(රංජන් කස්තුරි)
රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර තිබේ.
උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම නිසා ඒ පියවර ගත් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.
රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා විධිමත්ව ලබාදුන් පත්වීම් ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී හා අනෙකුත් ඡන්ද විමසීම් වලදී අත්හිටවූ බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි
mihiara Wednesday, 04 March 2020 11:42 AM
ජයවේවා..!!! ස්වාධීන මැතිවරණ කොමිසමේ වටිනාකම කව්ද ඕවා ගෙනාවේ?
sunilThursday, 05 March 2020 05:38 AM
මේක පදනමක් නැති ප්‍රෝඩාවක්. කිසිම හේතුවක් නැතිව ගොඩාක් අයට ලැබිලා නැහැ. රජයට ලැබෙන්න තිබෙන ඡන්දත් නැතිවේවි..!!!
රමණී Wednesday, 04 March 2020 02:33 PM
බඳවා ගත්තට පස්සේ පුහුණුව නවත්තලා මොනවා කරන්න ද ?
Rohana Thursday, 05 March 2020 06:54 AM
මැතිවරණය කටේ තියාගෙන පත්වීම් ලිපි යැව්වා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ... උපාධිධාරීන්ට පත්වීම් දෙන්නෙත් දේශපාලනය...