අධිකරණ විනිසුරුවරුන්ට ස්වාධීනව නිදහසේ සිය රාජකාරි මැනවින් ඉටු කිරිමට නම් විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑමි කිරීමි සහ අත පෙවීමි සිදු නොවිය යුතු බවත් වර්තමානයේ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑමි කිරිම් සහ අත පෙවීම් නොමැති බවත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර මහාධිකරණයේ පැවැති උත්සවයක දී තිලකරත්න මහතා මෙසේද කීවේය. ‘විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි කිරිමට නම් ඔවුන්ගේ රාජාකාරියට කිසිවෙකුගේ බලපෑම් අතපෙවීම් එල්ල නොවිය යුතුයි.එමෙන්ම විනිසුරුවරුන් සහ නීතිඥයින් අතර හොද සබදතාවයත් තිබිය යුතුයි. විනිසුරුවරුන්ට අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි.‘
‘විනිසුරුවරුන්ගේ රාජාකරියට අද බලපෑම් කිරීම් අතපෙවීම් නැහැ. විනිසුරුවරුන්ට නිදහසේ රාජකාරි කිරිමට අවස්ථාව සැලසී තිබෙනවා. අනුරාධපුරයේ නීතිඥයින්ගේ සහාය උපරිමයෙන් විනිසුරුවරුන්ට ලැබෙනවා. සමහර විට නීතිඥයන් අතර ප‍්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒවා විනිසුරුවරුන්ට අදාළ නැහැ. අනුරාධපුරයේ අධිකරණ වල ඉඩ පහසුකම් කිසිසේත්ම ප‍්‍රමාණවක් නැහැ. නව ගොඩනැගිලි කිහිපයක අවශ්‍යතාවය දැඩිව පවතිනවා.‘
‘කලාපයේ විනිසුරුවරුන්ට හරි හැටි නිල නිවාස නැහැ. අනුරාධපුරයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සිටිනවා. ඒ අතරින් නිල නිවසක් තිබෙන්නේ මට පමණයි. අනෙක් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාටම නිල නිවාස නැහැ.‘
‘අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරියට නිල නිවාසයක් නැහැ. නොචිචියාගම සංචාරක මහේස්ත‍්‍රාක් අධිකරණයේත් අඩුපාඩු රැසයි. ඒ බව තඹුත්තේගම මහේස්ත‍්‍රාත් මට නිරන්තරව දුරකථනයෙන් දැනුම් දෙනවා.‘
‘අධිකරණ කාර්ය මණ්ඩල වලට නිල නිවාස නැහැ. විශේෂයෙන් අධිකරණ ඇමැති අධිකරණ කලාපයක පිහිටි මහාධිකරණයකටවත් අඩුම තරමින් වෑන් එකක් වැනි වාහනයක් ලබාදිමට ඇති හැකියාව සොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා‘.
‘සංචාරක අධිකරණ වලට කාර්ය මන්ඩල රැුගෙන යාමට සිදුව ඇත්තේ පුද්ගලික වාහන කුලියට ගනිමිනුයි. වාහනයක් තිබෙනව නම් බැංකු කටයුතු වලටද පහසුයි.‘
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘රජයෙන් අධිකරණයට බලපෑම් නෑ‘
සුමුදු Wednesday, 14 September 2016 11:33 AM
දැන් ඔය අධිකරණ ඇමති තුමා මිලියන 700 ක වාහනයක් ඕඩර් කළේ ඕකට වෙන්නැති මගේ හිතේ. මෙතුමාට ගහපු අය තාම ඇල්ලුවෙත් නෑ නේද? (බ)