. (බ)

:       0       0

රන්ජන් Wednesday, 03 August 2016 04:37 PM

ඩීල් දාන තරමක් දැම්මේ කවුද කියලා අපි දන්නවනේ (නි)

:       0       0

සුසන්ත Wednesday, 03 August 2016 04:38 PM

එතකොට කොළ අලි - රතු අලි ඩීල් මොකද? ඒවා අපකීර්තිමත් නැද්ද? (නි)

:       0       0

ලුසේනා Wednesday, 03 August 2016 04:39 PM

ජවිපෙ හැමදාම කළේ රටට අහිතකර වැඩමයි. කවදාවත් ජනවරමකින් බලයක් ගන්න බැහැ (නි)

:       0       0

අනිල් Wednesday, 03 August 2016 04:36 PM

ඉස්සර ජේවීපී කිවුවම අපි දැක්කේ කෙසඟ සිරුරු තිබෙන හැබෑ සමාජවාදියෝ. අද ඉන්නේ අනිත් දේශපාලකයෝ තරමටම පුෂ්ටිමත් නියම ඩිල්කාරයෝ. ඉස්සර ඇමෙරිකාව යටත් විජිතවාදය, ආක්‍රමණ කියා කියා දවස පුරා බෙරිහන් දීපු ජවිපෙ අද ඇමෙරිකාව ගැන වචනයක් කියනවද? අලුත් ආණ්ඩුවක් විත් අවුරුදු එකහමාරක්. එ්ත් තාම රාජපක්ෂ මන්තරේ. ඔන්න අපකීර්තිමත්ම ඩීල්! (නි)

:       0       0

සුනිල් Wednesday, 03 August 2016 04:43 PM

අනේ අපි නොදන්නා කට්ටිය? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 August 2016 08:50 AM

අසාද්.ජවිපෙ කියන දෙයක් තේරුම් ගන්න බැරි රටේ ඉන්න සමහරකගේ මොළ හෝදලා නිසයි. (බ)

:       0       0

ශශිකා Wednesday, 03 August 2016 05:12 PM

ඒ ගනුදෙනුවේ වටිනාකම කීයද මහත්තයෝ? (නි)

:       0       0

සෙනෙවි Wednesday, 03 August 2016 05:48 PM

එක කාලෙක ඩීල් එකක් නිසා මහින්ද බලයට ආවා. දැන් අනෙක් අය බලයට ඇවිල්ලා (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 03 August 2016 06:36 PM

මේ අයගේ ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. කියන්නේ මොනවද කියලා වැටහීමක් නැතුව හිතේ තියන වෛරය ක්‍රෝධය පිටකරන කතා ටිකක් තියෙන්නේ. අඩුම තරමේ අනුර දිසානායක මහතාගේ ප්‍රකාශයේ එකම කරුණක් හෝ වැරදි හෝ අසත්‍ය බවට තර්ක කරන්න මොවුන්ට බැරිවී තිබෙන බව පැහැදිලියි. ඒ වෙනුවට නින්දා අපහාස කරමින් සතුටුවෙනවා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 03 August 2016 07:34 PM

මේගොල්ලෝ හැමදාම කළේ අනික් අයට ඇඟිල්ල දිගු කර වැරදි පෙන්විම විතරයි. ඒගොල්ලෝ කරන ඒවා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 04 August 2016 09:24 AM

ජවිපෙ සහ අනුර දිසානායක මහත්තයා හැමදාම රටට ජනතාවට සිදුවන විනාශය,අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි බව මැදිහත්ව බලන සම දෙනාම දන්නා දෙයක්.. කරුණාකර ඔවුන් කියන දෙය හරි හැටි අවබෝධ කර ගන්න. රටේ ජනතාවට බුද්ධිය පහල වේවා....(බ)

:       0       0

සරත් Wednesday, 03 August 2016 08:03 PM

පා ගමනින් පස්සේ මෙයාලා දැනගන්න ඇති ආණ්ඩුවට කඩේ ගියොත් පක්ෂයත් ඉවරයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 August 2016 08:16 PM

අනේ අනේ අනුර මහත්තයෝ! (නි)

:       0       0

කරුණාපාල Wednesday, 03 August 2016 08:22 PM

අනිත් අය කරන වැඩවල ඇද අල්ලන්න නම් ලෙහෙසියි. හැබැයි වැඩ කරන්න තමයි අමාරු අනුර මහත්තයෝ. බොරුවට තමන්ගේ හිතටම වංචා කරගන්නේ නැතුව කෙළින්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් එකක් තෝරාගෙන ප්‍රායෝගික දේශපාලනයේ නිරත වෙන්න. අනික, රටේ බුද්ධිමත් තරුණ පරපුර මුලාකරන්නේ නැතුව ඉන්න. ඔබලා ඔය මවා පෙන්වන සමාජවාදය දැන් රුසියාවෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 August 2016 08:29 PM

අපි මොහුව ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති කර සියලුම ශ්‍රී ලාංකිකයන් සාගරයට පැන දිවි තොරකර ගනිමු (නි)

:       0       0

කැටවල Wednesday, 03 August 2016 09:53 PM

දැන් බොරුවට බයවෙලාද? (නි)

:       0       0

වසන්ජය Wednesday, 03 August 2016 10:06 PM

එතුමා කළේ වැදගත් කතාවක් (නි)

:       0       0

සුමුදු Wednesday, 03 August 2016 10:46 PM

මේ රට මේ තත්වයට පත්කළේ කවුරුවත් නෙමෙයි මේ රටේ ජනතාවයි. මේ හැමදේකටම ජනතාව වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වි Thursday, 04 August 2016 10:57 PM

මෙයාලා යුඑන්පීයට ආයෙත් බනිනවා. මොකද පුංචි ඡන්දය ළඟ නිසා. මෙයාලා කියන දේවල් දේවත්වයෙන් පිළිගන්න රටේ මිනිස්සු මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

ගුණරත්න Thursday, 04 August 2016 12:24 AM

සමහරු මාධ්‍ය සංදර්ශන වලට කවදත් දක්ෂයි නේද? (නි)

:       0       0

ඇසළ Thursday, 04 August 2016 12:32 AM

අදහස් වලින්ම කියන්න පුළුවන් පක්ෂයේ අනාගතය කොහොමද කියලා. ආණ්ඩුවත් එකයි විරුද්ධ පක්ෂයත් එකයි. කරන වැඩක් නැහැ. මහින්ද මාතෘකාව තමයි මේ අවුරුදු 5 ම. (නි)

:       0       0

කපිල Thursday, 04 August 2016 01:10 AM

මහින්ද නමැති මුවහමට තඩිබාමින් මේ අවුරුදු 5 වත් සාර්ථකව ගෙවාගන්න සුබ පැතුම්! (නි)

:       0       0

නිල්හාන් Thursday, 04 August 2016 01:52 AM

ඩීල් දාන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

හේමන්ත Thursday, 04 August 2016 01:56 AM

ඔයකියන ඩීල් ගැන හොයන්නේ එයාටත් තව ඩීල් එකක් දාගන්න වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 195 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 389 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 757 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 880 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 674 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 631 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site