(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසයි.
රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය බොහෝ ඖෂධ සහ උපකරණ රෝගීන් පෞද්ගලික මුදලින් වාට්ටු වෙත සැපයිය යුතු තත්වයක් උත්ගත වී ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පෞද්ගලිකව රැගෙන එන ලෙස ඖෂධ සහ උපකරණ වර්ග ලියා ලබාදෙන බව කියන රෝහල් සේවකයෝ ඒවා මිලදීගැනීම සඳහා බොහෝ රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සතුව මුදල් නොමැතිවීමෙන් අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකි බව ද සඳහන් කළහ. ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සහ උපකරණ රෝගීන්ගෙන් පෞද්ගලික ගෙන්වා ගන්නා බවත් එම ඇතැම් ඖෂධ සහ උපකරණ රුපියල් 25,000, 30,000 හෝ ඊටත් වඩා මුදල් ගෙවා ගැනීමට සිදුව ඇති බවත් රෝහල් සේවකයෝ කියති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වට්ටුවලින් ශල්‍යකර්මවලදී මැහුම් දැමීමට යොදෙන නූල් ද රෝගීන්ගෙන් ගෙන්වා ගන්නා බවත් මෙම තත්වයට ආණ්ඩුව මැදිහත් නොවුණ හොත් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් රෝහල් සේවකයෝ වැඩි දුරටත් පවසති.
බොහෝ මූලික රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන්ට සැපයීම සඳහා බෙහෙත් නොමැති බවත් දියවැඩියා රෝගීන්ට දෙන ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින බවත් වැඩි දුරටත් දැනගන්න තිබේ.
මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප
සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ ආනයනික බහලුම් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රේගු නිෂ්කාශන අංගනවල සිරවී ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැය
නාච්චාදුව ප්‍රදේශයේ නිවසකින් රුපියල් සීයක් සොරාගත් බවට චෝදනා කර 11 හැවිරිදි බාල වයස්කාර දැරියකගේ අත් දෙක යකඩ හැන්දක් රත්කර පුලුස්සා බරපතල තුවාල සිදුක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
රසික Friday, 07 February 2025 12:04 AM
කෝ අර උඩ පෝස්ට් එකට කමෙන්ට් ලයික් දාපු අය? අනේ නොදැක්කා වගේ යන්න එපා මේකටත් මොකක් හරි දාන්න. අඩුම ගනනේ 77 වසරක සාපය කියලවත් දාන්න. නලින්ද මේක කරන්න බැරිනම් ලමයෙකු ට දෙන්න වගේ කතාවක් වුනත් හොඳයි
nimal Friday, 07 February 2025 08:35 AM
ඔව් ඉතින් මෙයාල කයිය ගැහුවට ටෙන්ඩරයක්වත් දාන්න දන්නෙ නෑනෙ
abid Friday, 07 February 2025 12:21 PM
පගා ගහලා බෙහෙත් ගෙනාවා නම් ඉක්මණට මේ ප්‍රශ්නය විසඳන්න තිබුණා. හරි ක්‍රමයට හදලා ගන්නකොට ප්‍රශ්න එනවා. ඒත් කොහොම හරි නියම ක්‍රමයට ප්‍රශ්නය විසඳන්න. ඉක්මණට සහ නියම විදිහට කරන්න. ඉස්සර හිටපු හොරුන් වගේ නැතිව.
යෝගා Friday, 07 February 2025 12:31 PM
නලින්දගේ ඔලුව කොච්චර ඉදිමිලාද කිව්වොත් තියෙන චූටි මොලේවත් හරියට වැඩ කරන්නේ නෑ. රාජපක්ෂ භීතිකාව විතරයි කල්පනාව...!