IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවයි

දමිත් වික්‍රමසේකර - සන්ඬේ ටයිම්ස්

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත.

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි.

සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා ගැනීම් කිසිදු පාලනයකින් තොරව සිදුවන බව අනාවරණය වී තිබේ.

ඉදිරියේදී එවැනි බඳවා ගැනීම්, විශේෂයෙන්ම සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් කරන්නේ නම් එසේ කළ යුත්තේ මහ භාණ්ඩාගාරයේ උපදෙස් මත යැයි මුදල් අමාත්‍යාංශය සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ උපදෙස් දී ඇති බව ද මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. බඳවා ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එම අවශ්‍යතාව මහ භාණ්ඩාගාරයට දැනුම් දිය යුතු බව ද ඔවුන්ට දැනුම් දී ඇත.

රාජ්‍ය ආයතනවල අතිරේක සේවකයන් අඩු කිරීමත් රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන වියදම් අඩු කිරීමත් මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ වී ඇතැයි ද එම නිලධාරියා කීවේය.

එමෙන්ම යෝජිත ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු වන්නේ ද නැද්ද යන්න සොයා බැලීම සඳහා මහ භාණ්ඩාගාරය ද නිරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද ඔහු පැවැසීය.

“මෙම ක්‍රමවේදය මඟින් සමානව රැකියා බඳවා ගැනීම සිදු කෙරෙනවා. මේ ක්‍රමය තුළින් එක් ඡන්ද කොට්ඨාසයකට හෝ දිස්ත්‍රික්කයට හෝ රැකියා බෙදී යෑම සිදුවෙන්නේ නැහැ.” යැයි ද හෙතෙම කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය දී ඇති අතර හෙතෙම පසුගිය සතියේදී ‘බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායක්’ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. තෝරාගත් පිරිස්වලට විවිධ ක්ෂේත්‍රවල ඊට ගැළැපෙන පුහුණුව ලබාදෙමින් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

කැබිනට් පත්‍රිකාවට අනුව කාර්ය බළකාය යටතේ 1,30,000කට ආසන්න පිරිසක් පුහුණුව ලැබීමට නියමිත අතර මාස හයකට පසුව ඔවුන්ව සේවයට බඳවා ගැනීමට නියමිතය. මෙම පිරිස තෝරාගනු ලබන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා හෝ අට වසර හෝ දක්වා ඉගෙන ගත් අයගෙන් බව ද පැවැසේ.

මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය බළකාය ලබන ජනවාරි 15 වැනිදා වෙනමම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.

පොදු කාර්ය නඩත්තු කිරීම, පාසල්වලට සහාය දීම, රෝහල්වල කටයුතු පවත්වාගෙන යෑමට සහාය වීම, ගම්වැසියන් වනජීවී තර්ජනවලින් ආරක්ෂා කරගැනීම, ආරක්ෂක අංශවල සහ පොලිසිවල කටයුතුවලට සහාය වීම යනාදී කටයුතු සඳහා පුහුණු කරන මෙම සේවකයන් යෙදවීමට නියමිතය. 

055

 



අදහස් (24)

රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවයි

jayantha Sunday, 15 December 2019 10:41 PM

ඔහොම යමු නව ජනපතිතුමනි... අපේ රට පැතූ වෙනස ඔබට ළඟාකර දිය හැකි බව අපි විශ්වාස කරමු..

:       110       281

ධනා Monday, 16 December 2019 01:55 AM

ලබා දුන් චන්දයට අගයක් ලැබීම ගැන ඉතා සතුටුයි

:       4       159

චන්බ Monday, 16 December 2019 02:32 AM

ඉතා හොද වඩ පිලිවලක්. වසර 70 කට පසු රට යන්නෙ හරි මග.

:       80       367

Mahee Monday, 16 December 2019 03:03 AM

රජයේ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගන්න අනුමත පරිපාටියක් තියෙනවා. රජයේ අනුමත සේවක සංඛ්‍යාව තුළ පමණයි බඳවා ගත හැක්කේ. ඇමතිලා හෙන්චයියන් බඳවා ගත්තා වුණත් අනුමත සේවක සංඛ්‍යාව තුළ නම් රජයේ අරමුදල්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇයි? අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා... නමුත් ඒ අනුමත ප්‍රමාණයෙන් පිට 130,000ක බලකායක් පිහිටුවනවා කියන්නේ දැන් තියෙන සේවක සංඛ්‍යාව 130,000කින් ඉක්මවනවා කියන ඒක නේද? කොටින්ම දැනටමත් අතිරික්තයක් තියෙන රාජ්‍ය සේවයට තවත් මහා පිරිසක් එකතුවෙනවා කියන ඒක නේද?

:       41       161

RuwanMonday, 16 December 2019 05:58 AM

ඔබ පමණයි රාජ්‍ය සේවයේ බදවාගැනීම් පටිපාටිය පිළිබදව යම් දැනුමක් ඇතිව අදහසක් ප්‍රකාශ කරලා තියෙන්නේ. අලුතින් දෙපාර්තමේන්තුවක් හදල තවත් ඒකට 8 පාස් කට්ටිය බඳවාගෙන පුහුණු කරන්න දෙයක් නෑ. නුපුහුණු කම්කරුවන් විදියට මේ දක්වා එවැනි අය තාවකාලිකව බඳවා ගත්තා. අදාළ අංශයේ පුහුණුව ඔවුන් ලබාගත්තාම සේවය විධිමත්ව පත්කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ අමුතු ක්‍රම තමන්ගේ අයට පමණක් පත්වීම් දෙන්න කරන කූට උපක්‍රමයක්.

:       45       118

sas Monday, 16 December 2019 03:29 AM

සුළු සේවකයන් පමණක් නොවේ... සියලුම රජයේ සේවකයන් බඳවා ගැනීම් නතර කළ යුතුයි. දැනටමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සියලුම මට්ටම්වල අතිරික්ත සේවකයන් ඇත. ලෝකයේ රටවල් වලින් ජනගහනයට අනුපාතිකව වැඩිම රජයේ සේවකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේය.

:       9       236

කුමරසිරි අරනායක Monday, 16 December 2019 04:24 AM

පොහොට්ටුවට දීලා තිබුණු රස්සා ටිකත් නැති කරගත්තා. පැතූවෙනස ලැබෙමින් පවතී. සතුටු වෙන්න. තව දෙන්න. ඒ අයට සැප ගන්න. අනේ ඉතින් ලක්ෂ 69නේ ඉතින් නේද? බත් කන හරක්...

:       229       114

කෝලිතMonday, 16 December 2019 05:06 AM

ලක්ෂ 69ක් බත්කන හරක් නෑනේ... ඒ ටික තාම ඉන්නේ රටට කෙලවන්න ඉන්න අන්තවාදීන් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්න අයට කියන්නේ. කැපුවත් කොළ කියලා...

:       52       213

මුණසිංහMonday, 16 December 2019 06:30 AM

තමා ගැන ම අර්ථ කථනය ක් දීම ගැන සතුටු යි. ඡන්දය දුන්නේ නිකං කන්න බලාගෙන ද? ෙම් ව ෙග් අය ඉන්න රටක් සංවර්ධන ය කරනු බෑ.

:       0       0

තිලින කේ. ගම්ලත් Monday, 16 December 2019 05:05 AM

කවුරු කොහොම කිව්වත් පොඩි මිනිහා ගැන බලන්නේ යූ.එන්.පී. රජයකින් විතරයි. සජිත් දිනුවා නම් අද ඔය වගේ රස්සා දීලා විරැකියව අඩුකරනවා. කොහෙද ඉතින් පවුල් පාලනයක්නේ ඉල්ලුවේ. ඔය ලැබෙන්නේ යසයි. ඔහොම යමු අගමැති සජිත් වුණාම ඔය සෙල්ලම් ඉවරයි.

:       412       3

Lebbe Monday, 16 December 2019 08:00 AM

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරුද? සජිත් පළාත් පාලනේට හම්බන්තොට පැත්තෙන් අරන් ඉන්න නිකමුන් ගාණ කීයක්ද කියලා හොයලා බලන්න.

:       1       11

කමල් Monday, 16 December 2019 05:10 AM

හුරේ .. දැන් ඇමතිතුමාටවත් රස්සාවක් දීගන්න බැහැ. අපි මොකටද ඇමතිට කඹුරන්නේ... ඔක්කොම දැන් පරම්පරාව යටතටනේ. වෙනස සැපයි..

:       117       55

sharm warn Monday, 16 December 2019 06:48 AM

පහුගිය අවුරුදු 40ක් විතර ගත්තම බලය ලැබුණු හැම දේශපාලඥයෙක්ම කලේ මේ සක්කිලි වැඩේ.. ඒක පක්ෂ, පාට භේදයකින් තොරව සිදුවුණා විතරක් නෙමෙයි, එයින් රාජ්‍ය සේවය බල්ලට යන්නත් හේතු වුණා. සුදුසුකම් නැති වෘත්තීය පුහුණුවක් නැති වගේම කරන්නට කිසිම රාජකාරි කාර්ය භාරයක් නැති සේවක අතිරික්තයක් හැම රාජ්‍ය ආයතනයකම ගොඩගැහිලා ..වරාය, දුම්රිය, ලංගමේ විතරක් නෙමෙයි පහුගිය කාලේ දැනගන්න ලැබුණු විදියට නාඋල අධ්‍යාපන කාර්යාලයට රියදුරෙක් අනුයුක්ත කර තිබුණා හිටපු අධ්‍යාපන ඇමති විසින්... නමුත් මේ කාර්යාලයට වාහනයක් නැහැ වගේම ඔහු වෙනත් කිසිම රාජකාරියක් කලෙත් නැහැ. තමන් ආවේ රියදුරු පත්වීමකට යයි කියමින්.. මේ අපිට දැනගන්න ලැබුණු දේවල්.. නොදැන තව කීයක් කතා ඇතිද..?

:       0       17

Nandalal DE SILVA - France Monday, 16 December 2019 07:50 AM

බලාගෙන යනකොට අද ඉඳලා මහ භාණ්ඩාගාරයත් කම්කරු දෙපාර්තමේන්තුවේ ශාඛාවක් කරලා වගෙයි..! දැන් ඉතින් දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිට දිග රස්සා පෝලිම් නැතිවෙයි.

:       0       21

නිමල් Tuesday, 17 December 2019 09:35 AM

බදවා ගන්නවිට සුලු සේවකයෝ උනාට පසුව ඒ අය තමයි ආයතනවල මහ සේවකයෝ වගේ වැඩ කළේ. කළේම තමන්ට පත්වීම දුන් දේශපාලකයාට කඩේ යන ගමන් රජයෙන් පඩි ගත්තා. ආයතනයේ අනෙක් අය ගැන කේලම් කීවා.

:       0       0

Nishan Wednesday, 18 December 2019 03:43 AM

ඕවා කෙරෙනකන් විස්වාස නැහැ.

:       0       0

D perera Sunday, 25 April 2021 09:13 AM

මේ රටේ හැම කෙනාටම තනතුරු ගන්න බෑ. ඒත් ජීවත් වෙන්න රජයෙ රැකියාවක් බලාපොරොත්තුවෙන මනුස්සයො ඉන්නවා. ඇමති ගොල්ලො මිනිස්සුගාවට ඇවිල්ලා කියන්නෙ මොනාද, ගමට වැඩ කරන්නම්, ජොබ් අරන් දෙන්නම් කියලා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්න බලේ තියෙන්න ඕනෙ. එහෙනම් ඊළඟ පාර ඒවා ගැන කටක් ඇරලා කතා කරන්නෙ නැතිව ඉන්න ඕනෙ. එහෙම වුණොත් මිස්සුන්ගෙ ඡන්දෙ නෑ. කොටින්ම දේශපාලනේ කියන්නෙ මාළුවෙක් ගත්තාම උගෙ මැදකොටස කාලා ඔලුවයි නට්ටයි මිනිස්සුන්ට කන්න දෙන නරි වගේ..

:       0       0

priyangi deepthika nallaperuma Tuesday, 05 October 2021 09:06 AM

බහුකාර්ය සංවර්ධන නිලධාරීන් බඳවාගැනීම හොඳයි.

:       0       0

දනුෂ්ක මදුශාන් Tuesday, 23 November 2021 08:26 AM

මේක අසාදාරනයි සාමාන්‍යපෙල අටපාස් අයට ජොබ් දුන්න සාමාන්‍ය පෙල සමත් උසස්පෙල අසමත් අයට ජොබ් නෑ සාමාන්‍යපෙල අසමත් උනානම් හොදයි කියල හිතෙනවා.

:       0       0

උදෙන්ම බණ්ඩාර Friday, 18 November 2022 03:52 PM

බහුකාර්ය ගත්තු එක නිසා උසස් පෙළ සමතුන්ට තැනක් නැති වුණා. ඒකට වග කියන්න ඕනෑ ගොඨාභය රාජපක්ෂ මහතා. උගත් පිරිස් නැතුව අරක්කු ගංජා කාරයින් ගත්තාට ඒ අය ඉවත්කර අර්ධ රාජ්‍ය සේවකයින්ගේ රැකියා ස්ථීර කරන්න ඒ අයගේ අධ්‍යාපන මට්ටම බලා සුදුසු ස්ථානවල සේවයේ පිහිටුවන්න.

:       0       0

ප්‍රසන්න පුෂ්පකුමාර Friday, 18 November 2022 03:56 PM

අර්ධ රාජ්‍ය සේවකයින් ස්ථීර නොකර අට පාසල් අය ගැනීම අසාධාරණයකි. උසස් පෙළ අය අර්ධ රාජ්‍ය සේවයේ ඉන්නවා... ඒ අයට කාර්යාල සහායක හා කම්කරු රැකියා ලබාදී ස්ථීර කරන්න...

:       0       0

ප්‍රසන්න පුෂ්පකුමාර Friday, 25 November 2022 02:24 PM

මොන මගුලටද උසස් පෙළ? සාමාන්‍ය පෙළ සමත් අය සිටියදී අට පාස් අය රැකියා වලට ගත්තේ... ගොඨාභය රාජපක්ෂ කලේ කිසිදු සාධාරණ වැඩක් නොවේ. ඕවා තමයි දේශපාලන තීරණ කියන්නේ. අපි ඉගෙනගෙන ආණ්ඩු හදලා අට පාස් අය රජ කරවලා...!

:       0       0

මට රැකියා දෙන්න Thursday, 21 September 2023 11:03 AM

මට රැකියා දෙන්න මම දුප්පත් කෙනෙක්

:       0       0

Sajith kiesantha Harath Friday, 16 August 2024 12:04 PM

ඕවා කෑමට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1752 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1962 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1389 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 286 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 774 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 571 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site