(ගයාන් සූරිය ආරච්චි)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවටගෙන ඇත.
එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේ රජයට අයත් එම ඉඩම් පෞද්ගලික අංශයට ව්‍යාජ ඔප්පු සකසා විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෑත කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 195 ක් රට හැර ගිහින් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අංක තහඩු නොමැති ජීප් රථයක් සහ සැකකරුවන් දෙදෙනකු නූරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත.
හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසයේදී පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(6) පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට
රනේ Thursday, 06 March 2025 07:04 AM
අනේ දෙවියනේ මට වුනු වියෝයා
හනේ බලන්න අනේThursday, 06 March 2025 10:51 AM
අනේ රනේ බලන්න මාලිමාවට වෙච්ච විනේ. මර්විනේ වැනි පුස් චන්ඩින්ගෙනේ එදා වේල ගැට ගහගන්න වුනේ.
ලුම්බිණි Thursday, 06 March 2025 07:53 AM
කල කම් පල දේ
Perera Thursday, 06 March 2025 08:34 AM
මූව අල්ලලා ගහක බඳින්න
vijaya nivasaya Thursday, 06 March 2025 08:35 AM
ඔහුත් අප සමඟ මෙරටට ගොඩබැහැපු විජයගේ කොල්ලකරුවන්ගෙන් එකෙක්. අපි ඔක්කෝම පාරම්පරික හොරු!
ගුණරත්න Thursday, 06 March 2025 08:36 AM
ව්‍යාජ ඔප්පු වුනත් රජයේ ඉඩම් පවරන්න බැහැ, හොර ඔප්පු හදල දුන්නත් ඒවා ලියාපදිංචි කරනකොට අහු වෙනවා. ලියාපදිංචි නොකරපු ඔප්පුවක ඇති වටිනාකමක් නැහැ. කඩදාසි බරට විකුණන්න තමයි පුළුවන්.
Pankumburage Thursday, 06 March 2025 08:41 AM
මේ දියවන්නාවේ ඉඳලා තියෙන වැඩිහරියක් පට්ට හොරුනෙ.
රට වැසිය Thursday, 06 March 2025 08:53 AM
උදේට අත්අඩංගුවට ගන්නව - හැන්දෑවට ඇප දීල එලියට දානව - ලංකාවේ හොරු ඔක්කොම ඇප-කාරයෝ.
Bunny Preena Thursday, 06 March 2025 08:57 AM
වැරදි වැඩ කළා නම් දඬුවම් විඳිය යුතුයි.
මැක්ස් Thursday, 06 March 2025 09:02 AM
මේ තක්කඩියාට ඇප නොදෙනු. එසේත් නැත්නම් ගස් බඳිනු. එයාට එක පුරුදු දඬුවමක් නිසා.
Observer Thursday, 06 March 2025 09:08 AM
මුන් ගැන කතා කියනකොට ආණ්ඩුවේ උඩ ඉන්න අයට අනිත් මොනවටත් වැඩිය රිදෙනවා . ලගදි දුන්න interview එක තමයි ඕකට හේතුව. හොරෙන් වික්කට නෙමෙයි
Lalla Thursday, 06 March 2025 09:32 AM
කැලණිය දළුගම උපුල්වන් දේවාලය ඇටෙව්වෙත් නුවර පාර මායිම්ව රජය සතු වගුරු බිම ගොඩකරල නේද? ඒකත් මර්වින් සිල්වා රාජපක්ෂ රජය කාලේ කරපු වැඩක් නොවේද?
රම්බොඩ Thursday, 06 March 2025 09:42 AM
අල්ලනවා අල්ලනවා ඉවරයක් නෑ. ඔය කිසිම වරදක් ඔප්පු වෙන්නෙ නෑ. මට දැනෙන්නෙ මාලිමාවත් සුපුරුදු දේශපාලනය තමයි කරන්නෙ. මේවා බොරු වැඩ. මීට වඩා වටිනා දේ තමයි රට සංවිධානය කිරීම සම දැන් සිට වංචා නතර කිරීම. බොරුව නතර කිරීම. රඟපෑම් නතර කිරීම.
ප්‍රියන්තThursday, 06 March 2025 10:25 AM
අනේ රම්බොඩ, ඔබේ කුහක සිතට තේරෙන්නෙ නැද්ද මේ වෙන්නෙ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමක් මිස මාලිමා රජයේ වැඩක් නොවන බව. එකම වෙනස මෙතේක්කල් පැවති රජයන් විසින් මේවා යටගසා තිබීමත්, මාලිමා රජය විසින් නීතියට ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩදීමත් පමණක් බව. පදනමක් නොමැතිව හැම දේටම මෙවැනි නිරර්ථක කමෙන්ට්ස් දැමීමෙන් ඔබ පෙන්වන්නේ ඔබගේම නිරැවතයි.
LilasenaThursday, 06 March 2025 10:45 AM
අරවින්ද මොනරවිල නේද මේ ප්‍රියන්ත කියලා දාලා තියෙන්නෙ. අපි දැක්ක උඹ හෙළුවෙන් නුගේගොඩ ඉඳන් නුවර යන්න ගිහින් පොලීසියෙන් ඇල්ලුවා කියලා. මේ අර කඩේ ගිහින් ගත්තු අයි ෆෝන් එක කොහෙද දැම්මෙ කියල කියපන්කො.
amila Thursday, 06 March 2025 09:59 AM
මෙවෑනි දේවල් ඔප්පු කරන්න පුළුවන් උනොත් හොඳයි. නැත්නම් වෙන්නේ අනාවශ්‍ය පුද්ගලයන්ට ආයෙමත් අනවශ්‍ය ප්‍රචාර හම්බෙන එක.
දේශබන්දු Thursday, 06 March 2025 10:06 AM
මර්විය CID කාරයින්ටත් විහිළු තහළු කරල උනුත් බැලන්ස් කරගෙන ඇප අරං එළියට එයි. ඌ ඒවට දක්ෂයා.
Doom Thursday, 06 March 2025 10:09 AM
බොරු රගපෑම් වැඩක් නෑ , මහින්හද ජනාධිපති එක්ක හැරෙන්නවත් බෑ කියල හිතෙන්නේ මට විතරද ,එතුමා මේ රටට කරපු සංවර්දනෙන් දසමයක් ඊට පස්සේ ආපු කිසිම රජයක් තාම කරේ නෑ
AlfreadThursday, 06 March 2025 10:39 AM
මහින්දට කෙල වුනෙත් මේ ගෝතයා වගේ උන් වටේ තියාගෙන හිටපු නිසා. මූ එදා ජාතික රූපවාහිනියට පැනපු දවසේ කනට දෙකක් ගහලා එලියට දැම්ම නම් 2015 මහින්ද පරාද වෙන්නෙ නෑ. එහෙම උනානම් රටට මෙහෙම වෙන්නෙත් නෑ. මොකද මේ රට කෑවේ යහපාලනේ.
fairoosThursday, 06 March 2025 01:23 PM
ඇල්ෆ්‍රඩ් වගේ බයියෝ තාම ඉන්නවානෙ...ලඟදීම ඔයා මහින්ද මහත්තයාගේ හොර වැඩ ටිකත් හෙලි වෙයි
Srinath priyantha karunarathna Thursday, 06 March 2025 10:19 AM
හවසට ගෙදර
රට වැසියා Thursday, 06 March 2025 11:07 AM
ඇත්තටම සමාජයට එරෙහි , සමාජයේ යහපැවැත්ම ගැන හිතන අයට එරෙහි කමන්ට් දාන බළකායක් ඉන්නවද කියල හිතෙනවා, මෙතන සමහරුන්ගේ කමන්ට් සහ ලයික් දැක්කම, කිරි සුදු පාටයි කීවම ඒකටත් ඩිස්ලයික් දාන පරණ පරපීඩකයො තවමත් තමන්ගෙ කුහක අදහස් සමාජගත කරනව.
සෙනෙවිරත්න Thursday, 06 March 2025 11:10 AM
මේක ඔප්පු කරන්න ඇයි අමාරු, ඉඩම්කාර්යාලයේ ඉඩමක විස්තර තියෙනවනේ. ඉඩමක ඔප්පු කාවන්ට කන්න දීල පරණ කලාට ඒවයේ දින වකවානු පරණ කරන්න බැහැනේ. එහෙම නම් මේ රටේ ඉඩම් වංචා මේතරමින් නතරවෙන්න බැහැ.
Mohan Mangala Mapa Thursday, 06 March 2025 11:54 AM
මේ යකා සුවර් එකට ඇප දීලා ගෙදර යනවා හිනා වෙවි. කවුද නඩු අහලා හිරේට දැම්මේ
ප්‍රියන්ත Thursday, 06 March 2025 12:53 PM
ලීලසේන වෙත, මම අරවින්ද මොණරවිල නොවන බවත්, අන්ත පරාජයකට පත්ව, ඉන් පසුවද දිනෙන් දින හෙලිවන පසුගිය රජයවල්වල වංචා දූෂණ ඉදිරියේ තව දුරටත් ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ඔබ වැන්නවුන්ගෙන් පෞද්ගලික මඩ ප්‍රහාර හැර වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ජුගුප්සා හසගතව පවසමි.
ලාලනී Thursday, 06 March 2025 01:44 PM
බෞද්ධාලෝක මාවතේ ඉඩම? මුල් අයිතිකාර මුස්ලිම් තරුණයා කාර් එක ඇතුලේ මැරිලා හිටියලු… ගෝඨා ලේකමාත් මේකට සම්බන්ධයිලු…. හොයන්න…..