(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා සමාජික මන්ත්‍රීවරු පස් දෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි , පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් යන අය වෙති.
කතානායකවරයා මෙම සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) ඉදිරිපත් කළේය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරි සතියේදී රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විශේෂ කාරක සභාව පත්කරනු ලැබ ඇත්තේ අගමැතිවරයාගේ යෝජනාවක් අනුවය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති
Jcn Tuesday, 07 September 2021 04:34 PM
ජොන්ස්ටන් ප්‍රනාන්දු මේකෙ ඉන්නම ඕන විද්වතෙක්.. ආඩම්බරයි ලක් මෑණියේ..!!
Ruhunu Tuesday, 07 September 2021 04:35 PM
මරු ඩයල් ටික....
Don perera Tuesday, 07 September 2021 06:45 PM
ඔතන නියම කෙනො ජොන්ස්ටන්
premeTuesday, 07 September 2021 09:08 PM
ඒ තරම් වැඩ කාරයෙක්ද.?
gampila Tuesday, 07 September 2021 07:24 PM
හොරුන්ගෙත් හොරු කම්බාහොරු කිව්වලු
Sriland Tuesday, 07 September 2021 07:36 PM
පුද්ගලික ආයතන ගැන හොයන්නේ වෙන කට්ටියක්ද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
සාමාන්‍ය දැනීම Tuesday, 07 September 2021 09:53 PM
මෙවැනි හොඳ දේ අගයන්න ඕනි. හැබැයි කොමිටියෙ කට්ටියට වැඩ බලන්න දැනුම තියනවා කියලා විශ්වාසද? රජයේ අවම රැකියා තලය වන පියන්, වැසිකිලි පවිත්‍ර කරන්නා, පිරිසිඳු කරන්නා වගේ තනතුරු අධීක්ෂණයට වුනත් අට පාස් අයව දාන්න එපා. මොකද එයාල අතරත් සාමාන්‍ය පෙළ සමත් අය ඉන්න පුලුවනි. අනෙක් තානාන්තර අධීක්ෂණයට අනිවාර්යයෙන් ඒ හා ගැලපෙන හෝ ඒ අභිභවා අධ්‍යාපනය අවශ්‍යවන බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.