(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද ඔහු කීවේය.
හිටපු අමාත්‍යවරයකු වන සාලින්ද දිසානායක මහතා කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 76ක් ඔහු පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21 නිසරු ඉඩම් බව පවසා ලබාදී ඇති බවත් ඊට අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතාගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය කෘෂි ව්‍යාපෘතියකට යැයි පවසමින් ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇතත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
හිටපු නාවික හමුදාපති වසන්ත වසන්ත කරන්නාගොඩ මහතාට වගා ව්‍යාපෘතියක් කිරීමට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබා දී ඇති බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා වගා ව්‍යාපෘතියක් සදහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චි මහතාගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී ඇති බවද කීවේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට
nanda Saturday, 15 March 2025 04:37 AM
දැන් ලැයිස්තු කීයක් ඉදිරිපත් කළාද? බාර් ලයිසන් ගෙවල්වලට ගත්තු වන්දි... ජනාධිපති අරමුදලින් ගත්තු මුදල්... මේවා වැරැදි නම් කෝ ක්‍රියාමාර්ග?
Neel Saturday, 15 March 2025 06:03 AM
කෝ කෝ මේ හොරුන්ට කඩේ ගිය කට්ටිය...? කිසිම ෆන් එකක් නැහැනේ.
asanka Saturday, 15 March 2025 07:30 AM
ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ ලැයිස්තුව දාන්නේ කවද්ද?
හොරකමයි, සැඟවීමයිSaturday, 15 March 2025 10:09 AM
ඒක හංගල තියෙන්නේ කලින් හිටපු මොන රජයද?
Nishan Saturday, 15 March 2025 08:00 AM
අයවැයෙන් පස්සේ මිල ඉහළ ගිය බඩුවල ලැයිස්තුව කියන්න බැරිද?
සවීSaturday, 15 March 2025 12:44 PM
ඩොලර් එක 370 කාලේද, 295 කාලේ ලිස්ට් එකද ඕනෑ?
Rata PerataSaturday, 15 March 2025 01:34 PM
බඩුමිල ඉහළ යන්නේ මේ හොරකම් නිසා බවවත් තේරෙන්නේ නැති මී හරක් ඉන්නකොට රට මෙහෙම හරි තියන එක ලොකු දෙයක්.
Mangala Dissanayake Saturday, 15 March 2025 09:59 AM
රජරට පැත්තේ හිටපු ඇමැතිලත් මේ ලිස්ට් එකට දාගන්න.
කෞෂි Saturday, 15 March 2025 10:07 AM
නිශාන් අසංක ගුණරත්න, ඔබව සාදරයෙන් පිළිගන්නවා.
පිටරටවැසියා Saturday, 15 March 2025 11:15 AM
පසුගිය සියළුම ආණ්ඩුවලට ගොවීන්ට වෙලාවට පොහොර ටික දී ගන්න බැරිවුණා. ඒ වුණාට දේශපාලකයින්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ටයි, රජයේ ඉඩම් විතරක් නෙමෙයි, කෝටිගණන් සල්ලිත් දීලා. ගමක පාරක් හදාගන්න, ගඟකින්-ඔයකින් එගොඩවෙන්න පාලමක් හදාගන්න රටේ මිනිස්සු දශක ගණන් ලතැවෙනවා..
රුවන් Saturday, 15 March 2025 11:23 AM
අසන්න දන්නවා නම් කියන්න කව්ද ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ කියලා? අපේ අල්ලපු ගෙදර හිටපු UNP ආසන සංවිධායකත් අල්ලපු මේ තරහකාරයා මරලා ගිනි තියලා JVP එකට වරද පැටවුවා අන්තිමට අංශභාගේ හැදිලා ඇගෙන්ම තුවාලා හැදිලා විඳවලා මැරුණා. ඒ කාලේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් තිබ්බා නම් JR, ප්‍රේමදාස ආණ්ඩුව වැටෙනවා, රනිල් සීයාත් එල්ලුම්ගහට යනවා.
vernonSaturday, 15 March 2025 11:38 AM
පොලිසියේ අවධානය පිණිසයි, ඉහත ලියුම්කරු ඔහු කියනා අපරාධය ගැන සාක්කි දීමට සුදුසු කෙනෙක් බව ඔහුගේ ලිවිල්ලෙන්ම පෙනේ.
SunethSaturday, 15 March 2025 12:05 PM
අදහසක් ප්‍රකාශ කරන කෙනාට ලියුම්කරු කියන vernon ගැන අනිවාර්යයෙන්ම පොලීසිය පරීක්ෂණ දෙක තුනක් කරනවා :)
ප්‍රියන්ත Saturday, 15 March 2025 12:21 PM
දැං මේ එලිවෙන වංචාවලට විලිලැජ්ජාව වහගන්න JVP එකට බැන බැන තප්පුලන අම්බරු ඇත්තන්ගෙන් අහන්නේ, මෙච්චර කාලයක් තිබුණු ඔහෙලාගේ ආණ්ඩු තියෙන කාලේ ඒවා හෙව්වේ නැත්තේ මොකද?
අරවින්ද මොණරවිල Saturday, 15 March 2025 12:38 PM
ඇයි මේ සමහරු කළබල වෙලා, තවම පෙරහැරේ කසකාරයෝ විතරයි යන්නේ අලි එන්නේ පස්සේ හොදේ !
RasikaSaturday, 15 March 2025 02:20 PM
අලියෝ එන්න අවුරුද 5ත් මදි වෙයි. ගැලරියට තමයි ලිස්ට් දාන්නේ... හැබැයි ඊළඟ ඡන්ද දිනන්න නම් ලිස්ට් දාලා මදි. වැඩ පෙන්නන්න ඕනෑ..!
ගුණරත්න Saturday, 15 March 2025 01:33 PM
නිශාන් අසංක ගුණරත්න කියන්නේ කවුද? මම දන්නා කෙනෙක් නෙවෙයි. රජයේ ඉඩම් ගිල්ලා කිව්වාට ඒවා වලින් වැඩ කරලා ප්‍රයෝජනවත් ආර්තික කටයුත්තක් කරනවා නම් එහි වැරැද්ද මොකක්ද? අනික ආණ්ඩුවේ නව ප්‍රතිපත්තියක් තමයි වැඩක් නොගන්නා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට දෙන එක, මට පේන්නේ ආණ්ඩුවේ ඉන්නේ ගොන් බානක් නොවේ, මී හරකෙක් සහ එළ හරකෙක්, ඔවුන් දෙන්නා යන්න හදන්නේ ඔවුන්ගේ ගමන්, ඉතින් ඉදිරියට යාමක් නැහැ...
Sediris Saturday, 15 March 2025 01:56 PM
මිනිස්සු ඔහේලව බලයට ගෙනාවේ ලැයිස්තු එලියට දදා ඉන්න නෙමේ. බටලන්ද කේස් එකත් ඔහේලගේ පෞද්ගලික ආතල් පිණිස මිසක්, පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ඇද්ද එකක් නෙමේනේ... ඔවුන් මිනී මරලා අන්තිමට හොඳ මිනිහත් වෙන්න එනවා. 2000න් පස්සේ කොරෝනා නිසා ඉස්කෝලේ හරියට යන්න බැරි වෙලා අකලට මෝරපු මී හරක් ටික ඕවාට අහුවෙනවා. හැබැයි කාලයක් එනවා ඔවුන්ටත් මොලේ පෑදෙන අයට තේරුණාම ඔබලා බොරු කියලා ඔවුන්ගේ ජීවිතේ අවුරුදු 5ක් නිකන් කෑවා කියලා උඹලාට මොකක් වෙයිද?
Lilananda Saturday, 15 March 2025 02:00 PM
කෝ ජීවන බර සැහැල්ලු කරන සැලසුම්? කෝ කඩා වැටුණු ආර්ථිකය ගොඩ නඟන සැලසුම්? කෝ පාතාලේ මර්ධනය කරන සැලසුම්? ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ අන්තිමට ලංකාවෙ අයට උණු වතුර තමයි බොන්න වෙලා තියෙන්නේ අනේ රසයි කිය කියා...
කෞෂි Saturday, 15 March 2025 04:03 PM
සේදිරිස් ලීලානන්ද ගුණරත්න ඔබවත් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා.